නෙළුම් අල සම්බෝලයක් කමුද?

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    නෙළුම් අල සම්බෝලයක් කමුද?



    අද රෑට නෙළුම් අල සම්බෝලෙයි, අල කිරිහොද්දයි, මාලු ඇඹුල්තියල් කරලයි... :love: මෙතනින් කැමතිම නෙළුම් අල සම්බෝලෙට. අපි කෑවේ බැදලා... :yes: :D

    පලමු ක්‍රමය

    knelum.jpg


    නෙලුම් අල ටිකේ පොතු ඇරලා හීනි රවුම් කපා ගන්න...
    ගැඹුරු තෙලේ රන් වන් පාටට බැද ගන්න...

    හීනියට කපා ගත්තු ලොකු ලූණු , මාලු මිරිස් කරලක් (අමු මිරිස් වුනත් කමක් නෑ) තක්කාලි ගෙඩියක් , ගම්මිරිස් කුඩු (ගම්මිරිස් කුඩු වලට වඩා රසයි වේලුනු පුච්චා ගත්තු මිරිස් කරල් 2 ක් එකතු කර ගත්තම. එහෙම කාලා නැනේද? කාලා බලහන්කෝ) ලුණු කුඩු ,දෙහි ඇඹුල් එකතු කරලා හොඳට කලවම් කර ගත්තු මිශ්‍රණයට බැද ගත්තු නෙලුම් අල එකතු කරන්න...

    දෙවන ක්‍රමය

    943.jpg


    නෙලුම් අලය පොතු සුරා ඉවත් කර හොඳින් සෝදා ගෙන සිහින්ව ලියා ගන්න. ඉන්පසු තක්කාලි, මාලු මිරිස් හා ළුණු සිහින්ව ලිය ගෙන රස අනුව ලුණු කුඩු , ගම්මිරිස් කුඩු හා දෙහි දමා හොඳින් කලවම් කරන්න. වැඩි රසයක් සඳහා සිහින්ව කපපු පාස්ලී කොළ පොඩ්ඩකුත් එකතු කරන්න.

    මෙන්න පාස්ලි කොළ දන්නැති අයට

    pasli.jpg



    දැන් ඉතින් බඩකට පිරෙන්න කාපන්! :angry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මගෙ ආසම කෑමක් නෙලුම් අල. මේ කාලෙ නම් හොයන්න නෑ වැඩිය. වැව් හිඳෙන කාලෙට තමා:cool::cool:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මගෙ ආසම කෑමක් නෙලුම් අල. මේ කාලෙ නම් හොයන්න නෑ වැඩිය. වැව් හිඳෙන කාලෙට තමා:cool::cool:
    පොලට ගියොත් අම්මා දැක්කොත් ගේනවමයි. මේකාලෙ ටිකක් අඩුයි.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම නම් ආස කිරට උයලා :love::love::love:

    මෙහෙම සීන් එකක් තියෙනවා, ඕවට මචන් වතුරෙයි පොලොවෙයි තියෙන විස උරනවාලු. කොහිල වලටත් එහෙමයි. දැන් පසේ වතුරෙ විස වැඩි නිසා අවුල් ලු.

    ඒ වුණාට නියම රස ගුණ කෑම...
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මාත් ආසම කෑමක් :P :love:.එත් දැන් කන්න එපා කියනවනේ ඕවට කෘමි නාශක උරනවා වැඩි කියල. :sorry::(:(
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    නෙලුම් අලයි.. කොහිල අලයි කියන්නේ ඉතින් නියම කෑම..