පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙච්චර ලස්සන සිංදු තියෙන්නෙ අමිල අයියා චා මැක්ස් ඒවාම හොයාගන්නෙ කෙසේද ?
     

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    ඔබ හා මෙමා අතිනත් අරන්
    අපගේ ලොවේ තනිවූ එදා
    ඔබ මා දෙපා දෑතින් බදා

    සිපගත් එදා සිහිවෙනවා

    සිපගත් එදා සිහිවෙනවා



    භවයෙන් භවේ මෙලෙසින් බැඳී
    අප ආ ගමන් අමතක වුවත්
    ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
    නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා
    එක්වූ දිනේ සිහිවෙනවා

    ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
    එක්වී වෙලී සෙනෙහස සෙවූ ඒ
    සොඳූරු දා සිහිවෙනවා

    ඒ සොඳූරු දා සිහිවෙනවා



    ඔබ හා මෙමා..................

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විමනේ දිනිඳු මගේ
    ඔබවේ සසර මඟේ
    සඳ රැසේ එළිය සේ
    බිළිඳු සිනා සැලේ

    ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
    ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
    සොඳුරු මේ දිවිතෙරේ
    තරුව ඔබය සදා

    පුතුගේ සිඟිති නෙතේ
    ඔබගේ මුහුණ තෙමෙයි
    සඳ රැසේ එළිය සේ
    බිළිඳු සිනා සැලේ

    මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
    ගණඳුරේ පහන සේ විමන දිදුළවා
    රුදුරු මේ මං පෙතේ
    තරුව ඔබය සදා

    විමනේ දිනිඳු .............

    ගිණිදැල් සතර දෙසේ
    ලසුදැල් නගන ලෙසේ
    ඔබද හා පුතු සදා
    රකිමි දෙනෙත ලෙසේ


    ගායනය :- දීපිකා ප්‍රියදර්ශනී පීරිස් හා අමල් පෙරේරා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    රුවල් ඉරීගිය නෞකාවේ
    නියමුවාණෙනි.....
    නොගිලී දළ රළ පෙල අතරේ
    මා හා යා නොහැකිය
    ගොඩබිමකට
    රුවල් ඉරීගිය නෞකාවේ

    දෝතට එක් කල
    වැසි දිය පොවමින් පවසට
    ඉරුනු රුවල් රෙදි
    දවටා සදමින් උණුසුම
    මා ‍රැකගත් ඔබ
    රැක ගත යුතු වේඅද දින
    දියඹේ නවතිමි
    යනුමැන පෙරමග තනිවම...

    සුන්බුන් නැවු බඳ
    දියබත් වී යයි හිමිහිට
    අත්හල මැන දැන්
    මෙතුවක් මට බැඳි සෙනෙහස
    දෑස පියාගෙන
    මා බිළිදී දිය ගැඹරට
    ගැලවී යනු මැන
    මේ විපතින් සිත දැඩිකොට
     
    • Like
    Reactions: m3pium

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ ළඟ තරු ළඟ සිත රැදුනා
    මුතු ළඟ සිනහවෙ වැසි වැටුණා
    අහසක් වගේ පෙනෙනා
    තරුවක් සිතේ තිබුණා
    තනිකම සිත යට ඉකි ගසනා
    හෙමිහිට හැම විට උඹ පතනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රාත්‍රිය උදා වුනා
    නින්ද ඇයි නොයෙන්නේ
    ඔබ හමුවු දා පටන් මා හදවත් අවදියෙන්
    රැය පහන් වෙලා යයි නොඒ නිදි දැහැන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක නිවන හිත හදන පදවැල් පෙළක්
    අමුණාල කීවාට එය බොරු ගොඩක්
    ලෝකෙට හොරෙන් ඔබ කෙරුවත් රැඟුම්
    නොපෙනෙන්න තරමට ම නෑ අන්ධ මං

    තුරුළට වෙලා ඔබ තෙපලූ වදන්
    මතකේ නැගෙනවා හැමවිට තවත්
    ඔබ ගැන මැවූ හීන මා හදවතින්
    සිඳලන්නෙ කෙලෙසක ද පෙම්කළ සිතින්

    සමහරුන් කීවාට ඔබගැන ම දොස්
    පිළිගත්තෙ නැහැනෙ මං පෙම් කළ සිතින්
    මගෙ දෑස අද්දර ම ඔහු තුරුළෙ පෙම්
    කළ අයුරු මම දැක්කෙ මේ ඇස් දෙකෙන්

    දුක නිවන ....................


    ගායනය :- සුමිත් කල්දේරා
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Forever can never be long enough for me..
    Feel like I've had long enough with you..
    Forget the world now we won't let them see ..
    But there's one thing left to do..

    Now that the weight has lifted,
    Love has surely shifted my way
    Marry Me..
    Today and every day
    Marry Me..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Oh, once in your life you find someone
    Who will turn your world around
    Bring you up when you're feelin' down
    Yeah, nothin' could change what you mean to me
    Oh, there's lots that I could say
    But just hold me now
    'Cause our love will light the way
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I'm gonna run to you
    I'm gonna run to you
    Cause when the feelin's right I'm gonna run all night
    I'm gonna run to you
    She's got a heart of gold she'd never let me down
    But you're the one that always turns me on
    You keep me comin' 'round
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ♫ Da double dee double di ....Da double dee double di
    My lips like sugar....My lips like sugar
    This candy got you sprung.....This candy got you sprung
    So call me your sugar.....You love you some ♫


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Untitled-1.png
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අම්බලමේ පිනා.. පිනා..
    වලන් කඳක් ගෙනා.. ගෙනා..
    වලන් බිඳපි ගොනා.. ගොනා.
    ඒකට හරි හිනා.. හිනා..//

    වලන් වලන් වලන්.. ඇලුමිනියම් වලන්
    ගෑස් ලිපට පදම් ඇලුමිනියම් වලන්
    වලන් වලන් වලන්.. මැට්ටෙන් හැදු වලන්
    ගමේ ලිපට පදම් අපේ ගමේ වලන්

    අම්බලමේ පිනා පිනා පිනා.. පිනයියා
    වලන් බිඳපු ගොනා ගොනා.. පිනාගේ අයියා//

    අම්බලමේ පිනා.. පිනා..
    පිනා කඳක් ගෙනා.. ගෙනා..
    පිනා බිඳපි ගොනා.. ගොනා..
    කෝපය මතු වුනා//

    වලන් වලන් වලන්.. අපේ මැට්ටේ වලන්
    අපෙ අය හැදු වලන්.. සිය රට දේ වලන්
    රටින් ගෙනාත් වලන්.. හොද්දෙ රස බලන්
    අපේ මැට්ටෙ වලන්.. හරිම රසයි බොලන්

    අම්බලමේ පිනා.. පිනා..
    වලන් කඳක් ගෙනා.. ගෙනා..
    වලන් බිඳපි ගොනා.. ගොනා.
    ඒකට හරි හිනා.. හිනා..//:rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිහින් සරින් ඉකි බිද බිද
    හද හඩවනු ඇයිද කුමරි
    මල් හීසර ඔබේ වෙතට
    මා නොහෙලමි හීන කුමරි
     
    Status
    Not open for further replies.