පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාලුයි මට හැමදාක ම දුටුව ම එක ඉර හඳ
    අඳුරුයි මගෙ මුලු දිවිය ම මහළු මඬමෙ අයිනක
    ඇවිදින් නුඹ එක සැරයක් දුන්නොත් මට සැනසුම
    මියෙනා තුරු ඒ ඇති මට හිත සතුටින් ඉන්නට

    දැකගන්නට ඔබේ මුහුණ මදි මං පින් කෙරුවා
    හිතනා හැටි එහෙමයි මට අහිතක්නම් නැතුවා
    ඒත් පුතේ එක සැරයක් සිපගන්නට නොදෙනා
    නුඹේ මුහුණ සිපගෙන එන සුළඟක්වත් නැතුවා

    තනිවෙන්නට මේ දිවිය ම කළ වරදක් නොවෙනා
    මෙතරම් දුර ආවත් මම පලක් නැතැයි සිතුනා
    ඒත් පුතුනි එක දවසක යලි ආවොත් නුඹලා
    දැකගන්නට නුඹේ දෙනත් මඟ බලන්න හිතුනා

    පාලුයි මට හැමදාක ම ................


    ගායනය :- සමන් ඉන්දික
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
    මනුලෝතලයේ වාසනාවන්..!

    වල්මත් වූවන් දැක මහවන මැද
    යායුතු මාවත පෙන්වා
    ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
    ඉටුදෙවියන් ලොව සිටිනා..

    කඳුළු සලන්නන් කඳුලින් ගොඩගෙන
    මුවගේ හසරැළි රඳවා
    තුටුකඳුළින් නෙතු සරසණ දෙවියන්
    පුදදෙමු දෙවොලට කැඳවා..


    ~චන්ද්‍රලේඛා පෙරේරා~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සොඳුරිය ඔබගේ උවන මලක් නම්
    නිශා කළෙහි ඔබ සෙවු බඹරිඳු මා
    සොඳුරිය ඔබගේ උවන සඳක් නම්
    දිවා කලෙහි පුල් කුමුදු මලක් මා
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
    මල්පෙති විසිරුණු මල් පාරේ
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැළපෙමු අපි ආයේ..

    ගුණදාස කපුගේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඉවසයිද මන්දා මා දුන් රිදුම්
    වෙන් වීලා ආ දා වෙනතක් බලන්
    උන්නාට මා රහසේ තුරුලක හිමින්
    මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්

    තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
    තව කඳුළු නැනේ දෙනෙතේ ඉතින්
    ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
    මට මාද නැති වුනා සත්තයි හෙමින්

    ගොළුවෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේ
    දරා ගන්න බෑනේ මතකේ විලාපේ
    ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
    රැකගන්න බැරිවුනි ඒ සංසාර ආදරේ

    ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
    මට මාද නැති වුනා සත්තයි හෙමින්
    මේ පාලු දුක් සිහිනේ අතරමං වෙලා බොහෝසේ
    ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ

    ජීවිතය වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ
    මැරී මැරී උපදී මේ සංසාර ආදරේ
    උන්නාට මා රහසේ තුරුලක හිමින්
    මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්

    ඉවසයිද මන්දා මා දුන් රිදුම්
    වෙන් වීලා ආ දා වෙනතක් බලන්
    උන්නාට මා රහසේ තුරුලක හිමින්
    මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්

    තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
    තව කඳුළු නැනේ දෙනෙතේ ඉතින්
    ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
    මට මාද නැති වුනා සත්තයි හෙමින්



    Iwasaida Manda - Athula Samitha
    Music : Udara Samaraweera
    Lyrics : Dilan Gamage


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප පැතුම් ඉටුවී එදා
    එළිය දුටු සඳ මේ ලොවේ
    තිඹිරි ගෙය තුළ නුඹ හැඬූ හඬ
    පුතේ මා මිනිසෙකු කළේ

    පෙර භවේ පින් කළ නිසාවෙන්
    මිනිස් භව ලැබ ඉපදුනේ
    මිනිස්කම රැක ගන්න පුතුනේ
    එයයි අද සැනසුම අපේ

    අප පැතුම් ................

    පරපුරේ නම ගුණගරුක කම
    රැකගනින් නෙත් දෙක වගේ
    බැබලුණොත් මැණිකක් ‍වගේ අද
    මැරෙන්නට හැක සැනසුමේ

    අප පැතුම් ................


    ගායනය :- නිමල් ගුණසේකර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මං මලක් ලෙස නුඹ නොහැදුවේ
    පෙති හැලී පරවෙන නිසාමයි
    දුක දිනා හිනැහෙන හැටි දුවේ
    නුඹ දැන උගත් පාඩම තමයි
    මිල මුදල නිල බල යා නොදෙයි
    කළ හොඳම විතරක් ඉතිරිවෙයි


    දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...............:love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ දුවේ ඔබ අවදියෙන්නම්
    මේ රැයේ මිහිරිම වෙලාවයි
    දොර ඇරන් එළියට ආවොතින්
    මේ මිහිරි දේවල් නුඹටමයි

    සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි
    නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි
    මේ පොළොව කෙතරම් ‍සුන්දර ද මගෙ දූ තනියෙම හිනාවෙයි

    මගේ දුවේ ඔබ .............

    ගණ කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැතියි
    ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි
    ඔබ මේ ලොවට ආදරෙනම් මුලු ලොවම ඔබටත් ආදරෙයි

    මගේ දුවේ ඔබ .............


    ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මට මව් පදවිය ලැබුණු දිනේදී...
    නු‍ඹේ අගේ මට දැනුනේ...
    අම්මේ නුඹේ අගේ මට දැනුනේ...:yes::yes::yes:

    ඇතෙක් බරට දායාද නොසෙව්වද...
    සිප් සයුරේ පර තෙරට නොයැව්වද...
    මවුකම ලද දා දැරූ දුකම ඇති
    නුඹේ නමින් පා දූවිලි වන්නට...


    උඩට උඩුවියන් මවා නොදුන්නද...
    සිරුරට මුදු සුව යහන් නොදුන්නද...
    දස මස මා කුස දැරූ පිනම ඇති
    නුඹට බුදුන් දැක නිවන් දකින්නට...:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විමනේ දිනිඳු මගේ
    ඔබවේ සසර මඟේ
    සඳ රැසේ එළිය සේ
    බිළිඳු සිනා සැලේ

    ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
    ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
    සොඳුරු මේ දිවිතෙරේ
    තරුව ඔබය සදා

    පුතුගේ සිඟිති නෙතේ
    ඔබගේ මුහුණ තෙමෙයි
    සඳ රැසේ එළිය සේ
    බිළිඳු සිනා සැලේ

    මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
    ගණඳුරේ පහන සේ විමන දිදුළවා
    රුදුරු මේ මං පෙතේ
    තරුව ඔබය සදා

    විමනේ දිනිඳු .............

    ගිණිදැල් සතර දෙසේ
    ලසුදැල් නගන ලෙසේ
    ඔබද හා පුතු සදා
    රකිමි දෙනෙත ලෙසේ


    ගායනය :- දීපිකා ප්‍රියදර්ශනී පීරිස් හා අමල් පෙරේරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කෑ ගසා පවසාවී, හිරුට හැකි වේ නම්
    සිය නෙතින් දු‍ටු දේ....
    ඉකි ගසා මුමුණාවී, මිතුරු වන සියොතුන්
    යෙහෙළියට වූ දේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අඳුරට හුරු මුදු මගේ දැවුණු සිත
    ඔබේ වදනකිනි සැනසුම ලැබුවේ
    වියැකී යන්නට ඉඩක් නොදී යලි
    සුරකිමි ඔබ මා හද රඳවා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳගලා සිපගනී ඔබේ මුව
    එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත
    මල් සුවඳගලා සිපගනී ඔබේ මුව

    එපා සුසමන් සලා රිදවන්න ඔබේ හද
    එපා සුසමන් සලා රිදවන්න ඔබේ හද
    සියොත්කැල ගී ගයා සතපවයි ඔබේ සිත
    සතපවයි ඔබේ සිත..

    ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා
    ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා
    ඔබේ හදපුදසුනේ හිමි කුමරු එනතුරා..
    හිමි කුමරු එනතුරා..


    ~ආත්මා ලියනගේ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    එපා හිරු පායන්න
    අදින් පසු මගෙ ලොවට
    අදයි අවසන් දවස ඇගෙන් මා
    මගෙන් ඈ සමුගන්න..

    සැදෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න
    වෙලී යුගදුර සතර අනුදිසා ගිලගන්න
    ගලායන නඳී දොල මිඳී..
    මිඳී නැවතී ඉන්න..

    එපා හිරු පායන්න..

    ලිය මඬුලු තුරු සිරස එපා මල් පලදින්න
    වසන්තය නිමාවිය කොවුලනේ ‍ගොළුවන්න
    සොබාදම් නෑ සියනි සැලී..
    සැලී කම්පාවන්න..

    එපා හිරු පායන්න..


    ~වික්ටර් රත්නායක~
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    පාවෙන සුළඟේ සිසිලස මවමින්
    පෙන්වයි සාමය අම්මා
    ජීවනයේ පූජාවෙන් පිදුවත් මදි අම්මා
    නිල්මිණි රන් කැට මේවා ඕනැද
    ඕනෑ නෑ ළඟ අම්මා
    නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
    නිවසේ දෙවියන් අම්මා
    නිවසේ දෙවියන් අම්මා.....
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ තරු මල් මට දන්දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන්දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ

    ගණ දෙවිදුන් මට දන්දුන්
    මගේ නුවන නුඹ අරගන්
    පතිනි මවුන් මට රැකදුන්
    පතිනි බලය නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ

    සඳ තරු මල් ...................

    ඇල දොළ ගං මට දන්දුන්
    හදේ සිසිල නුඹ අරගන්
    මහ වන විල් මට දන්දුන්
    නෙතේ සිසිල නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ

    සඳ තරු මල් ...................


    ගායනය :- අතුල අධිකාරි හා සමිතා එරන්දතී මුදුන්කොටුව
     
    • Like
    Reactions: ColdBreath

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන
    පදකුණු නොකලත් සිරියහනේ
    පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
    මට රජ පැටියෙක්

    හන් කිති කවමින් කුසතුල සක්මන් කරනා
    නුබ දගයෙකු වී දැයි නිකමට මෙන් මට සිතේනා
    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ
    වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි..

    කුසතුල දරුවැයි මතු බුදුවන පෙරුමන් නෑ
    ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ
    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ
    සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි.
    :love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ සුමුදුයි මෘදු සිසිලයි සඳ නැතුව ම බැරි හන්දා
    හිරු තෙද ලෙස ‍ලොව බබලයි හිරු නැතුව ම බැරි හන්දා
    නෙත් දෙක ලෙස නුඹ වටිනව මව් පදවිය දුන් හන්දා
    හිරු සඳු ලෙස මගෙ ලෝකෙට එළිය දිදී ආ හන්දා
    නෙත් දෙක ලෙස නුඹ වටිනව පිය පදවිය දුන් හන්දා

    දස මසක් ම මා සමඟින් එකට හුස්ම ගත් හන්දා
    මගෙ දිවියෙන් ලද සතුටයි නුඹ ජීවය ලද හන්දා
    නෙත් දෙක ලෙස නුඹ වටිනව මව් පදවිය දුන් හන්දා
    නුඹ ම මමයි මා නුඹමයි දෙදෙනෙකු නොම වන හන්දා
    නෙත් දෙක ලෙස නුඹ වටිනව පිය පදවිය දුන් හන්දා

    සුමුදු ටිකිරි මෘදු සෙනෙහස අපෙ ලෝකෙට ගැලු හන්දා
    අම්මා යන උතුම් පදය නුඹ මා හට තැබු හන්දා
    නෙත් දෙක ලෙස නුඹ වටිනව මව් පදවිය දුන් හන්දා
    ලොකු මිනිහෙකු නොවුණත් නුඹ හොඳ මිනිහෙකු වන හන්දා
    නෙත් දෙක ලෙස නුඹ වටිනව පිය පදවිය දුන් හන්දා


    ගායනය :- අතුල අධිකාරි හා සමිතා එරන්දතී මුදුන්කොටුව
     
    Status
    Not open for further replies.