පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හඳපාන වැටෙන ලන්ඳ උඩින් ප්‍රේමනීය ගී ගයන්න
    එන්න මගේ මල් කුමාරයෝ
    මල් රේණු වැහෙන පින්න යටින් ආදරේට හාදු දෙන්න
    එන්න මගේ මල් කුමාරයෝ

    දුර ඈත සුමුඳු නීල වලාවේ
    ළඟපාත කුමුඳු මාල ලතාවේ
    හඳපානයි මල් යායයි අනුරාග කතාවේ
    නැලවේවි ප්‍රේම ගීත ගයාලා

    හඳපාන ...........

    මනමාල හැඟුම් ප්‍රේම විමානේ
    සිරියාව සදයි සීත සැඳෑවේ
    සැන්දෑවයි කඳුයායයි පෙම් ගීත අසාලා
    හිනහේවි වාසනාව පතාලා

    හඳපාන ...........


    ගායනය :- චරිතා ප්‍රියදර්ශනී පීරිස්
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සිහිනයේ පාවෙලා ඇවිත් මා ලගින් සැතපුනා
    මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියවුනා
    සීතලේ ගතට ලං වෙල රහසකුත් කොදුරලා
    ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා
    මිහිරාවියේ… සිහින කුමරි
    මගෙ ආදරේ ඔබයි කුමරි
    මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ…
    සමනල්ලු රැනේ ඇවිත් සිහිනයම හැඩ කලා
    ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා
    පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විදලා
    සමනල්ලු මල් රොන් සොයා පියඔලා දුර ගියා
    මිහිරාවියේ…
    සිහිනයෙන් අවදි වී ඉතිං මා ඔබව සෙව්වා
    ඔබ සිටියේ නෑ මා ලගින් ආයෙ මා තනිවෙලා
    සමනල්ලු රැනේ ඔබක් පියඹල ගියාදෝ
    ආයෙමත් එන්නෙ මා සොයා සිහිනයෙන් විතරදෝ
    මිහිරාවියේ…//
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පා‍යනා තුරු ඔබේ නුවන් තරු
    පෙරුම් පුරා දිනූ ඔබේ උතුම් හදේ
    ආදර බර වස්තුව වෙන්නම් සදාකල් :rolleyes:

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    20i9kib.png
    wOW.. :cool:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Centigradz........

    ඔබට නොහැක මගෙ සෙවනට එන්නට..
    මටද නොහැක මල් විමන් තනන්නට..
    නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට..
    අපේ සුසුමත් හමුවෙලා මුමුණනු ඇත..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳ තරු නිහඬ‍යි
    ගහ කොල නිසල‍යි
    මුලු ලොව සැතපෙ‍යි
    සිතුවිලි විතරක් අවදි වෙලා

    පි‍යා නුවන් ‍යුග නුරා කැලුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැ‍යේ
    පාලුව තනිකම කුටි‍යට ඇවිදින්
    හදවත අවදි කලා

    මවා නුවන් ඔබ තෙපුල් සර
    සිහින‍යකින් මෙන් ගලා රැ‍යේ
    සෙනෙහස පනවා මතක‍ය ඉකිබිඳ
    හදවත අවදි කලා

    -W.D. අමරදේව-
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    අද සීත සුලඟ මදහාස නගන විට
    සිත කෝල වුනිද මෙතරම්
    ඒ දැනුන හැඟුම නොදනිම්

    සඳ රේණු ගලන සඳ රෑක සිහින‍යට
    නුඹ ඈත ඉඳන් ඇවිදින්
    මගෙ පාලු හිතට මනමාල කතා කි‍යමින්
     
    • Like
    Reactions: Rex921

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා
    සීතලේ ගුළි වෙලා වින්ද සෙනෙහේ පුරා
    අද නෑ කොහෙදෝ පාවී සිහිනේ මා අද තනිවී
    ඔබ මාගේ සිහිනෙන් මිදිලා ළඳුනේ

    මන් තාම වාරු ගන්නේ මල් හීනයේ
    ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ
    ඔය නෙතට කඳුළැල් දුන්නේ මං ජීවිතේ
    ඔබෙ සිහින රජකරවන්නයි මා සැරසුනේ
    සවනේ තාමත් රැඳුනේ ඔබගේ වදනයි සොඳුරේ
    ඔබ මාගේ සිහිනේ රැඳිලා ළඳුනේ .....

    සංසාරේ හුරු හින්දයි අපි යළි හමු උනේ
    මේ දෑස ඔබගේමයි ඇයි හැඩවූවේ
    පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදි උනේ
    පෙර සන්සාරෙත් ඔබමයි මා හැර ගියේ
    සැමදේ සුන් වී බොඳවී කොහේදෝ තුරුළක සැඟවී
    ඔබ මාගේ සිහිනෙන් මිදිලා ළඳුනේ .....
    :cool:

    සමන්ත කෝනාර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා තව ළංවුණොත් ඉතින් හිත ම දුක් වී හඬයි
    සමුගන්න හිතුවේ ඒකයි හිතටනම් හරී දුකයි
    ළංවෙන්න හිතුවත් සෙනෙහෙන් අපි දෙන්න හරී දුරයි
    අපි දෙන්න හරී දුරයි හිතටනම් හරී දුකයි

    ඔ‍බේ සුසුමන් පවා දැනෙනවා හරී වැඩියි
    සිනාවන් බල බලා ඇත්ත කියුනූ බැරී
    ඒ නිසා යන්නම් සමුදී අපි දෙන්න හරී දුරයි
    අපි දෙන්න හරී දුරයි හිතටනම් හරී දුකයි

    ඔයා තව ළංවුණොත් ............

    අතරමඟ හමුවෙලා හද ම සෙනෙහෙන් පිරෙයි
    මා ඔබට ළංවුණා නැවුම් හැඟුමන් පිරී
    ඒත් ළංවෙන්න බෑ මයි අපි දෙන්න හරී දුරයි
    අපි දෙන්න හරී දුරයි හිතටනම් හරී දුකයි

    ඔයා තව ළංවුණොත් ............


    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චාන්දනී සේ නැඟී පාලු සිත්තම්ඹරේ
    සිහිනයක් ඉඟි කරයි රාත්‍රියේ
    මාලතී මල් රටා ගවසලා වරලසේ
    හසඟනාවක් හිඳී සිහිනයේ
    කුළුඳුලේ සැරසෙනා සෙනෙහසේ මණ්ඩපේ
    මියුලැසී ඔබ තමයි ආදරේ සැඟවුයේ

    ආකාස වියනේ තරු පොකුරු ගානේ
    ඔබවමයි විමසුවේ
    ඒ හැඟුම මාගේ නොහැඟුණු විලා‍සේ
    ඔබ හිඳින්නේ කෙසේ

    චාන්දනී සේ ..................

    මල් වැල් ගොතන්නයි ඉන් සරසවන්නයි
    සිත මගේ සැනකෙළී
    කවදාද මිහි‍රේ මා වෙත සලන්නේ
    ස්නේහයේ හසරැලී

    චාන්දනී සේ ..................


    ගායනය :- නුවන් ගුණවර්ධන
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උණූහුමේ ඔබේ
    මා හදවතින්ම උමතු වී තියේ

    ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
    දැකගන්නට ඔබ මා ලග නෑනේ
    නුදුරේදිම කරගන්නට මාගේ
    අවසර දෙන්නට පමණයි ඕනේ
    ඉඩදෙන්නම් පපුතුරේ
    නැලවෙනු මැන සොදුරියේ
    මට ඔබම තමයි ඕනා

    රැකගන්නම් ජීවිතේ වාගේ
    එක සැරයක් හද ගත්තානම් මාගේ
    සැනසෙන්නට හැමදාමත් ආයේ
    එනවද හිමිකම ගන්නට මාගේ හීනේ
    නොසිදෙන මහා සාගරේ
    තරමට මගේ ආදරේ
    මට ඔබම තමයි ඕනා

    :love::love:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිත ඔබ පාමුල රදවා..
    බිදි සෙනෙහස ගිනි උහුලා..
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්..
    ඔබට සෝතැවුල් නොම වේවා.....

    අසුරැ සැනක් වූ රැසිරැ අතීතය
    සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ...

    සදා රැදේවා... ඔබේ ලොවේ..

    ඔබට පිදුම් වූ සිතක විරාගය
    කැටපත් පවුරක ගීයක් සේ...
    සදා රැදේවා.... ඔබේ හදේ...

    -deepika priyadarshani-
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔබේ සිනා ලඟ නෙත නැවතුනුදා

    ඔබේ සිනා ලඟ නෙත නැවතුනුදා
    ඔබේ කථා ලඟ සිත නැවතුනුදා
    ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි
    මේ ලෝ තලයේ

    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා
    ඉමක් නිමක් නැත පෙම හදවත් තුල පෙම් සිතුවිලි බෝමා


    ඔබේ සිනා ලඟ........


    ජගත් වික්‍රමසිංහ
     
    • Like
    Reactions: m3pium

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kasun Kalhara.........

    ..මත් මල් සේනා..

    couple-man-woman-love-grass-hand-other-320x240.jpg


    ..මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා..
    ..සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේ මා..
    ..ලා ඉරේ රන් ගෑවිලා..
    ..සදා ස්නේහයේ මල් වැහි වෑහුණා..

    ..පිපි හාදු සුළඟේ මුව ගාව ගැවසේ..
    ..දෙතොලේ ලැඟුම් සොය සොයා..
    ..සඳ රේණු යායේ මෘදු සීත පිරුණේ..
    ..ලංවෙන්න මයි නෙත් පියා..
    ..උදාවේ මා..සැඳෑවේ මුදා..
    ..නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ..

    ..ඔබ ගාව සීතේ හිත හීන නෙළුවේ..
    ..රෑ තුන් යමේ හිත් පුරා..
    ..නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ..
    ..දෙතොලේ සුසුම් උතුරලා..
    ..උදාවේ මා..සැඳෑවේ මුදා..
    ..නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ..

    ..මත් මල් සේනා..
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය සොඳුරු ඇස් අතර මා තනිවෙලා
    පෙරුමන් පිරූ සිතුම් ළඟ නැවතිලා
    ඔබෙ ආදරේ සුවඳ තව ළංවෙලා
    නවතින්න මගෙ ළඟ ම දි‍වියේ පුරා

    සුසුමන් නිවාලන්න තුරුළට වෙලා
    පැතුමන් පුරා සිහින මල්වර වුණා
    ඒ සිහින ළඟ ඉන්න ඉටුවෙන තුරා
    මගෙ ලෝකෙ ඔබ විතරමයි සෑමදා

    ඔය සොඳුරු ඇස් ...........

    ඔය තුරුළෙ සැඟවෙන්න ළතැවුල් නිවා
    මේ සිත නුඹෙයි දිවිතුරා සෑමදා
    රෑ අහස සරසන්න ඔබ සඳ වෙලා
    මගෙ ලෝකෙ ඔබ විතරමයි සෑමදා

    ඔය සොඳුරු ඇස් ...........


    ගායනය :- සිනෙත් පියුෂාන්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    ඔබ රූසිරියෙන් මන්මත් වී
    මම නොකෙලෙම් අනුවණකම්
    මුලා වුනේ ඔබ මුලා නොවුනි මම
    මනමේ කුමාරියේ

     
    • Like
    Reactions: m3pium

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසර පුරා සුවඳ උරා ඉන්න සිත අරා
    දෙනෙත නුරා මහද සොරා ගන්න ළංවෙලා
    ගන්න ළංවෙලා සිත ගන්න ළංවෙලා
    සසර පුරා සුවඳ උරා ඉන්න සිත අරා

    මල් සුවඳ දිගේ ඉගිලිලා හොරෙන් ළංවෙලා
    ඔය ලවන් මිහිර ගන්න විඳ දරා
    මට දෙන්න ඉඩක් ඉන්න නැලවිලා
    මට දෙන්න ඉඩක් ඉන්න නැලවිලා

    සසර පුරා සුවඳ උරා ...........

    මිහිරි වදන් පවසලා අහන්න හිනහිලා
    ඔය සිතේ ලැගුම් දෙන්න හද පුරා
    මට දෙන්න ඉඩක් ඉන්න නැලවිලා
    මට දෙන්න ඉඩක් ඉන්න නැලවිලා

    සසර පුරා සුවඳ උරා ...........


    ගායනය :- ප්‍රවීන් බණ්ඩාර
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි..
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබම පමණයි... ඔබ අනන්තයි...

    වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
    මදුවිතක් උතුරන තැනත් ඔබ...
    තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

    අහස සේ ඔබ අනන්තයි..

    අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
    සිසිලසක් දනවන තැනත් ‍ඔබ
    උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

    අහස සේ ඔබ අනන්තයි...


     
    • Like
    Reactions: Malinga

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    **** කොල්ලෝ ***** කොල්ලෝ **** කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලොමයි...
    මායා කෙල්ලෝ ,මයා කෙල්ලෝ ,මායා කෙල්ලෝ **** කොල්ලෝ පස්සෙමෙයි :cool:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    **** කොල්ලෝ ***** කොල්ලෝ **** කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලොමයි...
    මායා කෙල්ලෝ ,මයා කෙල්ලෝ ,මායා කෙල්ලෝ **** කොල්ලෝ පස්සෙමෙයි :cool:
    :oo: හොඳටම වැඩි වෙලා වගේ.. බෙහෙත් ගත්තොත් නරකද.. :rofl:
     
    Status
    Not open for further replies.