පද පේලි .....

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හැමදාමත් යාළුවේ

හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ
මගෙ පාළු පලට එන්න කවුරුත් නෑ යාළුවේ //

පිපි කුසුමෙහි රොන් මුවරද
නෙතු ඉඟුබිඟු සේමා
නිති ගෙඋයන වැද රගදුන්
පැණි සමනල සේමා
සපැමිණ ඔබ වෙණ වැයු
මා අභියස ගී ගැයු //

හැමදාමත් යාළුවේ.....

සව්සිරි සැප මා අතහැර
අද වෙනතක ඇදිලා
පින්මද තනිකම තනියට
මගේ පැල තුල රැදිලා
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතනද මිතුරනි //

හැමදාමත් යාළුවේ.....
:(

සෝමතිලක ජයමහ
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කඳු පාමුල සිට..
    දැහැනට සමවැද
    මා ගයනා ගී
    ඔබට ඇසෙනවද..
    කඳුමුදුනේ සිට..
    දිවැස් හෙලනු මැන
    ආලන වඩන සඳ..
    කිඳුරු ලියේ..

    මිටියාවත් කඳු ශිඛර සිසාරා
    සඳ බැස යන තුරු අවර වන පෙතේ
    ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
    ඔබ අන් සතු බව මා දැන සිටියෙමි

    ඇල දොල ගංගා සයුර සිසාරා
    ඉර නැග එන විට පෙරඹර අහසේ
    ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
    ඔබ අන් සතු බව මම දැන සිටියෙමි


    ආත්මා ලියනගේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ

    නන්නාඳුනන මේ රන් තාරකාවෙන්
    වළා යහන රන්වන් වෙලා
    ඔබේ නුහුරු ගීයෙන්
    සදා සොඳුරු බැල්මෙන්
    රැයේ පීදිලා යෞවනේ

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ...

    මං මුලා කතරේ කෙම් බිමක්‌දෝ මේ
    දිලී නිලන තුරු වැල් අරා
    නිදා නො ඉඳ ඉන්නම්
    නියා තබා යන්නම්
    ඔබේ ජීවිතේ මා නමින්

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ
    ඔබේ උණුසුමේ රාත්‍රියේ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Driven, yet frozen
    tempting is the afterlife
    driven, yet frozen
    tempted by what life might be like
    driven, yet frozen
    caught between
    the devil & what i know
    driven, yet frozen
    spirals down
    the crowd gathers below
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ මා හමුවූ ඒ සැන්දෑවේ
    පෑ සිනහා බොඳවී මැකිලා
    තනිවී ඉන්නට නෑ මා සිතුවේ
    එනමුත් ඇයි ඔබ මා හැරදා

    ආදරේ ඔබෙ ආදරේ
    මා පැතූ ඔබෙ ආදරේ
    මා හදේ ඔබ නැවතිලා
    සැඟවුණේ ඇයි මේ ලෙසේ

    හැඟුමන් තෙරපී තනිවූ යාමේ
    ඔබ සිහිවී කඳුළැල් සැලුනේ
    පදවැල් වී ඔබ ලියවෙන ගීතේ
    සටහන් වී නොමැකෙන විලසේ
    මට මාව පවා ඔබ අහිමි කළා
    ඉවසම් ද කෙසේ මේ ශෝකේ

    ආදරේ ඔබෙ ..............

    පෙම් කළේ ඔබට පමණයි ආදරියේ
    ඇයි ද මා හැර සිත් ඉමේ
    ඔබේ මතක රන්ඳා
    උනුසුම් සුසුම් තනිව වින්ඳා
    මට මාව පවා ඔබ අහිමි කළා
    ඉවසම් ද කෙසේ මේ ශෝකේ

    ආදරේ ඔබෙ ..............


    ගායනය :- සම්පත් අනුරුද්ධ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් සුවඳ පිරි හිතින්
    මා සුවඳ කරවමින්
    හිත ළඟට වෙලා හිනහෙනු මැනවී
    සඳ සිහිල පිරි හදින්
    මා සිහිල කරවමින්
    හද ළඟට වෙලා හිනහෙනු මැනවී

    සුවඳ විදා දසත නිවා පිපෙන මලක් සේ
    කිරණ හෙලා අහස වසා නැඟෙන සඳක් සේ
    මල් සුවඳ විහිදනා සඳ සිහිල සාදනා
    සෙනෙහසක මහිම කියාදෙන් ඉතින්

    මල් සුවඳ පිරි හිතින් .............

    කඳුළු මුදා දෙනෙත පුරා දිළෙ‍න නිලක් සේ
    සුසුම් වුණා ගිමන නිවා පවන් රොදක් සේ
    ඇස අඳුන් ගල්වනා සිත පහන් කරවනා
    සෙනෙහසක මහිම කියාදෙන් ඉතින්

    මල් සුවඳ පිරි හිතින් .............


    ගායනය :- අතුල ශ්‍රී ගමගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳු පාමුල සිට..
    දැහැනට සමවැද
    මා ගයනා ගී
    ඔබට ඇසෙනවද..
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙනෙත් අගින්

    දෙනෙත් අගින් කඳුලැලි පිරෙද්දී
    සිතට මගේ තව දුක දී
    නැවතත් ඔබ මා තුරුලේ
    නපුරුද ඔබගේ ආදරේ

    ආදරේ මටමයි කියා
    කිවා මතකයි දිවුරා එදා
    හැරයයි කියලා සිතුවේ නෑ මෙමා
    මා හැරදමා ඔබ ගියා
    මා හැරදමා

    සුන්දරයි එදා වගේ
    බොළඳ වදන් තවමත් ඒ වගේ
    වෙනසක් මට නෑ දැනුනේ
    තනිකම පමණයි ඇත්තේ

    ආදරේ මටමයි කියා...

    ගායනය :රුක්ෂාන් මාර්ක්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    .::RIP Dinuka::.

    වැටි වැටි නැගිටලා....දුක ඉවසලා....
    අපෙ හීන ලෝකෙ දිනලා....
    කිසි දින නොසැලෙනා....පෙරටම ‍යනා....
    ඔබෙ දෑත ඉල්ලන්නා....
    මල් රේණු වාගෙ කඳුලු හීනේ

    පි‍යඹන්නම් ගගනේ දසතේ සැරිසරා.....
    පවුරින් ඈත ලෝකේ පීරා.....
    දෑසින් නාඩන්....හිත් සංකා සාදන්.....
    ලෝකේ පුංචි හිත් නංවාලා.....

    අ‍යන්න කි‍යන්න ලොවටම ඇහෙන්න
    එන්න නංගි මල්ලි ‍යන්න ඉදිරි‍යට.....
    පසු බසින්නෙ නෑ අපි වැටෙන්නෙ නෑ
    ජිවිතෙ කොච්චර බාධක ආවත් අපි නවතින්නෙ නෑ....
    ඉන්න ටිකේ හැමදාමත් සතුටෙන්....
    ජාති ක්‍රෝධ බේද වාද නැහැනෙ අපෙ හිත් වල
    ඉගෙන ගන්න හොඳට ඉගිලෙන්න අහස උසට.....
    වෙන දවසක engineer, lawyer, doctor

    තරු පේලි‍යක් වාගේ....සඳ ‍යාම‍යක් වගේ....
    ජ‍යගන්නවා ලෝකේ.... ඇස් බැන්දුමක් නෑනේ....

    -Dinuka & Iraj-

     
    • Like
    Reactions: rcccc

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස
    සසර පුරා ලඟ ඉන්න ඇතී
    ඒ අත් භවයෙත් මේ වාගේම අපි
    හමුවී වෙන්වී යන්න ඇති.......................

    ඔබට නොහැක මගේ සෙවනට එන්නට
    මටද නොහැක මල් විමන් තනන්නට
    නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
    අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත.............

    හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට
    එකම සඳේ සඳ එළිය දකිනකොට
    ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප
    හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට.............

    :(

     
    • Like
    Reactions: rcccc

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කැපිලි කෙටිලි කේළම්........

    කැපිලි කෙටිලි කේළම් කොටවන්න කියන බේගල්
    බේද බින්න කරන්න හදති
    කකුලේ නිය පොත්තෙන් උඩ ගන්නේ නෑ ඇත්තෙන්
    ඇටෙව්වාට උගුල් පලංචි
    අවි ගත්තොත් ලෝකේ අවියම දේ සෝකේ
    අපි ලඟ නෑ කොටවන සවිය
    ඇත්තට අත පෑමෙන් ශක්තිය ඉවසීමෙන්
    සමගිය වේ අපගේ සවිය......//

    දැලට කොටු වු දවසේ වටුවො රැලට වූදේ
    මතක නැද්ද නොඉන්න දුක් වී
    සමඟි සාමදානේ දම් සීල භාවනාවේ
    අගය රටට කියන්න එක් වී...
    අගය රටට කියන්න එක් වී....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි දඟකාර කෙලිත්තී
    හිත මනමාල ලමිස්සී
    දොඹමල් සුවඳ පිරිච්චී
    මල් හී පහර වැදිච්චී

    ආඩම්බර නැත්තේ
    ගම්භිර මහ වත්තේ
    ඇය උන්නාට වලව්වේ
    ඉඳහිට අරුමැක්කේ
    යන එන විට දැක්කේ
    රෑ සිරු දෑස පෙනෙන්නේ

    හරි දඟකාර .............

    ඇගෙ ලොකු අප්පච්චී
    ගමටම ආරච්චී
    දැක්කම් පය පැටලෙන්නේ
    අතමිට හිඟ වෙච්චී
    අපි කවදත් පුංචී
    ඒකයි හිත පැකිලෙන්නේ

    හරි දඟකාර .............

    මට ඇයි හිත ඇත්නම්
    කුමට ද‍ වෙන වත්කම්
    තව මොනවාද ඉලව්වේ
    ඇය මට හිමිවෙද්දෙන්
    මගෙ සෙවනට එද්දෙන්
    ගිණි ඇවිලේවි වලව්වේ

    හරි දඟකාර .............


    ගායනය :- දයාරත්න පෙරේරා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙලෙස තනිවෙලා ඔබ කවුරුදැයි කියා
    පවසන්න පැකිලෙන්නෙපා
    කඳූළු පිසදමා ඔය මුහුණ පෙන්නලා
    හිනැහෙන්න හසරැල් මවා

    ක්ෂිතිජ ඉමව්වේ දුර ඈත දනව්වේ
    මුසුවේවි සංකා ඇගේ
    ඈ හෙලන කඳූලැලී මුහුදටම යාවෙවී
    මුහුද හඬයි ඈ හා බැඳී


    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳූනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ...
    tumblr_m4nqs8I2P61qchngfo1_500.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සාගර වෙරළේ සොදුරු සැදෑවක
    රගහල කෙළවර අදුරු නිමේෂෙක
    අද ඔබ ලග ඔබ සනසාලන ඇය
    පෙර දවසක මා තුරුලට වී හිද
    මටද ආදරේ කියා තිබේ

    සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස් ගොළු වී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සගවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ

    ඔබ පෙම් කරනා - ඔබේ කුමාරි
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සද
    මටද ආදරේ කියා තිබේ
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
    මටද ආදරේ කියා තිබේ
    59-378x369.jpg

    n26s.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙනෙත් ලැබුණේ හඬන්න ද මට
    නොදැක දසුනක් ඔබේ සොඳුරූ
    සවන් ‍කුමට ද ලැබී තිබුණත්
    මිහිරි වදනක් ඔබේ නොඇසූ
    සුපෙම්වතියේ දැනුනෙ නැති‍දෝ
    ප්‍රේම සිසිලක් මෙමා පතපූ
    මගේ දෑසම රතුවෙලා
    ඔබ දන්නෙ නෑ වේදනා විඳපූ

    මල් පිපී දෙවැටේ දිලෙද්දී
    මගේ දෙස නොබලා ම දුවපූ
    හදේ පෙම් මල වැටේ මල් මෙන්
    තනිවෙලා වේදනා විඳපූ
    සිහිනයේ මා සැරිසරාලා
    සොයනවා රුව එදා දැකපූ
    කවමදාවත් එන්නෙ නැතිදෝ
    දැනී සෙනෙහස මගේ සොඳුරූ

    සිනිඳු කෙහෙරැලි සුළ‍ගෙ යනවිට
    පසුපසින් හිඳ සුවඳ විඳපූ
    දන්නෙ නෑ මම ඉවර වීලද
    වාසනාවන් මෙමා ගෙනපූ
    සැමට රහසේ සුළං පහසේ
    ඔබේ සුවඳ ම එදා සොයපූ
    තාම සොයමින් ඔහේ යනවා
    මාවතේ ඔබ එදා ගියපූ

    දෙනෙත් ලැබුණේ ..............


    ගායනය :- ආසිරි දස්සන දිසානායක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුරස්වෙලා වෙනස්වෙලා
    වෙන්වීලා ගියත් ‍ඔයා
    තවමත් මම ඔය ඇස්වල
    පළමු අයිතිකාරයා

    අදටත් මතක් වුණා
    පෙම්කළ දවස් එදා
    බොරු ප්‍රේමයක් මවා
    මම වැරදියයි කියා
    වෙන අතක පැටලිලා
    සමුගත්තෙ ඇයි ඔයා

    දුරස්වෙලා .............

    කඳුලින්ම සේදුනා
    මගෙ ඇස් ඔයා නිසා
    සුභ පතමි ඈත්වෙලා
    ඔබ වෙතම සෑමදා
    සතුටින් ම ඉන්න කියා
    මගෙ රත්තරන් ඔයා

    දුරස්වෙලා .............


    ගායනය :- නධීර නෝනිස්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මහදේ සැතපිලා ඔබ ඉන්න හිනැහීලා...
    සිත්විල කළඹාලා කොද කුමුදු හදේ පිපිලා
    ඔබේ වේවා මා...ඔබේ මයි මා...
    මගේ වේවා...ඔබේ සෙනෙහේ...
    උපදින හැම භවය සරා
    මහදේ සැතපීලා ඔබ ඉන්න හිනැහීලා
    සිත්විල කළඹාලා කොද කුමුදු හදේ පිපිලා

    කළුවර අහස මෙමා...
    ඔබ සදවතිය වෙලා...
    තරුමල් කිනිති නෙලා...
    මාවත් කුසුම උනා
    ඔබ සිටියා...මල රැදිලා...
    ජීවන ගමන පුරා...
    සද සෙවනැල්ලයි මා...

    මහදේ සැතපීලා ඔබ ඉන්න හිනැහීලා
    සිත්විල කළඹාලා කොද කුමුදු හදේ පිපිලා...

    :love::love:
     
    • Like
    Reactions: rcccc

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Skies are crying, I am watching..
    Catching teardrops in my hands..
    Only silence, as it's ending, like we never had a chance.
    Do you have to make me feel like, there's nothing left of me..

    You can take everything I have..
    You can break everything I am..
    Like I'm made of glass..
    Like I'm made of paper..
    Go on and try to tear me down,
    I will be rising from the ground..
    Like a skyscraper, like a skyscraper..

    As the smoke clears,
    I awaken and untangle you from me..
    Would it make you feel better to watch me while I bleed..
    All my windows, still are broken, but I'm standing on my feet..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මහදේ සැතපිලා ඔබ ඉන්න හිනැහීලා...
    සිත්විල කළඹාලා කොද කුමුදු හදේ පිපිලා
    ඔබේ වේවා මා...ඔබේ මයි මා...
    මගේ වේවා...ඔබේ සෙනෙහේ...
    උපදින හැම භවය සරා
    මහදේ සැතපීලා ඔබ ඉන්න හිනැහීලා
    සිත්විල කළඹාලා කොද කුමුදු හදේ පිපිලා

    කළුවර අහස මෙමා...
    ඔබ සදවතිය වෙලා...
    තරුමල් කිනිති නෙලා...
    මාවත් කුසුම උනා
    ඔබ සිටියා...මල රැදිලා...
    ජීවන ගමන පුරා...
    සද සෙවනැල්ලයි මා...

    මහදේ සැතපීලා ඔබ ඉන්න හිනැහීලා
    සිත්විල කළඹාලා කොද කුමුදු හදේ පිපිලා...

    :love::love:
    paba matak una..lassana song eka :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජෝන්සීන බැටිස්ටාට ගීත ලියපු කාලේ
    රපට ටපට නලා ගහල බයිල නටන තාලේ
    නැතිවුණදා ගීත අපට හද නලවන ලෝකේ
    ඔහොම ගියොත් ජාතික ගීයටත් නටයි රාළේ

    වෙහෙර විහාරයි මල් ගැන ලියවෙන විට ගීතේ
    මල් පරවී බිමට වැටෙයි ඇසෙන විටදි තාලේ
    තණමල්විල මල්වලටත් ගී ලියවුණු ලෝකේ
    ලියන්නටත් දෙයක් නැතුව ඕව ගැනයි ලීවේ

    ජෝන්සීන ..............

    එළිසමයට පද බැඳ අපි ලීවෝතින් ගීතේ
    ගෙදර තියන් ඉන්ට වෙයි කොලටික අපරාදේ
    තාලය ඇති තේරුම නැති මේ නව සංගීතේ
    රැගෙන ගියොත් අනාගතේ සරුවෙයි ලක්දීපේ

    ජෝන්සීන ..............


    ගායනය :- රකිත ‍භාදිය වෙලන්ගොඩ හා සචින් ගුණවර්ධන
     
    Status
    Not open for further replies.