පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පමා වී ආ වසන්තේ..

    පමා වී ආ වසන්තේ..
    රන් පියාපත් තුඩින් පීරණ
    ස්වර්ණ තිසරාවී...

    පිපී ආ පෙම් සිලෝ ගී මැද
    නැගෙන අණවින කන්දරා
    තුන් හිතින් ඉවසා..
    කැදැල්ලේ බැරි බර දරන්නට
    රන් පියාපත් එකින් එක දෙන
    ස්වර්ණ තිසරාවී..

    ගිලීයන සඳ මඬල දැක දැක
    දැනෙන අනියත චේතනා
    මුනි වතින් සඟවා..
    තොටිල්ලේ කිරි සුවඳ තුරුලට
    ගයන්නේ හෙට හංස ගීයද
    ස්වර්ණ තිසරාවී..


    ගායනය- විශාරද නන්දා මාලනී
    තනු-රෝහණ වීරසිංහ
    පබැඳුම-වසන්ත කුමාර කොබවක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුන්දරත්වයෙන් පිරි සොඳුරු ම සිහිනේ
    නෙත් දෙකින් අරන් එනුමැන සඳ පානේ

    මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
    කල් බලා සිටින්නේ ඔබ දැකගන්නයි
    අල්පයක් තරම් නිදහස රැකගන්නයි
    කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

    සුන්දරත්වයෙන පිරි ..............

    වැහි වලාකුලෙන් පැල්පත සාදන්නයි
    කවුලුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
    සුපුරුදු ලෙස යලි ඉර හඳ පායන්නයි
    ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි

    සුන්දරත්වයෙන පිරි ..............


    ගායනය :- මිල්ටන් මල්ලවාරච්චි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ ඇස් දිහා බලා දැන්වත් කියන්න මගෙ රත්තරන්
    ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා
    දැන්වත් කියන්න මගෙ රත්තරන්

    පැහැදූ නුවන් දල්වා මා දෙසට පා කරලා
    හද ගැස්ම මග නවතා දෙහදක් ගොලු උනා
    ඔබෙ සෙනෙහෙ මග රැදුනෙ ඇයි සංසාරයේ
    මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැවූයේ
    දැන්වත් කියන්න මගෙ රත්තරන්

    කඳුලැල් නෙතින් පලවා පැතුමන් සිතේ තනිබින්දා
    සිල්ගත්තු සිත සගවා ඔබෙ දෑත වෙත අතපෑවා
    ඔබෙ සෙනෙහෙ මග රැදුනේ ඇයි සංසාරයේ
    මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැවූයේ
    දැන්වත් කියන්න මගෙ රත්තරන්

    :love::love:
     
    • Like
    Reactions: Malinga

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිහින‍යකි ඔබ නිහඬ මැදි‍යම් රෑ
    නිදන නෙත් ‍යුග සනසනා
    සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ
    නිහඬ මා හද සනසනා

    ඉරකි ඔබ මට සඳකි ඔබ මට
    කිසිදු කිසි විට සමු නොගන්නා
    ස‍යුරු රල ඔබ ඈත සමුදුර
    ස‍යුරු තෙර මා හමුවුනා

    ‍යුග ගණන් අප වෙන්ව ආ මග
    සොඳුරු නිම්නෙක එක්වෙලා
    දුක් සුසුම් නැති අපේ ලොව තුල
    සිනා මල් පෙති විසිරිලා

    හිරුට නති නැත සඳුත් ඇත තනිවී
    එකම අහසක හමුවෙලා
    ලොවම සසලව බල සිටි‍යාවේ
    ‍යලිදු අප ඇත ලංවෙලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතක සුවඳ වෙන්නම්
    සුළඟක් වී මා එන්නම්
    නුඹ වටේට දැවටෙන්නම්
    ඉඟිබිඟි පා හිනහෙන්නම්

    මලක සුවඳ වෙන්නම්
    පවනත මුසුවී එන්නම්
    සුසුමක් ගෙන සිරකරන්න මා
    ඔබ හදේ රැඳෙන්නම්

    මතක සුවඳ ..............

    හමනා මදනල වෙන්නම්
    නුඹෙ සලුපට සොලවන්නම්
    ඔබෙ සවනට කොඳුරා හෙමිහිට
    ආදරෙයි කියන්නම්

    මතක සුවඳ ..............


    ගායනය :- රොහාන් ද සිල්වා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සත්තකින් නෑ මගේ

    සත්තකින් නෑ මගේ
    හිත දන්නේ මෙ
    මයි ආදරේ
    දැනෙන්නේ එය මා හිතකොනේ
    මට නොදැනී හැංගීලා:dull:

    ඒ නමුත් මින් පෙර මෙමා
    දැන උන්නා නම් මෙය ආදරේ
    කියාලා කිසිවිටකත් නොවේ
    මා ආලෙන් වෙලෙන්නේ අද මේ ලෙසින්:no:

    පැතුවේ නෑ මා ඔබගෙන්ම ආදරේ
    ඔබ මා රවටමින් තවම පෙර ලෙසේ
    පවසමින් ඔබ මට මේ ලොවේ
    ඇයි ආදරේ කියා:oo:

    නැවතත් හමුවේ යයි සිතුවේ නෑ මා එදා
    වේදනා තවම ගිගුරුන්නේ හද නුරා
    දැන දැනම තවම මගේ හද
    ඔබ කෙරේ ඇදීලා යයි, ඇදිලා යයි:frown:

    ඇරඹුම වැරදුනේ කොතනදැ‍යි
    සොයා මා ගියමුත් බොහො දුරක්
    ගෙවලා යලි ඔබ අමතනා
    තුරා මා බලා ඉන්නේ:(

    දැන් කුමක් මා කරනු දැයි
    සිතා බැලුවත් ආදරෙන්
    ගැලවීලා යන්නට බැහැ ඔබෙන්
    අද මාගේ හැමදේ ඔබෙන්ම වෙලා:dull:

    පැතුවේ නෑ මා ඔබගෙන් නම් ආදරේ...

    නැවතත් හමුවේ යයි සිතුවේ නෑ මා එදා...

    දැන් ඉතින් ඔබ නැති ලොවක අරුත කිම්
    පල නෑ තවද එය මා දැනගෙනත්
    ඔබ මගෙන් මාගේ හදින්ම ඉරා දමලා
    ඉදින් මෙලෙසේ,මෙලෙසේ:(

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිවිතුරු‍ය පළමු පෙම
    බිහිසුණු‍ය බිඳුණු දින
    ලෙන්ගතු‍ය සුවඳ ඔබ
    සුදු හාමිනේ....තනිකඩ‍ය තවම මම

    වස්සාන කාල‍යක හිත දවා
    අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා
    මල් ‍යා‍ය බඹර ගී හඬ තලා
    කැකුලු පෙම මල් නටුව හැර ගි‍යා

    කප්තුරට ‍යදම් බැඳි තටු සලා
    සක්මනට නුහුරු සිත තනිකලා
    අවරගිර තරු වැටෙන් ගිලිහිලා
    සුභ නැකත රන් හු‍යක පැටලුනා

    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රෑ සිහිනේ
    ඔබ ලග මා සැනසෙනවා
    මා සැබැහින්
    ඔබ ගැන සිත ලතැවෙනවා

    මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ


    ඈ සනසවමින් මේ ගී වැල් දමමි මෙමා
    ඒ මිහිරි ලොවේ සැනසුම මා ලැබගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ...

    :love::love:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
    මා පරනා තරම් ආදරේ හැගුම් රහසේ
    නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා
    මං මුලා වු තරම් ආ‍දරේ හැගුම් අහසේ

    සිහින මානස විලේ ගිලුන ඉදුවර කැකුළේ
    මං දුරක වී බලා හිදිමි පිපෙන තුරා
    පෙති මත අතුරා සෙනෙහසක රටා
    මම මං මුලා වෙලා

    සංහිදුනු ජීවිතේ දෙව්ලොවකී මං ‍තලේ
    හිදිමි පෙතිවිදා දිනක නුඹෙම වෙලා
    දෝතින්ම නෙලා සුරකිමි සැමදා
    මගේ ආද‍රෙන් වෙලා

    නුහුරු නෙතු දැල්...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිතගාව සිරකාරියයි
    නෙත ගාව දඟකාරියයි..
    නිකලැල් හදේ පූජාසනේ
    හැමදාම හිමිකාරියයි..
    :rofl:
     
    • Like
    Reactions: rcccc

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සඳට අමතකයි හිරුටත් අමතකයි
    තරු වලටත් අතීතයම අමතකයි
    නුඹේ සිතට අද මා ගැන අමතකයි
    තනි වූ දා මට මා ගැන හරි දුකයි...................

    මල් යායට සමනලයා අමතකයි
    කඳු යායට සුදු මීදුම අමතකයි
    ගංගාවට ඔරු පාරුද අමතකයි
    මට හිතාගන්න බෑ මෙහෙම වුණේ ඇයි...............

    ඒ කාලේ ඔය හිත අවිහිංසකයි
    අද ඒ හිත ගලක් වගේ මට සිතෙයි
    එදා වගේ මම නම් තව ආදරෙයි
    මට දරාගන්න බෑ වෙනස් වුනේ ඇයි...
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    what makes you beautiful





    You're insecure,
    Don't know what for,
    You're turning heads when you walk through the door,
    Don't need make-up,
    To cover up,
    Being the way that you are is enough,

    Everyone else in the room can see it,
    Everyone else but you,

    Baby you light up my world like nobody else,
    The way that you flip your hair gets me overwhelmed,
    But when you smile at the ground it ain't hard to tell,
    You don't know,
    Oh oh,
    You don't know you're beautiful,
    If only you saw what I can see,
    You'd understand why I want you so desperately,
    Right now I'm looking at you and I can't believe,
    You don't know,
    Oh oh,
    You don't know you're beautiful,
    Oh oh,
    That's what makes you beautiful

    So c-come on,
    You got it wrong,
    To prove I'm right,
    I put it in a song,
    I don't know why,
    You're being shy,
    And turn away when I look into your eye eye eyes,

    Everyone else in the room can see it,
    Everyone else but you,

    Baby you light up my world like nobody else,
    The way that you flip your hair gets me overwhelmed,
    But when you smile at the ground it ain't hard to tell,
    You don't know,
    Oh oh,
    You don't know you're beautiful,
    If only you saw what I can see,
    You'll understand why I want you so desperately,
    Right now I'm looking at you and I can't believe,
    You don't know,
    Oh oh,
    You don't know you're beautiful,
    Oh oh,

    That's what makes you beautiful

    Na na na na na na na na na na
    Na na na na na na

    Baby you light up my world like nobody else,
    The way that you flip your hair gets me overwhelmed,
    But when you smile at the ground it ain't hard to tell,

    You don't know,
    Oh oh,
    You don't know you're beautiful,

    Baby you light up my world like nobody else,
    The way that you flip your hair gets me overwhelmed,
    But when you smile at the ground it ain't hard to tell,
    You don't know,
    Oh oh,
    You don't know you're beautiful
    If only you saw what I can see,
    You'll understand why I want you so desperately
    Right now I'm looking at you and I can't believe,
    You don't know,
    Oh oh,
    You don't know you're beautiful,
    Oh oh,
    You don't know you're beautiful,
    Oh oh,

    That's what makes you beautiful
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිළිසුණා පුරපස පිපිණි දොරකඩ රන් මලක්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරුවත් නැහැ කවුරුවත් නැහැ
    එගොඩට ‍යන්නට එගොඩට ‍යන්නට
    ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා පාරුව ඇතුලට
    ලන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
    කවුරුවත් නැහැ කවුරුවත් නැහැ

    දවසින් දවසට පාලම හැදුනා
    පාලම් මෝලේ හෙණ හඬ ඇසුනා
    කිරල කැලෑවේ කුරුලු කොබෙ‍යි‍යන්
    ගම හැරදාලා ‍යන්න ගිහින්

    දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
    ගෙනි‍යන්නට බැරි මහ බර තිබුනා
    මෙතුවක් නොම ගි‍ය බර අද දවසේ
    මට හිනැහීගෙන ‍යනවා වාගේ

    -අමරසිරි පීරිස්-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ සිහිනේ ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා

    මේ බැඳුණු සෙනේ කෙදින ද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙස ද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදින ද අප තනිවන්නේ

    රෑ සිහිනේ .............

    රෑ සනසවමින් ගී වැල් ගයමි මෙමා
    ඒ මිහිරි ලොවේ සැනසුම මා ලැබගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

    රෑ සිහිනේ .............


    ගායනය :- නාමල් උඩුගම
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    හරිම කෙටි‍යි රෑ තුන් ‍යාමේ හරි‍යට එක ‍යාම‍යක් වගෙ‍යි
    ඉර දුටුවත් නාඩන්න කි‍යා පණිවිඩ‍යක් ‍යැවුවොතින් හොඳ‍යි

    සඳ දි‍ය උතුරා
    අපතේ ‍ය‍යි ගිලී නාන්නට එන්න දි‍යේ
    තරුකැට ගිලිහී දි‍යේ ගිලෙ‍යි
    ඒ තරු ඇහිඳින්නට එන්න දි‍යේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රෑ දුරු රට මේ
    හිම වරුසා.. සීත පාලුවේ…
    මූදු සතකින්, ඈත දේසේ
    මා තනිවේ..

    කල්පනා ලෝ පෙම් දැහැනේ
    ක්ෂිතිජ නිම්නයේ
    රෑ තනි යහනේ….

    දෑත වෙන්වී පෙම් විහඟුන්
    සිහින තොටුපලේ
    රාත්‍රි යාමේ….

    රෑ දුරු රට මේ…
    :love:

    හඬ-අමරදේවයන්
    පබැඳම-අජන්තා රණසිංහ
    තනු-සරත් දසනායක​
     
    • Like
    Reactions: Dulanzz

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රේමයනම් රාගයෙන් තොර
    සඳ එළිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයි

    ප්‍රභාමත් වූ වතමඬල ඇත
    තවුස් දැහැනක නිශ්චලත්වය
    නයන යුග්මේ රැඳී ඇත්තේ
    භාවනාවක කාන්තියයි

    ප්‍රේමයනම් ..............

    දොඩන වදනින් ඇසෙයි නිරතුරු
    වනන්තරයක සකුන මියැසිය
    දෙතොල් අතරින් ගලා එන්නේ
    ගීතිකාවක ශාන්ත්‍යයි

    ප්‍රේමයනම් ..............


    ගායනය :- නන්දා මාලිනී
     
    Status
    Not open for further replies.