පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියන ලියන හැම අකුරක් ගානේ
    හිතෙන ‍හිතෙන හැම සැරයක් ගානේ
    දකින දකින හැම තැනක ම වාගේ
    ඔබට ආදරේ බව මට දැනුනේ

    සිත මගෙ සසලව ඇයි ද බැලූ කල
    ඔබ ළඟ මාගේ සිත තිබුණේ
    සිනහව මා ළඟ නැති බව හැඟුනම
    ඔබ ළඟ සිනහව නතරව තිබුණේ

    ලියන ලියන හැම අකුරක් .............

    මට මගෙ දිවිය ම නැති බව හිතුනම
    මගෙ දිවිය ම ඔබ ළඟ රැඳුනේ
    කඳුළයි තනිකම නැතිබව දැනුනම
    සදා සතුට ඔබ ළඟමයි තිබුණේ

    ලියන ලියන හැම අකුරක් .............


    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ කාට හරි පුළුවන් නම් මට අනුක් දිල්ශාන් ගායනා කරන " තනිව මා " ගීතයට ප්‍රස්තුතයක් දෙන්න......
    එහි අභ්‍යන්තරය පිලිබඳ සාරාංශ විතරයක්....විචාරයක් විදියට වගේ....!

    http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    ඕකෙ කිවුවනම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි :D
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0



    සීගිරිගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
    සදකඩ පහනක් ඔබේ හදවතේ නෙලන්න දෙනවාද
    රන්මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
    මියෙන තුරා මට ඔබේ හදවතේ රැදෙන්න දෙනවාද

    සුළං රැලක් සේ පාවී ආවත්
    සුළං රැලක් සේ ආපසු යන්නට බෑ
    සුසුම් පොදක් සේ රහසේ රැදුනත්
    තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ

    ජීවිතයේ නව සුවද සදා දෙන සැමදා
    ඔබ වන් සුවදක් කිසි මල් උයනක නෑ
    මේ දිගු ගමනේ විඩා නිවා සිත නිවනා
    ඔබ වන් සිසිලක් හිමගත අරණක නෑ



     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මැණිකේ ඔබේ සිනාවේ
    දියවැල් ගලා ගියාවේ
    නාමල් පිපී උදාවේ
    ආද‍රී ඔබේ කතාවේ

    මිහිරේ ඔයා පතාවේ
    මේ ගමන මේ දුර ආවේ
    පිළිගන්නකෝ දයාවේ
    මා ඔබේ සුපෙම් ලතාවේ

    සෙ‍වනැල්ල සේ සංසාරේ
    ආවා සොයා යන පාරේ
    ජීවේ සුපෙම් සිතාරේ
    තනුව මා වෙමී මිහිරේ

    මැණිකේ ඔබේ සිනාවේ ............

    ප්‍රේමාදරේ කුසලානේ
    උතුරා ගියා මධු පානේ
    සුදෝ ඔය සුදු මුහුණේ
    ආලෝකෙ වේ හඳපානේ

    මැණිකේ ඔබේ සිනාවේ ............


    ගායනය :- නෙවිල් ප්‍රනැන්දු හා රුක්මනී දේවි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලොව විසල් නෙත් ඉදිරියේ
    අපි නාඳුනන දෙදෙනෙක්
    මුව කොනින්වත් සිනා නොසලන
    නාඳුනන දෙදෙනෙක්
    මොහොතකට ඔව්..මොහොතකට
    අපි නාඳුනන දෙදෙනෙක්..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිතුවෙවත් නැති දවසක
    හිතන්නැතිවම ළං වුනා
    අතීතේ දුර ඈතක
    ආදරේ මග වැරදුනා..

    අපි අපිම අද ආයෙම
    හමු උනා ඒ පාරෙම.
    අපි හමු උනා ඒ පාරෙම...​


     
    • Like
    Reactions: Rex921

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අපි ආයෙත් හමුනොවුණානම්
    ඉස්සර දවසක ‍මියගිය සෙනෙහස
    යළි ඉපදී මා හද හඬවන්නට
    අපි ආයෙත් හමුනොවුණානම්..

    ඔබ නාඳුනනා විරහා වේදනා
    පෙරදාවින්දේ මා පමණයි..
    හුඟකලකින් හමුවී සෝ ලතැවුල්
    අදත් විඳින්නේ මා පමණයි..

    සමුගන්නට නම් අහිමි ආදරෙන්
    ආයෙත් ඇයි අප හමුවන්නේ..
    ආදරයේ කඳුළින් මිය යන්නද
    ජීවිත ඉරණම විස‍‍ඳෙන්නේ..

    අපි ආයෙත් හමුනොවුණානම්
    ඉස්සර දවසක ‍මියගිය සෙනෙහස
    යළි ඉපදී මා හද හඬවන්නට
    අපි ආයෙත් හමුනොවුණානම්..


    §සෝමතිලක ජයමහ§
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන්කොනක හිඳ
    ශිල්ප උගත්තෙමු
    නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැරයන්නට..
    දෙපා වාරු නැත ඔබ හැරයන්නට..

    නිල් තණපලසෙහි ගැටුණ දෙපාවයි
    කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
    මල් නැටුමයි කලගෙඩි නැටුමයි
    මගේ දෑස තුල යළිත් ඇ‍‍ඳේවිද..
    මගේ දෑස තුල යළිත් ඇ‍‍ඳේවිද..

    නෙත කඳුළින් හසකැනින් මුවාකල
    සොඳුරු පැතුම් පුරවා මනමත් කල
    මගෙ කෙළිලොල්විය ගෙවුණු වගයි
    මා හැදු පාසැල් මව්නි දයාදර..
    මා හැදු පාසැල් මව්නි දයාදර..


    §සෝමතිලක ජයමහ|සමිතා එරන්දතී§
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
    ඔ‍ය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
    සුළඟ වගේ මා අතහැර දුරක ‍යන්නට
    වරද මගේ රත්තරනේ දුරක ‍යන්නට

    කඳුලක් කඳුලක් ගානේ පෙම දි‍ය කරලා
    සුසුමක් ගානේ හදවත හදවත දුක් ගිනි අවුලා
    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
    ආදරේ කි‍යා දුන්නු ආදරී ඔ‍යා

    දැවුනත් දැවුනත් මි‍යගි‍ය පෙම සිහි කරලා
    සුවඳක්වත් නෑ මතක‍යේ අද නම් රැඳිලා
    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
    ජීවිතේ කි‍යා දුන්නු ආදරී ඔ‍යා

    -අතුල අධිකාරි-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදු මුහුණ පුරාවට ඔය සිනහව තිබුණට
    නුඹ දන්නෑ මවුකිරිවල ඇති සෙනෙහස ගැන
    කිරි පිරුණු ළමැඳ මැද නුඹ හිටියට තුරුලුව
    ලොවේ උතුම් රස විඳිනට අවසරනම් නැත

    අම්මට බැරිලූ දෙතනේ කිරිටික දෙන්න
    වැහැරෙනවලු ඇගෙ රූසිරි සැමදා දිළෙන
    කඩෙන් ගේන රසයක් නුඹ විඳින්නෙ සොඳින
    මගේ පුතේ මං ඒකට කරන්නෙ මොක ද

    සුදු මුහුණ පුරාවට .................

    මගෙ අම්මා මට පෙවුකිරි තාමත් සුවඳයි
    ඒ නිසා ම මගෙ හදවත දයාව හඳුනයි
    අදත් විඳින්නේ ලැබු ඒ ලොවුතුරු සතුටයි
    මගේ පුතුට නොලැබී යන්නෙත් ඒ ටිකමයි

    සුදු මුහුණ පුරාවට .................


    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙව්දුවයි ඔයා හැමදාමත් සුවඳ හීනෙට
    පින්බරයි සිනා මල් අහුරක් දෙතොලෙ රැඳුණ ම
    ආදරෙයි කියා මුමුණමි මං ඔබට රහසෙ ම
    ඉඩ දෙන්න සදා මට ඔයාගෙ හිත ළඟ ඉන්න

    සඳ එබෙයි වළාරොදට දී විඳින්න සිසිල
    කළුවරයි තාම මගෙ සිත ඔබ දකින්න නැතුව
    සඳ දුරයි මගේ දෑසට නෙතු කඳුළු තෙමුවට
    ගිනි දවයි සිතට සෙනෙහස තවරා සුසුමකට

    දෙව්දුවයි ඔයා හැමදාමත් ....................

    හිනහෙන්න එපා ඈතින් නෙතු සඟවා ඔහොම
    මුමුණන්න බැරි ද වදනක්වත් රහසින් ලොවට
    නෙත් තෙමෙයි කඳුළු සිතිවිලි ඉකිගසන රාත්‍රිය
    පුන් සඳක් වෙලා ඉන්න බැරිද සිත් අහස යට

    දෙව්දුවයි ඔයා හැමදාමත් ....................


    ගායානය :- අ‍රෝෂ විජේසිංහ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හීන විල මල් පිපී මුදාහල සිරියාව
    හෙමි හෙමින් ඇවිත් හිත් මාලිගේ දොර ගාව
    හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
    දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
    දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව

    පිණි වැටී හිනාවෙන මල් දෙවැට අද්දරට
    මගේ නෙතු පියාගෙන හිඳින්නම් එනවාද
    තවත් එක වතාවක් නුඹේ සුවඳ විදගන්න
    හංසියේ එනවාද ගුරුපාරේ ඇවිදින්න

    තාරුකා නෙතු හරින නිහඬ රෑ මැදියමක
    ඈතටම දිව ගිහින් හිත මවයි මල් හීන
    නෙතු හරින එකම එක ඇසිල්ලක නුඹ පැමිණ
    දිගහරී සෙනෙහසින් මගේ සමනළ මතක


    හීන විල මල් පිපී මුදාහල සිරියාව
    හෙමි හෙමින් ඇවිත් හිත් මාලිගේ දොර ගාව
    හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
    දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
    දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
    දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
     
    • Like
    Reactions: amila_90210

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාගේ සුකුමල සඳ කොමළී
    තනියට සිත ළඟ රැඳි කොමළී
    ප්‍රියවදනී ප්‍රියවදනී
    මාගේ සිත ළඟ තරු රැජනී
    නෙතු මල් වස්සන කොඳ කැකුළී
    ප්‍රියවදනී තරු රැජිනී

    තාරුකා පියගැට සදා නැග ප්‍රේ‍මේ කඳුරැල්ලේ
    නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ
    හැංඟිලා හිඳ ළංවෙයන් මට පටලා දැවටිල්ලේ
    කිණ්නරී නුඹ ළංවෙලා ආදරෙයි කියනා තුරා සිත නෑ ඉවසිල්ලේ

    මාගේ සුකුමල සඳ .............

    මාලිගාවක සුවඳෙනා සිත නුඹමයි ගෙනආවේ
    ‍‍ප්‍රහේලිකාවක විසඳුමක් ලෙස ළංවෙලා හිටියේ
    ශාලිකාවක දහසක් නෙත් ළඟ තනියක් දැනුන වෙලේ
    ගීතිකාවක සුවය දී සිහිනේ රස පහස දී තුන් පෑ ළඟ සිටියේ

    සාගරේ රැළි ආකරේ ගෙන කරනා ඇවටිල්ලේ
    පීදෙනා සිත ගායනා කළ ප්‍රේමේ නැවතිල්ලේ

    මාගේ සුකුමල සඳ .............


    ගායනය :- රොමේෂ් සුගතපාල හා ලක්ෂාන් විජේ‍සිංහ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මා නිසා ඔබ නොපිරූ පෙරුම්
    මා නිසා ඔබ නොපැතූ පැතුම්
    ඒ සිනහා මැද ඉටු වේවි නම්
    ආයේ නාවත් කම් නෑ ඉතිං

    කෝ එදා ඔබ අත පැලැන්දුව
    මුදුව කෝ කොයිදෝ
    නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන
    කීවාදෝ නැතිදෝ

    මා නිසා ඔබ නොපිරූ පෙරුම්...

    මාළිගාවක රජ කෙනෙක් වත්
    යනවදෝ කැදවා
    වාසනාවන් ඒ සැඳෑවට
    මා ඇවිත් යනවා

    මා නිසා ඔබ නොපිරූ පෙරුම්...​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු හුරතල් වැඩි ද මන්දා
    පුංචි දේටත් හැඬෙන හින්දා
    හීන කවදත් මැකෙන හින්දා
    හදේ ගැඹුරුම තැනෙක රන්දා
    කඳුළු දුක රහසේ ම වින්ඳා

    මලෙක මොලකැටි සුමුදු පෙති මත
    ලියූ සෙනෙහස රිදුම් දෙන සඳ
    පලාගෙන නෙත් පියන් නොදැනිව
    කඳුළ වැටුණා අහිංසක ලෙස

    කඳුළු හුරතල් වැඩි ද ..............

    නපුරු වී පෙම් විමන් බිඳලන
    හිතක් කොතරම් නපුරු වූවද
    කඳුළු හිනහෙන විටදි නෙතු අග
    අසරණයි යලි තනයි පෙම් ලොව

    කඳුළු හුරතල් වැඩි ද ..............


    ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    [FONT=&quot]එක යායක මල් පීදුනු බිම් තීරේ[/FONT]
    [FONT=&quot]පාර දිගේ කනින් කනට[/FONT]

    [FONT=&quot]කොදුර කොදුර ඔබයි මමයි[/FONT]

    [FONT=&quot]විතරයි හිටියේ[/FONT]



    [FONT=&quot]රාස්සිගේ අව්ව වැටී[/FONT]

    [FONT=&quot]දඹ රන් වූ ඔබේ කෙහෙරැලි[/FONT]

    [FONT=&quot]සුළං සමග පොර බැදුවා[/FONT]

    [FONT=&quot]ඔබට මතක නැති වුනාට[/FONT]

    [FONT=&quot]අදවාගේ මතකයි මට[/FONT]



    [FONT=&quot]ගොපළු කොලුගෙ බටනලාව[/FONT]

    [FONT=&quot]සංගීතය මවන අතර[/FONT]

    [FONT=&quot]දොලේ දියෙන් පා කෙරුවා[/FONT]

    [FONT=&quot]ඔබට මතක නැති වුනාට[/FONT]

    [FONT=&quot]අද වාගේ මතකයි මට[/FONT]




     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා

    ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා
    රෑ සිහිනෙන් පෙම් දිවසලු හිත ‍දැ‍වටෙනවා

    නුඹට හිතැති නුඹ හිත නැති ..........

    ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා
    එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා

    නුඹට හිතැති නුඹ හිත නැති ..........


    ගායනය :- එඩ්වඩ් ජයකොඩි
     
    Status
    Not open for further replies.