සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
නිහඬ මා හද සනසනා
ඉරකි ඔබ මට සඳකි ඔබ මට
කිසිඳු කිසි විට සමු නොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුඳුර
සයුරු තෙර මා හමුවනා
සිහිනයකි ඔබ ..............
යුග ගනන් අප වෙන්ව ආ මඟ
සොඳුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුළ
සිනා මල්පෙති විසිරිලා
හිරුට තනි නැත සඳුත් නැත තනිවී
එක ම අහසක හමුවෙලා
ලොව ම සසලව බලා සිටියාවේ
යලිඳු අප ඇත ළංවෙලා
ගායනය :- නිරංජලා සරෝජිනී හා බණ්ඩාර අතාවුද
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැළි ඔබ තනිව හිඳි වේලේ
නිහඬ මා හද සනසනා
ඉරකි ඔබ මට සඳකි ඔබ මට
කිසිඳු කිසි විට සමු නොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුඳුර
සයුරු තෙර මා හමුවනා
සිහිනයකි ඔබ ..............
යුග ගනන් අප වෙන්ව ආ මඟ
සොඳුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුළ
සිනා මල්පෙති විසිරිලා
හිරුට තනි නැත සඳුත් නැත තනිවී
එක ම අහසක හමුවෙලා
ලොව ම සසලව බලා සිටියාවේ
යලිඳු අප ඇත ළංවෙලා
ගායනය :- නිරංජලා සරෝජිනී හා බණ්ඩාර අතාවුද


