පද පේලි .....

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
    මතක රැස් වෙලා හිත අයාලේ ගියා
    හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
    ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

    කෙටි කාලයකින් හමුවී
    මගෙ ජීවිතයට පැමිණි
    ලස්සනම සිහිනෙකි ඔයා..

    මේ සීත වස්සානේ පාළුව දවන්නේ
    තනිකමයි හදවත සරන්නේ
    මේ අන්ධ හිත මානේ මතකය තැවෙන්නේ
    සෝ සංකා හිරිහැර කරන්නේ

    සඳ නේන රෑ යාමේ සසලව හිඳින්නේ
    කළුවරයි දසතින් හමන්නේ
    වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවන්නේ
    ඔබ කොහේදෝ හිඳින්නේ

    -Nirosha Virajini-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ සුන්දරයි
    ඔබෙ ආලෝකෙන් මා දිළෙයි
    මගෙ හදවතේ ඔබෙ ආදරේ
    නිවි නිවි දිළෙනා තරුවක් සේ බබලයි

    මගෙ හදවත දිනුවේ ඔබගේ සැබෑ ප්‍රේමයයි
    ජීවි‍තයේ දුක් දුරලා ඔබ ආලෝකමත් කරයි
    ආදරේ ආදරේ ආදරේ ආ‍දරේ
    ඔබමයි මා සැමදාමත් පැතුවේ

    ආදරේ සුන්දරයි ...............

    ඔබ නැති මේ ලෝකය මට අඳුරුයි නිහඬයි
    සඳ නැති අහසක් වාගේ ඔබ නැතිනම් මට පාලුයි
    ආදරේ ආදරේ ආදරේ ආ‍දරේ
    ඔබමයි මා සැමදාමත් පැතුවේ

    ආදරේ සුන්දරයි ...............

    මල් පිපී පෙති සැලී සුළගේ පාවී යාවිදෝ
    හද බිඳී කඳුළු දී ඔබ ඉගිලී යාවිදෝ

    ආදරේ සුන්දරයි ...............


    ගායනය :- බිලී ප්‍රනාන්දු
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ..
    මගෙ හද දිනු ආදරය සොරාගෙන
    වෙනකෙකු නොවැ අද ඉන්නෙ..
    :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    no lady, it's prince..his dad died and everything..

    ඒ ඔය සිංදුව නෙමෙයි. ඒක "සුදු මල් ‍පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ළඟ තනිවී"
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදු මල් පොකුරක් අතින් තුරුළු කර
    කවුරුද හොර රහසෙම හැඬුවේ..
    :eek:

    සිතුවිලි ගංඟා දෙනෙතෙහි ඇඳිලා
    කඳුළක් වී සුළගේ පාවේවා
    සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
    ආදරයට සිවු වසරක් ගෙවුණා

    රතුමල් කළඹක සුවඳ ගලා ගිය
    මනරම් වූ ඒ හැන්දෑවේ
    සුදුමල් අහුරක් අතින් තුරුළු කර
    කවුරුද හොර රහසෙ ම හැඬුවේ
    කාට ද පෙම් ලොව දුක දැණුනේ

    සිතුවිලි ගංඟා ..............

    පෑයූ රන්දේදුනු නිල් අහසේ
    වැහිකෝඩෙන් සැඟවී යනවා
    මනමාලියෙ ඔබෙ විකසිත පැතුමන්
    පවුකළ දෑසින් පාරනවා
    රෑ සඳ මගෙ තනියට එනවා

    සිතුවිලි ගංඟා ..............


    ගායනය :- චන්දන ලියනාරච්චි







    :yes::yes::D


    I was just trying to make a joke which was obviously lost on the bunch of you :)


    එළ එළ :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රූ සිරිය ඈගේ දෙව්ලියක වාගේ
    නෙත් බඳින මාගේ ඇය විලේ පියුම වාගේ
    රෑ අඳුරු යාමේ ඒ සොඳුරු දෑ‍සේ
    කී රහස මාගේ මුළු ජීවිතේ ම පෑහේ

    සිතේ ඇල්ම පාලා දිගු නෙතේ කැල්ම දීලා
    මගේ පාලු ලෝකේ තනි මැකූ සහය වීලා
    සොයා ආ ලෙසේ ජීවන මගේ පා තබාලා
    පිදූ ආදරේ මා වෙත මැකීලා නොයේවා

    රූ සිරිය ඈගේ ..............

    දුකේ හෝ සැපේදී එක ලෙසින් සිත් බැඳීලා
    මගේ දිළිඳු ලෝකේ ඔබ මැණික් පහන වීලා
    සදාකල් මගේ ආදර ලොවේ රැජින වීලා
    ඔබේ වාසනාවේ පින මටත් ළං කෙරේවා

    රූ සිරිය ඈගේ ..............


    ගායනය :- වර්නන් පෙරේරා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඇරඹුමත් මගේ යයි කියා
    ඔබ නිමාවක් සටහන් කලා
    මම ගෙවා ආ දුර වැඩි නිසා
    මගේ ජිවිතේ මට නැති උනා

    දෙවොල පල නෑ දෙව්දු නැති දා
    භාවනාවෙන් ඇහැරුනා
    ඔබම පමණක් නොවේ මේ මහා විශ්වයේ
    සියලු දේ නැති වී ගියා

    අහස පල නෑ හිරු අහිමි දා
    වසන්තය නිම වී ගියා
    සබද ඔබ ගිය නමුත් ඔබේ මතකය ඇවිත්
    මගේ හිත ලග නැවතුනා

    ඇරබුමත් මගේ යයි කියා
    ඔබ නිමාවක් සටහන් කලා
    මම ගෙවා ආ දුර වැඩි නිසා
    මගේ ජිවිතේ මට නැති උනා

    ගායනය - අමල් පෙරේරා සමඟ කුෂානි සඳරේඛා

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    (When this began)
    I had nothing to say
    And I get lost in the nothingness inside of me
    (I was confused)
    And I let it all out to find
    That I’m not the only person with these things in mind
    (Inside of me)
    But all that they can see the words revealed
    Is the only real thing that I’ve got left to feel
    (Nothing to lose)
    Just stuck, hollow and alone
    And the fault is my own, and the fault is my own

    I wanna heal, I wanna feel what I thought was never real

    I wanna let go of the pain I’ve felt so long
    (Erase all the pain till it’s gone)
    I wanna heal, I wanna feel like I’m close to something real
    I wanna find something I’ve wanted all along
    Somewhere I belong

    And I’ve got nothing to say

    I can’t believe I didn’t fall right down on my face
    (I was confused)
    Looking everywhere only to find
    That it’s not the way I had imagined it all in my mind
    (So what am I)
    What do I have but negativity
    Cause I can’t justify the way, everyone is looking at me
    (Nothing to lose)
    Nothing to gain, hollow and alone
    And the fault is my own, and the fault is my own

    I will never know myself until I do this on my own
    And I will never feel anything else, until my wounds are healed
    I will never be anything till I break away from me
    I will break away, I'll find myself today

    -Linkin park-

    11.gif
    11.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නුඹේ සිත හිස් අහසක්

    නුඹේ සිත හිස් අහසක්
    මගේ සිත කවි දහසක්
    ලං නොවි අප දෙදෙනා
    කවදාක හෝ සංසාරයේ

    නුවර එළි සිසිලයි
    නුඹේ රිය ඇතුලේ
    අදුරු වීදුරුවෙන්
    ඇතුළ පිට නොපෙනේ
    මේ අනග රැගුමේ
    අවසනදී මා වේද ගොදුරක්

    නුඹේ සිත හිස් අහසක් ...............

    ඔබ මට සෙනේ නම්
    ඇයි ලොවට රහසින්
    අසම්මත ඇරයුම්
    දෑසින් කරන්නේ
    මේ අනග රැගුමේ
    අවසනදී මා වේද ගොදුරක්



    සශිකා නිසංසලා කිව්වට මේක කොල්ලෙක්ට උනත් කියන්න පුලුවන් නෙ:nerd:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අවපස අසහක තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ ඉම ඔබ රැදුනේ

    මාවත අවහිර නිමවා
    දළ රළ පෙළ සැතපෙනවා
    සැල මුතු සෙනෙහස මද පවනක් වී
    ගැඹරේ නිම මුමුණනවා

    දෝතක අසෙනිය ගවසා
    ඔබ පෙර මග හිනැහෙනවා
    විකසිත සිහිනේ සුභ කවියක් සේ
    දෙනෙතේ සිත ලියැවෙනවා

    සුනිල් එදිරිසිංහ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොලොම් තොට නැත මහලු වී
    අවන්හල නැත පැරණි වී
    එදා හඬ ම‍යි එහෙත් අප දෙදෙනා
    බලන් කැඩපත සොඳුරි‍යේ


    පෙරුම් පුරමින් හමුවෙලා
    උනුන් රහසින් බැන්ද ආදර පෙම්
    බලන් කැඩපත සොඳුරි‍යේ
    පාට වත්සුනු දෙකොපුලින් පිසදා

    කුඹ ගසක් උඩ නැවතිලා
    සිනා සලමින් සඳේ ඇ‍යි සරදම්
    බලන් කැඩපත සොඳුරි‍යේ
    කුමන අරුමෙද නරකෙසක් නැගිලා

    - අමරදේව-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීනයක්ද මේ නිල් මැණික් දෑස ළංවෙලා
    නෑ ඉතින් අනේ ප්‍රේමයත් ගීතයක් වෙලා
    සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුණා
    සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් වුණා

    දෝරෙගලා යන කදුළු ගංඟා සිඳී
    දෑස් මායිමේ ඔබෙ රුව මත මල් ‍පිපේ
    කාලයෙන් කියාදුන් නේක සෝ දුක් නිවී
    පීරු අහසේ තරු මල් දැන් ඇත විකසිත වී
    මා සුපෙම් ප්‍රියාවියේ මේ පණ නලත් ඔබේ

    හීනයක් ද මේ .............

    මගේ ළයේ ඔබෙ සුසුම් රෑනක් එතී
    කීව දොම්නස් ගීත ගොන්නක් හඬාවැටේ
    සිනා ගෙනා ඔය දෑස් කැල්මෙන් මිදී
    කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී
    මා සුපෙම් ප්‍රියාවියේ මේ හදවතත් ඔබේ

    හීනයක් ද මේ .............


    ගායනය :- ප්‍රසංග තිසේරා හා සශිකා නිසංසලා ජයසුමන
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කන්ද උඩින් එන කිකිනිය ගෝමරියේ . . . . නලල් පටින් . . .

    මහ රෑ යාමේ . . මේ ඇල් හේන . . .
    තනියෙම සීපද කියනු අසා. . .
    වෙහෙස දරාගෙන . . පාර අසාගෙන . . .
    ආවෙමි අඳුරෙම ඔබව සොයා . . .

    සීපද රාවේ සවනත වැටිලා ඉන් මත් වීලද ඔබ ආවේ . . .
    ඉන් මත් වීලද ඔබ ආවේ . . .
    මහ රෑ තනියෙම මේ ලෙස එන්නට . . .
    හොඳ නෑ ඇයි එය නොසිතූවේ . . .

    ඔබෙ සීපද මට හරි මිහිරියි . . .
    මෝරන සෙනෙහස යයි ඉතිරී . . .
    කියන්න සීපද රස කරලා . . .
    අහන්න ඒවා සැනසෙලා . . .
    ඔබ කියනවනම් . . අසා සිටින්නම් . ..
    ඔබේ දෙපා මුල සැතපීලා . . .

    අඳුරයි සුලඟයි අපව වටා . . .
    තනි රකිනවා ආදරය සොයා . . .
    දිවි ගංගාවේ . . ඔරුවයි හබලයි . . . .
    වාගේ නැළවෙමු සුවය පතා . . . .


    දයාරත්න රරණතුංග මහතා සමගින් අමරා රණතුංග මහත්මිය
     
    Status
    Not open for further replies.