පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඇතී..
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඇතී..

    කඳුළු සුසුම් මැද සතුට සිනා මැද
    භවය පුරා ළඟ ඉන්න ඇතී
    එදත් මගේ සිත අදමෙන් කැපවී
    ඔබේ නමට පුද දෙන්න ඇතී..

    සොඳුරු අතීතයෙ නිමල පැතුම වී..

    නොසැලී නොතැවී බාධක හමුවේ
    ආ හින්දා ජය ගන්න ඇතී
    ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමුවෙන්න ඇතී.. :love:


    §ටී.එම්. ජයරත්න§
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සඳ ඇවිත් මගේ මිදුලට
    සඳ එළිය අරන් සිහිලැල්
    ඔබ ඉන්නවනම් මා ළඟ
    නොසලා ඇසිපිය නිලුපුල්
    ඔබ ඉන්නවනම් මා ළඟ
    කොඳ මලින් සදා හසරැල්

    දුර ඈත නිම්න කඳුවැටි
    සුදු මීදුමේ ගිලේවී
    ළඟ දෙනෝදහක් හිටියත්
    මට තනිකමක් දැනේවී

    සඳ ඇවිත් මගේ ...............

    රෑ නින්ද බිඳී ඇහැරී
    පැණි කුරුල්ලන් හඬාවී
    මගෙ සිහින හොරෙන් අරගෙන
    මේ සඳත් යන්න යාවී

    සඳ ඇවිත් මගේ ...............


    ගායනය :- අමරසිරි පීරිස්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබේ මල් ගොමුවෙන්
    මම පිටව යන්නම්
    තනි මලක් වී තනි ගසක යළි පිපෙන්නම්
    දෙවෙනි වරටත් මල් පිපෙන බව
    ඔබට පහදන්නම්
    ලොවට පහදන්නම්

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නීල වරල පීරා.........
    මල් ගවසා
    ආල වඩන සිහිනිඟ රැලි නෙලලා
    නුඹ මා දිහා හොරැහින් බලා
    කී කතා ගොලූවෙලා ගියා
    ආදරේ හින්දා....
     

    Himaya.sh

    Member
    Jun 29, 2012
    15
    1
    0
    Sri Lanka
    දැනගත්ත දා ඈත වෙන්වී ගියාදෙන්
    හැමදාම විඳවන්න මා මෙහි තියා...
    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා...
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
    සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
    ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
    පියාඹන්න සැරසෙන්නේ..
    අහංකාර බැල්මකොයින්දෝ..
    :nerd:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    හද සෝ සුසුම් හෙලා..
    ගමනේ ගිම් නිවූ එදා..

    මතකේ තිබේද ඒ යුගේ
    මාගේ චේතනා..
    වැටහෙන්නෙ දැන්ද ආදරේ
    සෝක වේදනා..
    ඝණ අන්දකාරයේ පාළුවේ කිමිදුනා
    තනිවූයෙ ඔබ නොවේ..
    මා පවා තනිවුණා..

    ඔබ මං මුලාවෙලා ගියා
    පෙම් පහන් නිවා
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ..
    සිහිනෙකින් පවා..
    අද ඔබගෙ ජීවිතේ කතරකි වාලුකා
    හිනැහෙන්න යළි දිලෙයි
    දෛවයේ තාරුකා..


    §මිල්ටන් මල්ලවාරච්චි§
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ හොරෙන් ඇවිල්ලා මගෙ යහන ළඟට ම
    හිත අරන් ගිහිල්ලා පුද දෙන්න ඇයට ම
    හිම මලින් වැසීලා අපෙ සෙනෙහෙ ලස්සන
    පන්හිඳින් ලියාලා මම එවමි ළඟදිම

    පෙම් කවි ලියලා කවි පොතත් ඉවර වී
    තුරු වියන් සිඹ එනා නුඹ සුළඟ ද මිහිරී
    වනපෙතේ කවිය වී රැඳුණෙ ඔබමයි දිගැසී
    හදවතට සෙමින් වැටුණා සේ රෝස මල් පෙතී

    සඳ හොරෙන් ...............

    නෙත දිවයන්නේ වැට ළඟටයි ‍නිතර
    සිත රැඳෙන්නෙ නෑ කවදාවත් ගෙදර
    ඔබ හින්දා මං ආදරයෙ පවුරට
    මුදා හැරියෙමී සැඩ දියවැල් අතර

    සඳ හොරෙන් ...............


    ගායනය :- ප්‍රසාද් කුමාරතුංග
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
    සැබෑවුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි,,,
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ළංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙළි..

    මා දෙනෙත අඩ අඳුරෙ රඳවා තියා
    සඳවතිය පාවී ගියා..
    පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
    මේ හැටිම නපුරුයි කියා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    අපි ඇසු බණ මදි වුණා ද මේ දම් දීපේ
    සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
    අතරමන් වුණේ කොහොම ද අපේ ජීවිතේ

    සාධුකාර දී ගිය ගිය පන්සල් ගානේ
    පැතුවා හැමදා පේ‍වී අපි නිර්වාණේ
    දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙ‍වනේ
    වැඳ වැටුණා ගාථ කියා අපි තුන්සරණේ

    බුදුන් දැක නිවන් දකින්න ............

    භාරහාර වී වැඳ වැඳ අටමස්ථානේ
    කරුණා කෙරුවා පේවී මුණි සිරිපාදේ
    සැදැහැ සිතින් නිවන් පතා දළදා මැඳුරේ
    මල් පිදුවා ගාථ කියා අපි තුන් සරණේ

    බුදුන් දැක නිවන් දකින්න ............


    ගායනය :- චාමර වීරසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙත් බොසත් විත් සිත් පිරිමදිතත්
    සංසාරේ හැටී අපි ඒ ගැන තව නොදනිත්

    ඔය ඔබේ ළඟට විත් යහපත යදිතත් මිතුරෙකු විලසින්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්

    ඔය ඔබේ ළඟට විත් සිඟමන් අයදිත් අසරණ විලසින්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්

    සපුමල් ‍කුමරෙක් විලසින් පැමිණෙත්
    සිරිමත් සුවඳින් සිත පිරිමදිතත්
    මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අප නොදනිත්
    සංසාරේ හැටී අනේ තවම අප නොදනිත්


    ගායනය :- පේෂල
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බුදු සාදු බුදු සාදු
    ඳුන් ගසක් වෙන්නම්
    මම සමන් වැලක් වෙන්නම්...

    ඔබගේ පාමුල සමන් වැලක්වී
    සුවඳ මලින් සැරසෙන්නම්...
    ඔබ වැඩි අරණේ සඳුන් ගසක්වී
    සිසිල සෙවන රඳවන්නම්...

    බුදු සාදු බුදු සාදු
    නෙළුම් මලක් වෙන්නම්
    මම නෙළුම් මලක් වෙන්නම්
    ඔබගේ පියවර මැනුම් ඉදිරියේ
    මුදු පා පිස්නක් වෙන්නම් ...

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදුන් දවස උපදින්නට
    වරම් ‍නොලැබුණත් මා හට
    මෙතේ බුදුන් උපදින රට
    උපදීවා මිනිසකු ලෙස

    එදා මෙතේ බුදුමුව ඇර
    දෙසා වදාරණ බණ පද
    අසා සිටිමි දෑඟිලි බැඳ
    විදා නුවන් කවුළුව ළඟ

    බලා කතර තව දුර දිග
    සොයා සසර මං කෙටිකර
    මුදා දෑත් භව බැමි සිඳ
    සොයා ඇදෙමි නිවනට මඟ


    ගායනය :- අජිත් ආරියරත්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කා‍ලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්නැති
    එකයි තවමත් සංසාරේ

    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
    බුදුන් වඳින්ට ඒ කාලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ

    බුදුහාමුදුරුවො ...........

    අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
    නිවන් දකින්නැති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
    පිං පුරවමු අපි සංසා‍රේ

    බුදුහාමුදුරුවො ...........


    ගායනය :- වික්ටර් රත්නායක
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සබඳ අපි කඳු නොවෙමු උනුන් පර‍යා නැගෙන...
    සුනිල දි‍ය දහර වෙමු එකම ගඟකට වැටෙන...

    වි‍යරු ගිනිදැල් නොවෙමු වන‍ය අවුලා දමන...
    සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැල‍යට වසින...

    නපුරු හීන‍ය නොවෙමු ළමුන් නිදි සුව බිඳින...
    සොඳුරු අඬහැර‍ය වෙමු දනන් නින්දෙන් මුදන...

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිත නම් මා ලඟයි ඔය දෑත දුර ඈතයි
    හැකිනම් ඔබ ලඟයි මා ආදරේ නුඹටයි

    ඈත සයුරු මානයේ කීව පෙම් කතා

    දෑසෙ කඳුළු නංවනා ඔබේ පෙම් සිනා
    ඈත සයුරු මානයේ එදා කී කතා
    සිහින ලොවක තනිවෙ
    නා විට ඇසෙයි මෙදා

    ඔබ හා මට යන්න එක්වී මට දෑත දෙනවා නම්

    හැරදා වුනත් මගෙ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්..//

    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා

    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා
    මා.. ලඟම නැවතිලා උරට හිස තියා
    ඉන්න ඔබට මා ලඟින් දෙන්නෙමී සදා


    ඔබ හා යන්න පාවී ඔය දෑත දෙනවා නම්

    හැරදා මේ ජීවිතේ ඔබ ලඟට මා එන්නම්..//


    _ Sadeeptha-sandapa feat Sineth _
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තවම තනිකඩයැයි කියා..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දෑතේ බැඳිලා ඈතට දුවලා
    නොපෙනී යනවද සුදු නංගී..
    ඉනිමං නැඟලා ලස්සන හොයලා
    ගමනක් යනවද සුදු මල්ලී..

    රන් ටිකිරි සිනා
    මුව මුව පාලා
    ලංවී අත් අල්ලාගෙන
    ඇස් දැල්වූවා..

    බාලේ ගෙවලා කාලේ දුරලා
    නොපෙනී යනවද සුදු නංගී..
    ලංකර සිටලා ගංතෙර හැරලා
    ගමනක් යනවද සුදු මල්ලී..
     
    Status
    Not open for further replies.