පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිලිලාර සිත නයනා
    හෘදේ සිඹිනා
    කෝල ලීල වදනා
    සවන පිනනා
    මේ චන්ඩ සූර්ය්‍ය නඟරේ
    දූවිලි සරණා
    සෙවනැල්ල වෙන්න ප්‍රේමී
    දාහය නිවනා..

     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වලාකුලක් වී නිල් අහසේ//
    පාවී යන්නම් නිදහස් සුලගේ//

    මදුබදුන් පිරී ඉතිරී

    ඈ රුව බොදවී මැකීයයි
    රෑ අදුරේ
    සාගරයේ වෙරළේ

    පාවී යන්නම් නිදහස් සුලගේ

    වලාකුලක් වී නිල් අහසේ//
    පාවී යන්නම් නිදහස් සුලගේ//

    තරු ගරා වැටී දියවී

    තනිකම මතුවී නිවී යයි
    මේ මොහතේ
    නදී දියේ සිහිවේ

    පාවී යන්නම් නිදහස් සුලගේ

    වලාකුලක් වී නිල් අහසේ//
    පාවී යන්නම් නිදහස් සුලගේ//
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෑස මානේ ඔබ රැඳීලා
    පෑව සිනහා මා හා එදා
    රැඳුණි ඔබගේ සුමුදු පහසේ
    ලොවට රහසේ සඟවා තබා
    ඔබගේ ආදරේ පතනා මේ සිත මගේ
    මා හදේ ඔබ රැඳීලා ඉන්න සැමදා මාගේ වෙලා

    සයුරු තෙර මා ඔබට ගයනා
    ප්‍රේමයේ ගීතිකා
    සොඳුරු සිහිනේ ඔබයි ළඳුනේ
    සෑමදා වාසනා
    රෑ දිවා සිත පුරා මා ළඟින් යාවෙලා
    සිහිනයේ සැරිසරා හිඳිමි රහසින් ඔබ එන තුරා

    පැතූ සිහිනේ සිත රැඳීලා
    ඔබේ සිතුවම් මවා
    නිසල නදියේ පිපුණු පියුමේ
    ඔබ ම‍ගේ සෑමදා
    ලියවෙනා ගී මෙසේ ඔබ හටයි සොඳුරියේ
    මතකයේ හමුවෙලා ළංව ඉන්නම් මා දිවිතුරා

    දෑස මානේ ඔබ රැඳීලා ..............


    ගායනය :- සම්පත් අනුරුද්ධ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඇවිත් මා ලගින් තුරුලුවෙලා ඉන්න
    තුරුල්වෙලා මං ගාවම සැනසෙන්න
    ඒක මොහොතක් වත් ඔය ඇස්ස දෙක දැකගන්න
    ඉතින් රත්තරන් එන්නේ කවදාද

    උරේෂා රවිහාරි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුරු,ලු කරන් ආද‍රයෙන් සිඹින්න ඇත්නම්
    ඕන දුකක් සුදු මැණිකේ මම ඉවසන්නම්
    ළඟ ඉන්නට එක මොහොතක් මට හිමි නැතිනම්
    පාලු අඳුරු මගේ ලෝකයේ මම තනිවෙන්නම්

    ගව්ගානක් දුර ඈතක ඔබ ඉන්න නිසා
    දකින්න නෑ ඔය දෙනෙතේ සිනා මල් කතා
    විඳගන්නට රෑ සිහිනෙන් හිත හැඬූ නිසා
    සුවද පොදක් ළඟ තියලා නුඹ ඇවිත් ගියා

    තුරුලු කරන් ආදරයෙන් ...............

    මතක් වෙලා ආදරයේ අතීත සැමරුම්
    කඳුළු පිරෙනවා දෙනෙතට නුඹෙ රුව මැවෙමින්
    ඉන්නට බෑ එක මොහොතක් දුරට වෙලානම්
    රත්තරනේ එන්න ද හෙට නුඹ සොයාන මං

    තුරුලු කරන් ආදරයෙන් ...............


    ගායනය :- සම්පත් අනුරුද්ධ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මලට මුව තියා මල් මත බඹරුණුත් ගියා
    විලට මුව පොවා දිය බිවු සාවුනුත් ගියා
    සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා
    දුරක ඔබ ගියා මේ හැටි මට ම දුක තියා

    අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටී
    පොළොව මා වගෙයි ළතැවුල් දරාගෙන ඇතී

    නියං සැර වැදී හද මිහිමඩල ගිනි වදී
    වැස්ස වී වඩින් මා වෙත තවත් දුක නොදී

    රෝහන් ශාන්ත බුලේගොඩ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳුන් ගසක එති සමන් ලතාවක
    මල් පරවී යනවා
    ඔබේ නමට පිදු මගෙ හදවත් මල
    තවමත් පිබිදෙනවා
    මගේ හද තවමත් බැබලෙනවා

    ආදර නදියක පැද ගිය ඔරුවක් කුණාටුවක වැදුණා
    සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලෙ කිඳුණා
    ඔබේ නම නොමැකෙන ලෙස ඇඳුණා

    සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
    නියම දහම විලසේ
    මිණි මුතු පැතු මට ලැබුණි ද ගල් කැට
    නොලැබී මා සිතු සේ
    මමයි ඔබේ හිත ඔබ මාගේ ළඟ කියා එදා කීවා
    හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙස
    කියමින් රැවටෙව්වා
    අනේ සුදු ඔබ හා රැවටෙව්වා

    ආලය පිළිබඳ නොමැකෙන සටහන්
    ඇත මගෙ සොඳුරු ළයේ
    මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන
    අටුවා මොටද ප‍්‍රියේ
    නොලැබෙන දෙයකට හඬා පලක් නැත
    මම මෙහි සැනසෙන්නම්
    සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන
    මං හැම දා ඉන්නම්
    මෙසේ මා ගී ගයමින් ඉන්නම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබේ ‍සිනා ළඟ නෙත නැවතුනු දා
    ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැඳින්නෙමී ප්‍රේමය හැඳින්නෙමී
    මේ ලෝ තලයේ

    කුමට ද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
    කුමට ද ආදරයේ පෙම් ‍සැමරුම් පෙම් පාරාදීසෙන්
    ඉමක් කොණක් නැති ආකාසේ තරු පායා එන සේමා
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා

    ඔබේ සිනා ළඟ නෙත ..............


    ගායනය :- ජගත් වික්‍රමසිංහ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
    රහසින් ඇයි හැඟුමන් මතුවී හදේ

    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ

    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ

    යලි කිසිදා නොලියූ මේ ආදරේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සසලව ඇත ඔබෙ සිත බිය වී
    මගේ සිත වෙනතකදෝ සිතා..
    සිතන්න සැක බිය හැරදා ළඳේ
    සඳ හිරු තාරකා පායනා ලෙසින්..
    ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..

    එපා සිතන්න සිත රිදෙනා දේවල්
    එපා පතන්න අප වෙන්වන පැතුමන්
    එපා කියන්න හිත රිදෙනා දේවල්
    එපා බලන්න දුක හිතෙනා බැල්මන්

    සිතා සිතුවත් සිත රිදෙනා දේවල්
    පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
    හඬා කීවත් හිත රිදෙනා දේවල්
    එපා බලන්න දුක හිතෙනා බැල්මන්

    -ආත්මා ලියනගේ-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිත රැයේ හිනැහෙන මගෙ පොඩි සුරංගනාවී..
    ලෝභ හිතෙන පුංචි හිතක් ඇති කුමාරිකාවී..
    හීන අරන් හිත අද්දර ඔබ පවන් සලද්දී..
    ආසයි මට නම් බලන් ඉන්න මගේ කුමාරී..

    නොදැක ඉන්න බෑ, ඒ තරමට මා බැඳුනා..
    නිඳන සයනයේ උණුසුම වී ඔබ උන්නා..
    උදේ හවස මට සිරියාවයි ඔබ සැමදා..
    කවුරුත් නොදුන්න ආදරයක් මට දුන්නා..

    නිසල රාත්‍රිය සොඳුරු කරන් ඔබ පායා..
    මේ මගෙ නිවසම සඳ රැස් දහරින් නාවා..
    හිනැහෙන පුන්සඳ මගෙ පණනළ මට සේමා..
    පුංචි කුමාරියෙ සඳා ඔයා මගෙ වේවා..

    -අරෝෂ-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිත ඔබ විමසා - නෙත නිදි නොලබා
    තනිකමින්ම රෑ ගෙවුනා - තනිකමින්ම රෑ ගෙවුනා..
    මගෙ දෑස ඔයා එනතුරුම සොයා
    හැමදාකම මඟ බැලුවා - හැමදාකම මඟ බැලුවා..

    ඔය ඇස් දෙක මා ළඟ නැවතී
    මා දෙස බැලුවා නම් සීතල රෑ මගෙ තුරුළට වී..
    මා ගැන හිතුවා නම් හිත නොරිදා රත්තරනේ
    නුඹ මට පෙම් කෙරුවා නම්..

    දුක දැනුණම ඔබ මට ළංවී වඳනක් කීවා නම්
    තනිය මකා මගෙ ළඟ දැවටී..
    සෙනෙහස පෑවා නම් හිත නොරිදා රත්තරනේ
    නුඹ මට පෙම් කෙරුවා නම්..
     
    • Like
    Reactions: amila_90210

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසා ‍යන්නකො හද දොර සෙමින්
    මගෙ හැඟුම් තව නොරිදමින්

    කොහි ‍යම්ද මා නුඹගේ පෙමින්
    බැඳී උන් ආලේ නමින්


    හද සිහිසුන් කල විරාම කෙතරම් ජීවන සංග්‍රාමේ
    මේ පුහුදුන් පෙමත් එපා වෙලා සංක්‍රාන්ති‍යකි ප්‍රේමේ

    නුඹ මිහිදන් කල සෙනෙහේ කඳුලැල් සෝබර ගිම්හානේ
    හිත සිහිලැල් කර ගෙනේවි සැනසුම් ඊලඟ වස්සානේ


    සිත ඉහිලුම් නෑ අතීත සැමරුම් පාර‍යි සංතානේ
    දුක ඉවසන් තව ඉඳිම් කොතෙක් කල් මේ දිවි කාන්තාරේ

    සාගර‍යත් සරි ආලෙට ගැරහුම් පව් පුරවනවානේ
    මේ අහසත් පොලත් දෙ‍යි දිවුරුම් ප්‍රේම‍ය ගැන මාගේ

    -ප්‍රතිභා ප්‍රභා,තීක්ෂණ අනුරාධ-




     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔය දෑස දෙන්න ගම යනකොට ගෙදර අරන් යන්න
    ඔබෙ සුසුම් දෙන්න ඉහ ඉද්දර සෙමින් තියා ගන්න
    සරසවි නිවාඩුවට හෙට ගම් බලා දුවන්න
    ලිලී මල් මිටක් අරගෙන රේල්ලුවට එන්න
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පියබා.....යනවා මා ආකාශයේ...

    පියබා.....යනවා මා ආකාශයේ...
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ...කොවුලෝ
    මිදුනා මා ආදරෙන්...

    පෙම් බැන්ද දා ඉදන් උපන් හදේ
    ඇත වේදනා ඉතින් රිදුම් නොදේ
    ජීවීතේ පුරා පවන් සැලේ
    මල් මල් යොවුන් වියේ ජීවීතේ

    රෑ නින්ද යා නොදී හිතේ උපන්
    නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
    පෙම් වදන් යදම් සිදී බිදී ගිහින්
    මල් මල් යොවුන් වියේ ජීවීතේ

    පියබා.....යනවා මා ආකාශයේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සද රෑට රෑට සද විමනට තරු අරන් ගියා
    ඔබ ආදරේට මටත් හොරෙන් සිත අරන් ගියා
    ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
    පෙර ආත්මයේ මා ඔබේ නිසා:D
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මාගේ දෑසින් වැටෙනා හැම කඳුලක් පාසා මට සිහිවෙන්නේ
    ඔබගේ ආදරේ මැවීලා අද ආයේ

    අපමණ සිතුවිලි එක් වී ලා බැහැ ඔබ මතකෙන් මුදවන්න
    ඔබගේ ආදරේ දැනීලා අද ආයේ
    මාගේ දෑසින් වැටෙනා හැම කඳුලක් පාසා මට සිහිවෙන්නේ
    ඔබගේ ආදරේමැවීලා අද ආයේ


    ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවා නම්
    මේ ලෝකෙන් මිදිලා සැනසීමක් නෑනේ ඔබ ලඟ නැති වීලා දුක හිතෙයි හිත පුරා
    දැන් අවිලීම ගිහිල්ලා හැම රෑකම උදේ
    හවා සිතා පුරා රිදුම් දී මා හඬන්නේ මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම
    ඔබ මැවිලා දිස් වන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අනේ කාට හරි පුළුවන් නම් මට අනුක් දිල්ශාන් ගායනා කරන " තනිව මා " ගීතයට ප්‍රස්තුතයක් දෙන්න......
    එහි අභ්‍යන්තරය පිලිබඳ සාරාංශ විතරයක්....විචාරයක් විදියට වගේ....!
     
    Status
    Not open for further replies.