පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
අදහන්න බෑ ඔබද මේ
සිඳලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
ආදරේ විශ්මය කිමැයි
ඔබ නේද මා හා කියූවේ
සුසුමින් ගෙතූ වදනින් නොවූ
කවියක්ද ඒ ආදරේ...
ගිම්හානයේ සුහුඹුල් සඳේ
නෑඹුල් මලක් රහසින් සැලී
මල් සැඟවුනා පෙති හැකිලුනා
සඳ සැඟවුනා තරු වැලපුනා
අසරණ වෙලා මා නෙතු දිය වුණා
පිනි බිංදුවේ විහඟුන් තුඩේ
සැඟවී ගියාදෝ කවිවැල් ගෙතූ
මේ බිම් තෙරේ නිල් තුරු ඉමේ
සලකුණු මැකී නෑ සුවඳැල් සැලේ
කඳුලක් ගලා මා ජීවිතේ
අදහන්න බෑ ඔබද මේ
සිඳලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
ආදරේ විශ්මය කිමැයි
ඔබ නේද මා හා කියූවේ
සුසුමින් ගෙතූ වදනින් නොවූ
කවියක්ද ඒ ආදරේ..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ
    ඔබ සිහිවී කඳුළු රැඳී තිබුණා මගෙ දෑසේ
    පසුතැවෙනා සිත මාගේ වාවන්න ද කෙලෙසේ

    ආත්මයෙන් ආත්මයේ ඔබේ ළඟින් රැඳෙන්නෙමී
    රකිමි ආදරෙන් මාගේ පණ වගේ
    පැතුමන් පතන්නෙමී

    සඳ බොඳවී යන විටදී .................

    සාගරේ තරම් කියූ විශාල වූ ආදරේ
    බිඳුණෙ මා ඔබේ සිතේ හැඟුම් ගැන ළඳේ
    හඳුනා නොගත් නිසා

    සඳ බොඳවී යන විටදී .................


    ගායනය :- අජිත් පෙරේරා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෑස තෙමිලා හීන පෙඟුනා
    ඔබට තිබු ආදරේ හින්දා
    ඔබම පතලා සිතැඟි ගලපා
    ආදරේ ටජ් මහලක් බැන්දා

    සුවඳ හමනා සුළඟකට මා

    ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
    හිතද හැදුනා දුකද දැනෙනා
    වෙනතකට ජීවිතේ දුන්දා

    දෑස තෙමිලා හීන පෙඟුනා

    ඔබට තිබු ආදරේ හින්දා

    දුක නැල්ලූ ආදරේ

    උණුසුමෙන් ඈත් නොවේ
    අමතක කලත් මෙසේ
    මතකේ හෙටත් තියේ
    පිළිගන්න බෑ ලඳේ
    පලිගන්න නම් නොවේ
    එහෙනම් වෙනස් වුනේ
    දෛවයයි වෙන් කලේ

    දෑස තෙමිලා හීන පෙඟුනා

    ඔබට තිබු ආදරේ හින්දා

    ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ

    ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
    සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
    අදහන්න බෑ සත්තයි ප්‍රියේ

    දෑස තෙමිලා හීන පෙඟුනා...



    ගායනය : ඉන්ෆාස් ,ඉරාජ්


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ කඳුළු බලා ඔබ හඬනු එපා
    මා සනසන්නට හිතන්නෙපා
    ඒ දුක මා හට උරුම නිසා
    මගේ දුකට ඔබ හඬන්නෙපා

    මා වෙනුවෙන් දුක් ගින්දර උහුලා
    පෙරදා මා ළඟ ඔබ උන්නා
    ඔබ අමතක කර ඈ අත ගත්දා
    අවිහින්සක ඔබ තනිවූවා

    මගෙ කඳුළු බලා ..............

    ඈ වෙනුවෙන් සිත පෙම් බැඳි දවසේ
    ඔබ තනිවූවා දුක ඉවසා
    ඒ දුක මගෙ සිත පෙළනා මොහොතේ
    මගේ දුකට ඔබ තැවෙන්නෙපා

    මගෙ කඳුළු බලා ..............


    ගායනය :- ප්‍රියාන් පතිරණ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
    ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌
    අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌
    මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌...
    නිරෝශා විරාජිනී

    පෙම්වන්ත හිතටත් යට ඉඳන්
    පෙන්වන්න අවියක්‌ ඔබ අරන්
    මට ගන්න හැකි ඉර හඳ උනත්
    ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...

    හැමදාම මල්පෙති ළංකළත්
    චන්න ජයනාත්
    දැනුනේම නෑ සුවඳැති බවක්‌
    නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌
    සාධාරණයි අපි වෙන් කළත්.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුලත් අත අරන් ඉස්සරහට එනකන්
    මම දන්නෙ ම නෑ නීල නයන බැල්ම හෙලනකන්
    ඔය බැල්ම හෙලනකන්
    සංසාර පුරුද්දෙන් ගිලිහිලා ගිය තැනින්
    අපි ආයෙත් හමුවුණා ද මනමාල ගමනකින්
    මනමාල ගමනකින්

    සිහින කිරිල්ලී මුළු හදවතින් ම අද මට ආදරේ කියාවී
    ප්‍රේම වන්තයින් තව තව ගෙදරට ඒවී
    යන්තම්වත් හිනා වෙන්න එපා සියුමැලී

    බුලත් අත අරන් .............

    යහන මත හිඳී රෑ හීනෙන් විත් දේව දුවක් මට ම තුරුල් වී
    සංසාරෙ ම පතාන ආ ලෙසින් ම ලංවී
    යහනේ ඔබ නිදන්න පිපි මඳු මලක් වී

    බුලත් අත අරන් .............


    ගායනය :- සෝමසිරි මැදගෙදර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නිහඩ පාලු හැන්දෑවේ...හීන ගං තෙරේ...
    පේවි එන්න ඇත්නම් සීතලේ...
    කෝඩුකාර හීනයේ..හදට බැඳි සෙනේ...
    දෝරෙ යන්න වාගෙයි හීසරේ...
    ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී..
    අපට අප අහිමියි හිතවතී..

    කදුළු ගැල්වූ නෙත් තීරේ..හැඟුම් තෙරපිලා..
    හදේ සුසුම් ඇහැරී රෑ පුරා...
    බිඳුනු හීන සිත් යායේ..
    ශෝකෙ පල කලා..හීන පිරූ කාලේ සිහි වෙලා..
    ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී...
    අපට අප අහිමියි හිතවතී..

    පාළු ගලන රෑ තිස්සේ මතකයකට වෙලා..
    කොතෙක් කල් සිටිම්දෝ වැලපිලා..
    සිඳුනු හීන ඔය ළමැදේ සුළග අත එවා..
    යන්න ඔබ ඉතින් ඔහු කරා..
    ඔය නෙතින් මඟ හැරී ඉන්න බෑ දුරට වී...
    අපට අප අහිමියි මේ භවේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට හිමි නැති ආ‍දරෙ ඔබෙ
    වෙනකෙකු වෙත යා නම්
    ඉවසන්නම් මතු භවයෙදි
    මා වෙත එනවානම්

    පැතූ පැතුම් නිමක් නැතේ දුටුව දා එදා
    සිහින මැදුරු ඉටු වූවා එක රැයක් පුරා
    හිමිවන්නට මගෙයි කියා සිත කියපු කථා
    වරින් වරේ ඔබට කීවෙ පිළිගනියි සිතා

    මට හිමි නැති ..............

    සිතට වහල් වෙලා වගේ මනස ඔබ නිසා
    විඳවනව ද කොතරම් මා නින්දෙදී පවා
    ඒත් ඉතින් ඔබෙ සිත වෙන කෙනෙකු ළඟ නිසා
    ඉවසන්නම් තනිවෙන්නම් පෙර ලෙසින් මෙමා

    මට හිමි නැති ..............


    ගායනය :- අජිත් මුතුකුමාරණ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිනහව අතරින් කදුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..
    සිනහව අතරින් කදුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..
    සිනහව අතරින්

    හිමකැට වැටෙනා සීතල උදයක
    ඇය හමුවූවා කඳුකර පෙදෙසක
    හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ..
    හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ..
    සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
    කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට
    කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට
    පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

    සිනහව අතරින්...

    හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ
    ඔබ පමණයි මට සතුටට හිටියේ
    ඔබ පමණයි මට සතුටට හිටියේ
    ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
    නිල්මිනි දෑසට මම සුදු ආසයි
    ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
    කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

    සිනහව අතරින්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම යන්නම් ඔබ කියන විටක යන්නම්
    ඔබට නොපෙනෙන්නට සැඟවී මම ඉන්නම්
    මොහොතක් ‍හෝ ඔබ දැකගනිමින් යන්තම්
    ඒ වනතුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම්
    ඒ වනතුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම්

    වනමල් සුපිපෙන අසපුව ඔබගේ හදවත
    එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත

    මම යන්නම් ...............

    සදාකාලික ව ඔබ හදවත මට හිමි නැත
    කෙටිකලකට වුව මට එහි ලොවුතුරු සුව ඇත

    මම යන්නම් ...............


    ගායනය :- නෙලූ අධිකාරි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

    ඉරණම ලියැවී අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්

    ගායනය - කසුන් කල්හාර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිනහ වෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා
    සිනහ වෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා

    වෙරළ රළ හා තරහා වී නැත
    මියුරු සර වෙණ හා බිඳී නැත
    අහස සඳු හා උරණ වී නැත
    අතීතය මගෙ හදවතේ නැත

    සිනහ වෙනු මැන .................

    කඳුළ දොම්නස නසන්නට නම්
    බඹර ගුම්නඳ අසන්නට නම්
    මියුරු ගී කවි ගයන්නට නම්
    වසන්තය ගැන සිතන්නට නම්

    සිනහ වෙනු මැන .................


    ගායනය :- සුනිල් එදිරිසිංහ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    sparkling grey, they're my own veins
    any more than whisper
    any sudden moment of my heart..
    and I know, I know I'll have to watch them pass away..
    to get through this day

    give up your way
    you could be anything
    give up my way?
    and lose my self? ..not today. that's too much guilt to pay

    sickened in the sun
    you dared tell me you love me
    but you held me down and screamed you wanted me to die..
    honey you know, you know I'd never hurt you that way..
    you are just so pretty in your pain..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එන්න එළියට සොඳුර දැන්
    ඔබ පතා තරුමල් අවදියෙන්
    සඳ ඔබට පරදින හැටි බලන්නට
    එන්න සොඳුරිය දොර ඇරන්
    එන්න සොඳුරිය දොර ඇරන්

    වැව් කුමුදු මල් දිය මත හිඳන්

    පුර හඳට ළංවි සීරුවෙන්
    නිල් සළු ඇදන් වැව රැළි නගයි
    රෑ කුමරියට බැදි ප්‍රේමයෙන්
    ඔබ විතරමයි අඩු මේ රැයට
    දැන් එන්න එළියට දොර ඇරන්

     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට ගියා
    මා ළඟ තිවු සිත අරන් ගියා
    සුවඳවත් මා ළඟ නොතියා
    අමතක කරලන්නම් කියා ගියා
    අමතක කරලන්නම් කියා ගියා
    ඔය ඇස් අමතක වෙන්නනම්
    මගේ ඇස් පියවෙන්න වෙයි
    ඔය ඇස් අමතක වෙන්නනම්
    මගේ ඇස් පියවෙන්න වෙයි

    සීතල වැහි බින්ඳු සේම කඳුළු
    කඩා හැලෙනවා නිමක් නොවේ
    ‍පොළොව ඉහිලුවත් ඒ වැහි බින්ඳු
    කඳුළු දරන්නට හිත මදිලූ
    ඔය ඇස් අමතක වෙන්නනම්
    මගේ ඇස් පියවෙන්න වෙයි

    ජීවිතයේ මඟ මට හරි නුහුරූ
    ඉරබටු තරුවයි මඟ පෑදූ
    ඈතක ගිය තරුවක මා දැවටී
    පැතුම් හඬාවී මඟ තනිවී
    ඔය ඇස් අමතක වෙන්නනම්
    මගේ ඇස් පියවෙන්න වෙයි


    ගායනය :- චාමර වීරසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන ඇස්දෙක ළඟ
    මොහොතක් නවතින්නට
    අවසරදැයි කියන්න
    තරහ ද මගෙ ඉල්ලීමට

    ඇවිලෙන හදවත තුළ
    දුක් ගින්දර නිවන්න
    පුළුවන් ඔය ඇස් දෙක
    හෙලනා එක බැල්මට

    ලස්සන ඇස්දෙක ...........

    සංසාරේ දුක තියන්න
    හැමදාමත් දුක අහන්න
    දවසක් දුක නිවන්න
    දෙනව ද ඔය සෙනෙහස

    ලස්සන ඇස්දෙක ...........


    ගායනය :- කිංස්ලි පීරිස්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තාමත් මුනගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ..
    හිතට හිතක් ලං වීලා කල්පයක් වගේ..
    දැනෙන තරම් ලඟ නැති පාලුව අනන්තය වගේ..
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    what have you done to me
    Is this how it's meant to be?
    Can't control this feeling in my heart
    I can see paradise
    Glowing inside your eyes
    And I know you feel it in your heart
    But I want it now
    I just wanna spend my life with you
    Time will show me how
    Suddenly everything has turned me inside out
    Suddenly loves the thing that I can't live without
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]
    HD+Wallpaper+1920+X+1080+79.jpg


    ඔබ මගේ වෙලා..[/FONT]

    [FONT=&quot]මගෙ ළඟට වෙලා..[/FONT]
    [FONT=&quot]නිවාඩු පාඩුවේ කියන්න..[/FONT]
    [FONT=&quot]ආදරේ කියා..[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ආදරේ කියා..[/FONT]
    [FONT=&quot]සඳ මඬල වෙලා..[/FONT]
    [FONT=&quot]තරු ළඟට වෙලා..[/FONT]
    [FONT=&quot]කියාදෙන්න ආදරේ කියා..[/FONT]
    [FONT=&quot]කියාදෙන්න ආදරේ කියා..[/FONT]

    [FONT=&quot]මල් පිහාටුවක් නෙළලා..[/FONT]
    [FONT=&quot]නිල් වරල සරසලා..[/FONT]
    [FONT=&quot]හිත පුරාම ආදරේ අරන්..[/FONT]
    [FONT=&quot]කියාදෙන්න ජීවිතේ තරම්..[/FONT]
    [FONT=&quot][FONT=&quot]කියාදෙන්න ජීවිතේ තරම්..[/FONT][/FONT]

    [FONT=&quot]තුනු විලම මලින් සනසා..[/FONT]
    [FONT=&quot]මල් විලම කලඹලා..[/FONT]
    [FONT=&quot]ඔබ එනවද ජීවිතේ අරන්..[/FONT]
    [FONT=&quot]කියාදෙන්න ආදරේ තරම්..[/FONT]
    [FONT=&quot][FONT=&quot]කියාදෙන්න ආදරේ තරම්..[/FONT][/FONT]

    [FONT=&quot]-Mangala / Kushani-[/FONT]
     
    Status
    Not open for further replies.