පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කැලෑව මැද කටු පඳුර මමයි
    පිපී වැනෙන මල් පොකුර ඇයයි
    යුගයෙන් යුගයට හදවත් පුරවන
    අඳුරු වේදනා කැටිය ඇයයි

    පාලූ අඳුරු නිල් අහස මමයි
    ඈත දිලෙන තනි තරුව ඇයයි
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
    සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
    අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
    ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගෙමයි, මටමයි

    අහන් ඉන්න..අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා..:love:
     
    • Like
    Reactions: thilzz

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුතු මල් හිනා පිපුණ ම වතේ
    ඔබ කොයි තරම් සොඳුරු ද කියා
    කියන්නට මට වචන නෑ සත්තයි
    හද ළෙන්ගතුයි හිත සුන්දරයි
    සුසුමන් බරයි මට දැන් දැනෙයි
    ආදරේ රස මිහිර හිත ඉල්ලයි

    යායට රුවන් මල් පිපිලා
    ගුමු ගී ඇසෙයි දෙවන් සරා
    ඇසුනත් ළඟින් ගුම ගී නුරා
    මල් සුවඳ නම් හිත මත් කළා
    ආදරේටයි ජීවිතේටයි
    පාට මොකට ද මිතුරියේ
    හදවතේ බැමි හරිම ගැඹුරුයි
    තාම නැතිදෝ තේරුණේ

    හිත් මන්දිරේ දොර ඇර තියා
    මං ඉන්නවා එනව ද ඔයා
    අඳුරයි මමයි හොඳට ම ළඟයි
    දෑඟිලි තුඩේ ඔබේ රුව ඉඳියි
    ආදරේටයි ජීවිතේටයි
    පාට මොකට ද මිතුරියේ
    හදවතේ බැමි හරිම ගැඹුරුයි
    තාම නැතිදෝ තේරුණේ

    මුතු මල් හිනා ..........


    ගායනය :- උදිත හා ඉඳීවරී
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    Desperate and waiting, frozen to the core
    Numb to these feelings, needing something more
    All I keep thinking is where I need to be
    All I can hope for is someone to take me away....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
    මට ඈගෙ පිලිසරණ මතු වාසනාවන්
    මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේනම්
    හද වෙණෙහි සත්සර සදා ගොලුවුනාදෙන්

    සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
    ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
    ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
    හැදූ මව්නි පියතුමනි කරුණාව පාලා


    wt a beautiful song.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාලුව තනිකම තුරන් කරන්නට
    අරුණලු කැන්දා මා වෙත එන්නේ
    කාත් කවුරුවත් නැති මගෙ ‍ලෝකෙට
    ඔබ පමණයි තනියට ළඟ ඉන්නේ
    හෙවනැල්ලේ හෙවනැල්ලේ

    සැපතැති මා ළඟ තුටු වෙන සේ
    විපතෙදි නෑ හැරදා යන්නේ
    යන එන හැම තැන තනියට එන නුඹ
    පාලු දැනෙන රෑ නෑ ළඟ ඉන්නේ
    හෙවනැල්ලේ හෙවනැල්ලේ

    අඳුරට ඉඩ දී මා හැර යන නුඹ
    වෙනතක කොහි දෝ ඇයි සැඟවෙන්නේ
    රැයක් එපා නුඹ නැතිනම් තනියට
    දවස පුරා දිනිඳුණි පායන්නේ
    හෙවනැල්ලේ හෙවනැල්ලේ


    ගායනය :- දුමාල් වර්ණකුලසූරිය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ළං ළං වෙලා සිතින් මා
    හොර රහසෙ ගොලූ වෙලා
    දැන දැනත් අහිමි බැව් මා පෙම් කළා
    මේ පාලු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
    වෙන්වෙන්න බෑ මට පෙම් කළ නිසා

    පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
    හොර රහසෙ ගියෙදෝ මේ දෑස හඬවාලා
    මේ පාලු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
    වෙන්වෙන්න බෑ මට පෙම් කළ නිසා

    දුප්පත් කථාවෝ ඇති ළයේ රැස්වෙලා
    අහලා බලන්න ඒවා මතක ද කියාලා
    මේ පාලු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
    වෙන්වෙන්න බෑ මට පෙම් කළ නිසා

    ළං ළං වෙලා ............


    ගායනය :- නොයෙල් රාජ්
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
    මල් පිපුණ ගහ ගාව තවම ඉඩ තියෙනවා
    නුඹ මගේ ළගින් නැති අඩුව මට දැනෙනවා
    මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මනමාල කම් පාන උන්මාදිනී
    මේ නෙත් දෙකේ පැටලිලා
    රහසේ ම නොදොඩා ම ඉන්නට එපා
    පෙම් හීනයේ සැරි සරා

    මේ පාලු හැන්දෑවෙ සුළඟක් වෙලා
    මා හිත හොරා පටලලා දැවටිලා
    මුමුණන්න හදනා නිස්කාරණා
    මට ඕනෙ නෑ අහන්නට කල්පනා

    මේ සීත වැහි කාලෙ තුරුලේ හොවා
    ඉන්නත් හිතයි කවුළු වා නොහි නුරා
    දහවල් හීන දැකලා ම දැන් ඇති වෙලා
    තව ඉන්න බෑ තනිවෙලා කල්පනා

    මනමාල ..........


    ගායනය :- චන්දන ලියනාරච්චි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිහින ගෙනෙන ඔබ කව්රුන්දෝ...
    අළුත් සිහිනයක් මට නැද්දෝ...
    සුපුරුදු එක සිහිනෙම දැකලා...
    සිතේ සතුට මගෙ ඇති මැකිලා.. :rolleyes:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    හිතට හිත නැතත් නෙත ලඟ තවම මැවිමැවී
    නොපෙනෙන ජිවිතයට සැනසුම නුඹමයි....
    සුවද මල් නෙලා සැරසුව පාට හැඩතියා ගැලපුව
    මගේ නොවන හිත නුඹේ ලඟයි....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
    ලවැලි තලාවක විසුල කුසුම් මත
    අතිනත ගෙන පෙර නොකී කතා අසා
    අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැ‍ගෙනා හෝරාවේ
     
    Status
    Not open for further replies.