පද පේලි .....

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජිවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා නුබෙන්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැව් කන්ඩියේ මද පවනේ සුවද දිදී
    සුපිපී දිලෙනවා නා මල ඔබට ලැදී
    නෙළාගන්න හැදුවත් අපි ඈත වැඩියි
    සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී

    හිරු නෙත් විහිදලා ඔරවයි දවුල් ඇගේ
    සඳ රැස් විහිදලා අයදියි සෙනෙහෙ මගේ
    කාටත් නොදුන් සෙනෙහස ඔබ නමට බැදී
    නා මල ඔබෙයි ඔබ මාගෙයි රත්තරනේ

    පොළවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
    අහසක් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ලගට විස කටුවක් වන්න එපා
    කඳුලක් තරම් ඔබ වියොවක් දෙන්න එපා

    අර බීට් එකටම:cool:
    00020408.gif
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සුදු හංසියේ මිහිරාවියේ//
    මගේ ඇත දවටා ඔබේ බද වටා
    මා වෙත තව තව ඔබ ලංකරගෙන
    නිර්මල හදවත මුමුණන රිද්මය
    අහන්න කිවා මතකද දවසක් දා....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අසූරු සැනින් එක මොහොතකදී...
    කාලය නැවතී යලී ඇරඹී...
    විෂ්වය අලුතින් බිහිවේවා.!!
    ඔබේම වී මා...
    මගේම වී ඔබ...
    අපේම වී අප ඉපදේවා.!!!

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    වැව් කන්ඩියේ මද පවනේ සුවද දිදී
    සුපිපී දිලෙනවා නා මල ඔබට ලැදී
    නෙළාගන්න හැදුවත් අපි ඈත වැඩියි
    සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී

    හිරු නෙත් විහිදලා ඔරවයි දවුල් ඇගේ
    සඳ රැස් විහිදලා අයදියි සෙනෙහෙ මගේ
    කාටත් නොදුන් සෙනෙහස ඔබ නමට බැදී
    නා මල ඔබෙයි ඔබ මාගෙයි රත්තරනේ

    පොළවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
    අහසක් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ලගට විස කටුවක් වන්න එපා
    කඳුලක් තරම් ඔබ වියොවක් දෙන්න එපා

    අර බීට් එකටම:cool:

    sha! lassana kaviyak...oyagema creation ekakda poo ayya?? niyamai..:yes::yes:

    you must spread some Reputation around before giving it to sudu pusa again :dull:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරින්
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා.......
    පිනි කඳුලක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳ එළියේ මංපෙත පාදා
    රහසක් සඟවා ගොලුවූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා........

    යලි කවදාවත් හමු නොවනා බව
    මද පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර
    යන්න ගියා මැකිලා ...............
    :(:(:(:(

    Lonely.jpg
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
    ඔබ වෙන් වී ගිය පසු..........



    ඔය නෙතු හැඬවූ තරම්
    ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
    මේ තරම් ආදරේ.......

    මේ තරම් ආදරේ.......

    රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
    මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
    ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........
     
    • Like
    Reactions: sudu pusa

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඛණක මිණි නෙතු කැලුම් පුපුරා
    හෙලන කඳුළට ආදරේනම්
    ඔබට හිමි නැති සිනා පොදකට
    අත්වැලක් වෙන්නම්

    වෙඬරු පිඬු වැණි හදින් නැගෙනා
    සුසුම් පොදකට ආදරෙයිනම්
    ඔබට හිමි නැති සහන් සුවයට
    සෙනෙහසක් වෙන්නම්

    ඛණක මිණි ..........

    සැලෙන නාදළු අදර සලිතව
    කියනවා නම් ආදරේ මං
    අනන්තය තෙක් සසර ගමනේ
    සෙවනැල්ල වෙන්නම්

    ඛණක මිණි ..........


    ගායනය :- ප්‍රියන්ක රම්මන්ඩල
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ·٠•●♥ මගේ කදුලු වැල් ♥●•٠·



    මගේ කදුලු වැල් ඔබට සිනා රැල්~මගේ සුසුම් වැල් ඔබට පවන් වැල්..//

    ප්‍රේමය මල් සුවදක් සේ හමා ආ දිනේ....
    කෙලෙස සිතන්නද එය මං මෙවන් චණ්ඩ මාරුතයක් සේ...
    හැගුම් පියාපත් සිදීයි කියා...
    මගේ කදුලු වැල් ඔබට සිනා රැල් ~මගේ සුසුම් වැල් ඔබට පවන් වැල්..// ප්‍රේමය සඳ එළියක් සේ ගලා ආ දිනේ කෙලෙස සිතන්නද එය මං මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ...
    සිතුම් වලාවන් දවයි කියා...
    මගේ කදුලු වැල් ඔබට සිනා රැල්~ මගේ සුසුම් වැල් ඔබට පවන් වැල්..//

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතින් විතරක් ලංවෙලා
    අහිමි බැව් දැන පෙම් කළා
    නොසිතු මොහොතක රන්ඩුවී හිත
    ඔබව ඉල්ලල බල කළා

    ඇසිපියන් යට මගේ සිහින හංගා පාඩුවේ
    ළංවුණේ මම නොවේ යටි හිතයි මං වුණේ
    මගේ යැයි හැඟිලා හදේ ඉඩ සෙව්වා
    මට ඉඩක් නැති නිසා හඬයි සිත ‍මගේ රෑ දිවා

    තෙතමනේ නැති හිතේ නැතුව ඇති මට ආදරේ
    වැරදි මා ඔබ නොවේ වරද සැමදා මගෙ අතේ
    මගේ යැයි හැඟිලා හදේ ඉඩ සෙව්වා
    මට ඉඩක් නැති නිසා හඬයි සිත මගේ රෑ දිවා

    සිතින් විතරක් ...............


    ගායනය :- අජිත් බණ්ඩාර
     
    Status
    Not open for further replies.