පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ සුවඳ ළඟින් තියන් සිනාසී හොරෙන් බලන්
    ආදරේට ආදරේයි ඔය දෙනෙත් කතා කළා
    තැවුල් සිත අරන් ගිහින් ඈත දුරක තනිකරන්
    ආදරේ නමින් තැනූ සිහින මගේ බොඳ කළා

    මගේ කඳුළු තදකරන් ඔබේ සතුට මගේ කරන්
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බැරි වුණා
    මුලාවෙන්න දීපු හසරැල් බලා ඉද්දි දුන්නු කඳුළැල්
    වෙලාගත්තු ඒ හැඟුම් මල් මගේ ළඟ ම පරවුණා

    සිහිනවල ම මම ඉඳන් දුකට සුසුම් වැල් ගොතන්
    කඳුළු මතින් ඇන්ඳ සිතුවම් ටිකෙන් ටික දුරස් වෙලා
    මුලාවෙන්න දීපු හසරැල් බලා ඉද්දි දුන්නු කඳුළැල්
    වෙලාගත්තු ඒ හැඟුම් මල් මගේ ළඟ ම පරවුණා

    මගේ සුවඳ ...............


    ගායනය :- ශ්‍රියාන් ප්‍රසාද්
     
    • Like
    Reactions: prageeth119lk

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මහපොළවට පිළිගන්නම්
    සිටු සැප හැර එනවානම්
    ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳවේවි..
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ සද උනත් පායා ඇවිත්
    ඉස්සර වගේ එලිය දුන්නා උනත්
    මේ සුලගමත්..ආයෙත් ඇවිත්
    නුබ හිද්දී දුක් සිසිල දුන්නා උනත්
    පෙර හැමදෙයම නුබ නැතිව ලැබුණා උනත්
    මේ එක රෑට නුබ නැතිව තැවෙනා දෙනෙත්
    හෙට එන රෑට නුබ නැතිව කෙලසක නම් ඉවසම්දෝ...........
    මේ ගෙවෙන්නේ....... අවසන් රැම වේ
    ආයේ නම් රැය අවසන් වේ

    මේ සද උනත් පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා උනත් ..............

    ආයේ හිරු නෑ හෙට හුලාගත් නෑ
    නුබ ආවත් මේ රැය නෑ
    ආයේ නුබ නෑ දුක් කදුළුත් නෑ
    රැය ආවත් මම නෑ.............
    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේ නම් රැය අවසන් වේ


    බුද්දික උශාන්
     

    thanujaka

    Well-known member
  • නුඹ නැතත් ළග පාත වැළපෙන හඳමඩළට
    නුබේ මතක අරුණ පැන් ඉහෙනවා
    නුඹ නැතත් ළග පාත වැළපෙන හඳමඩළට
    නුබේ මතක අරුණ පැන් මට ඉහෙනවා

    මටත් හොරා මගේ හද
    ඈත මල් තරුවකට
    ළං වෙන්න පෙම් නැකැත් හදනවා
    ළං වෙන්න පෙම් නැකැත් දැන් හදනවා

    අල්තීනා කුමරියේ... දුල්ශේන් කුමරා මමයි...
    නොකීව් ආලය එයයි...
    උක්ළැල් ගස්තැන් වසයි
    නුඹ එනවා නම් හොදයි..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෑ නීලම්බරේ සෘංගාර වේ
    ඈ යන්තම් හෙලූ
    මනමාල වූ බැල්මක් වගේ..

    රෑ නීලම්බරේ සෘංගාර වූ චන්ද්‍රා දිලේ
    ඈ යන්තම් හෙලූ
    මනමාල වූ බැල්මක් වගේ

    මේ සෞම්‍ය යාමේ මීදුම් නිශාවේ
    පාළුයි මගේ ජීවිතේ
    දෑ කවුළුවෙන් ආ මෝසම් සුළං රැල් සීතයි සිතයි ඈදුවේ
    ඇයි මේ තරම් මන් උන්මාදයෙන් ඉන්නේ ඈ ගාවදෝ ජීවිතේ
    මේ හුදකලාවෙන් මා හද මිදෙයි ඇත්දයි
    ඈ උන්නනම් දැන් ළඟින්
    අනුරාගී හඳ පානේ
    සිහිලාරේ සිත පාවෙ
    මගෙ හීනේ පිබිදේවා නිබදේ..
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි
    එහි සැමරුම් රූ තමයි ජීවිතේ
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
    දවසක් දා මල් වැස්සේ තෙමුණා
     

    thanujaka

    Well-known member
  • නෙතට උළෙලක් විය එදා ඔබ
    කදුලු බින්දුවක් වුව මෙදා,
    මේ තරම් හිත පරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා.....

    ඔබෙන් තොරවූ ලෝකයක් ගැන
    හිතන්නටවත් නොහැකි හින්දා,
    ඔබෙ සිත වෙන අතක රන්
    දා එපා දුක ගෙන එන්න කැන්දා

    ඔබේ රුව රසදුනක් වූවට
    කමක් නැහැ මට තවත් ඇසකට,
    නමුදු ඒ රුව තවත් කෙනෙකුට
    අයිති වනු බැහැ දරාගන්නට....
     

    thanujaka

    Well-known member
  • ගඟ බඩ වස්දඩු රාවය ඇයිදෝ
    ගම තුළ එළියක් අළුතින් ඇයිදෝ
    ගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලා
    ගොපල්ලා ගොපල්ලා කොත්මලේ ඇවිල්ලා
    චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩු ගුඩු චක් ගුඩුවා
     

    thanujaka

    Well-known member
  • පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට
     

    thanujaka

    Well-known member
  • ඔබ පිපුනා මගෙ නෙත් රිදෙන මානේ..
    ඔබ සැලුනා මගෙ සුසුම් වැල් ගානේ..
    ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ..
    ඔබ රැදුනා මගෙ සොදුරු සිහිනයේ
    ඔබ පිපුනා..
     
    Status
    Not open for further replies.