පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන නෙත් යුග සනසනා
    සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
    නිහඬ මා හද සනසනා

    ඉරකි ඔබ මට සඳකි ඔබ මට
    කිසිඳු කිසි විට සමු නොගන්නා
    සයුරු රළ ඔබ ඈත සමුඳුර
    සයුරු තෙර මා හමුවනා

    සිහිනයකි ඔබ ..............

    යුග ගනන් අප වෙන්ව ආ මඟ
    සොඳුරු නිම්නෙක එක්වෙලා
    දුක් සුසුම් නැති අපේ ලොව තුළ
    සිනා මල්පෙති විසිරිලා

    හිරුට තනි නැත සඳුත් නැත තනිවී
    එක ම අහසක හමුවෙලා
    ලොව ම සසලව බලා සිටියාවේ
    යලිඳු අප ඇත ළංවෙලා


    ගායනය :- නිරංජලා සරෝජිනී හා බණ්ඩාර අතාවුද
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    sodi+lama+hasa.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මා දෙනෙත් පියවීලා
    මා සුසුම් සිරවෙලා
    යනතුරා දිවි මගේ
    ඔබ පමණයි සිහිනේ සදා

    තුරුලේ නැළවී එදා
    කීව පෙම් ගී කතා
    සුලඟේ මුසුවී ගියා
    ඔබව මතකේ තියා

    මා දෙනෙත් පියවීලා..

    ලදළු මල් පෙති පවා
    මිහිමතේ සැතපිලා
    ඔබත් යලි නෑ කියා
    හිරුත් අවරට ගියා

    මා දෙනෙත් පියවීලා..
    -saranga disasekara-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මා දෙනෙත් පියවීලා
    මා සුසුම් සිරවෙලා
    යනතුරා දිවි මගේ
    ඔබ පමණයි සිහිනේ සදා

    තුරුලේ නැළවී එදා
    කීව පෙම් ගී කතා
    සුලඟේ මුසුවී ගියා
    ඔබව මතකේ තියා

    මා දෙනෙත් පියවීලා..

    ලදළු මල් පෙති පවා
    මිහිමතේ සැතපිලා
    ඔබත් යලි නෑ කියා
    හිරුත් අවරට ගියා

    මා දෙනෙත් පියවීලා..
    -saranga disasekara-
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Gunadasa Kapuge...........

    සඳ රෑ සිහිනයේ~
    රැඳෙනා දිගැසියේ..
    කල්පනා මීවිතේ
    ~
    පිරුණා ආදරේ..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා
    හිත ද හැදුනා දුකද දැනෙනා
    වෙනතකට ආදරය නැ නැ නැ වෙනතකට ජීවිතය දුන්නා

    දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා
    ඔබව පතලා සිතැගි ගලපා ආදරේ ටජ්මහලක් බැන්දා
    සුවද හමනා සුලගකට මා ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
    හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතය දුන්නා

    දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා

    ගිනි දැල්වු ආදරේ – උණුසුමෙන් ඈත් නොවේ
    අමතක කළත් මෙසේ – මතකේ හෙටත් තියේ
    විදගන්න බෑ ලදේ – පලිගන්න නම් නොවේ
    එහෙනම් වෙනස් වුනේ – දෛවයයි වෙන් කලේ

    ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
    ඔබෙ ආදරේ වෙනුවෙන් ලදේ
    සැමරුම් තබා ඇයි පිටු පා ගියේ
    අදහන්න බෑ සත්තයි ප්‍රියේ

    දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා
    හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතය දුන්නා


    Iraj & Infaas Ft Devashri
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    H.R Jothipala..........

    පැටලී ලෝ මායාවෙන්..
    ගලවා මා අවමානෙන්..
    නුවණැස මගෙ පහදාලා..
    දියුණුවේ මඟ පෙන්නාලා..
    ලැබූ ඒ ආශිර්වාදේ..
    දිවි මාවත එළිය වුණේ..
    මේ නොනිමෙන දිවි ගමනේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Prasanga Thisera............

    ~සිත ගාව ඔබ ඉන්න~

    alone-boy-facebook-cover-t2.jpg


    ~සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා~
    ..හැමදාම මම ඉන්නවා මඟ බලා..
    ~දුර ඈත අර පේන සයුරෙන් එහා~
    ..ඔබ නාවේ ඇයි හමන සුවඳක් වෙලා..

    ~තරු පිපුන නිල් අහසේ නුඹ පායලා~
    ..නිරතුරුව ඉඟි පානවා සැරසිලා..
    ~ඒ අහසෙ රෑ සීතලේ ගුලි වෙලා~
    ..ලඟ ඉන්න පැතුමන් ඇතේ තනි වෙලා..

    ~මගෙ සිහින තරු අතරේ සෙව්වේ ඔයා~
    ..කිම හැංඟුනේ සිතක රිදවුම් මවා..
    ~සඳ මඬලේ නොපෙනෙන්න සිතුවම් වෙලා~
    ..මට ඉන්න ඉඩ දෙන්න සුසුමක් වෙලා..
     
    • Like
    Reactions: m3pium

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    පෙරුම් පුරා දුකසේ ගළපාගත්
    කවිය ඔබම වී නැළවුණු යුගයක
    හද රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
    ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය

    සොඳුරිය කාලය කොතරම් නපුරුද
    දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
    රැකගත් ආලය උදුරා ගෙන ගිය
    කාලය කොතරම් නපුරුද සොඳුරිය
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    feel the lights are fading within me
    there's a void and a growing anxiety
    I can feel the bitter end draws near
    I concede this life has nothing more for me.. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැනසුම් සුසුමක් ඈතක යානම්
    සිනා ගඟක් මුව තුළ සිරවේ
    වැට අද්දර හිඳ නුඹ හිනහේනම්
    නැවුම් ලොවක් හද තුළ ගොළුවේ

    කෝකිල හඬකට උපමා කරනට
    බැහැ මට නුඹට වඩා
    කවියක් කියන්න නැතිමුත් කම් නැත
    මිහිරියි නුඹේ කතා

    මල් වට්ටියකට සෙනෙහස එක්කර
    පුදන්න පෙරුම් පුරා
    ඒ පින් මහිමෙන් අප එක්කරන්න
    යදින්න සසර පුරා

    සැනසුම් සුසුමක් ...........


    ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rasika Wijerathne.............

    ~සපුරා තහනම්~

    1319452241-screenshot.jpg


    ~සපුරා තහනම් ආදරේ මට නම්~
    ..නෙතු පියා ගන්න සදහට..
    ..ටික දිනයි තියෙන්නේ..
    ~නොදැන එය නුඹ විමසුවත්~
    ..ආදරේ ඔබට මන්..
    ~අතරමං වී ගොළු වුනේ~
    ..ආදරේ නිසා මන්..

    ~මගෙ අවසන් හුස්ම තුරුලු කර~
    ..මියෙන තුරා ඉන්නවනම්..
    ..ඔබ නිදනා යහන් සමීපේ..
    ..සුසුමක් වී පාවෙන්නම්..
    ~භවයෙන් භවේ ඉමි මඟ බලා~
    ..ඔබ එයි කියා..
    ~එතුවක් තුරා පෙරුමන් පුරා~
    ..එන්නම් සොයා..

    ~සීතල මගෙ දෙතොල් අගට~
    ..වැටෙනා උණු කඳුළැලි පේළි..
    ..දුකයි සිතට ඇස් වහගන්නට..
    ..නුඹ ලඟ සිටින වෙලේදි..
    ~භවයෙන් භවයේ ඉමි මඟ බලා~
    ..ඔබ එයි කියා..
    ~එතුවක් තුරා පෙරුමන් පුරා~
    ..එන්නම් සොයා..

     
    • Like
    Reactions: prageeth119lk

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    හැඟුම් දැන් හුගක් දුර ගිහින්
    සිතින් වෙන් කරන් බැරි තරම්
    නොකියු වදන් මෙසේ
    නොකියා ඉඳිම් කෙසේ
    සිත ඉවසන්නෙ නෑ
    සිතට ඉවසන්න බෑ

    ඔබ දන්නවාද දන්නේ නෑ
    මං ආදරේ කලා සිතින් කියා
    ඔබ මා ළඟින් තියා
    මං ආදරෙයි කියා
    කියන්නේ කෙසේදෝ දන්නෙ නෑ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා...ගෙවූ කාලය සිහිනයක්

    මගේ දුක දැක ඔබේ දෙනයන
    උපන් කඳුලෙන් සේදිලා...//
    ඔබේ වත නොව ඔබේ හදවත
    පුරා සඳ සේ පෑදිලා...

    එදා ලඟ සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ...//
    සදාකාලික නොවූ ලෝකයෙ
    සදා කෙලෙසද පෙම් කරන්නේ...


    සුනිල් එදිරිසිංහ
     
    • Like
    Reactions: rcccc and DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෛවයේ සරදමෙන් වෙන්වෙලා අපි අපෙන්
    බොහෝ කල් ගතවුණත් ලංවෙන්න බෑ යලිත්
    හුරුපුරුදු තනිකමෙන් හිත පෙඟිල සත්තකින්
    වැරැද්දක් වුණානම් සමාවෙනව ද මගෙන්

    හමුවන්න බැරි ලෙසම දුරකට වුණත්
    කවුරුත් ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්
    දැන උන්නනම් විඳවන තරම්
    සමුගන්නෙ නෑ මගෙ රත්තරන්

    මියදෙන්න පෙර ආයේ මුණගැහුණොතින්
    හිනහෙන්න පෙර වාගෙ යන්තම් හොරෙන්
    දැන උන්නනම් විඳවන තරම්
    සමුගන්නෙ නෑ මගෙ රත්තරන්

    දෛවයේ සරදමෙන් ...........


    ගායනය :- අතුල අධිකාරි හා සමිතා එරන්දතී මුදුන්කොටුව
     
    Status
    Not open for further replies.