නිවැරදිව දැනගත යුතු පංච උපාදානස්කන්දය

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    හොඳමයි,
    ප්‍රබාශ්වර කියන්නේ සංස්කෘත වචනයය, සිංහල වචනය තමයි පබස්සර. මේක යුගල පදයක්, පබ + අස්සර. ඉතින්, පබ, පබා, නැත්නම් ප්‍රභා කියන්නේ දීප්තිමත් නැත්නම් ආලෝකමත් කියන එකට. අස්සර කියන්නේ සැරි නොසරන, එක තැන පිහිටි, නොසෙල්වෙන යන අර්ථයෙන් (සර යන්නේ විරුද්ධ පදය). මේ අනුව ප්‍රබාශ්වර නැත්නම් පබස්සර යන්නේ සැරි නොසරන, එක තැන පිහිටි, නොසෙල්වෙන, දීප්තිමත් කියන එකයි.

    මෙන්න මේ අර්තයෙන් තමයි, ප්‍රබාස්වර සිත කියන්නෙ භවන්ග සිත කියල හ්දුන්වල තියෙන්නෙ ගොඩක් තැන්වල..රේරුකානෙ හමුඩුරුවොගෙ පොතකත් එහෙම තිබ්බ මතක අති විදිහට.

    භවන්ග සිත කන්නාඩියකට සමාන කරන්නෙ.. නැතිනම් ප්‍රබාස්වර මතුපිටකට.. ඒ මතුපිටට එන අරමුනු තමයි අල්ලගන්න ප්ලුවන් වෙන්නෙ..අනිත් සිත් වලට එහෙම හැකියාවක් නැ. ඒවට පුලුවන් අල්ලගත්ත අරමුනට යම්කිසි කිර්යවක් කරන්න පමනයි. ඒකයි එවා ප්‍රබස්වර කියල හඩුනන්නෙ නැත්තෙ මම දන්න විදිහට.
     
    • Like
    Reactions: MalSeven