පද පේලි .....

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හැංගිලා ඉන්නම් දෑසේ..
    ආදරේ හැඟුමන් වෑහේ..
    තුරුලේම හෙව්වා ජීවිතේ..
    නින්ද නෑ සිහිනෙන් ආවේ..
    ලංවෙලා රහසින් කිවේ..
    සුන්දරයි මේ ආදරේ..

    පන්හිඳෙන් පහසින් ලීවේ..
    ඔබ ගැනයි සත්තයි කෙල්ලේ..
    ඇස්වලින් හිනැහෙන්නෙපා..
    සිතුවම් ඇන්දා වාගේ..
    ලස්සනයි ඔබගේ ආලේ..
    කියවුනෙ මායම් කතා..
    රත්තරන් මගෙමයි කියා..

    මල්වරයි පැතුමන් අපගේ..
    හදවතේ උතුරා ඇඳුනේ..
    සතුටින් ඉපිලෙන්නකෝ..
    නෙත්කොනෙන් කිවා වාගේ..
    උනුහුමයි අපගේ දීගේ..
    ඉදිවුනේ ප්‍රේමාළිගා..
    රත්තරන් මගෙමයි කියා..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඉරිතලා වැටී ඇති අපගේ ආදර බැම්මෙ කතන්දරේ..
    හිත සෝදා පාළු කර ඔබ මා හැර යන ඒ කතන්දරේ..
    ඇයි මෙච්චර කලකට කීවේ නැත්තේ ඔබගේ කතන්දරේ..
    අප දෙදෙනාටම ඔබ එකවර ආදරෙ කල පෙම් කතන්දරේ..

    ඔයා මගෙයි මම ඔයාගෙ කියමින් සිප ගත්තේ මා ඔයයි..
    ඒ කී මුවින්ම ඔහු සිප සනසා තුරුළට ගත්තෙත් ඔයයි..
    සංසාරෙම අපි එකටම යන්නට පොරොන්දු දුන්නෙත් ඔයයි..
    මා හිත රවටා ඔහු අත ගන්නට තීරන ගත්තෙත් ඔයයි..

    ඔයා නැතුව මම ඉන්නෙ කොහොමද අනේ මන්දා හිත බයයි..
    හිතන්න හිතුවත් හිතා ගන්න බෑ මොනවා උනේ හිත හිතයි..
    අපි ආ ගිය තැන් නැවතත් දැක්කම මට මම ගැන හරි දුකයි..
    ඔහුගේ අතගෙන කොච්චර කල් ඔබ ඉඳීද මට හරි සැකයි..​
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හමුවන්න ආයේ..රිදවන්නෙපා..
    රිදවන්න ආයේ..හමුවන්නෙපා..
    අයදින්නෙ නෑ..සෙනෙහේ ඔබේ..

    මා සිත දවාලා..ඔබ මං මුලාවී..
    නොසිතු ලෙසේ ඔබ යාවී නම්..
    සමුගන්න වෙවී කවදාක හෝ..

    මධු මීවිතෙන් මා..දෙලවන් තෙමන්නෑ..
    නුඹ වෙන්වුනා කියා..මාගෙ ලොවින්..
    නොහඬමි ඉතින් මා සෙනෙහෙ නමින්..​
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අද මා නිසා ඔබ තනිවෙලා..
    අතරමං වෙලා ජීවිතයේ..
    ලංවී වෙළී ඔබ කී කතා..
    මතකේ රැදී සිත සැළුනා..

    මේ ජීවිතේ ඔබමයි කියා..
    දිවුරාලා කිවේ එදා..
    ඒ කී කතා..ඒ පෑ සිනා..
    බොඳ වී ගියා අද මෙසේ..

    මගෙමයි කියා තුරුළට වෙලා..
    හදෙහි වෙළුනා එදා..
    භවයෙන් භවේ එන්නම් කියා..
    වෙන්වී ගියේ ඔයා..​
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔබ මා හමුවේ නම්..
    එක කතාවක් එකම වතාවක්..
    යලිත් කියන්නට..
    ඔබ මා හමුවේ නම්..

    අතීතයට පියමනිනු බැරි..
    ඒ පෙම් දැහැනෙ නටබුන්ද නැතී..
    පිණි කඳුළක් සේ මැකි ගිහින්..
    සිතේ ඉතිරි වු එකම කතාවක් යලිත් කියන්නට..
    ඔබ මා හමුවේ නම්..


    සිනා පිරුනු නෙතු දකිනු බැරී..
    මා ඔබ හමුවු මාවත වෙන්වී..
    මහ පවුරක් සේ නැගී ඇවිත්..
    මුවේ පිපේ නම් එකම සිනාවක්..
    යලිත් දකින්නට..
    ඔබ මා හමුවේ නම්​
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සඳපාට තිබුනත් රැයේ..
    මන්දාකිනියක මසිත පා උනේ..
    ඔබෙ චායා සුරැකි තියේ..
    වේදනා නටඹුන් ලෙසින් හදේ..

    යෞවන සිහින ලෝකයේ..
    මා සිතුවිලි පැටලී..ආ හැගුමන් වියැකී..
    සුන්දර තුරුණු විජිතයේ..
    මා සිතුවම් බොඳවී..
    ඔබ නෙතු කැන් නොපෙනී..

    ඔබෙ ගීතේ රැව් දේ හදේ..
    තනුව වී මා නිසල ජීවිතේ..
    කවදා හෝ ගයනා සිතින්..
    ආදරේ මා නොගැයු කිසිදිනේ..​
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මතුදාක කාසි නිසා..
    කරකාර බන්ඳන් ඔයා..
    මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා..
    නැටු වන්නම් ඔබ නොදනී කිසිදා..

    රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා..
    සිත මා රවටා හැකි සැමදේ මම දෑතට ගත්තා..
    අපි හරහට උන් ඒ තරු ගලපා..
    ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා..

    නොකැඩී ගලනා දුක සංසාරේ පැටලී වෙලිලා..
    දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා..
    මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා..
    අගහිඟකම් දැන් යන්නෙ පියඹා..​
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පෙරදාක සුසුමක් සිත ඇඳී..
    සෙනෙහසින් පිදුවා මිහිරැතී..
    සංසාර ගමනේ දුර ඇතී..
    ගැඹුරුයිද ආදරේ මේ හැටී..

    හුරු පුරුදු ජීවිතේ තව..
    ඉගිලෙන්න හිතෙනවා නම්..
    හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැඳී..
    කුළුදුල්ම හීනයක් මේ..
    මහමෙර වගේ උස නම්..
    තව දන්නෙ නෑ ඔබත් මගේ ආදරේ තරම්..

    තනිකඩ හිතේ නැවතිලා..
    පෙම් ඇරඹුමේ වැහි අරන්..
    නොමැකෙන්න සේ සෙනෙහෙ සිතුවම් ඇඳී..
    දුර යනෙන ජීවිතේ දිගු හිමකම නුබේ ලග නම්..
    හිත පිරුනු ආදරේ උහුලන්න බැරි තරම්..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වෙන්න තියන සියළුම දේවල් සිද්ධ උනා මගෙ දිවියට..
    නමුත් මේ ලොව හැර යන්නට සිතක් නම් තව නෑ මට..
    නිකරුනේ දියවීලා යන මගෙ දිවියේ හොඳ හරියම..
    රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින..

    පමා වී ආ වසන්තයක් ලෙස ඔබ ඇවිදින් මගේ ලඟටම..
    මේ තරම් ඉක්මනින් ඇයි නුඹ වෙන්ව ගියේ මටත් නොකියම..
    යටි හිතේ හිත පතුලේ වැදිලා වද විඳියි තව මතකය..
    යලි උපන්නොත් මගේම වෙනවද සසර ඇති තුරා සදහට..

    ඈත ඉඳලා බලාන උන්නම අහසත් ගෑවෙයි පොලොවට..
    ලංවෙලා ලංවෙන්න යනකොට ඒකත් බොරුවක් හැම විට..
    සදහට සමුනොගත්තත් ඔබ මේ ලොවේ අද තව ඇත..
    මගේ ලෝකය පාළුවෙයි අද කඳුළ විතරද උරුමය..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වැහි වැටිලා බිම තෙමිලා වාගේ..
    ඇස් තෙමිලා කම්මුල් තෙමුවා මගේ..
    හිනා පොඩ්ඩ ඇයි අරගෙන යන්නේ..
    ආයෙ එන්න මං විතරයි ඉන්නේ..

    තව හිතකට ලං උනාද..ලංකලාද..
    පාළු දැනෙන විට විතරක් හඬනවාද..
    මාව මතක් වෙන්නෙ නැතිව ඉන්නවාද..
    මාත් එක්ක තරහ උනේ ඇයි කියන්න..

    වහිනදාට වැස්ස දිහා බලන් ඉන්න..
    උරහිස්සට හිස තියාන හිනා වෙන්න..
    ඔයා නෑ නේ අද මා ලඟ..මම තනියම..
    මාත් එක්ක තරහ උනේ ඇයි කියන්න..
     
    • Like
    Reactions: amila_90210

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    When the visions around you,
    Bring tears to your eyes
    And all that surround you,
    Were secrets and lies
    I tried to be your strength,
    I gave you hope,
    Keeping your faith when it's gone
    The one you should call,
    Was standing here all along..


    And I took
    You in my arms
    And held you right where you belong
    Till the day my life is through
    That I promised you
    That I promised you

    I've loved you forever,
    In lifetimes before
    And I promised you never...
    Will you hurt anymore
    I gave you my word
    I gave you my heart
    That was a battle we've lost

    And with this now,
    Loneliness has begun...

    Just close your eyes
    Each loving day
    I thought this feeling won't go away
    Till the day my life is through
    That I promised you..
    That I promised you..

    And I took
    You in my arms
    And held you right where you belong
    Till the day my life is through
    That I promised you baby

    Just close your eyes
    Each loving day
    I know this feeling has gone away
    Every word I said was true
    That I promised you


    Every word I said was true
    That I promised you
    Ooh, I promised you...
     
    Last edited:

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නිමේශයක් දෙන්න ඔබෙ හද ගැබුරේ
    ඇනුන විශ හීසර ඇත තවමත් පාරන
    හීතලම හීතල හදවත උනුහුම කරන්න
    අදුරු බීරැම ඈතට පලවා හරින්න
    සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙයි
    ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈතයි
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පෙරුම් පුරමින් හමුවෙලා
    උනුන් රහසින් බැන්ද ආදර පෙම්
    බලන් කැඩපත සොදුරියේ
    කුමන අරුමද නරකෙසක් නැමිලා

    කොලොම් තොට ඇත මහළුවී
    අවහන් හල නැත පැරණිවී
    එදා හඩමයි අදත් යවුයනයේ
    එහෙත් අප දෙන්නා
    බලන් කැඩපත සොදුරියේ
     

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    රහසේ හඩනා අප හැගුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සදු පායනා රැයේ දිසේ තරුසේ
    තනිවී හෙළනා පෙම් සුසුම්....

    හිරිමල් වයසේ සෙනෙහෙන් බැදී එදා
    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරයේ රස මියුරු වේදනා....

    සද රැ සිහිනේ සෙවනැල්ල සේ වෙලී
    ඉමු අපි සොදුරේ සුපුරුදු ලෙසින් බැදී
    ආදරයේ රස මියුරු වේදනා....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමුගෙන යන්නට අවසර දෙන්නම්
    හැකිනම් ඔබ හට මෙය ඉටුකර දෙන්න
    මා පිදු සෙනෙහස ආපසු මට දී
    ඔබ පිදු පැතුමන් යලි අරගෙන යන්න

    සැනසුම අපමණ ලෙසින් උදාකළ
    ඔබයි මා ලැබූ ආදරයේ අරුත
    ‍කඳුළක උල්පත ඔබ ම වුණේ මට
    පෙම්සිත හැකිවෙද කෙලෙසින් නවතන්න
    මටත් කියා දෙන්න

    බොඳවුණ සිහිනෙක ලෙසින් නිමාවුණ
    ඔබ මා බැඳි පෙම ඇසුරක් පමණයි ද
    සිහිවෙන හැමවිට නෙත සිත හැඬවෙන
    අපේ අතීතය මතකෙන් හැරයන්න
    මටත් කියා දෙන්න

    සමුගෙන යන්නට ..........


    ගායනය :- දිනිඳු නදීශාන්
     
    • Like
    Reactions: Aarya and mic

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලගින් මගේ ඔබ සතපා
    හදින් මගේ කතා කලා

    හදට ඔබේ නොදැනුණාද

    මගේ ආදරේ .. මගේ ආදරේ......:rofl::rofl::love:

    Song by Chandralekha Perera

     
    • Like
    Reactions: mic
    Status
    Not open for further replies.