පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මං රත්තරන්
    නොහැඟුනා සේ හිඳින්නේ කෙසේ දෝ ඉතින්
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ ඉතින්
    දිවිතුරා ඔබට මං ආදරෙයි රත්තරන්

    කඳුළැල් පිරී මා දෙනෙත් බොඳවෙලා
    සුසුමන් නැගේ හදවතේ රෑ පුරා
    හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
    සෙනෙහසින් ළංවෙලා ගෙවන්නට හිතයි ජීවිතේ

    පැරදී නැතේ මා ලොවේ කිසිදිනේ
    වැරදී ගියොත් සතුට නෑ ජීවිතේ
    හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
    සෙනෙහසින් ළංවෙලා ගෙවන්නට හිතයි ජීවිතේ

    ඔබ ඇස් දෙකට ..............


    ගායනය :- කිංස්ලි පීරිස්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අසුරු සැනින් එක මොහොතකදි
    කාලය නැවතී යලි ඇරබී
    විශ්වය අලුතින් බිහිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    යහලියන්ගෙ ඉගි දිනෙක සැබෑවී
    ඔබේම කුලගෙයි පතිනිය වන්නට
    මතුයම් දවසක හැකිවේවා........
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    සෙනෙහෙ විමානයේ කිරුලු දරනදා
    සිගිති තොලක කිරි සිනා දකින්නට
    එක සෙවනකදී හමුවේවා.........
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    යමුනා විනෝදනී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෞම්‍යය වන්තියේ සිත සනසනා
    පුණ්‍යය වන්තියේ පින් පලදෙනා
    රූපවන්තියේ රස කළඹනා
    ප්‍රේමය ද මේ කිවමැනා

    ප්‍රේමය ද ගංගාවකී
    සෞම්‍යය සඳ එළියේ එතී
    සඳ බැසගියත් සඳ නොනවතී
    සාගරේ හා වෙලී යතී

    සෞම්‍යය වන්තියේ ............

    පාලුව ද සඳ එළියකී
    රම්‍ය ජීවිතයේ එතී
    ළඟ නැතිවුණත් සිත ළඟ ඇතී
    ආදරේ භාවනාවකී

    සෞම්‍යය වන්තියේ ............


    ගායනය :- ජානක වික්‍රමසිංහ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෙයිව යෝගයකින් නොවේදෝ..
    හමුවුනේ අප හමුවුනේ...
    දෙයිවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුනේ....

    ඈදුරු තුමියයි ප්‍රේමයේ ඔබ
    ඈදුරු තුමියයි යවුවනේ
    සෝකයේ රුදු වේදනාවෙ
    කදුලු සයුරේ උල් පතයි...

    නදුන් උයනයි ස්නේහයේ ඔබ
    සදුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරෑල් තරන්ගේ උල්පතයි

    වික්ටර් රත්නායක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

    අප නැතැයි කියා වැරුව ද ගස්වැල් මල් සම්පත
    ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
    පසුතැවෙන අපේ සිත් තනිකර ලොව දුර ගමනක

    කිරි ඉද්ද ගහට .............

    මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
    මුහුණුවර දන්න ගස්වැල් අප නැතත් පඳුරු ලන
    ජීවිතය කියා දී එක දෙක පරමල් හිනහෙන

    කිරි ඉද්ද ගහට .............


    ගායනය :- ක්‍රිෂාන්ත එරන්දක
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මා ලඟට එන්න... තව ඩිංගක් මා ලඟට එන්න...
    මා ලඟට එන්න... තව ඩිංගක් මා ලඟට එන්න...
    එතකොට මට පුළුවන්...
    ඔබ වැළඳ ගන්න...
    ඔබ වැළඳ ගන්න...

    හා හිනා වෙන්න... තව ඩිංගක් හා හිනා වෙන්න...
    හා හිනා වෙන්න... තව ඩිංගක් හා හිනා වෙන්න...
    එතකොට මට පුළුවන්...
    කිති කවා ගන්න...
    කිති කවා ගන්න...

    හාදුවක් දෙන්න... මගේ නළලට හාදුවක් දෙන්න...
    හාදුවක් දෙන්න... මගේ නළලට හාදුවක් දෙන්න...
    එතකොට මට පුළුවන්...
    හිත හදා ගන්න...
    හිත හදා ගන්න...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පසලොස්වක පෝය දාට පායන සඳ හරි ලස්සන
    සඳ සාවිය වගේ හැඩයි මගෙ ආදර හිත අද්දර
    නෙත් කොනින් බලා කියන රහස දැනගන්නට හිත කලබල
    ආදරයෙන් රැකගන්නම් මගේ කියා ජීවිතයට

    සුළං රොදක දැවටීවත් එන්න රෑක මගේ ළඟට
    ඔබේ සුවඳ හොරෙන් විඳිමු නිදි නැති රෑ තනි යහනක

    පසලොස්වක පෝස දාට ............

    කල්ප කාල ළඟින් ඉන්න අප හිත් හරි අවිහිංසක
    සතුටු නෙතට කඳුළු එපා ඒ ටික ඇති පවු ‍පිරෙන්න

    පසලොස්වක පෝස දාට ............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
    උයන් තෙර හිද ආදරේ
    ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
    විරහ ගීයක් නොවේවා...

    ඔබේ හදවත සැලෙන රාවය
    පවා මසිතට දැනුණ මොහොතක..
    හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා...

    ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
    රැදී අප හුන් ඒ සැදෑවේ..
    හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා.
    ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නුඹට ආදරෙයි
    නුඹෙ පෙමට ආදරෙයි
    මට නැතුවට ඔහුට පුදන
    පෙමෙට ආදරෙයි

    ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට
    විෂකටු ළය පුරා ඇනී රිඳුම් ලබන කොට
    දෝරෙ ගලන නුඹෙ සෙනෙහස ඔහුවෙනුවෙන් කැපවෙන විට
    යා යුතු මඟ නිනව් නැතුව ඉහිලුම නෑ මට

    මම නුඹට ආදරෙයි ................

    ප්‍රේමය මද පවනක් යැයි සිතා සිතින විට
    සුළිසුළඟක් වී ගත සිත තලා දමන කොට
    මුතු කුඩයකි නුඹෙ සෙනෙහස සදා නිවන ඔහු සරතැස
    වෛර කරන්නේ කෙලෙස ද අන්සතු පෙමකට

    මම නුඹට ආදරෙයි ................


    ගායනය :- ක්‍රිෂාන්ත එරන්දක
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා..


    හිත් දැහැනේ වේලි තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා හිඳපු
    ආදරයද මේ.....
    හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....

    නිල් කටරොළු නිල නැහැවුනු
    මල් බර මුදු සුව රජයන
    තොල් පෙති කල් පලදාලන
    ආදරයද මේ.....
    නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ.....


    W.D. Amaradewa

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පණ තියෙන තුරා කීවත්
    නෑ ඉවර වෙන්නෙ කවදත්
    මගෙ හිතේ නුඹ කෙරේ
    ඇති ප්‍රේමනීය හැඟුමන්

    දිය කඳුරු පවා වැසි නැති දා ගොලුවී යාවී
    වන නිල්ල පවා සැඩ නියගේ සැඟවී යාවී

    පණ තියෙන තුරා .............

    පුර හඳට වඩා සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
    ඒ නුඹෙ හිතමයි ඇදහූව ද කවුරුන් කෙලෙසේ

    පණ තියෙන තුරා .............


    ගායනය :- අතුල අධිකාරි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
    සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ

    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ළඟ...

    ‍දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
    සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ළඟ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    වැටෙන මල් පෙති පාවුණා‍ වේ
    සුළං රැළි ඔහෙ යන අතේ
    යලිත් ගහ කොළ පාළු නෑනේ
    රිකිලි නංවා ලියලැවේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....

    කොහේ ද සීතල ජලාශයක රැළි
    ගැටී ගැටී එයි සුළං වැදී
    අපේ ම සිරුරේ අපේ ම ඩාදිය
    නිවී නිවී යයි සුළං වැදී
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....

    ගලා බසී දිය පහර සෙමින්
    වැලිතලා සදා සමතලා බිමේ
    හැපී ගලක යලි සලා වැටුම් දී
    නඟා නඟා හඬ දිවේ දිවේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ

    ගමන නොනිමෙයි .....

    ගායනය :- නාරද දිසාසේකර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
    මගෙ සවනත පාරයි...

    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටදි රැය ගෙවෙන තුරාවට...
    මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත
    එතෙර වන්න නිඹදේ...

    සැදෑ අඳුර ලොව...

    නිමල පැතුම් සපුරාගෙන හද තුල
    සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට...
    අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
    ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
    ජීවන මල් ගොමුවේ...

    සැදෑ අඳුර ලොව...
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    A falling star fell from your heart and landed in my eyes
    I screamed aloud, as it tore through them, and now it's left me blind

    The stars, the moon, they have all been blown out
    You left me in the dark
    No dawn, no day, I'm always in this twilight
    In the shadow of your heart

    And in the dark, I can hear your heartbeat
    I tried to find the sound
    But then it stopped, and I was in the darkness,
    So darkness I became

    The stars, the moon, they have all been blown out
    You left me in the dark
    No dawn, no day, I'm always in this twilight
    In the shadow of your heart

    I took the stars from our eyes, and then I made a map
    And knew that somehow I could find my way back
    Then I heard your heart beating, you were in the darkness too
    So I stayed in the darkness with you

    The stars, the moon, they have all been blown out
    You left me in the dark
    No dawn, no day, I'm always in this twilight
    In the shadow of your heart

    The stars, the moon, they have all been blown out
    You left me in the dark
    No dawn, no day, I'm always in this twilight
    In the shadow of your heart

    437540vjrt56ter3.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුන්දරත්වයෙන් පිරි සොඳුරු ම සිහිනේ
    නෙත් දෙකෙන් අරන් එනු මැන සඳ පානේ

    මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
    කල් බලා සිටින්නේ ඔබ දැකගන්නයි
    කල්පයක් තරම් නිදහස රැක ගන්නයි
    කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

    සුන්දරත්වයෙන් පිරි ............

    වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
    කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
    සුපුරුදු ලෙස යලි ඉර හඳ පායන්නයි
    ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි

    සුන්දරත්වයෙන් පිරි ............


    ගායනය :- මිල්ටන් මල්ලවාරච්චි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල්වන් මුහුදු තීරේ
    ගල් මල් පිපුන යායේ
    මා තනිවෙලා නැව්තලේ
    ඈ ඇත ඇගේ යහනතේ:dull:

    මා එතෙර ආදා ඈ නැවත ආවා
    ඒ මොහත සිහිවේ අද වගේ
    මා හා තුරුලුවීලා දෑසේ කදුලු වීලා
    රහසේ සුසුම් ලෑ හඩ ඇසේ:(

    නිල්වන් මුහුදු තීරේ....

    රෑ සොදුරු මොහතේ මා මිදුණ යාමේ
    ඈ දෙතොල මාගේ දෙකොපුලේ
    ගැ ඒ සුවද විහිදේ මුහුනේ තාම මගේ
    නැ මා පිසින්නේ නෑ මුව මගේ:sorry:

    නිල්වන් මුහුදු තීරේ...
    .
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
    මනු ලෝ තලයේ වාසනාවන්

    වල්මත් වූවන් දැක මහ වන මැද
    යා යුතු මාවත පෙන්වා
    ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
    ඉටු දෙවියන් ලොව සිටිනා

    කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
    මුවගේ හසරැළි රඳවා
    තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
    පුද දෙමු දෙවොලට කැඳවා
     
    Last edited:

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා

    අද හීතල වැහි බිඳු නහවයි මා
    මට හෙවණ දෙන්න නුඹ ළඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ

    නොඉවසිල්ලෙන් බලා උන් වසන්තය ආවේ දැනුයි
    මාවත මලින් පිරී ගොහින් හීතල හුළඟේ විසිරී
    නුඹත් ළඟ උන්නා නම් කියා හිතුවා
    මට තුරුලු වී උණුහුම් වෙන්න තිබුනා
    වසන්තේ ඒ ගැන දන්නෑ

    දිනයක ඔබ මා...

    අපි දෙන්නා හිනා වුණු ගං තෙර තාමත් සිහිල් පවන් හමයි
    හීනයක් වන් අතීතයේ සුවඳ තාම ගලනා
    හීතලයි කියා නුඹ තැවෙන්නෙපා
    මං නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි
    නුඹ ගැන දන්නෙ මං විතරයි

    දිනයක ඔබ මා...

    අද හීතල වැස්සේ මං විතරයි
    මල් කුඩේ යටින් මං තනියෙන්
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ
     
    Status
    Not open for further replies.