පද පේලි .....

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

තොල් අග මදහස දල්වන
ප්‍රාර්ථනා මල් පිඹිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනා වන් වැලලෙයි..
සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

‍දිවා රැයේ දකින සිහින
පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටෙයි
කදුලින් හදවත් ඇවිලෙයි..
ගිතරු පෙම් සුසුම් හඩින් - පිරුණු ලෝකයේ...
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ...

ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ
 
  • Like
Reactions: m3pium

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පින්බර කුමරියනේ
    මා සෙවුවා නුඹ සසරේ
    හමුවූවා නොසිතූ ලෙසේ
    දෙනව ද නුඹෙ ආදරේ

    පෙම්බර කුමරුවනේ
    මා සෙවුවා නුඹ සසරේ
    හමුවූවා නොසිතූ ලෙසේ
    දෙන්නම් මඟෙ ආදරේ

    මගේ පණ නුඹයි නුඹේ හද මගේ
    නෑ කිසිදා ඔබ හඬවන්නේ
    හඬමි නමුත් ඔබ හඬනා විටදී
    සිනාසෙන්නෙ ඔබෙ සතුට ළඟයි

    පින්බර කුමරියනේ ..........

    ඇසිපිය හෙලනා මොහොතක් ගානේ
    ඔබ ගැනමයි මට සිහිවන්නේ
    සසර පුරා සැරිසරන තුරාවට
    නෑ කිසිදා අප වෙන්වන්නේ

    පින්බර කුමරියනේ ..........


    ගායනය :- රොහාන් ද සිල්වා හා ශානිකා වනිගසේකර
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සඳයට හිටියත් නුඹ
    පිපෙන්න දන්නැති කුමුදක්
    මලවට සැරුවත් නුඹ
    රඟන්න දන්නැති බඹරෙක්..

    පද තාල රාග දනිතත්
    හුරුකමට දෙපා සැලුනත්
    තරු නෙත් අයාන හිඳින්නේ
    කොහොමද මං රඟන්නේ..
    සඳකැන් සිහිලට ගැලුවත්
    විඳහුරු මිහිරක් දැනුනත්
    සුළඟක් ඇහැරී හිඳින්නේ
    කොහොමද මල් පිපෙන්නේ..

    විල විල එළනා සඳ රැස්
    අදහනු බෑ සඳමඩලක්
    මල්කුලයයි මම රකින්නේ
    නොපිදී ඉමි නිදැල්ලේ..
    පෙති තොල් හකුලා හිටියත්
    ලොව කොහිද නොසිටි කුසුමක්
    නැත බමරුන්නම් -----...
    පසුබායමි ඉගිල්ලී..


    §දයාන්විතාරණ~නෙලූ අදිකාරි§
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හෙමින් සැරේ පා නඟනා
    දුවේ හර්ෂණී..
    සිනා සිසි දඟකරනා
    දුවේ හර්ෂණී..
    දුවේ හර්ෂණී..

    ජීවිතයේ මාළිගාව සතුට පුරා දී මනාව
    වාසනාව මට ගෙනාව
    කැකුළු සුවඳ කිරි සිනාව
    මල් සුවඳයි පින් සුවඳයි..

    හෙමින් සැරේ පා නඟනා
    දුවේ හර්ෂණී..
    දුවේ හර්ෂණී..

    රෝස මලක පාට ගෑව
    ආකාසේ හැන්දෑවක
    ඈත ඇ‍ඳෙන කුරුළු රෑන
    ගයන ගීත ඉල්ලාගෙන
    මුමුණන්නම්..
    නළවන්නම්..

    හෙමින් සැරේ පා නඟනා
    දුවේ හර්ෂණී..
    සිනා සිසි දඟකරනා
    දුවේ හර්ෂණී..
    දුවේ හර්ෂණී..


    §මිල්ටන් මල්ලවාරච්චි§
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුලූ පියන් පත් වැසෙන වෙලාවට //
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි

    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටද රැුය ගෙවෙන තුරාවට //
    මහස සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙරවන්න නිබඳේ නිදිලොව වෙත එතෙරවන්න නිබඳේ

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුලූ පියන් පත් වැසෙන වෙලාවට

    නිමල පැතුම් සපුරා ගෙන හද තුල
    සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට //
    අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
    ජීවන මල් ගොමුවේ ඔබෙ ආදර ජීවන මල් ගොමුවේ

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුලූ පියන් පත් වැසෙන වෙලාවට //
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් වෙත් මගෙ සවනත පාරයි
    සෙමින් විත් මගෙ සවනත පාරයි

    ගායනය, පද රචනය, සංගීතය, - සෝමතිලක ජයමහ:shocked::):):)
     
    • Like
    Reactions: m3pium

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මෙදා මට ඔබ සැබෑ සඳ මය
    විදු ඇසින් දුටු ලොවය විසකුරු
    ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
    ඔබද අද මා අසල ගැවසේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රි‍යේ
    ඔබ ඉන්න මාගේ ලඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    පි‍යවී ලොවේ කිසිදා එක්වෙන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නදෝ
    කඳුලු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මන්දාරම් අදුර මැදින්
    හිරි පොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියා නම්

    තනියටවත් යන්නට මදි
    කුඩේ යටින් ඔබේ ලගින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්
    යන්නට තිබුනා යන්නට තිබුනා

    මග යන එන යට හොරෙන්
    ඔබේ දෑසට එබී බලා
    කොපුලේ වැහි බිදුවක රස
    බලන්න තිබුනා
     
    Last edited:
    • Like
    Reactions: 0716aravinda

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මන්දාරම් අදුර මැදින්
    හිරි පොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියා නම්

    තනියටවත් යන්නට මදි
    කුඩේ යටින් ඔබේ ලගින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්
    යන්නට තිබුනා යන්නට තිබුනා

    මග යන එන යට හොරෙන්
    ඔබේ දෑසට එබී බලා
    කොපුලේ වැහි බිදුවක රස
    බලන්න තිබුනා
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ ආදර රත්ත‍රනේ
    නුඹ දැක්ක ‍දොහෙ ඉඳලා
    ඔය රූපෙ හිතේ ඇඳිලා
    හිත ආල හැඟුම් පිරිලා
    හඳපාන වගෙ සොබනා
    සිරියාවි මන බැඳිලා
    බහ දුන්නොතින් දෙයියම්පා
    මම හත්දා මඟුල් කනවා

    මාල අරුංගල් තෝඩු තනාගෙන එන්ට හිතා ඉන්නේ
    හීන දකින්නේ මනාපෙ නුඹෙ දැනගන්ට නොවැ හනිකේ
    ආල නුරා හිත කීරි ගැහෙයි පිටුපාල ගියොත් මැණිකෙ
    නාවෙ මොකෝ අද තාම අනෙ මම පාර බලා ඉන්නේ

    මගෙ ආදර රත්තරෙන් ................

    ඈත තියා දැක යන්නෙ මොකෝ මාව දැක්ක නොදැක්ක වගේ
    යන්ට ගිහින් ලැජ්ජාවෙ වගේ නොපෙනෙන්ට හිනාවෙන්නේ
    ආයෙ හැකක් නැහැ ආල හිතක් ඇතුවාට මොකො මැණිකේ
    කෝල වෙවී මට තාම අනෙ බහ දෙන්ට පමා වෙන්නේ

    මගෙ ආදර රත්තරෙන් ................


    ගායනය :- උපාලි කන්නංගර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ
    හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ

    හැමදාම එකවාගෙ නැති ජීවිතේ
    මල් පාට මල් හීනයක් ජීවිතේ
    තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
    තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ

    දියමන්තියක් සේම පාටින් දිලේ
    එය මිහිරි හැඟුමක් මවයි මා සිතේ
    තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
    තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ

    මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ
    හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ


    ගායනය - ඇන්ජලින් ගුණතිලක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් මල් හිනා ඔ‍බේ මුවේ
    හද විල මල් සුවඳ සැලේ
    ඒ මල් විලේ ඔබේ මගේ
    හද පෙම් මල් විකසිත වී

    තාරුකා සඳ පායලා
    එළිය දී මේ රැයේ
    ඔබ මගේ සඳ තාරකාවී
    එන්න පායාලා

    මල් මල් හිනා ............

    පායනා සඳ වාගෙ හිනැහී
    එන්න මහදේ වෙලී
    ඔබ මගේ මිහිරාවියක වී
    ඉන්න සැමකල්හි

    මල් මල් හිනා ............


    ගායනය :- ශර්ලි වෛජයන්ත
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා
    මල් නෙළන්න වාසනාව මටද අත්වුණා
    ගයා ගී
    ප්‍රේමවන්තයෙක්‌ මටත් ලැබෙයි කියා
    මා සිතුවෙ නැත්තේ සීනෙකින් කියා
    දෑත ගන්නයි කියා මාගෙ ආලෙ සොයා

    අනේ කවුදොa මේ ආව වූ පෙම් රජා
    දැක්‌ක දාම සිත් ඇදී ගියා ප්‍රියේ
    පෙම් තොටිල්ල මා ඉතින් ඔබේ ළයේ
    වාසනාවයි මගේ - ප්‍රේම රාණි වගේ
    ඉතින් සැමදා මං ඉන්නෙමී ජීවිතේ

    මාව ඔබට පෙන්න දුන්නෙ මහබඹයි
    ඒක අහස පොළොව එක්‌ වුණා වගෙයි
    රාම සීතා ආවා වගේ ඔයා
    කොහේ ඉඳලා දෝ ආවේ මා සොයා......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ සිරියාවයි ආකාසේ
    වාසනාවට ආදරේ
    සඳ තරු පායයි ආකාසේ
    වාසනාවට ආදරේ
    අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ

    පෙම් සුව විඳිමු වගේ
    ප්‍රීතියක් ඇත්තෙ නෑ
    මගෙ හද පෙම් රස උතුරන්
    මෝරලා එයි සෙනේ

    මින් මතු කිසිම දිනේ
    වේදනා දෙන්නෙ නෑ
    දිවිහිමියෙන් ඔබ ළඟ මන්
    ඉන්නෙමී පා සෙනේ

    රැල්ලයි වෙරළයි වාගෙනේ
    ඈත යන්නේ නෑ සෙනේ
    අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ

    පෙම් සුව විඳිමු ............

    නෙතු අඟ ඇඳුණ ඔබේ
    රූ මැකී යන්නෙ නෑ
    එක හිතකින් ඔබ වෙත මං
    සෑමදා ළංවුණේ

    හොඳ සිරියාවයි ................


    ගායනය :- එච් ආර් ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    චන්ද්‍රා මෙ රෑ පායා ආවා
    හර්දේ පෙමින් නාව නාවා
    මේ...ආදරේ වාසනාවන්
    දුක්‌ වේදනාවන් නිවේවා......

    ඔබගේ සිනාවෙන් මුළාවී
    මේ රෑ පවා මල් පිපේවී
    රන් තාරකාවෝ සිනාසී
    ප්‍රේමේ අමා ගී ගයාවී

    ආසාව ආවාද මෝරා.....
    සැමදාම ඔබ මාගේ වේවා
    සතුටයි සැපයි ඔබය මාගේ
    ඔබ පෙම්වතී පෙම්වතාගේ
    අරගන්න ඔබේදෑත හුරතල්
    දෛවේ මගේ පිහිට වේවා......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සප්ත සයුරින් එහා දේශ දේශාන්තරේ
    සිරිලක් සළු පිලියෙන් පිදු
    මව්බිම ධන නිධාන බදු
    සියල් සිරිලක පරසිදු සළුවියනා කුමාරි..


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අටවක අඩ සඳ මෙපමණ ලස්සනනම්
    ඔබ හමුවූ දවසේ
    පුරහඳ කො‍පමණ ලස්සන වේදෝ
    අප එක පියසක නවතින දා

    මල් අතු ඉති අග හතර වටේට ම
    මනාමාලිය වී හිඳිනු පෙනේ
    මෘදු මද පවනක් හමනා හැමවිට
    ළඟ ඉන්නා මෙන් සුවඳ දැනේ

    අටවක අඩ සඳ ............

    කළුවර අහසට සඳ රේඛා‍ මෙන්
    මගෙ ජීවිතයට එළිය ගෙනේ
    ඉරබටු තරුවක් ලෙස තුරුළට එන
    සඳවට මගෙ ගෙට වඩින දිනේ

    අටවක අඩ සඳ ............


    ගායනය :- කිත්සිරි ජයසේකර
     
    Status
    Not open for further replies.