පද පේලි .....

Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා
    අලුත් හැඟුම් දී හෙට ආයිත් නැගෙන්නා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙන් වෙන්නට හිත කීවොත්
    ඔබ වෙන් වෙනවාද..
    හැර යන්නට හිත කීවොත්
    මා හැර යනවාද..
    තනි වෙන්නට හිත කීවොත්
    තනිකර යනවාද..
    යලි එන්නට හිත කීවොත්
    ඔබ යලි එනවාද..
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    තරු රෑණක් පීර පීරා...
    නුඹෙ නෙත් නම් තේරුවා...
    නෙතු පියවූ ඒ අසිල්ලේ මා...
    පැතුම් පුරා නුඹ ඇවිදින් උන්නා...
    මගෙ සිහිනේ සරසා....

    :love::love::love:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සඳකැන් දහරින් දෙනුවන් පිපිලා
    දෙනුවන් කැළුමින් පියුමන් සැලිලා..

    හිරිපොද වැහි වැටිලා
    කුරහන් මල් තෙමුණා
    කොවුලිඳු ගී ගැයුවා
    ගම් දොරකඩ රැඳිලා...

    ඉද්ද සමන් පිපිලා
    වනපෙත හිනැහෙනවා
    හිව්ඩු පිපෙන සුළ‍ඟේ
    සුවඳ හදේ දැවටේ..
    :love:

    §මාලනී බුලත්සිංහ§
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෙදිනද කූඩු හදන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනි වන්නේ

    බිදුනු සෙනේ දලු ලි‍යලාලාවිත්
    වනපෙත ඒකාලෝක කෙරේ
    මා ප්‍රි‍ය හිමි ඔබ වී විඩාවෙන්
    දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනි වන්නේ

    දෙප‍ය දොවා පිණි දි‍ය දෝරේ
    පි‍ය බිරිඳක වූදා නේද අගේ
    මා හිස සිඹ දොඩලා කතන්දර
    රසමසවුලු සුවඳේ තුඩ තබන්නට
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනි වන්නේ

    -නිරංජලා සරෝජනී-

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හිත රිදවනා සුසුමක් වගේ
    නෙත හඬවනා කඳුලක් දිගේ
    හැබැහින් නැතත් හීනෙන් වගේ
    ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ

    නුඹ ළඟ නැතිදා...

    හිත දුවනවා හැමතැන මගේ
    නෙත පිරෙනවා සුවඳින් ඔබේ
    බැලු බැලු අතේ නුඹෙ රුව වගේ
    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ

    නුඹ ළඟ නැතිදා...

    හිත දවනවා මතකය ඔබේ
    දින ගෙවෙනවා හීනෙන් වගේ
    දවසක ඇවිත් ළඟටම මගේ
    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ

    නුඹ ළඟ නැතිදා...

    -sanka dineth-
     

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඩුමට සිත මගෙ බොලඳ වෙලා
    අන් සතු හදකට පෙම්කල වරදට ලොව මට එරෙහි වෙලා
     
    • Like
    Reactions: Rex921

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තරු මල් වගේ මේ ජීවිතේ..
    ගිනි රෂ්මියේ.. හිම සීතලේ..

    දිවිගමන ඉතා කෙටිදුරයි
    එනිසාම දුකද පැණිරසයි



    §රූ . ඛා§
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    නුඹ ළඟ නැතිදා...

    -sanka dineth-

    රීපෝස්ට්:P

    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බමරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා...//

    කළුවර රෑ සඳක් වගේ
    ඇවිදින් ඔබ ඉන්නවනම්
    ආසයි මම නොකී කවිය ඔබට කියන්න
    තරහක් නෑ ඔබ බැස යන්න

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරිසරනව නම්
    ආසයි මම කවුළු පියන් හැරල තියන්න
    තරහක් නෑ නෑවිත් ඉන්න
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ එළිය ගලා එන රාත්‍රියයි
    ඔබ මගෙන් සමු අරන් යන්න ළඟයි
    තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
    ඒ උනත් සමු අරන් යායුතුමයි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මන්දාරම් අදුර මැදින්

    මන්දාරම් අදුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියා නම්

    තනිවම වත් යන්නට මදි
    කුඩේ යටින් ඔබේ ලගින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්
    යන්නට තිබුනා

    මග යන එන අයට හොරෙන්
    ඔබෙ දෑසට එබී බලා
    කොපුලේ වැහි බිදුවක රස
    බලන්න තිබුනා

    ක්‍රිශාන්ත එරන්දක
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට ඔයා මගෙ පණ වගේ..
    ළඟ නැතත් මගෙ ළඟ වගේ..
    හිත පුරා රැඳි සෙනෙහසින්..
    ඔබ මවෙත පිදූ දේ.. ආදරේ ...

    ඔයා මගෙ පණ වාගෙලු - මට දරාගන්න බැරි ඒකලු..
    හිනා වෙන්නෙ සඳ වාගෙලු - මට බලා ඉන්න බැරි ඒකලු..
    සඳ හොරා ගත්තේ එක රෑකලු - මට හිතාගන්න බැරි වෙන්නලු..
    මට නිදාගන්න බැරි ඒකලු...

    ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු..
    ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු..
    අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු..
    මං ඒ හීනේ හරි ලස්සනලු...

    මට ඔයා මගෙ පණ වගේ..
    ළඟ නැතත් මගෙ ළඟ වගේ..
    හිත පුරා රැඳි සෙනෙහසින්..
    ඔබ මවෙත පිදූ දේ.. ආදරේ... :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෑදි දි‍යේ ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්
    උතුරු කොදේ හඳපානේ නටන වීදුරු මල් නෙලන්නම්
    පා‍යනා තුරු ඔබේ නුවන් තරු
    පෙරුම් පුරා දිනූ ඔබේ උතුම් හදේ
    ආදරබර වස්තුව වෙන්නම් සදාකල්

    අනන්ත‍යක් වූ මේ පැතුම් ජලාශේ
    නගන මි‍යුරු හඬ හෙමිහිට අසන්නම්
    හීන් දි‍යක් වූ ඔබ නමින් උපන් ගී
    නිශා ගීත එ‍ය මුසුකර එවන්නම්
    සාගරේ සමාන වූ ආදරේ ලඟාකෙරූ
    ජීවිතේ ඔබ‍යි මගේ සදාකල්

    රිදී කඳක් සේ සඳ ගලන වෙලාවේ
    ඔබේ සුවඳ ඇස් පි‍යාන හො‍යන්නම්
    ඉබේ නිකුත් වූ මගෙ සුසුම් තාල‍යෙන්
    ඔබේ හැඟුම් ගිටාර‍යෙන් ව‍යන්නම්
    සාගරේ සමාන වූ ආදරේ ලඟාකෙරූ
    ජීවිතේ ඔබ‍යි මගේ සදාකල්

    -රජිව් සෙබෙස්ති‍යන්-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    20i9kib.png
     
    Status
    Not open for further replies.