පද පේලි .....

Status
Not open for further replies.

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
ඔබට පිදුම් වූ සිතක විරාග‍ය
කැටපත් පවුරක ගී‍යක් සේ
සදා රැඳේවා ඔබේ හදේ

සිත ඔබ පාමුල රඳවා බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිත‍යෙන් සමුගෙන ‍යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
 

umaliya

Member
Sep 1, 2010
50
1
0
32
pannipitiya
oba sitha ma sith hamu wu da sita ......
ma laya pipidi para wu pem mala.....
sithin thurulu kara ma mala dawasata...
mage laga thaniyata inu manawii..............
:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
ඔබ නික්මන් කල දවසේ උනපු කඳුලෙ තරම තම‍යි
පොද වැස්සක් වෙලා පොලවට පාත්වුනේ
ඒ කඳුලේ බල‍ය තම‍යි මහවැලි ගඟ මැද්දේ
දි‍ය සුලි‍යක් වූ‍යේ
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
කට්ට කාලා දාගත්ත ‍යාලු
ආ‍යෙ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු

මේක සිරා කරපු මගේ ප්‍රථම love එක
මම බොක්ක වුනත් දෙන්න හිටි‍යෙ ඈ හට
දැනු‍යි මට හැඟෙන්නෙ ඇ‍ය ගැලෙව්වෙ මගෙ දත
අද කනේරු ඇට කන්න හිතෙනාවා මට

කි‍යල වැඩක් නෑ නින්ද ‍යන්නෙ නෑ
මේව හිතල හිතල මගේ නාඩි වැටෙන්නෑ

මචන් ඕව ඔහොම තම‍යි කෙල්ලො හිටි‍යට
එ‍යාල අපිව දාල ‍යන්නෙ අනේ නොකි‍යම
උඹට සෙට් වෙනකම් හොඳ කෙල්ලෙක් ලඟදිම
සින්දුවක් කි‍යල ඉමු ආතල් එකෙ අද

හිතල වැඩක් නෑ ආ‍යෙ එන්නෙ නෑ
මේක ගැනම හිතල හිතල වැඩක් වෙන්නෙ නෑ

කට්ට කාලා දාගත්ත ‍යාලු
ආ‍යෙ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු

එ‍යා ගි‍යා කි‍යල අපි හඬන්නෙ නෑ
වෙන කෙල්ලෙක් සෙට් වුනාම තනි‍ය නෑ

(කි‍යන්නේ කවුද කි‍යලා නම් දන්නේ නැතෝ.......)

original video :P

 

moongirl

Member
Mar 25, 2011
233
26
0
ජීවිතයම ඇති එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ ...
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ..
    අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ...
    අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස...
    නොහැඟෙයි ලගින් හිඳ මගෙ හිස සිඹින සඳ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහසින් පොලවට කඩා වැටීලද

    ahasin+polawata.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    You ask me if I love you
    And I choke on my reply
    I'd rather hurt you honestly
    Than mislead you with a lie
    And who am I to judge you
    On what you say or do?
    I'm only just beginning to see the real you

    And sometimes when we touch
    The honesty's too much
    And I have to close my eyes and hide
    I wanna hold you til I die
    Til we both break down and cry
    I wanna hold you till the fear in me subsides
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
    බඹර නාදේ ඇසෙන මානේ
    රැදෙනු මාගේ සුව වාගේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආලවන්ත වීදියේ..
    මේ ආලවන්ත වීදියේ
    නෙක විසිතුරු සල්පිල්වල
    සිහින තියෙන්නේ..


    §අමරසිරි පීරිස්§
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් හමුවූ දා ඉඳන් හිත් හිමිවෙනකන්
    හිත් හිමිවූ දා ඉඳන් අත් බැඳ යනකන්
    අනන්තයක් ආදරේ හිතේ හිරකරන්
    බලන් ඉන්නවා අදත් බලන්න එනකන්

    උත්තර නැති ප්‍රශ්නයකින් පටන් ගන්නවා
    කොච්චර හරි ආදරෙන් අහන් ඉන්නවා
    මුවින් නොබැණ මුළු හදින් ම ඔබ කන්දෙනවා
    මටත් ඉතින් ලෝකයක් ඔබව වටිනවා

    ඇස් හමුවූ දා ..................

    තිස්සෙම ඇස් පොඩිකරන් බලන් ඉන්නවා
    ඉස්සර නැති පාලුවක් මටත් දැනෙනවා
    දිනක් නොදැක කල්පයක් හිත ලතවෙනවා
    මටත් හොරෙන් මා ළඟින් ඇවිත් ඉන්නවා

    ඇස් හමුවූ දා ..................


    ගායනය :- ගිහෙන් නිශාන්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හිමි උනු ඔබ මට අහිමි වෙලා...
    කොහොමද වාවා ගන්නේ මා....
    ආදරේ....පෑ ආදරේ...

    නිදි නැති රැය ඔබ ගැනම සිතා...
    මතකය පාරා කදුලු සලා...
    ජීවිතේ...මේ ජීවිතේ...
    සිතුවේ නෑ පැහැසර සිනා...
    කුරිරු වී හැර යයි කියා....

    සිහින නෙළා පැලදුව දා...
    මල් මාල හිත් මානයේ...
    සිහි වෙනවා උමතු සිනා....
    නිල් පාට නෙත් මායිමේ....

    ලන් උනේ වෙන් වෙන්න නම්....
    පෙම් කරේ තුරුලේ ඉදන්...
    ඇයි ඔයා....මට මේ තරම්...

    පෙම බිද දා හැර ගිය දා....
    දුක දැනුනේ නැති දෝ මගේ....
    කදුළු හොරා වැටෙනා තුරා...
    පිටු පෑවෙ ඇයි ජීවිතේ...

    ලන් උනේ වෙන් වෙන්න නම්...
    පෙම් කලේ තුරුලේ ඉදන්...
    ඇයි ඔයා මට මේ තරම්...

    හිමි උනු ඔබ ම්ට අහිමෙ වෙලා...


    -Manjula Pushpakumara-
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    can't you see me falling an endless fall
    can't you hear me calling a never ending call
    can't you see me bleeding I'm losing control
    can't you see me dying I'm dying alone..

     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I'm going to go into the fir trees
    there where I last saw her
    but the evening is throwing a cloth upon the land
    and upon the ways, behind the edge of the forest..
    and the forest, it is so black and empty
    woe is me, oh woe
    and the birds sing no more..
    . :-(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
    ගෙදරට බර වුනු බාල නගේ
    නුඹ ගෙන ‍යන්නට ගමෙත් කෙනෙක් නෑ
    රටෙත් කෙනෙක් නෑ බාල නගේ

    විරසක වීලා ගිරහ අපල‍යෙන්
    නුඹෙ ඉරණම නුඹ ලඟට නො‍යේ
    නිදිබර දෑස‍යි දැලි ගෑ මූණ‍යි
    ලිප මුල්ලේ ‍යෞවන‍ය වගේ

    රන්දම් පැලඳි‍ය ‍යුතු ගෙල වටකර
    නවගුණ වැල පෝරුවක බැඳේ
    දීගෙක ගි‍යදා නුඹට දැනේවී
    තනිකඩකම කොච්චරද අගේ

    -සුනිල් එදිරිසිංහ-
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    තාමත් තරහින් නේද ඔයා
    හඩලා හඩලා ඇස් තෙමිලා
    නැතුව ඉන්න බෑ මගේ රත්තරනේ
    ඇයි ඔහොම තරහින් ඔයා....
    මගේ හුස්ම කවදත් ඔයා...

    පොඩි දේටත් තරහ අරන්
    රණ්ඩු වෙලා නොදරුවෙක් ලෙසින්
    ආයේ ටීකෙන් වෙනස් වෙලා
    පෙරසේම උන්නත් ඉතින්...
    කවදාවත් නෑ මගේ සෙනෙහේ කිසි කෙනෙකුට දෙන්නේ
    ඔබට තිබෙන ආදරය මගේ මං විතරයි දන්නේ

    හිත රිදුනත් නෙතු තෙමුනත්
    අඩුවක් නෑ හිත උණන සෙනේ
    තරහ නොවී ඉමු මතුවත්
    මියෙනතුරා ආදරෙන්...
    කවදාවත් නෑ මගේ සෙනෙහේ කිසි කෙනෙකුට දෙන්නේ
    ඔබට තිබෙන ආදරය මගේ මං විතරයි දන්නේ
     
    • Like
    Reactions: DAMER
    Status
    Not open for further replies.