පද පේලි .....

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණ සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාභ රත්තරං දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ

මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ...
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මට මතකයි දුර ඈත අතීතෙක
ඔබ හමු වූ පෙර ආත්මයක්
මට මතකයි සීතල දවසක
මහ වැසි වසිනා රාත‍්‍රියක්

රැහැයි හඬක් නැති තරු එළියක් නැති
කඳු පෙත් අතරේ නිසංසලේ
තුන් මං හන්දිය නොපෙනෙන මායිම
අම්බලමක අපි මුණ ගැසුණේ

එදා මෙදා තුර කෝ ඔබ කොයිබද
ආත්ම ගණනක් සොයන සුවේ
කවදා හෝ යළි හමුවන දිනයක්
තුන් සිත විමසයි භවෙන් භවේ

හඬ - ඉන්ද්‍රාණි පෙරේරා
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇල්මෙන් බැල්මෙන් හෙමින් සීරුවෙන්
    වචනයෙන් දෙකෙන් දොඩමලු වෙමින්
    ඇද හැලෙනා දිග හැරෙනා ආදරේ
    තවමත් නොකියූ ආදරේ
    මගෙ ආදරේට ඔබෙ ආදරෙ දෙනාවානම්

    රහසින් සිහිනෙන් ‍නිදි ලොව නුඹව සොයන්නේ
    සක්මන් කරමින් යළි යළි තනියෙන් සිතන්නේ
    කෝල බොළඳකම් සිතවට කරගෙන නැගෙන්නේ
    තවමත් නොකියූ ආදරේ
    මගෙ ආදරේට ඔබෙ ආදරෙ දෙනාවානම්

    දණින් වැටී මල් යායක් අතින් අරන්
    මුවට උඩින් පැන හාදු වැස්සක් පෙන්නම්
    දෙනෝදහක් සිටියත් අප දෙසම බලන්
    දෑත් විදා ආදරයෙන් රඟන්නම්
    වචනයෙන් නොකියූ ආදරේ
    මගෙ ආදරේට ඔබෙ ආදරෙ දෙනාවානම්
    රහසින්වත් නොකියූ ආදරේ
    මගෙ ආදරේට ඔබෙ ආදරෙ දෙනාවානම්


    ගායනය :- භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආදරේ මන්දිරේ
    සඳළු තල එළිවෙලා
    ජීවිතේ මී පිරී
    පිටාරය එයි ගලා

    සුවඳ අරගෙන ඔබේ
    සුළඟ මා වෙත එබේ
    සුහද ඔබ කිම පමා
    සුසුම් වැල් යයි හමා

    ගඟක බිහි වන සුළී
    වැනිය හද සිතුවිලි
    නයන සනහන පුරා
    කොහෙද මගෙ පෙම්බරා

    ගායනය :- සුජාතා අත්තනායක
     
    • Like
    Reactions: m3pium

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ තෙමෙයි කියා බයයි
    වැසි වසියි සුළං තදයි
    කුඩයට ඔරොත්තු නොදෙයි
    සාරිය පිට මඩ ඉහෙයි

    මුහුණට හිරිකඩ වැදෙයි
    සුදු මෘදු මදහස මැකෙයි
    මිරිවැඩි තුළ දිය පිරෙයි
    පය ලිස්සා බිම වැටෙයි

    ඔබ තෙමෙයි කියා .............

    සළුපිළි සිරුරට ඇලෙයි
    පිට මිනිස්සුන්ට පෙනෙයි
    සගවන්නෙමි ඔබ මගේ
    දිව එන්නට මට හිතෙයි

    ඔබ තෙමෙයි කියා .............


    ගායනය :- එඩ්වඩ් ජයකොඩි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රණ්ඩු කරන කිරිල්ලි
    යන්න හදයි ඉඟිල්ලී
    රණ්ඩු නොකර කිරිල්ලී
    නොයා ඉඳින් ඉඟිල්ලී..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රටා මවන මල් පෙති පැහැයෙන්
    හිනා මවන්නට බෑ මට නම්......'

    පිණිදිය විසිරෙන හෝරාවේ
    නුඹ ඇවිදින්
    නුඹ ඇවිදින් මා ළඟ උන්නා
    මං නොදන්න නෙක පාට අරන්
    ඇස්‌ අග දැවටුන නුඹෙ පෙම් සිතිවිලි
    මට දකින්න බැරි නුඹෙ පෙම් සිතිවිලි
    සුසුමක දැවටී ළඟ රැඳුනා
    මට දැනුණා උණුහුම දැනුණා

    රටා මවන මල් පෙති පැහැයෙන්
    හිනා මවන්නට බෑ මට නම්
    අඳුරු මගේ ලොව අඳුරෙන් මුදවා
    අතැඟිලි පහසක තෙත දැනුණා

    ගායනය :- දිනේෂ් එරන්ද
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඉස්සර දවසක උදැසනක ඔබ මා නළවන්න ඇතී
    මා හඬනාවිට දුක ඉපදී මට ලේකිරි දෙන්න ඇතී
    මගෙ හිස පිරිමැද මගෙ ගත පිරිමැද මුව සිපගන්න ඇතී
    ඔබ යනවිට මා කැටුවයන්න නම් අමතකවෙන්න ඇතී
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රෝස මලට කියනවාද
    මා මිය ගිය බව ...
    කියන්නෙපා රෝස ගහේ
    කටු විස වුණු වග...
    කියන්නෙපා රෝස ගහේ
    කටු විස වුණු වග...

    මල වට කර කටු සැදුණේ
    පෙති රකින්න නම් ...
    තරහ ගන්නෙ කොහොමද
    අතු ඉතින් එක්‌ක මං ...
    තරහ ගන්නෙ කොහොමද
    අතු ඉතින් එක්‌ක මං ...

    මගෙ සොහොනට ආවොත් ඈ
    අවසර විගසින්...
    කියන්න මං පෙම් කළ බව
    රෝස ගහ තරම්
    කියන්න මං පෙම් කළ බව
    රෝස ගහ තරම් ...



    ගායනය-ක්‍රිෂාන්ත එරන්දක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෑව සිනා ඔය සඳවත මනමාල
    කීව කතා ළංවීලා හැමදාම
    අරන් ගිහින් මගෙ හදවත දුර ඈත
    රිදුම් දෙන්නෙපා ඉතින් කිසිදාක

    නුහුරු නිසයි ආදරයට සිත ගාව
    සැලුනේ සිතුවිලි නිතරම ඔබ ගාව
    සොඳුරු නිසා නොදකින විට ඔබ පෑව
    හැඬුවා නෙත තනිවීලා හැම රෑම

    පෑව සිනා ................

    ළඟින් බැඳී ඉන්නට බය සිත ගාව
    හීන දකී මගෙ හදවත රහසේ ම
    නපුරු වෙලා හඬවන්නට මගෙ දෑස
    වෙන්වීලා යන්න එපා කිසාදාක

    පෑව සිනා ................


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රත්තරන් මාගේ සුරඟනක් වාගේ
    ඇස් වලින් කී දේ ආදරේ නේ
    හුරතලේ මූණේ මල් මිටක් වාගේ
    කම්බුලක් ගානේ හාදු ඕනේ

    හිත් යායේ පෙම් මල් පීදී
    අමරසදෝ වෑහෙන්නේ
    වස්සානේ ඇවිදින් මාගේනේ නෙතු මානේ
    නිල් මානෙල් පාටයි දෑසේ
    තුරුලේමයි මා ඉන්නේ
    ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

    දුක් වින්දේ සුසුමක් ගානේ
    මා හැඬුවේ ඇල්ලක් වාගේ
    මුළු ලෝකේ එරෙහී වූ එදා
    දැනුනේ රස නොයිදුල් දීගේ
    හීනෙන් දුටු පාරාදීසේ
    පියවෙන්නේ පහසින් දෙනුවන් මා

    රත්තරන් මාගේ...........................

    නාදල්ලේ පාටයි වාගේ
    සිපගන්නත් ලෝබයි ඈගේ
    දෙතොලේමයි නැවතී ඉන්නේ මා
    මනමාලයි හැඟුමන් දෑසේ
    ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
    ඔබ මාගේ පනමයි සෑමදා

    රත්තරන් මාගේ...........................



    Damith Asanka & Ashanthi
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පසලොස්වක පෝය දාට පායන සඳ හරි ලස්සන
    සඳ සාවිය ‍වගේ හැඩයි මගෙ ආදර හිත අද්දර
    පුළුන් වලා කියන රහස දැනගන්නට හිත කලබල
    ආද‍රයෙන් රැක ගන්නම් මගේ කියා ජීවිතයට

    සුළං රොදක දැවටීවත් එන්න රෑක මගේ ළඟට
    ඔබේ සුවඳ හොරෙන් විඳිමි නිදි නැති රෑ තනි යහනට

    පසලොස්වක පෝය දාට ...............

    කල්ප කාල ළඟින් ඉන්න අ‍ප හිත් හරි අවිහිංසක
    සතුටු නෙතට කඳුළු එපා ඒ ටික ඇති පවු පිරෙන්න

    පසලොස්වක පෝය දාට ...............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    රෝස මලට කියනවාද
    මා මිය ගිය බව ...
    කියන්නෙපා රෝස ගහේ
    කටු විස වුණු වග...
    කියන්නෙපා රෝස ගහේ
    කටු විස වුණු වග...

    මල වට කර කටු සැදුණේ
    පෙති රකින්න නම් ...
    තරහ ගන්නෙ කොහොමද
    අතු ඉතින් එක්‌ක මං ...
    තරහ ගන්නෙ කොහොමද
    අතු ඉතින් එක්‌ක මං ...

    මගෙ සොහොනට ආවොත් ඈ
    අවසර විගසින්...
    කියන්න මං පෙම් කළ බව
    රෝස ගහ තරම්
    කියන්න මං පෙම් කළ බව
    රෝස ගහ තරම් ...



    ගායනය-ක්‍රිෂාන්ත එරන්දක


    japan Kaviyak , lassanai
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ
    සීත හිම ගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ


    ලතාවක් සේ වෙලී සියොලඟ
    පතමි ‍රැකවරණය ඔබෙන් ..
    සදා දෝතින් මලක් සේ ඔබ
    වැලඳ ගන්නෙමි හදවතින්.. හදවතින්


    වලාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ලඟයි..
    මහා කතරෙක ගෙවූ තනි මග
    නිමා කල ඉම ඔබ නෙතයි... ඔබ නෙතයි


    සීත අරණේ ....


    මිල්ටන් මලාවාරච්චි / මාලනී බුලත්සිංහල
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ
    සීත හිම ගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ


    ලතාවක් සේ වෙලී සියොලඟ
    පතමි ‍රැකවරණය ඔබෙන් ..
    සදා දෝතින් මලක් සේ ඔබ
    වැලඳ ගන්නෙමි හදවතින්.. හදවතින්


    වලාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ලඟයි..
    මහා කතරෙක ගෙවූ තනි මග
    නිමා කල ඉම ඔබ නෙතයි... ඔබ නෙතයි


    සීත අරණේ ....


    මිල්ටන් මලාවාරච්චි / මාලනී බුලත්සිංහල

    My favorite. Love this song :)
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමනයි..
    මිදීයන්නට නොහැකි මේ ලොව
    එකම බැඳුමද ඔබම පමනයි..


    බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්..
    හදෙහි තනි නොතනියට වැඩහුන්
    ළබැඳි සිත් මල් පරව යන විට
    පසක් වෙයි අනියත ලොවේ..
    ජීවිතය යනු සිහිනයක්මය
    සසර මග දකිනා..


    දමා යන්නට නොහැකි මිහිමත...


    බැඳුනු සෙනෙහස
    නොවන නිම්හිම්
    ඇතද පන නළ සමග ‍රැකෙමින්..
    අපේ අත්වැල් ලිහී ගිලිහෙන මොහොත ඒ
    කවදාක හෝ..
    යා යුතුය ඒ නියත නික්මන සියලු බැමි සිඳදා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ මගෙ ආදරේ
    වලාකුළක් සේ නිල් ආකාසේ
    පාවීලා යාවී ආදරේ
    ආදරේ මගෙ ආදරේ
    හද තුළ පොපියන රිද්මය මුමුණන
    ජීවිතයේ ගීතේ ආදරේ

    සුදු මෘදු වැල්ලේ අත් අල්ලාගෙන දුවන්න
    බැසයන හිරුකැන් මවනා සිතුවම් බලන්න
    පෙම් බස් දොඩමින් උරතලයේ සුව විඳින්න
    අද ‍වේලාවට හෙට දිනයෙත් මුණ ගැහෙන්න
    පාට පාට හීනයේ කුමාරයෝ මගේ ළඟින් ම
    ජීවිතේ පුරාම ඉන්නවානේ

    ආදරේ මගෙ ආදරේ ................

    මල්සර හීනය සැබෑ වුණා මේ වසන්තේ
    ආදරයේ සුව විඳිමුන් පාවෙමු අනන්තේ
    මට විතරක් ඇයි හැමෝම තහංචි දමන්නේ
    මං විතර ද මේ ආද‍රයේ සුව විඳින්නේ
    යෞවනේදි ආදරේට ආදරේ කරන්න දෙන්න
    ආයෙ යෞවනේ ලැබෙන්නේ නැහැනේ

    ආදරේ මගෙ ආදරේ ................


    ගායනය :- අනුරාධා පෙරේරා
     
    Status
    Not open for further replies.