ජවන් සිත් මෙතනට එන්න පුළුවන් කියන එකත් ඒ වගේම දෙයක් තමයි, ඒක ඇත්තටම මගෙ දැනුමට අනුව අදහස. ඒකට source එකක් කියල දාන්න එකක් නැහැ.
මම එහෙම කිව්වෙ චිත්ත වීතියක් කොහොමත් කෙලෙස් නැතුවනෙ පටන් ගන්නෙ, ඒ කිව්වේ
භවාංග >> ප්රඥචද්වාර්ජ්ජන >> සම්පටිච්ච්න >> සන්තීරණ >> වොත්තපන -> මේ ඔක්කොම කිලිටි සිත් නෙවෙයි පමණක් නෙමයි මේවා කිලිටි වෙනව කියල දෙයකුත් නැහැනෙ (ඔය වරහන් ඇතුලෙ තියන හැටියට නම් භවාංග විතරයි නොකිලිටි).
මෙතනින් පස්සේ එන්නේ ජවන් සිත්නෙ ඒවායින් 30ක් කිලිටියි 25ක් නොකිලිටයි ඉතින් සිත (චිත්ත වීතිය) කිලුටුද නැද්ද කියල තීරණය වෙන්නේ මෙතනින්. ඉදිරි ජවන් 7
නොකිලිටි නම් ඒ සිත ප්රභාස්වරයි, නැත්නම් උපක්ලේෂ වලින් කිලිටි වෙල. Just a guess