නූතන විද්‍යාවට අනුව අටුවාවේ මතභේදාත්මක තැන්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අටුවාවෙ තියෙන කාරණා කීපයක් නූතන විද්‍යාවට අනුව මතභේදාත්මකයි කියල වැටහුණා, ඒ මේව..
    (මේක මන් fb එකේ දාන්ඩ ටයිප් කරපු එකක්..)
    .
    1. පොළවෙ ඝනකම යොදුන් 240,000 යි කියල සඳහන් කිලෝමීටර් වලින් නන් ලක්ෂ 60ක් විතර, ඒත් පොළවෙ අරය කිලෝමීටර් 6,371 යි කියල හොයාගෙන තියෙනව..
    2. අන්තර් කල්පයක් තුළ මිනිසාගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යයෙ ඉදන් 10ට අඩුවෙනව කියල තියෙනව, අසංඛ්‍යයක් කියන්නෙ 1යි බින්දු 140ක විශාල සංඛ්‍යාවක්, මහා කල්පෙකට මෙහෙම අන්තර් කල්ප 256ක් තියෙනව කියල සඳහන්, එතකොට අවුරුදු අසංඛ්‍යයක් ආයුෂ තියෙන මිනිස්සු මේ අන්තර් කල්පෙ හිටිය කියන්නෙ, අන්තර් කල්පයක් අවුරුදු අසංඛ්‍යයට වඩා කීප ගුණයක් වත් වැඩිවෙන්ඩ ඕන කියල හැඟෙනව,එහෙම අන්තර් කල්පත් 256ක්ම තියෙනව කල්පෙට, ඒත් නූතන විද්‍යාවෙන් හොයාගෙන තියෙන විදිහට පෘථවිය බිහිවෙලා දැනට ගිහින් තියෙන්නෙ අවුරුදු බිලියන 4 හමාරක් විතරයි, මේක අසංඛ්‍යයත් එක්ක අහසට පොළව වගේ..
    3. අටුවාවෙ තියෙන විදිහට අවුරුදු අසංඛ්‍යක් ජීවත් වෙච්ච මිනිස්සු හිටිය නන් එහෙම හිටිය කියල පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු වෙන්ඩ ඕන නේද, අසංඛ්‍යක් හිටපු අය කෙසේ වෙතත් අවුරුදු 1000ක් වත් ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ඇටසැකිලි පොසිල හම්බෙන්ඩ ඕන නේද, අසංඛ්‍යයෙ ඉදන් 100 වෙනකන් ආයුෂ අඩු වුණා නන්, අනික පරිමාණවාදෙත් බොරුවෙන්ඩ ඕන නේද, මොකද අවුරුදු 100 ජීවත්වෙච්ච මිනිස්සු පරිණාමනේ වෙන්ඩ ඕන අවුරුදු අසංඛ්‍යක් ,1000ක් ජීවත්වෙච්ච මිනිස්සුන්ගෙන්නෙ වඳුරන්ගෙන් නෙමේනෙ, ( වඳුරන්ගෙන් අර්ධ මානවයින් බවට පත්වෙච්ච වානර මානවයන්ගෙ ඇටසැකිලි හම්බෙලා තියෙනව, මගේ දැනීමෙ හැටියට දැනට අවුරුදු 100,120කට වඩා ජීවත්වෙච්ච මිනිස්සුන්ගෙ ඇට සැකිලි හම්බෙලා නෑ... )
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ithin oyata owata uththara hambunama budda darmaya therenwada ? niwan awaboda wenwada? sasara keti wenwada?oyage hitha ginnen pichchena eka adu wenawada?
    අටුවා ලියල තියෙන්නෙත් බුද්ධ ධර්මය පැහැදිලි කරන්ඩ, අටුවාව ගැන විශ්වාසයක් ඇතිකරගන්ඩ එපැයි මුලින්ම..
     
    • Like
    Reactions: ntayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    අටුවා නෙවෙයි ත්‍රිපිටකයෙත් ඔය වගේ මේ ලෝකෙ වෙන්න බැරි බයිල තියෙන්නේ බන්.. ඕව බැලුබැල්මට විශ්වාස කරන්න බැරිබව තේරිලත් බැහැර කරන්න බැරි ආගමට හදාගෙන තියන තේරුමක් නැති ශ්‍රද්දාව නිසා..
    මොනවහරි කතාවක් කියල ඒව සාධාරණිකරනය කරල ගන්න බලනව..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මම නම් ඕවා පසෙන් යන්නෙත් නෑ සාධාරණිකරණය කරන්න යන්නෙත් නැහැ දැන්.. ආගමේ core එක අරන් නිකං ඉන්නවා.. කවුද දන්නේ බං ඉස්සරහට විද්‍යාවෙන් මොන මොන දේවල් හොයාගනී ද කියලා..මොන දේ වුණත් buddhism core එක බොරු යි කියන්න බැහැ නේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අටුවාවෙ තියෙන කාරණා කීපයක් නූතන විද්‍යාවට අනුව මතභේදාත්මකයි කියල වැටහුණා, ඒ මේව..
    (මේක මන් fb එකේ දාන්ඩ ටයිප් කරපු එකක්..)
    .
    1. පොළවෙ ඝනකම යොදුන් 240,000 යි කියල සඳහන් කිලෝමීටර් වලින් නන් ලක්ෂ 60ක් විතර, ඒත් පොළවෙ අරය කිලෝමීටර් 6,371 යි කියල හොයාගෙන තියෙනව..
    පෘථිවිය ඒකාලේ ලොකුයි දැන් පොඩියි වෙන්න බැරිද?

    2. අන්තර් කල්පයක් තුළ මිනිසාගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යයෙ ඉදන් 10ට අඩුවෙනව කියල තියෙනව, අසංඛ්‍යයක් කියන්නෙ 1යි බින්දු 140ක විශාල සංඛ්‍යාවක්, මහා කල්පෙකට මෙහෙම අන්තර් කල්ප 256ක් තියෙනව කියල සඳහන්, එතකොට අවුරුදු අසංඛ්‍යයක් ආයුෂ තියෙන මිනිස්සු මේ අන්තර් කල්පෙ හිටිය කියන්නෙ, අන්තර් කල්පයක් අවුරුදු අසංඛ්‍යයට වඩා කීප ගුණයක් වත් වැඩිවෙන්ඩ ඕන කියල හැඟෙනව,එහෙම අන්තර් කල්පත් 256ක්ම තියෙනව කල්පෙට, ඒත් නූතන විද්‍යාවෙන් හොයාගෙන තියෙන විදිහට පෘථවිය බිහිවෙලා දැනට ගිහින් තියෙන්නෙ අවුරුදු බිලියන 4 හමාරක් විතරයි, මේක අසංඛ්‍යයත් එක්ක අහසට පොළව වගේ..
    මේක නම් දැන් අවුරුදු 100කට කලින් විද්‍යාවෙන් කියපු දේ නෙවෙයි දැන් කියන්නෙ. ඒ නිසා අනාගතේදී විද්‍යාවෙන් පිලිගනියි මේක හරි කියල

    3. අටුවාවෙ තියෙන විදිහට අවුරුදු අසංඛ්‍යක් ජීවත් වෙච්ච මිනිස්සු හිටිය නන් එහෙම හිටිය කියල පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු වෙන්ඩ ඕන නේද, අසංඛ්‍යක් හිටපු අය කෙසේ වෙතත් අවුරුදු 1000ක් වත් ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ඇටසැකිලි පොසිල හම්බෙන්ඩ ඕන නේද, අසංඛ්‍යයෙ ඉදන් 100 වෙනකන් ආයුෂ අඩු වුණා නන්, අනික පරිමාණවාදෙත් බොරුවෙන්ඩ ඕන නේද, මොකද අවුරුදු 100 ජීවත්වෙච්ච මිනිස්සු පරිණාමනේ වෙන්ඩ ඕන අවුරුදු අසංඛ්‍යක් ,1000ක් ජීවත්වෙච්ච මිනිස්සුන්ගෙන්නෙ වඳුරන්ගෙන් නෙමේනෙ, ( වඳුරන්ගෙන් අර්ධ මානවයින් බවට පත්වෙච්ච වානර මානවයන්ගෙ ඇටසැකිලි හම්බෙලා තියෙනව, මගේ දැනීමෙ හැටියට දැනට අවුරුදු 100,120කට වඩා ජීවත්වෙච්ච මිනිස්සුන්ගෙ ඇට සැකිලි හම්බෙලා නෑ... )
    පුරාවිද්‍යාවෙන් බලංගොඩ මානවය හොයාගත්තෙත් මෑතකදී. අනාගතේදී හොයගනියි.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පෘථිවිය ඒකාලේ ලොකුයි දැන් පොඩියි වෙන්න බැරිද?
    අටුවා ලියපු අනුරාධපුර යුගේ ඉදන් මේ වෙනකොට පොළව කිලෝමීටර් ලක්ෂ ගාණක් ගෙවිලද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    අටුවාව කිව්වම මට මතක් වෙන්නෙ දෙල් අටු කොස්. දෙල් අටු කොස් බැදලා සීනි දාල සුපිරි බන්. :love2:
    ඉඳා කාපන්.
    images
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    අටුවා ලියල තියෙන්නෙත් බුද්ධ ධර්මය පැහැදිලි කරන්ඩ, අටුවාව ගැන විශ්වාසයක් ඇතිකරගන්ඩ එපැයි මුලින්ම..
    Atuwawa liwwe Anuradhapura yugayeda? Eka buddha deshanawa nowana nisa yam yam karunu waradi wenna puluwan neda?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Atuwawa liwwe Anuradhapura yugayeda? Eka buddha deshanawa nowana nisa yam yam karunu waradi wenna puluwan neda?
    වරදින්ඩ පුලුහන්, බුදු හාමුදුරුවෝ දේශනා කරපු ත්‍රිපිටකේ නන් වරදින්ඩ බෑ, උන්වහන්සේ සර්වඥ හින්ද..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අටුවා ලියපු අනුරාධපුර යුගේ ඉදන් මේ වෙනකොට පොළව කිලෝමීටර් ලක්ෂ ගාණක් ගෙවිලද
    වෙන්න පුලුවන්. අනික අදටත් පොලොවෙ හැඩය ගැන විසංවාද තියෙනව.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    ආගම කියන්නේ ෆැන්ටසියක්
    විද්‍යාව කියන්නේ රියෑලිටි

    දෙක පටලගන්න එපා, පැරලල් තියාගන්න

    ආගම විද්‍යාවෙන් ඔප්පු කරන්න හදන එක නිකං ස්නෝ වයිට්, තම්බලීනා, පීටර් පෑන් හිටියා කියලා ඔප්පු කරන්න හදනවා වගේ වැඩක්
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    බුදු දහම ඔච්චර සත්‍ය නම් තට්ටයො මෙච්චර පිස්සු කෙලින්නෙ ඇයි ඕක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ. දැන් දානෙකට ආවොත් සල්ලිත් ඕනලු. කිරිපිටි, සබන්, රේසරුත් ඕනලු 😂😂😂
     
    • Like
    Reactions: Identity

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ආගම කියන්නේ ෆැන්ටසියක්
    විද්‍යාව කියන්නේ රියෑලිටි

    දෙක පටලගන්න එපා, පැරලල් තියාගන්න

    ආගම විද්‍යාවෙන් ඔප්පු කරන්න හදන එක නිකං ස්නෝ වයිට්, තම්බලීනා, පීටර් පෑන් හිටියා කියලා ඔප්පු කරන්න හදනවා වගේ වැඩක්

    ඔබ්ජෙක්ටිව්/ඇබ්සලියුට් රියැලිටියක් අපිට පෙන්වගන්න බැහැ. අර ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ There are no facts, only interpretations.

    ඔව්, ඔය දෙක කම්පෙයාර් කරලා තේරුමක් නැහැ. වැන්ටේජ් පොයින්ට්ස් දෙකක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    බුදු දහම ඔච්චර සත්‍ය නම් තට්ටයො මෙච්චර පිස්සු කෙලින්නෙ ඇයි ඕක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ. දැන් දානෙකට ආවොත් සල්ලිත් ඕනලු. කිරිපිටි, සබන්, රේසරුත් ඕනලු 😂😂😂
    උන් බුද්ධාගම පිළිපදින්නේ නැති එක බුද්ධාගමේ වැරද්දක් නෙවේනේ බං
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    ජාතක කතා ගැන කල්පනා කරල බැලුවොත් ඉතින් පරිනාමවාදය විතරක් නෙමෙයි මහා පිපුරුම් න්‍යායත් බොරු වෙනව
     
    • Like
    Reactions: Cypress

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අටුවාව ඇතුළුව ඒ කලේ තිබ්බ හැම විස්තර කරන විශිද්දීමාර්ග එකෙත් ලියල තීනවා
    ලියපු කෙනාට තේරෙන විදිහට ධර්මය තේරුම් කරන්න උත්සහ කරලා තින්නේ කියන එක වැරදි තිනව නම් සාම වෙන්න කියල
     
    • Like
    Reactions: aneasarayana

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔබ්ජෙක්ටිව්/ඇබ්සලියුට් රියැලිටියක් අපිට පෙන්වගන්න බැහැ. අර ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ There are no facts, only interpretations.

    ඔව්, ඔය දෙක කම්පෙයාර් කරලා තේරුමක් නැහැ. වැන්ටේජ් පොයින්ට්ස් දෙකක්.
    එකඟයි
    අපිට පේන දැනෙන දේවල් වලින් අපි ඉන්ටර්ප්‍රිට් කරගන්න දේ රියෑලිටි කියලා අපි හිතං ඉන්නවා.

    Nice way to look at it
     
    • Like
    Reactions: greenthunder