නෙළුම් අල සම්බෝලයක් කමුද?
අද රෑට නෙළුම් අල සම්බෝලෙයි, අල කිරිහොද්දයි, මාලු ඇඹුල්තියල් කරලයි...
මෙතනින් කැමතිම නෙළුම් අල සම්බෝලෙට. අපි කෑවේ බැදලා...

පලමු ක්රමය
නෙලුම් අල ටිකේ පොතු ඇරලා හීනි රවුම් කපා ගන්න...
ගැඹුරු තෙලේ රන් වන් පාටට බැද ගන්න...
හීනියට කපා ගත්තු ලොකු ලූණු , මාලු මිරිස් කරලක් (අමු මිරිස් වුනත් කමක් නෑ) තක්කාලි ගෙඩියක් , ගම්මිරිස් කුඩු (ගම්මිරිස් කුඩු වලට වඩා රසයි වේලුනු පුච්චා ගත්තු මිරිස් කරල් 2 ක් එකතු කර ගත්තම. එහෙම කාලා නැනේද? කාලා බලහන්කෝ) ලුණු කුඩු ,දෙහි ඇඹුල් එකතු කරලා හොඳට කලවම් කර ගත්තු මිශ්රණයට බැද ගත්තු නෙලුම් අල එකතු කරන්න...
දෙවන ක්රමය
නෙලුම් අලය පොතු සුරා ඉවත් කර හොඳින් සෝදා ගෙන සිහින්ව ලියා ගන්න. ඉන්පසු තක්කාලි, මාලු මිරිස් හා ළුණු සිහින්ව ලිය ගෙන රස අනුව ලුණු කුඩු , ගම්මිරිස් කුඩු හා දෙහි දමා හොඳින් කලවම් කරන්න. වැඩි රසයක් සඳහා සිහින්ව කපපු පාස්ලී කොළ පොඩ්ඩකුත් එකතු කරන්න.
මෙන්න පාස්ලි කොළ දන්නැති අයට
දැන් ඉතින් බඩකට පිරෙන්න කාපන්!