පද පේලි .....

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිව් වසරක පෙම් ගීතය

    ගොළු වෙලා ගියාදෝ

    අලුත් ලොවක ඔබ සතුටින්

    කිරැළු පැළදුවාදෝ



    මායාවකි පේමය මා

    හදවත රිද වූයේ

    සෝ ගියකි දුක් බර වූ

    සැනසුම කොහි වේදෝ...




    තනි වෙන්නට මගේ ලොවේ

    පුරැදු පාළුවෙන්

    රැගෙන යන්න සොදුරිය ඔබෙ

    සුවද මා ළගින්

    20080829_LonelyBoy.jpg
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රන් මුදුවට වැටුනා කඳුළු බිඳක් මගෙ දෙනෙතින් එක දවසක්
    ඔබ වෙන් වුනු දින සිට මේ වෙන තෙක් මා තැවුනා දහස් වරක්
    මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ තෙතමනයක් නොමැති සිතක්
    ඔබ උරුම කලේ ඇයි මට රිදවුම් දෙයි හිරු සඳු නොමැති ලොවක්...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිරු අඳුර නිවනා ඉසව්වක
    සඳු දහර ගලනා දනව්වක
    අපට සරණක් නෑ
    හීනයට වැඩි ඉසව්වක...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Vijaya Kumaranathunga......


    ~තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න~
    ..මගෙ රත්තරං අම්මේ..
    ~මං පඩි අරන් අද හෙට එනතුරු ගමට~
    ..තිස්තුන් කෝටියක් දෙවිපිහිටයි නුඹට..

    ~වනන්තරේ මහ රූස්ස ගහකොළ බිමට සමතලා කර අම්මේ~
    ..රාස්සයින් වගෙ යන්ත්‍ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ..
    ~සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ~
    ..බලාන ඉන්නට දවසක උඹවත් එක්කරගෙන එන්නම් අම්මේ..

    ~බින්තැන්නේ මං දහදුක් විඳලා මෙදා ගමට ආ දා අම්මේ~
    ..උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ..
    ~මහියංගණයේ හේවිසියේ හඬ සැන්ඳෑවට ඇහුනම අම්මේ~
    ..සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ..

    ~වත්ත පහල පොල් අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ~
    ..උදේ රැයින් ඔය පිණි බාලා නුඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ..
    ~ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ~
    ..රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ..
     
    • Like
    Reactions: sayu11111

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඇරඹුම කෙලෙසද අවසන කොතනද නැත කිසිවෙකු දන්නේ....
    මා එක් තැනකය ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ....
    ගතවන මොහොතක් පාසා හද තුල ආදරේ ලියලන්නේ.....
    සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගතින් ඉන්නට නැතත් ළංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතා ගන්නට බෑ

    ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
    ඔබේ වදනින් ලොව අසන්නෙමි
    නවාතැන ජීවය මගේ
    ඔබේ සෙ‍වනැල්ලයි

    ගතින් ඉන්නට ...................

    ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
    ඔබේ පැතුමින් දිවි ගෙවන්නෙමි
    සදාතන ජීවය හදේ
    ඔබේ හසරැල්ලයි

    ගතින් ඉන්නට ...................


    ගායනය :- චන්ද්‍රලේඛා පෙරේරා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආවාදෝ සංසාරේ
    මා හා බැදී සැමදා පාවී
    මාගේ සෙවනැල්ල සේ
    ආවාදෝ සංසාරේ
    ආවාදෝ සංසාරේ

    ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
    තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ
    මිහිරේ ගී ගැයුනාවේ
    තනිය නසා තනිය නසා

    කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා
    වැහැලා ඒ බිමේ මී මලක් පීදුනා
    සිහින ලබා සිහිලැල්ලේ
    නිවී ගියා නිවී ගියා
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    මා සිතට අහම්බෙන්
    ඔබ එබිකම් කළ අරුමය රහසින්
    මුළු ලොවට මුවාවෙන්
    සඟවා ගන්නෙද මතුදා කෙලෙසින් //
    මා සිතට අහම්බෙන්

    අඳුර සඳක් වේවී
    ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්
    පින්න ගඟක් වේවී
    ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්

    මා සිතට අහම්බෙන්...................

    ලොවම උරණ වේවි
    සාපව සිත් නොදෙනා ලෙස සීතල දිය පැන්
    සිහින රුදුරු වේවි
    උහුලා ගමු අපම නේද අපගේ දෙවියන්
    මා සිතට අහම්බෙන්...................
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මා සිතට අහම්බෙන්
    ඔබ එබිකම් කළ අරුමය රහසින්
    මුළු ලොවට මුවාවෙන්
    සඟවා ගන්නෙද මතුදා කෙලෙසින් //
    මා සිතට අහම්බෙන්

    අඳුර සඳක් වේවී
    ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්
    පින්න ගඟක් වේවී
    ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්

    මා සිතට අහම්බෙන්...................

    ලොවම උරණ වේවි
    සාපව සිත් නොදෙනා ලෙස සීතල දිය පැන්
    සිහින රුදුරු වේවි
    උහුලා ගමු අපම නේද අපගේ දෙවියන්
    මා සිතට අහම්බෙන්...................


    මම ආසම ගීතයක්....
    11.gif
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මෙන්න සඳ ළඟටම ඇවිත්
    මෙතරම්ම ඉක්මණට
    මෙතරම්ම ලස්සනට
    මෙතරම් ළඟින් දැකගන්න
    හිතුවෙවත් නෑ

    විල් තෙරේ පෑයූ
    ගං තෙරේ දඟ කෙරූ
    වනපෙතේ සැඟව උන්නු
    සඳ මෙන්න ළඟටම ඇවිත්

    ජීවිතේ අඳුරු රාත්‍රියන් නිමා කොට
    මැඳුරු දොර හැරගෙන රහසෙම
    හද බිතේ ගුලිවෙන්න
    මෙන්න සඳ ළඟටම ඇවිත්

    Voice: Amal Perera
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

    ඉරණම ලියැවී අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්

    ගායනය - කසුන් කල්හාර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
    එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
    එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
    මදහාසනගා ඈ හොරැහින් වගේ බැලුවා...

    පාලු අම්බරයේ දේදුන්නක් ඇදිලා
    පාට ගෑ විගසේ පාලුව සැඟව ගියා
    සිතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ
    පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ ...

    පාට සමණළයන් ආදර ගීමුමුනා
    රෝස මකරන්දේ සුවඳට ඉවකෙරුවා
    සිතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ
    පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ .

    403759_10150552509223241_1529716156_n.jpg

     
    • Like
    Reactions: DAMER

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    වැව්තලේ..
    පෑදි දිය මත ඇදී...
    ඉරි වාගේ ,
    වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
    මැදියමේ..
    තනිකමට දුක් දිදි
    හදපානේ,
    වැලපෙන්න බෑ මට තව ඉතින්...

    ජීවිතේ දුක තමයි
    නුඹ මා සතු වෙන්නැති නම්
    ආදරේ නුඹ තමයි
    දැනගනු මැන හිත ඇති නම්

    මං දෙසත් බලා
    යනවද දුටුවේ නෑ වගේ
    ඇස් කොනෙන් හොරෙන් හෝ
    බැලුවමත් ඇති
    නොදරුවෙක් වගේ පසුපසින් එමී
    ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ
    නුඹම ලුහුබදී
    වැටහෙන්නෑ මටම මගේ
    ලැදිකම නුඹට ඇති
    නවතින්නේ නෑ මියෙන තුරා,
    හිත ඇතිකමක හැටී

    මෝදු වී ඉදී තනියට තරු රැසක් හිදී
    සුසුමකින් සැදී අදුර ඉකිබිඳී
    පිට කෙනෙක් වගේ, පිටව යන්නෙමී
    හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී
    වැටහෙන්නෑ මටම මගේ ඇතී ලැදිකම ඔබට ඇතී
    නවතින්නෑ මියන තුරා , හිත ඇති කමක හැටී....

    වැව්තලේ..
    පෑදි දිය මත ඇදී...
    ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
    මැදියමේ..
    තනිකමට දුක් දි දි....
    හදපානේ,වැලපෙන්න බෑ මට තව ඉතින්....
    ජීවිතේ දුක තමයි
    නුඹ මා සතු වෙන්නැති නම්
    ආදරේ නුබ තමයි
    දැන ගනනුමැන හිත ඇති නම්....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Edward Jayakody..........

    නිල් නුවන් පෙඟෙන අඳුරු ගලා නුරාවෙන් වෙලී~
    මල් පිපෙන සුළඟ නීල වළා තුලට ගුලි වෙවී..
    සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්~
    හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබේ නමින්..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම්
    ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම්
    හද මඬල සනසන්න ඔබ එනවනම්
    මා ඉන්නේ සැනසෙන්න මේ මඟ බලන්
     
    Status
    Not open for further replies.