පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා
සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා

ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා
වෙළට ගොහින් පළා නෙලා එනව පේනවා
මලට ගොහින් මල් අරගෙන එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

මා දැක්කම වැට අයිනට එනව පේනවා
මා එක්කල හිනාවෙනව වාගෙ පේනවා
මූණුස්සල අමනාපෙන් යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දැම්මම තව රුවට පේනවා
වට පිට කොපමණ හිටියත් කාට පේනවා
හැඩට පේනවා මටනම් රුවට පේනවා
රුවට පේනවා මටනම් හැඩට පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා...

එම්.එස්. ප්‍රනාන්දු

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කවුළුපියන් පත් වහන්න සඳළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ල'වැලිතලාවේ..

    සිත ඈත අරන් යන විමනේ සඳළු තලාවේ
    කවුළුපියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රත්තරන් මාගේ සුරඟනක් වාගේ
    ඇස්වලින් කීදේ ආදරෙයිනේ
    හුරතලේ මූණේ මල් මිටක් වා‍ගේ
    කම්මුලක් ගානේ හාදු ඕනේ
    හිත්යායේ පෙම් මල් පීදී
    අමරසදෝ වෑහෙන්නේ
    වස්සානේ ඇවිදින් වාගේනේ නෙතු මානේ
    නිල් මානෙල් පාටයි දෑසේ
    තුරුළේමයි මා ඉන්නේ
    ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

    දුක්වින්ඳේ සුසුමක් ගානේ
    මා හැඬුවේ ඇල්ලක් වාගේ
    මුළු ලෝකේ එරෙහි වූ එදා
    දැනුනේ රස නොයිඳුල් දීගේ
    හීනෙන් දුටු පාරාදීසේ
    පියවෙන්නේ පහසින් දෙනුවන් මා

    රත්තරන් මාගේ ..............

    නාදල්ලේ පාටයි වාගේ
    සිපගන්නත් ලෝබයි ඈගේ
    දෙ‍තොලේමයි නැවතී ඉන්නේ මා
    මනමාලයි හැඟුමන් දෑසේ
    ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
    ඔබ මාගේ පණමයි සෑමදා

    රත්තරන් මාගේ ..............


    ගායනය :- දමිත් අසංක හා අෂන්ති ද අල්විස්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙඩි සි‍ය‍යක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩි‍ය‍යි...//
    අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණල‍යි හන්දි‍යේ...
    පුංචි ලිඳේ වතුරට නාඬන්න නංගි‍යේ...

    ගස් සොලවා හමා ඇදෙන සුලඟ තවත් මුරණ්ඩුවෙ‍යි
    හ‍යි‍යෙන් නම් හුස්ම ගන්න එපා නංගි‍යේ...
    අප්පච්චී තුරු මුදුනේ ඉඳින වංගි‍යේ...

    පි‍යෙන් පි‍යට ඉහලට ‍යන හැටි බලන්න බ‍ය හිතුනොත්
    පුංචි දෑස තදින් පි‍යා ගන්න නංගි‍යේ...
    මමත් ඔහොම කලා මගේ පුංචි සන්දි‍යේ...


    -නන්දා මාලනී-
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිත හෙමිහිට හදාගන්න රත්තරන් මට
    සිහිනෙන්වත් එන්න එපා සුවඳ අරගෙන
    සමරු පොතේ දග කෙරුවත් අපේ මතක
    හදාගන්න මට දෙන්න මගේ හදවත


    අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
    කුලුදුලේම පෙම් බැන්දේ මම ඔබටයි රහසේ
    කියා ගන්න බැරිවට සිතේ ආදරේ
    සිහිනෙන්වත් ඔයා ලගින් නෑ වෙන්වූයෙ


    යහළු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරේ
    ඇවිද ගියපු මග පාලුයි අපි අද නෑනේ
    කියාගන්න බැරි වුවට හිතේ ආදරේ
    සිතින් නේද අපි දෙන්නා ලංවී ආදරේ කලේ
     
    • Like
    Reactions: m3pium

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබ පවස‍යි මා හැර ‍යන බව ඔබට අවැසි නිදහස් වන්නට
    සත්ත‍යි මා කවුරුන්දෝ ඔබගේ...
    ‍යා ‍යුතු මග එ‍ය නම් ‍යන්න නුඹට අවැසි විදි‍යට...
    සවන් දෙන්න ප්‍රවේශමෙන් නුඹෙ හද ගැහෙනා රාව‍යට
    පවසන්නේ කුමක්දැ‍යි කි‍යා...
    රැඳී ති‍යේවී මතක‍යන්...//

    අහස ගිගුරුම් දෙන්නේ...වහින විටදී...
    සබඳ මදක් නැවතී නුඹ ‍යන මග දෙස බලන්...
    දිනෙක සි‍යල්ල නුඹව හැරදා ‍යාවී...
    වස්සාන‍ය නිමාවේ... නුඹ වටහා ගනීවී....

    නුඹ නැත්නම් මා ලඟින් මට කම් නෑ මං නෑ දුකින්
    වි‍යෝව සොඳුරු‍යි මාගේ ආත්ම‍යේ...
    මා දැන් තනි‍යම වරක් සිටි‍ය නුඹෙ සිහින‍යේ...
    පෙනෙනවද නුඹට සිහින නුඹ කැමති වටහා ගන්න ඒ සිහින‍යන් නුඹට
    පවසන්නේ කුමක්දැ‍යි කි‍යා...
    රැඳී ති‍යේවී මතක‍යන්...//

    අහස ගිගුරුම් දෙන්නේ...වහින විටදී...
    සබඳ මදක් නැවතී නුඹ ‍යන මග දෙස බලන්...
    දිනෙක සි‍යල්ල නුඹව හැරදා ‍යාවී...
    වස්සාන‍ය නිමාවේ... නුඹ වටහා ගනීවී....

    -6th Lane-
     
    • Like
    Reactions: m3pium

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොසැලෙන්න කඳුළක් දෑසින්
    ඔබ මා කෙරේ
    රිදවන්න සැමදා හඬනා
    හද මේ වගේ

    මා හා මේ මල් මාවතේ
    ආවා ඔබ සිතු සේ

    නොසැලෙන්න කඳුළක් ............

    පායා ඈතට පාවුණේ
    මායා සිහිනය සේ

    නොසැලෙන්න කඳුළක් ............


    ගායනය :- යොහාන් අර්ජුන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරෙයි හැමදාම කියා
    මා හිතේ රැඳිලා
    ඇයි ගියේ නොකියා ම ඔයා
    සා‍ගරෙත් හැඬුවා

    නුඹේ සුවඳ නැති රෑ පුරා
    පාලුයි ඉන්නම බෑ දරා
    මගේ දෙනෙත් කඳුළින් තෙමා
    රහසේ යන්න ගියා
    මහදේ සුසුම් තියා

    ආදරෙයි හැමදාම ............

    සිහිනෙන්වත් නුඹ එයි කියා
    බලාන උන්නේ රෑ පුරා
    මගේ දෙනෙත් කඳුළින් තෙමා
    රහසේ යන්න ගියා
    මහදේ සුසුම් තියා

    ආදරෙයි හැමදාම ............


    ගායනය :- ගයන්ත
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ ගංගාව නුඹ වගෙයි
    මං ගාව නොනවතියි
    හන්තානෙ හැපි හැපි
    නොදුටුවා වගෙ ගලයි..

    එකදිනක හරි යසයි
    තව දිනක හරි වසයි
    ගංගාව නුඹ වගෙයි
    මං කීවෙ ඒ නිසයි
    :rofl:

    §හේමන්ත වික්‍රමසිංහ§
     
    • Like
    Reactions: amila256

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ගංගාව නුඹ වගෙයි
    මං ගාව නොනවතියි
    හන්තානෙ හැපි හැපි
    නොදුටුවා වගෙ ගලයි..

    එකදිනක හරි යසයි
    තව දිනක හරි වසයි
    ගංගාව නුඹ වගෙයි
    මං කීවෙ ඒ නිසයි
    :rofl:

    §හේමන්ත වික්‍රමසිංහ§

    මාර වැඩේ ඔය සිංදුව ලියපු කෙනත් කියනව හේමන්ත වික්‍රමසිංහත් කියනව :rofl:


    මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
    හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි
    දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි
    මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආද‍රෙයි

    සංසාරෙ හමුවෙලා අපි පැතූ ඒ පැතුම්
    ගං දෑලවර හැපී නිංනාඳ දෙනු බලන්
    මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
    හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්

    මේ ගංඟාව නුඹ වගෙයි ...............

    එක ‍දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි
    ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි
    මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
    හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්

    මේ ගංඟාව නුඹ වගෙයි ...............


    ගායනය :- ශාන්ත ජයලත් තිසේරා
     
    • Like
    Reactions: m3pium

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාසිගෙවා ගන්නත් බැරි
    කාසිවලට දෙන්නත් බැරි
    මේ ලොව මිලකරන්න බැරි
    එක දෙයක් තිබේ එයයි ආදරේ
    ඔබේ මගේ නෙත් සිත්වල උපන් ආදරේ

    තුරුණු හිතේ මල් පිපිලා
    සුවඳේ ඉන්නට බැරුවා
    ඒ සුවඳට බඹරු ඇදෙන එකයි ආදරේ
    කාසිවලට ගන්න හැකි ද එවන් ආදරේ

    කාසිගෙවා ගන්නත් ...........

    බිළිඳු හිනා හඬ ඇහිලා
    ඇඟ ලේ පැහැ වෙනස් වෙලා
    මවු දෙතනේ කිරි එරෙනා එකයි ආදරේ
    කාසිවලට විකුණනව ද එවන් ආදරේ

    කාසිගෙවා ගන්නත් ...........


    ගායනය :- නිමල් ගුණසේකර
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මාර වැඩේ ඔය සිංදුව ලියපු කෙනත් කියනව හේමන්ත වික්‍රමසිංහත් කියනව :rofl:
    එහෙමත් දෙයක්ද.. දෙන්නම වලියක් නැතිව කියනවනම්...:rofl:
    මමත් දැනුයි අනිත් සිංදුව අහලා බැලුවෙ..
    ස්තූතියි අයියෙ..:)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මාගෙ සැමරුම් පොතේ
    රෝස පිටුවක් පුරා
    පුංචි නිල්පාට අකුරෙන් ලියා...


    ඔබ ලිව්දේ තියා කී දේවල් පවා
    සුළ‍ඟේ විසිරී දූවිල්ල වගේ..
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගි‍යේ...
    ඉවත ගලා ගි‍ය කඳුලක දි‍යවී
    ප්‍රථම ප්‍රේම‍ය‍යි බොඳව ගි‍යේ...

    ඔහුට පුදන්නට පූජාසන‍යේ
    නොකිලිටි මල් පිපුනිද ලඳුනේ...
    පෙති ගිලිහී ගි‍ය පරසතු කුසුමේ
    සුවඳ කොහේ කොතැනද රැඳුනේ...

    ආ මග වැරදී ඔහුද ඔබද මා
    ද‍යිව‍යෙ තුංමංසල හමුවේ...
    බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
    කඳුලක් නැහැ දෙන‍යන පිපුනේ
    ...

    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
    අදින්පසු තියේවි අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හදන්නට එපා
    නිමාවක් නොවේ මේ ඇරබුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මගේ
    දුරක් ආ නිසා දැන් දුකක් ඒ වගේ
    මහාසාගරේ සේ තිබුනත් සිතේ
    කුමට හිමි උනාදෝ අහිමි ආදරේ

    පතන්නට පවා මා වරම් අහිමි වූ
    ගැහීමක් රිදුම් දෙයි හෙටට උරුම වූ
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතු
    මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩ්ඩක් හිනා දෙන්න
    කවි සිතුවිලි උනන්න
    ආදරයෙන් බලන්න
    මට කවියක් ලියන්න
    පොඩ්ඩක් හිනාවෙන්න

    නපුරුම නපුරු කෙල්ල
    ‍පුපුරණ මල් වෙඩිල්ල
    කාටත් නොවල මෙල්ල
    දිලිසෙන ගිනි පෙනෙල්ල

    පොඩ්ඩක් හිනා .........

    ඔබ ළඟ සිටින් කල් ම
    පි‍බිදෙයි සුවඳ මල් ම
    නෙතඟින් බලන බැල්ම
    හිත තුළ වඩයි ඇල්ම

    පොඩ්ඩක් හිනා .........


    ගායනය :- ජානක වික්‍රමසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමත් දෙයක්ද.. දෙන්නම වලියක් නැතිව කියනවනම්...:rofl:
    මමත් දැනුයි අනිත් සිංදුව අහලා බැලුවෙ..
    ස්තූතියි අයියෙ..:)

    :lol::lol: මං හිතන්නෙ එයාම වෙන්න ඇති කියන්න දෙන්න ඇත්තෙ. ඒක නිසා ගැටලුවක් නැතුව ඇති :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන්මාද වූ ප්‍රේමාදරේ
    සමනල වසන්ත යෞවනයේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථනා
    ඉඳුනිල් දෙනයන සටහන් වේ

    රළ පෙළ කැළඹේ හසඟන විලසේ
    ළවනත සුදු මෘදු පහස ලැ‍බේ දෝ
    ඔබ හදවත මා හඳුනාගත් සේ
    මා හදවත ඔබ හැඳින ගනී දෝ

    සංසාරයේ .................

    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
    සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
    චන්ඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේදෝ

    සංසාරයේ .................


    ගායනය :- කමල් අද්දරආරච්චි හා දමයන්ති ජයසූරිය
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තල් ගස මුදුනේ හිනැහෙන සඳුනේ
    මා වැලි කතරේ ඔබ උඩු ගුවනේ
    නන්නාඳුනනා මිනිසුන් අතරේ
    ඔබ පමණයි මා යන්තම් අඳුනන්නේ


    ගම් පියසේ මට මිතුරන් හිටියත්
    නුඹ විතරයි අද ආවේ තනියට
    තල් කොලයේ හෙවනේ ඉඳ වාඩිවෙලා
    මා දෙනෙතේ රැඳියන් සඳුනේ


    උණුසුම් හසරැළි කොතැනද මා දුටු
    නෑසිය පිරිවර කොතැනද මට සිටි
    තල් කොලයේ හෙවනේ ඉඳ වාඩිවෙලා
    මා දෙනෙතේ රැඳියන් සඳුනේ


    තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නා
    යක
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇය හද ගැස්මේ සඟවා...
    සිහිනයකට පෙම් කරලා...
    දුක විතරක් තුරුලු කරන්...
    ඔහු යනවා ඈ සොයලා...

    නුඹ වේ...මා හිමි කාරියේ..
    .
    නුඹ වේ....මා පැතු ලෝකයේ...
    නුඹ වේ...මා දුටු සිහිනයේ...
    නුඹ වේ...මගෙ මුලු ජීවිතේ...

    සිත සැලුනා...නුඹ හින්දා...
    නෙතු හැඬුවා...දුක හින්දා...

    ඔය දෙතොලෙ ආදරෙන් සිප ගන්න දැවටෙන්න...
    පැහැදුල් නුවන් සඟලේ මට ඉන්න ඉඩ දෙන්න...
    සියපතක පෙති අතරේ දැනෙන සුව විඳ ගන්න...
    කවදාද ඔබ එන්නේ මගෙ හිතට සැනහෙන්න...

    සිත සැලුනා...නුඹ හින්දා...
    නෙතු හැඬුවා...දුක හින්දා...

    -Centigradz-
     
    Last edited:
    Status
    Not open for further replies.