පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ

හෙට ද දවසකි
හෙට මේ ලෙස ම හිරු නැෙඟ්
නොයනු මැන ප‍්‍රියේ
පොදි බැඳ තිළිණ ඔබ මගේ

සිසිලෙ උණුසුමේ
මම ඔබ ළඟ සිටින්නෙමී
විසිර ගිය කුසුම්
පෙති දෝතට අරන් එමී

හඬ - මිල්ටන් මල්ලවාරච්චි


 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැමදා ඔබ ළඟ ඉන්නම්
    මගේ කියා රැකගන්නම්
    නිල්මිණි දෑසින් මදෙස බලන විට
    මගෙ ආදරේ පවසන්නම්
    ඔබට ම සෙනෙහෙ පුදන්නම්

    දෑඟිලි බැඳ අප එකම රන් හුයෙන්
    මතු කවදා හෝ එකතු වෙමූ
    එතුවක් අපගේ සෙනෙහේ නාමෙන්
    පැතුම් පුරාගෙන අපි ඉඳිමූ

    සැමදා ඔබ ළඟ ...............

    එක සිත ඇතිනම් අපමණ බාධක
    ආවත් කම් නෑ මුහුණ දෙමූ
    මතු භවයේ නොව මේ භවයේදි ම
    එකට එක්වෙලා සිනාසෙමූ

    සැමදා ඔබ ළඟ ...............


    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
    හදවතක නොවෙයි මේ තරම් සුසුම්
    මට කියනවාද මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්

    මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන
    සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
    දුක හඬන හැඬුම්
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

    සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්

    -
    Dayan Witharana-
     
    • Like
    Reactions: prageeth119lk

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    To obscure me in colourless thoughts,
    Granting me with visions of woe.
    Seeking the end, and yearning for nothingness.
    Trapped in the vacuum, the silent void of life.
    The pale, cold skin opening,
    Releasing more than blood, Abysmal silence and misery
    I tear my rotten flesh. This cryptic loneliness
    Hunting me down. I give in and embrace my end.
    Only closer do I wish it would come. Utter demise is
    Where I stray, towards that dreary, Death filled day.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ
    හිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ
    හැබැහින් නැතත් හීනෙන් වගේ ඇයි දැයි කියන්නකෝ මා හැරගියේ
    නුඹ ලඟ නැති දා ////

    හිත දුවනවා හැමතැන මගේ හිත පිරෙනවා සුවදින් ඔබේ
    හිත දුවනවා හැමතැන මගේ හිත පිරෙනවා සුවදින් ඔබේ
    බැලු බැලු අතේ ඔබෙ රුව වගේ
    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ
    නුඹ ලඟ නැති දා ////

    හිත දවනවා මතකය ඔබේ
    දින ගෙවෙනවා හීනෙන් වගේ
    හිත දවනවා මතකය ඔබේ
    දින ගෙවෙනවා හීනෙන් වගේ
    දවසක ඇවිත් ලඟටම මගේ
    මොහොතක් ඉදින්නකො ඉස්සර වගේ
    නුඹ ලඟ නැති දා ////
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක්
    ගෙනත් තියා ...
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ
    කොහෙද දුර ගියා ...

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා ..

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා ... ♫♫
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක්
    ගෙනත් තියා ...
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ
    කොහෙද දුර ගියා ...

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා ..

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා ... ♫♫

    :love::love:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Never opened myself this way
    Life is ours, we live it our way
    All these words I don't just say
    And nothing else matters

    Trust I seek and I find in you
    Every day for us something new
    Open mind for a different view
    And nothing else matters

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රහසෙ හඩනා අප හැගුම්,
    ලොව නෑ දන්නෙ අප පැතුම්...
    ලා සදු පායනා රෑයෙ,
    දිලිසේ තරු සේ තනි වි තැවෙනා පෙම් සුසුම්...♫♫
     
    • Like
    Reactions: amila_90210

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ඔබ මා හමු උන මේ ඉර හද යට..
    කොතැනක සිටියත් මා මල දවසට..
    මගෙ ලග තනියට ඉනු මැනවී..
    මගෙ ලග තනියට ඉනු මැනවී....

    ඔබ සිත මා සිත හමුවූදා සිට..
    මා ලය පීදී පරවූ පෙම් මල..
    සිතින් තුරුලු කර මා මල දවසට
    මගෙ ලග තනියට ඉනු මැනවී..
    මගෙ ලග තනියට ඉනු මැනවී....

    කදුල සුසුම නොහෙලා නොදොඩා අපි..
    මිරිගු සයුර වෙත පියමන් කල සැටි..
    සිතින් දරාගෙන මා මල දවසට..
    මගෙ ලග තනියට ඉනු මැනවී..
    මගෙ ලග තනියට ඉනු මැනවී..
     
    Last edited:

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යළිත් කියන්නට
    ඔබ මා හමුවේ නම්
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආදරේ දිලිසේ..
    මිණි පහන සේ
    පහන් තුර මුදුනේ
    දිලිසේ දිලිසේ දිලිසේ ආදරේ
    පළදා හිස මුදුනේ රන්කිරුළ සේ
    ආදරේ..


    -අමරසිරි පීරිස්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හඬවන්නෙ ඇයි මාව රහසින්
    සඟවන්න ඔය නුරා බැල්මන්
    තහනම් ගීතයේ දෑස යා වුණේ
    සනසන්න ඔය දෙතොල් පහසින්
    නැළවෙන්න මා ගාව රහසින්
    තහනම් නේද මේ මැරුණු ආත්මයේ

    සීමා නෑ... මායිම් නෑ...
    දෑසින් කී කතා නිමා වෙන්නෙ නෑ
    සීමා නෑ... මායිම් නෑ...

    තරු ඇස්‌ කී කතා නමක්‌ දුන්නෙ නෑ
    හැම රෑම ළඟ ඉන්න සිහිනෙන්
    සැනසෙන්න ඉඩ දෙන්න සුවඳින්
    එක්‌ටැම් ලොවක නෑ,පැතූ ආදරේ
    හුරතලෙන් දැවටෙන්න ආසයි
    හිත ළඟම තනිවෙන්න ආසයි
    සරදම් ඕන නෑ. පාළු ජීවිතේ....

    සීමා නෑ.....

    තරු ඇස්‌ කී කතා නමක්‌ දුන්නෙ නෑ
    නන්නාඳුනන ලෙසින් ඔබ ඉන්නෙ ඇයි දුරින්
    උතුරනා ආදරෙන් තෙමන්නදෝ ලවන්
    රෑ අහසේ පායන තරු අසන්නේ කෝම මං
    පියා ගන්නෙමි ඇස්‌ යන්න හීන අරන්

    සීමා නෑ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රත්ත‍රනේ ඔබේ ළඟින් ඉන්නට ඇත්නම්
    දුකක් නොදී මගෙ පණ සේ ඔබ රැකගන්නම්
    සංසාරේ පුරාවට ම ආදරෙ වන්නම්
    ජීවත්වන තුරාවට ම ඔබ ළඟ ඉන්නම්

    සිනාසිසී ඔබ ඇවිදින් මගේ ළඟට දැන්
    තුරුලු වෙලා ඉන්න විටදි ගැලී ප්‍රේමයක්
    ඔබ වෙනුවෙන් හැමදාමත් පැතුම් පොදි බැඳන්
    මගේ තිබෙන ආදරෙ මං ඔබට පුදන්නම්

    රත්තරනේ ...................

    සැමට හොරා ඔබ ආවත් සඳපානේ ඉතින්
    මටත් හොරා ඔබයි මගේ තුරුලට ඇවිදින්
    මගේ සිතේ ඔබට තිබෙන ආදරේ උතුම්
    අඩු වෙන්නෑ රත්තරනේ කවදාවත් ඉතින්

    රත්තරනේ ...................


    ගායනය :- ශෂී ගයාංගනී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිනාසෙන්න මිහිරියාව වස්‌සලා සිතින්
    බලා ඉන්න දිවිතුරාම නෙත් හෙලා ළඟින්
    ජීවිතේම කැප කලාම ආදරේ නමින්
    වෙන් නොවීම ලංව ඉන්න කූඩු වී පෙමින්

    සමනළ විමානේ සිත වන්දනාවේ
    මුතු හීනයේ සිටියේ නුඹයි කුමරුනේ
    සිත හුදකලාවේ සක්‌මන් තලාවේ
    නුඹ රුව සොයා මා වෙහෙසුනා තුන් පැයේ

    නෙත් පෙනෙන මානේ
    නුඹ ඉන්න ඕනේ
    සංසාරයේ මා හා සෙවනැල්ල වීලා

    ආදර කතාවේ පෙම්බර ලතාවෙන්
    හිරු සඳු පවා දිලුනේ අපෙන් කුමරුනේ
    වෙන්වන වෙලාවේ පියමන් තලාවේ
    සුවඳින් වෙලී මා තනි උනා ලෝකයේ

    නෙත් පෙනෙන මානේ
    නුඹ ඉන්න ඕනේ
    සංසාරයේ මා හා සෙවනැල්ල වීලා


    ශශිකා නිසංසලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙම් කවියක් ඔබ ආදරේ
    රන් පහනක් ඔබ ජීවිතේ
    නිල් තරුවක් ඔබ මා නෙතේ
    මල් දෙවැටක් ඔබ මාවතේ

    රත්තරන් සුපෙම් කතන්දරේ
    ඔබයි මමයි සඳයි රැයයි වගේ
    අදයි හෙටයි නොවේ නිරන්තරේ
    මලයි විලයි වගේ ළඟින් ‍රැඳේ

    පෙම් කවියක් ඔබ ...........

    මං තරම් ඔයාට ආදරේ
    උපන් තවත් කෙනෙක් ලොවේ නැතේ
    හිරුයි තරුයි පවා දනියි අපේ
    සිතුම් පැතුම් පැතූ අතීතයේ

    පෙම් කවියක් ඔබ ...........


    ගායනය :- සමිත් ‍ෆොන්සේකා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කඳුලැල් උහුලන් හිත ගැල් වූ වේදනා
    විඳිමී රහසින් පෙර මතකයේ එල්ලිලා
    ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා
    තනිවී විඳිමී ආදරයේ වේදනා

    කෙටි කලකදී මේ හිතට වී පෙම් හැඟුම් අවුලුවා
    රහසේ සැඟවී ඈතටම වී නෙත හොයයි කෝ කියා
    නොසිතු මොහොතේ ගියත් මා හඬවලා
    නැවත එනකල් බලා ඉන්නම් සදා

    හඬා වැලපී දවස ගෙවමී පැතූ හීනෙට වෙලා
    හුස්ම වැටෙනා තුරා හිඳිමී තවත් හිතකට නොයා
    නොසිතු මොහොතේ ගියත් මා හඬවලා
    නැවත එනකල් බලා ඉන්නම් සදා

    කඳුලැල් උහුලන් හිත ගැල් වූ වේදනා
    විඳිමී රහසින් පෙර මතකයේ එල්ලිලා
    ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා
    තනිවී විඳිමී ආදරයේ වේදනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දකින දකින කෙ‍ල්ලො ඇසුරු කරන
    කොල්ලන් ඕනෑ නෑමයි
    කෙල්ලන් මුලාවේ
    දාලා හිනා වේ

    ඉස්කෝලේ යන වේලේ පාරේ තොටේ
    මනමාල ගතිපාලා පස්සෙන් ‍වැටේ
    සෙනෙහේ පෙන්වාලා
    තෑගි බෝග ගෙන දීලා
    වදයෙන් පොරයෙන් පස්සෙන් ඇවිදින්
    කෙල්ලන්ගේ හිත අරගන්නේ
    දවසින් දෙකකින් විහි පෙම් බිඳිමින්
    වෙන කෙල්ලක් පසුපස යන්නේ

    දකින දකින .....

    මේවාගේ බොරුකාර පෙම්වන්තයෝ
    දුටුවහම ගැලවෙන්න පෙම්වන්තියෝ
    ආඩම්බර වෙන්න
    ඔවුන් දිහා නොබලන්න
    පස්සෙන් ඇවිදින් ඔච්චම් කෙරුවත්
    තරහෙන් වාගේ ඔබ යන්න
    අඬලා දොඩලා දුක් ගී ගයලා
    මොනවා කීවත් නොඅසන්න

    දකින දකින .....


    ගායනය :- ඉන්ද්‍රානි පෙරේ‍රා
     
    Status
    Not open for further replies.