පද පේලි .....

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
- Broken Angel (Feat. Helena)

I'm so lonely, broken angel
I'm so lonely, listen to my heart

I have loved you
Don't let my eyes cry
No, I can't
Without you I'm depressed

I'm so lonely, broken angel
I'm so lonely, listen to my heart
One and only, broken angel
Come and save me, before I fall apart

Where ever you are I'm beside you
To the end, I'm crazy of you
You, you don't know that you are my life
Come back to me

I'm so lonely, broken angel
I'm so lonely, listen to my heart
One and only, broken angel
Come and save me, before I fall apart

La la leyli la la leyli la laaa...

I'm so lonely, broken angel
I'm so lonely, listen to my heart
One and only, broken angel
Come and save me, before I fall apart

I'm so lonely, broken angel
I'm so lonely, listen to my heart
One and only, broken angel
Come and save me, before I fall apart

La la leyli la la leyli la laaa...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොවේ කොයි කාටත් හොරෙන්
    ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
    ඔබේ සිත් යහනේ

    නින්ද නොමැතිව ඉඳින විට ඔබ
    කවුළු දොර ලඟ මඟ බලා
    සුළං රැල්ලේ එතී එන්නම්
    මුවැත්තියෙ මා ඔබ සොයා

    ලොවේ කොයි .............

    සුසුම් කවි ගී සෙමින් මුමුණන
    ඔබේ තනි නොතනිය මකා
    ලසඳ කැල්මේ වෙලී එන්නම්
    රුවැත්තියෙ මා ඔබ සොයා

    ලොවේ කොයි .............


    ගායනය :- රෝහන සිරිවර්ධන
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගෙ හිත පිරී තිබෙන්නේ
    ඔබ ගැන සිතිවිල්ලෙන්
    වෙන කිසිවකු ගැන හිතන්න
    ‍හදවතට ඉඩක් නැහැනේ


    මගෙ නෙත රැඳී තිබෙන්නේ
    ඔබගේ සඳ මුහුණයි
    වෙන කිසිවකු ගැන දකින්න
    ‍දෙනුවනට ඉඩක් නැහැනේ


    අප ළං කරවා කාලය පියඹා
    ආලය ගැන විමසයි
    කවුරුන් වේවා හමු වූ මොහොතේ
    මට ඔබ ගැන පවසයි


    කඳුළැල් මැදුරේ හසරැල් නැවතී
    සෙනෙහස ගැන පවසයි
    පීදෙන පියුමන් දළුලන තුරුවැල්
    මට ඔබ ගැන පවසයි
    වසන්තය කියන්නේ ඔබටයි මටයි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
    මමවත් නොදනිමි මා ආ කාරිය

    ඔබේ ලසෝ ගිණි තැවුල් නිවාලන
    ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙන
    මදෙස බලා ඉනු මැන කරුණාවෙන
    එයයි මගේ ගිම් නිවන නවාතැන

    කියන්න මගෙ සුදු පුංචි කුමාරය
    මා හමුවන්නට මෙහි ආ කාරිය
    අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
    මමවත් නොදනිමි මා ආ කාරිය

    දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
    කුමට මගේ පිළිසරණ පතන්නද
    දෙපා සතුන්ගෙන් බැට කන මා හද
    ඔබේ සරණ නිබඳව නොසොයාවිද

    කියන්න මගෙ සුදු පුංචි කුමාරය
    මා හමුවන්නට මෙහි ආ කාරිය
    අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
    මමවත් නොදනිමි මා ආ කාරිය

    වික්ටර් / නිරංජලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය රූ සෝභා දැක මනමාල හිත කැළඹුනා
    ‍හෘදේ ආශා ඉටුවී සිහින මල් පීදුනා
    මගෙ හිත බැන්ඳ දඟකාර මනමාලියේ
    ඔය රූ සෝභා දැක මනමාල හිත කැළඹුනා

    පින්වන්ති මාගේ සුරළඳුනි මාගේ
    ඔය දෑසේ කැල්මන් නුරා
    මගෙ පුංචි ලෝකේ මට සුව ගෙනාවේ
    ඔබ සුන්දරයි සෑමදා
    දෙනුවන් සෙවූ අංගනා
    නුඹ මගෙමයි මගේ අංගනා

    ඔය රූ සෝභා ................

    සුකුමාලි මාගේ දඟකාරි වාගේ
    සසරේ පුරා වාසනා
    සඳවතිය මාගේ තරු දිළෙන යාමේ
    නුඹ සනසවන්නම් සදා
    දෙනුවන් සෙවූ අංගනා
    නුඹ මගෙමයි මගේ අංගනා

    ඔය රූ සෝභා ................


    ගායනය :- සතිෂ් පෙරේ‍රා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු අත් අකුරින් ලියා එවමි
    ඔබට පෙම් පත
    ඔබෙ සෙවන පමණි
    මිහිපිට ඇති එක ම සම්පත

    මද පවන මොට ද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
    සඳ කිරණ මොට ද ඔ‍බ මගෙ තනියට ළඟ නැත්නම්
    හෙලිකරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
    පැල්පත ද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්

    තරු අත් අකුරින් ...........

    කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රිය කතේ
    කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
    ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙවනක එක ම පැල්පතේ

    තරු අත් අකුරින් ...........


    ගායනය :- වික්ටර් රත්නායක
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල් වරුසාවේ පාවී එන්නම්
    රෑ අඳුරේ...
    තරු කැට අතරින් ඔබ එනවානම්
    රැඳෙන්නම් සිහිනේ...
    පිනි වැස්සේ...
    සීත රැ‍යේ තනිකම නොදැනේ...
    නිල් ආකාසේ පාවී එන්නම්...

    පිනිදි‍ය ඉසිරුනු ගං ඉවුරේ
    දි‍ය රල බිඳුනේ ගී හඬසේ
    ඔබ මැවු සිහින පැ‍යේ...
    සෙනෙහේ දැනුනේ...
    මල් වරුසාවේ...
    පාවී එන්නම්
    ...

    -කසුන්, ඉන්ද්‍රචාප-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෙරදා තිබු ඒ කෙලිළොල් මුහුණේ
    හොටු කබ කඳුළින් කිළුටුව වැනසේ
    ජේත්තු විලාසිතා හැඩ එකලේ කඩමලු වැරිහල් වී ‍මෙකලේ
    ඊයම් කොලයේ උයනා පිහනා
    විසකුරැ මරැවා අදිනු එපා
    ආදරයෙන් නුඹ හැදු වැඩු මා පිය දෙදෙනා අකලේ මරනු එපා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
    හිත පාරමි පුරන්නෙ දුර ඈත් ඉඳන්ම
    උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
    මට අවසර නැත්ද ඇවිත් නෙලා ගන්නට

    ඇස ඉවතට ගන්නට පවා නොහැකි තරම්ම
    මගෙ හිත ඔබ ළඟ නැවතී මටත් හොරෙන්ම
    ලෙන්ගතු වූ ලය සුසුමින් සිදුරු කරන්න
    සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න

    පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක් විඳීන්න
    ආදරයේ නැවුම් සුවඳ අරගෙන එන්න
    මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
    දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැඟුම් මත් කලා ඉනුරා දෑසේ මා‍යා...
    නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා...
    ඉගිලී ගි‍යාදෝ ස‍යුරෙන් එහා...
    දුර ‍යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා...

    සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
    කොහෙදෝ මා දමා ඉගිලුනේ
    ...

    නිල්වන් ගැබේහී සඳ හැංඟුනා සේ...
    ඔබ එ‍යිද ආ‍යේ දෑස පේන මාන‍යේ...
    මල පරවුනා සේ නොපිපේද ආ‍යේ...
    හද රැන්දු සිහිනේ බොඳවේද මාගේ...
    හදවිලම සනසන්න දුක මගෙ නිවාලා
    ...

    සංසාර හීනේ ඔබ නේද මාගේ...
    මේ පෙම් කතාවේ ගිනි ඇවිලිනානේ...
    හමුවන්න ආ‍යේ පෙරුමන් පුරන්නේ...
    ගිනි දැවෙන ලෝක‍යේ මං තනිවෙලානේ...
    මුණගැහුන තැන තවම මම ඉන්නවා
    ...

    -රොමේෂ්-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්න මට දෙනව ද ඔබ රත්තරන් සඳක්
    ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්
    හිනහෙනකොට වල ගැහෙනා රෝස කම්මුලක්
    ඈට ඕන ඔබේ වගේ බෝල ඇස් දෙකක්

    ආදරේට තරහ වෙන්න තෑගි දීල හාදු ගන්න
    නිදිය ගන්න අපි දෙන්නට දෙපැත්තට කරන්
    දෙනව ද මට පුංචි රෝස මල් කුමාරියක්
    ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්

    කියන්න මට දෙනව ද ..............

    පුංචි ගවුම් පොඩිය ඇඳන් කොණ්ඩ කරල් දෙකක් බැඳන්
    පුංචි අතින් අපි දෙන්නට යන්නට අල්ලන්
    දෙන්නකො මට පුංචි රෝස මල් කුමාරියක්
    ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්

    කියන්න මට දෙනව ද ..............


    ගායනය :- අජිත් පෙරේරා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
    සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු
    සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
    සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු

    ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමු වුයේ
    කටු කොහොලින් පිරි කළල් දියේ මා තනිව මියෙද්දිය හමු වුයේ

    මින් පසු මං පෙත මලින් සදන්නෙමි ලතැවුල් සෝ ගී නෑ සැනසි
    එපමණක් නොව මේ සංසාරේ හෙට දින වුව මතු සංසාරේ

    මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එළබෙන දා
    කුළුදුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමු සසරෙන් නික්මෙන දා

    සංසිදුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුළුදුල් පෙමය සිතා
    එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංසාරගත ආදරයක් අරන් ඇවිත් බැඳුණූ
    නුඹේ සිතේ ආදරයයි හැමදාමත් දැනුණූ
    මගේ සිත ම නුඹෙ ආද‍රයෙන් පිරුණූ
    සංසාරෙම අපි බැඳී ඉන්න පතමූ

    හමුවී හැමදා දොඩමලූ වුණා දෙනෙත්
    කියාගන්න බැරි පැතුමන් තිබුණ ඉතින්
    හිත පැතුවත් හැමදාකම ඉන්න ළඟින්
    නෙත හැඬුවා නුඹ සිහිවී ලොවට හොරෙන්

    සංසාරගත ආදරයක් ..............

    සිතට නුඹ ගෙනත් ප්‍රේමයෙ සොඳුරු හැඟුම්
    නුඹ වෙනුවෙන් සිත හැමදා තනිවෙන්නම්
    නෙතට ළංව නුඹ මට හිමිවෙනවානම්
    මට හිමිවෙනතුරු මං බලා ඉන්නම්

    සංසාරගත ආදරයක් ..............


    ගායනය :- සම්පත් අනුරුද්ධ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෙම් කවක් ලි‍යූ නුඹ සිත් අහසේ
    එ‍ය මකා දමා ගි‍ය හැටි රහසේ
    නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
    පෙම් පුරාවතක්
    නිමා කරන්නද මා කෙලෙසේ

    නුඹ ‍යන්නම ‍යන්නම් ‍යනවානම්
    මට ඉන්න කි‍යන්නට බැහැනෙ ඉතින්
    ‍යලි එන්නම එන්නම හිතුනේ නම්
    නුඹ එන්න එපා මගෙ හිත තහනම්

    හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
    දුන් සතුව එපමණද මට පවසන්
    සඳ එලි‍ය පොලවට‍යි හිමි වූ‍යේ
    සඳ අහසෙ තිබුනාට රත්තරනේ


    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලස්සන සිනාව නූබේ මුවේ
    මගේ හදවත දුර අරං ගියේ

    පාර කියනවද අසයි එන්නට

    නාවාතැනට හඳ රැදුනු මගේ………..

    ආලවන්ත නිල් නුවන් කථා කර

    මොනවද රහසින් ඉඟි කෙරුවේ……….
    මටත් හිතයි රස රහස් කියන්නට
    දෙනෙත් වලින් බෑ නුඹට වගේ

    ලස්සන සිනාව………..


    සඳක් වෙලා හිත් අහසට එනවද

    පාළු මකා ගණ අදුරු රැයේ………
    තරු මඩලක් වී ලඟින් ඉදින්නම්
    දෙනෙත් වලින් බෑ නුඹට වගේ


    ලස්සන සිනාව………..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    sadgirl.jpg


    හිත රිදවනා සුසුමක් වගේ...
    නෙත හඬවනා කඳුලක් දිගේ...
    හැබැහින් නැතත් හීනෙන් වගේ...
    ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ...
    නුඹ ළඟ නැතිදා...

    හිත දුවනවා හැමතැන මගේ...

    නෙත පිරෙනවා සුවඳින් ඔබේ...
    බැලු බැලු අතේ නුඹෙ රුව වගේ...
    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ...
    නුඹ ළඟ නැතිදා...

    හිත දවනවා මතකය ඔබේ...

    දින ගෙවෙනවා හීනෙන් වගේ...
    දවසක ඇවිත් ළඟටම මගේ...
    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ...
    නුඹ ළඟ නැතිදා...


    -Sanka Dineth-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආලයේ නාමයෙන් නොහඬනා
    ඔබට මම ආදරෙයි...
    ආලයෙන් අන්ධ වී නැති නිසා
    ඔබට මම ආදරෙයි...


    හැම දිනම සුභ දිනක් සේ සිතනා...
    රස නොසුන් බස් සවන් හි රඳනා...
    සිය ගෙපැළ සුර විමන සේ දකිනා...
    අභරණින් මා සිරුර නොසරසනා...


    ලොව සියළු ගැහනුන්ට ගරු කරනා...
    වරද දුටුතැන කිපී බැණ නැ‍ඟෙනා...
    සිනාසෙනවිට ඈත සිට බලනා...
    හඬන විට මා අසළ තනි රකිනා...

    නන්දා මාලිනි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    I know sometimes things may not always make sense to you right now
    But hey, what daddy always tell you?
    Straighten up little soldier
    Stiffen up that upper lip
    What you crying about?
    You got me

    Hailie I know you miss your mom and I know you miss your dad

    Well I'm gone but I'm trying to give you the life that I never had
    I can see you're sad, even when you smile, even when you laugh
    I can see it in your eyes, deep inside you want to cry
    Cause you're scared, I ain't there?
    Daddy's with you in your prayers
    No more crying, wipe them tears
    Daddy's here, no more nightmares
    We gon' pull together through it, we gon' do it
    Laney uncles crazy, ain't he?
    Yeah but he loves you girl and you better know it
    We're all we got in this world
    When it spins, when it swirls
    When it whirls, when it twirls
    Two little beautiful girls
    Lookin' puzzled, in a daze
    I know it's confusing you
    Daddy's always on the move, mamma's always on the news
    I try to keep you sheltered from it but somehow it seems
    The harder that I try to do that, the more it backfires on me
    All the things growing up his daddy that he had to see
    Daddy don't want you to see but you see just as much as he did
    We did not plan it to be this way, your mother and me
    But things have gotten so bad between us
    I don't see us ever being together ever again
    Like we used to be when we were teenagers
    But then of course everything always happens for a reason
    I guess it was never meant to be
    But it's just something we have no control over and that's what destiny is
    But no more worries, rest your head and go to sleep
    Maybe one day we'll wake up and this will all just be a dream

    Now hush little baby, don't you cry

    Everything's gonna be alright
    Stiffen that upper lip up little lady, I told ya
    Daddy's here to hold ya through the night
    I know mommy's not here right now and we don't know why
    We fear how we feel inside
    It may seem a little crazy, pretty baby
    But I promise momma's gon' be alright

    It's funny

    I remember back one year when daddy had no money
    Mommy wrapped the Christmas presents up
    And stuck 'em under the tree and said some of 'em were from me
    Cause daddy couldn't buy 'em
    I'll never forget that Christmas I sat up the whole night crying
    Cause daddy felt like a bum, see daddy had a job
    But his job was to keep the food on the table for you and mom
    And at the time every house that we lived in
    Either kept getting broken into and robbed
    Or shot up on the block and your mom was saving money for you in a jar
    Tryna start a piggy bank for you so you could go to college
    Almost had a thousand dollars til someone broke in and stole it
    And I know it hurt so bad it broke your momma's heart
    And it seemed like everything was just startin' to fall apart
    Mom and dad was arguin' a lot so momma moved back
    On the Chalmers in the flat one bedroom apartment
    And dad moved back to the other side of 8 Mile on Novara
    And that's when daddy went to California with his CD and met Dr. Dre
    And flew you and momma out to see me
    But daddy had to work, you and momma had to leave me
    Then you started seeing daddy on the T.V. and momma didn't like it
    And you and Laney were to young to understand it
    Papa was a rollin' stone, momma developed a habit
    And it all happened too fast for either one of us to grab it
    I'm just sorry you were there and had to witness it first hand
    Cause all I ever wanted to do was just make you proud
    Now I'm sitting in this empty house, just reminiscing
    Lookin' at your baby pictures, it just trips me out
    To see how much you both have grown, it's almost like you're sisters now
    Wow, guess you pretty much are and daddy's still here
    Laney I'm talkin' to you too, daddy's still here
    I like the sound of that, yeah
    It's got a ring to it don't it?
    Shh, momma's only gone for the moment

    And if you ask me too

    Daddy's gonna buy you a mockingbird
    I'mma give you the worldI'mma buy a diamond ring for you
    I'mma sing for you
    I'll do anything for you to see you smile
    And if that mockingbird don't sing and that ring don't shine
    I'mma break that birdies neck
    I'll go back to the jeweler who sold it to ya
    And make him eat every carat don't fuck with dad

    -EMINEM-
     
    Status
    Not open for further replies.