පද පේලි .....

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිහිනයට තරම් තටු නෑ මට නම්
පිය
න්න අරන් නුඹ අහසේ....
ආදරය තරම් සියුමෑලි මනරම්
සිහිනයක් තියේ
විද ලෝකේ........
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

ඔබ කෝවිල් එන්නෙත් නෑ
මට පන්සල් එන්නත් බෑ
අපි ඈතයි අපි ඈතයි බණ්ඩාරේ බණ්ඩාරේ

අත් වැල් බැද කෝවිල් යමු
පෝයදාට පන්සල් යමු
මෘදංග හඩ ගැටබෙර හඩ අපගේ දෙසවනට එකයි
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම බොහෝ සේ පෙම් කළා
    හිත කියවන ඇස් දෙකට
    මගෙ අත්තටු සඟලේ උණුසුම
    කප්පරනේ ඔබෙ පෙමට
    සිත ගාවින් ඔබ රැඳිලා එවමි මගේ දිවිය
    රත්තරනේ ඔබද මගේ පිංවන්තම පෙම්වතිය

    සුසුමේ උණුසුම දැනෙනා තරමට
    සිටින්න මට ළංවී
    ඔබෙ සිත පොපියන සිතුවිලි හැ‍ම දේ
    මට පවසනු මැනවී
    කිරි සුවඳින් පැළ දෝවන් හැඩකරමු ද දිවිය
    පින් මදිවෙද රත්තරනේ ඔබ වෙන්න මගේ බිරිය

    මම බොහෝ සේ ...........

    අප වෙන්වී ගියොතින් මතු දිනයක
    හිත වාවනු බැරි වී
    උමතු ලෙසින් ජීවිතය ගෙවනු බෑ
    මරණය මට සැපකී
    ප්‍රේමය නම් ජීවිතයට කෙතරම් සුන්දර ද
    මුළු හදින්ම මටම ද ආදරෙ
    සංසාරෙ ම සුදු කෙල්ල

    මම බොහෝ සේ ...........



    ගායනය :- ලක්ෂමන් හිල්මි
     

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    මේ සින්දුවෙ අමුතු ගතියක් තියෙනවා :yes: අහල බලන්න :D

    ඔය නෙත් යුග නිල්
    බිදිනව මගෙ සිල්
    තෙල් මල් අරගෙන කෙල්ලෙ ඔබ
    යනවද පන්සල්
    ඔබෙ ආදර විල්
    තීරේ කල් යල්
    බල බල මම හිටියා නංගෝ
    බොහෝමයක් කල්

    අමතක නෑ මට කීවා ඔබ
    නුහුරු බසින් ඈත් වෙලා
    තව ටික දවසක් ඉන්නවා මම
    ආදර ලෝකෙන් ඈත් වෙලා
    දැන් හරි කාලේ තිබුනාද
    දේදුන්නක් පාත් වෙලා
    ආරන්චිය ලැබුනා මට සුභ
    විභාගෙ ඔබ පාස් වෙලා

    හිනා වෙවී මන් ගැන හිතලද
    පහන තියන්නේ
    මම අපි දෙන්නගේ පෙම වෙනුවෙන්
    භාර උනානේ
    කවද්ද පෙම් සීතල යුද්දය
    නිමා කෙරෙන්නේ
    දැන් හරිනේ කෙල්ලේ කාලය
    මොකද කියන්නේ....

    සීතල යුද්දය - සුරේන්ද්‍ර පෙරේරා :D
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ සින්දුවෙ අමුතු ගතියක් තියෙනවා :yes: අහල බලන්න :D

    ඔය නෙත් යුග නිල්
    බිදිනව මගෙ සිල්
    තෙල් මල් අරගෙන කෙල්ලෙ ඔබ
    යනවද පන්සල්
    ඔබෙ ආදර විල්
    තීරේ කල් යල්
    බල බල මම හිටියා නංගෝ
    බොහෝමයක් කල්

    අමතක නෑ මට කීවා ඔබ
    නුහුරු බසින් ඈත් වෙලා
    තව ටික දවසක් ඉන්නවා මම
    ආදර ලෝකෙන් ඈත් වෙලා
    දැන් හරි කාලේ තිබුනාද
    දේදුන්නක් පාත් වෙලා
    ආරන්චිය ලැබුනා මට සුභ
    විභාගෙ ඔබ පාස් වෙලා

    හිනා වෙවී මන් ගැන හිතලද
    පහන තියන්නේ
    මම අපි දෙන්නගේ පෙම වෙනුවෙන්
    භාර උනානේ
    කවද්ද පෙම් සීතල යුද්දය
    නිමා කෙරෙන්නේ
    දැන් හරිනේ කෙල්ලේ කාලය
    මොකද කියන්නේ....

    සීතල යුද්දය - සුරේන්ද්‍ර පෙරේරා :D
    කෝ අහන්න බෑනෙ
     
    • Like
    Reactions: Assassin.

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    oya es deka nil, bidinawa mage sil...

    Mcanla mata me song eka hoyala deepallakooo..
    But me song eke mulada kiyalanam danne na...
    ඔය තියෙන්නේ හිරු එකේ සිංදුව ඇසසින් දීලා

    දැනුයි දැක්කේ මම link එක අයින් කලා
    ඔන්න ආයෙත් :rofl:
    Download
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔබද මාද විය-මාද ඔබම විය
    ඔබද මාම විය-මාද ඔබම විය

    සාගර වෙරළක පිය සටහන් මත..
    ඔබ මා සමගින් ගෙවූ දිනක්‌ ඇත
    ඒ රන් හිරුරැස්‌ විහිදුණු මොහොතේ..
    ඔබද මාද විය-මාද ඔබම විය

    පවසා ගන්නට දහස්‌ වදන් ඇත
    පෙන්විය නොහැකි වූ දහස්‌ දසුන් විය
    ඒ සැම මැද්දේ සිත් කය සිරවුණු...
    අහිංසකාවිය පමණ ද ඔබ ළඳ

    ඔබමය මා සිත ඔබමය මා ගත
    සිතින්ද සිරුරෙන්ද පොබ කළ හිමියනි...
    ඔබෙන් රකින්නට රහස්‌ කිසිත් නැත
    එවන් කලෙක මා එපා නොකල මැන
    ...

    ගායනය - මාලනී බුලත්සිංහල

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට ඉමු
    සංසාරෙන් අපි සමුගන්නා දා
    ඒ ගමනත් අපි එකට යමු

    ජීවන මං පෙත මලින් සැදීගිය
    යුගයක නොව ඔබ හමුවූයේ
    කටු කොහොළින් පිරි කලල් දියේ මා
    තනිව මියෙද්දිය හමු‍වූයේ

    මින් මතු මං පෙත මලින් සදන්නෙමි
    ළතැවුල් සෝ ගී නෑසෙන සේ
    පමණක් නොව මේ සංසාරේ
    උපදින උව මතු සංසාරේ

    මතු සංසාරේ මා හුරුබුහුටි ව
    පෙම් කරනා කල එළබෙන දා
    කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
    පතනු ව සසරින් නික්මෙන දා

    සංසිඳුවා සිතු පහන් කරන්නෙමි
    මේ පෙම කුලුඳුල් පෙමය සිතා
    එන්නෙමි පසුපස සංසාරේ
    කැපවෙමි ඔබෙ සිතු ගැනම සිතා

    සැරයටියෙන් අපි .......

    ගායනය :- විජය කුමාරතුංග හා චන්ද්‍රලේඛා පෙරේ‍රා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මතු සංසාරේ මා හුරුබුහුටිව
    පෙම් කරනා කල එළබෙන දා
    කුළුඳුල් නැකතින් හමුවන පැතුමක්
    පතනුව සසරින් නික්මෙන දා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    විසල් අහසට දුක දැනී
    හිතුනු විට වැලපෙනු හැකී
    සැඩ කුණාටුව වියරු වී
    උණුසුම් සුසුම් වගුරනු ඇතී
    මට මගේ ඇස් දෙක විතරමයි
    නිලුපුල් පරදතැයි ඔබම කී
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
    සදා රැදෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ
    සිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ

    පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
    හිඳින්නම් සෑමදා ලඟින් මියෙනා තුරා
    ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා
    රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

    ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
    පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා
    බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
    හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා



    Love_Hug_by_AgonMustafa.jpg


    :love::love:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
    මට ලබාදුන් ත්‍යාගයයි
    චණ්ඩ මාරුතයේ
    නොසෙල්වෙන චින්තනය නිවහල්
    නිවටයින්ගේ දෙපා අභියස
    බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට
    ගෙලින් සිඳ එය ඉවතලනු මිස
     
    • Like
    Reactions: m3pium

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ
    සිහින.. ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ

    නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ

    වළාවකින් හැඩදමා , කූඩාරමක් එහි තනා
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ


    මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහින ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ
    කොළ පාට හැරුණු ඈත නිම්නයේ


     
    Status
    Not open for further replies.