පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ගගට කපන ඉනි ගග දිය රැගෙන යති..
සැපට වැඩුනු කය පොළොවට දිරා යති..
අපට නොවේ බඹුටත් මරු ළගා වෙති..
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති..

මලේ සුවද නැති වෙයි පෙති හැලුනාම..
ගතේ රුසිරු නැති වෙයි රැළි වැටුනාම..
ගගේ මහිම නැති වෙයි දිය සිදුනාම..
දුන් දේ සුවද පවතියි ලොව හැම දාම..

කෑමෙන් හොද කෑම සපයාගෙන කෑම..
බීමෙන් හොද බීම මව් ගේ කිරි බීම..
දීමෙන් හොද දීම දුගියට දන් දීම..
යෑමෙන් හොද යෑම නිර්වණෙට යෑම..

කන බොන කෑම තනියම වළදන්න එපා..
අසරණ කෙනෙකු ආ විට එලවන්න එපා..
අනුවණ කමෙන් පවු සිදු කර ගන්න එපා..
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා..

ගායනය :- සුනිල් එදිරිසිංහ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරී
මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී
මගෙ ආදරේ හිමී...
ඔබ රෝස කුසුමකී
නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරී
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
[FONT=&quot]මේ රෑ සොඳුරුයි[/FONT]
[FONT=&quot]තරු රෑන පිපෙයි පිනි පොකුරු සැලෙයි[/FONT]
[FONT=&quot]සිත මා නොනිඳයි[/FONT]
[FONT=&quot]සඳ පාන එබෙයි නෙත හීන බි‍ඳෙයි[/FONT]
[FONT=&quot]ඔබ ඈත දුරින් හිඳ මා රිදවයි[/FONT]
[FONT=&quot]මේ රෑ සොඳුරුයි[/FONT]


[FONT=&quot]ඔය ඈත ඉඳන් හෙළනා සුසුමින්[/FONT]
[FONT=&quot]සඳපාන නිවෙයි සිත මා සසලයි[/FONT]
[FONT=&quot]තනිකම පුරුදුයි මේ දුක නුහුරුයි[/FONT]
[FONT=&quot]ඉකිබිඳින හැඬුම් අඳුරේ විසිරෙයි[/FONT]


[FONT=&quot]මියෙනා මතකින් ඔබ යළි ඇවිදින්[/FONT]
[FONT=&quot]සිත් දෙවැට රැඳී ඇයි මේ සරදම්[/FONT]
[FONT=&quot]නෙත කදුළු බි‍ඳෙන් සේදී මොහොතින්[/FONT]
[FONT=&quot]ඒ මතක ඉමේ නොපෙනී සැඟවෙන්[/FONT]


[FONT=&quot]ජයන්ත රත්නායක[/FONT]
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොළඳ කතා නැති කවිකාරී
    ඉඟිබස දන්නෑ මං දේවී
    ඇස් දෙක මත රැඳි කවි ‍‍පේලී
    කොහොම ගනින්න ද මම සිතමී

    කතා නැතිව ඉර හඳ නිහඬයි
    වචන නොමැති ප්‍රේමය ගැඹුරුයි
    කතා කරන නෙත් දෙක සොඳුරුයි
    ඔබ නැතිනම් ‍මුළු ලොව අඳුරුයි

    බොළඳ කතා නැති .............

    දෙතොල් දිගේ ප්‍රේමය නොහඬයි
    කඳුළු විලේ ඉඩකඩ බොහොමයි
    සුසුම් වලින් හදවත සසලයි
    ඔබ නැතිනම් මුළු ලොව අඳුරු‍යි

    බොළඳ කතා නැති .............


    ගායනය :- සමන් ඉන්දික
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිමි වුනු ඔබ මට අහිමි වෙලා..
    කොහොමද වවා ගන්නේ මා..
    ආදරේ...පෑ ආදරේ....
    නිදි නැති රැය ඔබ ගැනම සිතා..
    මතකය පරා කදුළු සලා..
    ජීවිතේ...මේ ජීවිතේ....
    සිතුවෙ නෑ - පැහැසර සිනා..
    කුරිරු වී - හැරයයි කියා..

    සිහින නෙලා පැලදුව දා - මල්මාල හිත් මානයේ...
    සිහි වෙනවා උමතු සිනා - නිල්පාට නෙත් මායිමේ...
    ලංවුනේ වෙන්වෙන්න නම් - පෙම්කලේ තුරුලේ හිදන්..
    ඇයි ඔයා මට මේ තරම්....

    පෙම බිද දා හැර ගිය දා - දුක දැනුනෙ නැතිදෝ මගේ...
    කදුළු හොරා වැටෙන තුරා - පිටුපෑවෙ ඇයි ජීවිතේ...
    ලංවුනේ වෙන්වෙන්න නම් - පෙම්කලේ තුරුලේ හිදන්..
    ඇයි ඔයා මට මේ තරම්....

    හිමි වුනු ඔබ මට.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මෑණියනි හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා
    මා ලයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා

    ජීවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා

    මෑණියනි ඔබෙ දෙපය අසල වඳිමි දන නමා
     
    • Like
    Reactions: C h o p p e

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ
    පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදූනේ
    ගැලූ මාඔයේ පෙණ හිනා මල් පිපේ
    ඔබේ ආදරෙන් හිත ප්‍රමෝදෙන් පිරේ

    මිණි මිණි පොද ඉහිලා
    මී අඹ මල් සැළුනා
    ඔබ එන වග දැනිලා
    හිත ඉවසුම් නැතුවා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I linger in the doorway
    of alarm clocks ringing monsters calling my name
    let me stay where the wind will whisper to me
    where the rain drops as they are falling tell a story

    in my fields of paper flower
    and candy clouds of lullaby
    I lie inside myself for hours
    and watched my purple sky fly over me
    t
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්ද මලක් නෙලලා ඔබ ගෙල සරසන්නම්
    මගේ සෙනෙහස පුසුඹක් සේ ඔබට පුදන්නම්
    නිමා නොවන ආදරයට යහන සදන්නම්
    දිවා රැයේ ඔබේ ළඟින් සදා රැඳෙන්නම්

    නුඹේ සිනා නෙත ගැටෙනා හැම මොහොතෙ ම
    මගේ සිතේ දුක නිවුණා මට නොදැනිම
    ඔබව නොදැක මං සිටියේ පුංචි කාලයයි
    මට දැනුනේ එය කල්ප කාලයක් වගෙයි

    ඉන්ද මලක් නෙලලා ..........

    ලො‍වේ ‍දුරස්බව මා ගෙනයයි හුදකලාවට
    කිව ‍නොහැකී දුකක් දැනෙයි ඒ වෙලාවට
    තරහ නොවී ඉනු වරදක්නම් නෑ මා අත
    ආදරයේ හැටි ඔහොමයි පෙම්වත

    ඉන්ද මලක් නෙලලා ..........


    ගායනය :- ශෂිකා නිසංසලා හා සම්පත් වේරහැර
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පායා ආ සද අදුරු වළාවෙන්

    පායා ආ සද අදුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා...

    සෝකය තාපය පාළුව අතරේ ඉකිබිද හැඩුවා ඇසුනා...

    හද විමනේ බිතු සිතුවම් කිලිටි කලේ ඔබෙ දැතයි...

    නොපතු වියෝගයෙ මහ වරුසාවෙන්...

    දැත දෙපය මගෙ සීතයි...//

    ඔබ පැමිනි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්...

    මගෙ සහයෝගය පතන වෙලාවෙ...

    කොහි සිට හෝ යලි එන්නම්...//

    පායා ආ සද...
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුව රද සුවදගෙනා සමනලුනේ කියන්න හෙමිහට
    කොයි යම් ඉසව්වෙන් ද මුන ගැසුනේ මා හැරගිය ඇය
    මට මග කියන්න එක සැරයක් ඇ හමුවෙන්නට:sorry:

    තරු කදුලු සලන රැයෙන් ර්‍රැයට වළා වියන යට
    මට අත වැනුවා හැමවිට ඇ මතකයේ දොරකඩ
    ඒ වුනාට ඇ හමුවුනේ නැ කිසිවිට:(

    මුව රද සුවදගෙනා සමනලුනේ කියන්න හෙමිහට....

    වැට කඩුලුවලට බයේ සැගව එක් තැන් මැදුරක
    හිත හදාගෙනද දන්නේ නෑ උන්නේ තනියම
    ඒ වුනාට මං තවමත් හිතන්නේ ඇය ගැන:dull:


    මුව රද සුවදගෙනා සමනලුනේ කියන්න හෙමිහට....
     
    • Like
    Reactions: prageeth119lk

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
    මතකයි ඈ දෙව්ලියක් වාගේ
    තොල් මත පොපියන පිනිබිදු වාගේ
    මතකයි මා හද නැටුවා වාගේ
    මනාලියක් වී ඇ අද මා අසලින් ඉන්නේ
    9.gif


    මා නෙතින් නෙලාගත්මල
    අද මා ලග විකසිතවෙන්නේ
    ඒ උණුසුම් සුසුම් අද මා හද
    කිති කවමින් හිනැහෙන්නේ
    මනාලියක් වී ඇ අද මා අසලින් ඉන්නේ
    9.gif


    නෙතු කඩා හැලෙන තරුවක් වාගේ...

    නිල් දෑස් අගින් මුතු කෝල වූ වදන්
    හිතලග දැවටෙන්නේ
    ඔය නෙත් කොනින් කීව රහසට
    මා හිත කොහිදෝ ගෙනියන්නේ
    ඒ උණුසුමට ලංව සුසුමන් අයදින
    නෙතු අග දිලිහෙන්නේ
    මට තුරුලුවුනා ඈ සිත හංගාගෙන
    ලොවට හොරා රහසේ
    මනාලියක් ඈ අද මා අසලින් ඉන්නේ
    9.gif


    නෙතු කඩා හැලෙන තරුවක් වාගේ...
     
    • Like
    Reactions: Rex921

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කිසිවක් නොකියන
    කිසිවක් නොඅසන
    මුනිවත රකිනා ලඳුනි පබා
    කල්පිතයක් මැද තනිවූ පමණින්
    මුවගුළුලාගෙන හිඳිනු එපා

    කියාගන්න බැරි දහසක් දේ ඇත
    ජීවිතයට
    සිතා ගන්න බැරි දහසක් දේ ඇත
    ඔබ අප වට
    ඉඳුනිල් එලසියේ ඔබේ සිතත් මගේ සිතත්
    දෙකම එකක් කල අපට රහස් නැත
    මුවගුළුලාගෙන හිඳිනු එපා

    තනිවූ මොහොතක කුණාටුවක් මැද
    සාගරයක
    එක්වූ මොහොතක තරු වියනක් යට
    මල් යායක
    එනමුදු කුමුදිනියේ ඔබේ සිතත් මගේ සිතත්
    දෙකම එකක් කල අපට රහස් නැත
    මුවගුළුලාගෙන හිඳිනු එපා

    ~ සනත් නන්දසිරි ~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳපාන නෙත් ළඟයි
    නිහඬයි අහිංසකයි
    ඔබ වාගේ ලස්සනයි
    මුලු ලොව ම දැන් ළඟයි

    මට ජීවිතේ හිමී
    එය දුන්නෙ ඔබ තමයි
    මගෙ සිහිනයත් ඔබයි
    සුදු ඔබගෙ සෙනෙහසයි

    සඳපාන නෙත් ..............

    වෙන් වෙන්න නම් දුකයි
    සඳ මිලින වෙයි සැකයි
    කඳුළක් උනත් සැපයි
    ළඟ ඉන්නෙනම් හොඳයි

    සඳපාන නෙත් ..............


    ගායනය :- නාලක ජයසිංහ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගෙ කිරිකැටි යව්වනයේ දොරකඩ මේ
    මගෙ තුරුණුවියේ හැඟුමන් අවදි වුණේ
    සිතිවිලි තෙරපෙන යාමේ ඔබ ආවේ
    ඔබ පිළිගන්නට මා නැහැ දන්නේ

    ඔබෙ තොල් පෙතිවල නලියන වදනක් මා දුටුවේ
    ඇයි ඔය දෑසේ හැඟුමන් එහෙ මෙහෙ දිව යන්නේ
    සිත කිති කවනා හදවතෙ හැඟුමත් මට දැනිලා
    මුළු ලොවට හොරා ඔබෙ රුව වටලා මගෙ සිත බැඳීලා

    රෝස පෙතිවගේ ඔය තොල් දෙක ඔබෙ සියුමැලිද
    සළු පට අතරේ සැඟවුණු ඔය රුව හරි හැඩද
    මගෙ කුල්මත් වී සිත සන්සුන් නෑ ඔන්න
    නොරිදා සෙනෙහස පවසන්නට මට ඉඩදෙන්න

    මගෙ කිරිකැටි යව්වනයේ දොරකඩ මේ
    මගෙ තුරුණුවියේ හැඟුමන් අවදි වුණේ
    සිතිවිලි තෙරපෙන යාමේ ඔබ ආවේ
    ඔබ පිළිගන්නට මා නැහැ දන්නේ....

    ~ නලීන් පෙරේරා ~
     
    Status
    Not open for further replies.