නොමැන්ඩි වෙරළ එදා සහ අද - 2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නොමැන්ඩි වෙරළ එදා සහ අද - 2

    7L4BoxU.jpg

    දෙවන ලෝක යුද සමයේදී සිදුකල නොමැන්ඩි ආක්‍රමණය(D-Day invasion) හෙවත් බ්‍රිතාන්‍ය,ඇමෙරිකානු,කැනේඩියානු,ප්‍රංශ ආදී ජාතීන් රැසක හමුදා ප්‍රංශයට ගොඩබැස්ස වීමේ මෙහෙයුමේ කේත නාමය Operation Overlord නම් විය.මෙය මානව ඉතිහාසයේ විශාලතම මුහුදු ආක්‍රමණය ලෙසද හඳුන්වයි.මේ ආක්‍රමණය සඳහා ප්‍රහාරක සහ ප්‍රවාහන යාත්‍රා 5000ක් පමණ යොදාගෙන තිබිණි.ඒවා සමග වෙනත් නෞකා 289ක් ,මුහුදු බෝම්බ ඉවත් කරන නෞකා 277ක් කැනඩාවෙන්,ඇමෙරිකාවෙන්,බ්‍රිතාන්‍යයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් එක්ව තිබිණි.1945 ජූනි 6 වෙනිදා ආරම්භ මෙම මෙහෙයුම සිදුවී ඊයේ දිනට වසර 72ක් ගතවී තිබේ.මෙම මෙහෙයුම යටතේ ලක්ෂ 20 පමණ සෙබලුන් ප්‍රංශයට රැගෙන විත් තිබෙන බව සඳහන් වේ.එහිදී නාසි හමුදා සමග ඇතිවූ සටන් වලින් ඉන් ලක්ෂ 2කට වැඩි පිරිසක් මියගොස් තිබේ.මෙම ආක්‍රමණය නිසා නාසි හමුදාවලට පෙරමුණු දෙකක් ඔස්සේ සතුරන්ට මුහුණ දීමට සිදුවිය.

    පහත දැක්වෙන්නේ නොමැන්ඩි ආක්‍රමණය සිදුවූ කාලයේ ලබාගත් ඡායාරූප සමහරක් එම ස්ථානවල වර්තමාන ස්වරූපය සමග කල අපූරු සංසන්දනයකි.මෙම අපූරු සංසන්දනය සිදුකර තිබෙන්නේ ඡායාරූප ශිල්පී පීටර් මැක්ඩියර්මිඩ් විසිනි.



    ප්‍රංශයේ නොමැන්ඩි ප්‍රදේශයේ ජූනෝ වෙරළේ Bernieres sur Merහි 2014 මැයි 8 වෙනිදා දිස්වූ අයුරු පසුබිමේ දැක්වේ.ඊට වසර 72කට පෙර එම ස්ථානයේදීම ගත් ඡායාරූපයක් ඉහළින් තිබේ.එහි දැක්වෙන්නේ කැනේඩියානු සෙබලෙක් පෙරමුණ ගත් නිලධාරීන් දෙදෙනෙකුද සහිතව ඉදිරියට ඇදෙන ජර්මන් යුද සිරකරුවන් පිරිසකි- 1945 ජූනි 6

    e0ZRSoV.jpg





    ඇමෙරිකානු සෙබලුන් පිරිසක් 1944 ජූනි මස 12 ප්‍රංශයේ Sainte Marie du Mont ප්‍රදේශයේ ගම්මානයක සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් 2014 වසරේ මැයි 7 වන දා එම ස්ථානයේදීම ගත් ඡායාරූපයක් සමග සංසන්දනය කර තිබෙන අයුරු

    O38nH9R.jpg






    ප්‍රංශයේ Saint Lo ප්‍රදේශයේ මාර්ගයක 2014 මැයි 7 වන දා දිස්වූ අයුරු සහ වසර 72 පෙර එම මාර්ගයේම ඇමෙරිකානු සෙබලුන් සහිත ට්‍රක් සහ ජීප් රථ ගමන් කල අයුරු

    jEXZsHe.jpg






    ප්‍රංශයේ Pointe du Hocහි පිහිටි මෙම බෑවූම වසර 72කට පෙර පෙර දිස්වූ අයුරු.ජර්මන් සිරකරුවන් වෙරළේදී අල්ලාගත් ජර්මන් සිරකරුවන් රැගෙන යන අයුරු

    RhdVVXR.jpg






    ප්‍රංශයේ Trevieres ප්‍රදේශය 2014 මැයි 6 වනදා දිස්වූ අයුරු සහ 1944 ජූනි 15 දා දිස්වූ අයුරු.පසෙකින් මියගිය ජර්මන් සෙබලෙක්ගේ මළ සිරුරක් වැටී තිබේ.

    OAP4VIm.jpg






    ප්‍රංශයේ Bernieres-sur-Mer ප්‍රදේශයේ විදියක් සහ පල්ලියක් 2014 වසරේ සහ 1944 වසරේදී දිස්වූ අයුරු

    paepkyK.jpg






    ප්‍රංශයේ ජූනෝ වෙරළට ගොඩබැස්ස තුන්වන කැනේඩියානු පාබල හමුදා සේනාංකයේ සෙබලුන් සහ එම වෙරළ 2014 පෙනුනු අයුරු

    NH0rpGa.jpg





    1944 ජූලි 10 වෙනිදා ප්‍රංශයේ Caenහි විනාශ වී ගිය ගොඩනැගිලිවල සුන්බුන් මාර්ගයෙන් ඉවත් කරන කැනේඩියානු සෙබලුන්,ඔවුන් දෙස බලා සිටින ප්‍රංශ වැසියන් දෙදෙනක් පසෙකින් සිටියි.මෙම ප්‍රදේශය 2014 වසරේදී දිස්වූ අයුරු පසුබිමින් පෙන්වා තිබේ.


    g8AAE4Y.jpg






    ප්‍රංශයේ Baslyහි පිහිටි Saint Georges de Basly පල්ලිය භූමියේ සොහොන් බිමක සිටින සෙබලුන් සහ එම භූමිය 2014 වසරේදී දිස්වූ අයුරු

    b8OzL9H.jpg






    නොමැන්ඩි ආක්‍රමණයට එක්වීමට යන සෙබලුන් එංගලන්තයේ Weymouthහි පාලමක් උඩින් ගමන් කර්න අයුරු සහ එම ප්‍රදේශය වර්තමානයේ දිස්වන අයුරු

    pZJEoIq.jpg





    එංගලන්තයේ Weymouth වරායේ නවතා තිබෙන යාත්‍රාවල නැගී Operation Overlord මෙහෙයුම සඳහා සූදානමින් පසුවන එක්සත් ජනපද හමුදා භටයන් සහ එම තොටුපොල 2014 වසරේදී දිස්වූ අයුරු


    1m2pnRm.jpg




    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thx for sharing macho still remember this :) CALL OF DUTY 2 eke meka thiyenawa mathakai :)