කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ
බිදුනු සෙනේ දලු ලියලාලාවිත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ
දෙපය දොවා පිණි දිය දෝරේ
පිය බිරිඳක වූදා නේද අගේ
මා හිස සිඹ දොඩලා කතන්දර
රසමසවුලු සුවඳේ තුඩ තබන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ
-නිරංජලා සරෝජනී-