

තව ලියන්න ඔය ඇස් වල ආදරේ වදන්
නෙතු සලන්න හද පිරෙන්න ලෝකෙටම හොරෙන්
කදුලු දෙන්න මට සිඹින්න ප්‍රේමයේ නමින්
මට ඇහෙන්න එක සැරයක් ආදරේ කියන්
සිසිලස පිරි ගං ඉවුරක වාඩි වී හොරෙන්
තෙපලුවාට ලං ලං වී ආදරේ හෙමින්
ප්‍රේම දැලේ මල් හීයක පැටලිලා ගොසින්
තුරුල් වෙන්න එක සැරයක් ආදරේ නමින්






පෙරවදන:-
“මුළු මහත් ලෝකයම ඔබත් මාත් දෙසා ඇසිපිය නොහෙලා බලා සිටියි..අප කෙසේද කතා බහ කරන්නේ..මාදැන් ගයන්නේ ඒ අභාග්යයේ ගීතයයි” "කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී.."
ගීතය -
කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී…
නැවතී බලනවා මොහොතක් කොහොම හරී…
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපී…
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී…
ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා…
සුඟළට සියුම් දාහක් කන් ඇති හින්දා...
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා…
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා…
සයුර මොටද දිය දෝතක් බොන්න බැරී…
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී…
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී…
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී…
