පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
    ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ
    හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ
    ඔබ ළංනොවුණානම් නෑ මේ දුක පාලූ

    සෙනෙහසමයි පැතු‍වේ ඔබ ගැනමයි හිතුවේ
    රිදවාලා හඬවාලා මොනව ද ලැබුණේ
    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
    ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ

    නිමනොවෙන පෙම් කතා අතර මඟ නවතලා
    අලුත් කතාවක් සොයා ඔබ ගියා වෙන්වෙලා
    මා තනිකර දාලා කාගේ ද වීලා
    ඇයි ගියේ මිරිඟුවක් මවාලා

    දුක නැති ආදරයක් ............

    අපෙ මතක එක්කලා එකිනෙකට ගලපලා
    සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා
    මා තනිකර දාලා කාගේ ද වීලා
    ඇයි ගියේ මිරිඟුවක් මවාලා

    දුක නැති ආදරයක් ............


    ගායනය :- ජානක සූරියබණ්ඩාර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත හදාගන්න මට කියාදෙන්න අද
    රැඳෙන්නෙ කොහොම ද පෙර සේ
    ඔබ නිසා වෙන්ව මට දරාගන්න බැරි
    තනිකම දහසක් අතරේ
    ඔබෙ වෙනස් වීම මට දරාගන්න බෑ
    දැනෙන්නෙ එය මහමෙර සේ
    මට ඉතිරි කළේ ඔබ ප්‍රථම ප්‍රේමයේ
    කඳුළ පමණි විදු පියසේ

    දෙගුරු මුලාකොට සෙනෙහස විඳි හැටි
    මිහිරියි මතකය මනසේ
    මුලාවුණේ මම අතර ගියේ නුඹ
    තනිකළේ ඇයි ද විදු සෙවනේ

    දහසක් දෙනුවන් අතරේ ඔය රුව
    ඇයි මා හිත තුළ රැඳුණේ
    ආපසු යන්නට පාර කියන් මට
    නුඹෙ දෙනෙතින් මා ලොව දුටුවේ

    නාමල් සුවඳට කීරි ‍ගැහෙන හිත
    මට විතර ද අද දැනුනේ
    කියාදෙන්න හිත හදාගන්න හැටි
    අමතක කරනට පෙර මතකේ

    හිත හදාගන්න මට ............


    ගායනය :- ප්‍රසංග තිසේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ඇස් දිහා බලා හඬන්නට එපා
    මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
    දුකක් දී නුඹ ගියා

    කුළුඳුල් මගෙ ආදරේ සඟවන්න බෑ
    රහසේ හඬනා තරම් නුඹ දන්නෙ නෑ
    ආයෙ හමුවෙන්න මට තහනම්
    ඉවසන්න බෑ මේ සරදම්

    මගේ ඇස් දිහා බලා ..........

    දෙනෙත් තරු බල බලා හිනහෙන්න බෑ
    පියුම් පෙති ආදරෙන් සිපගන්න බෑ
    කීව නාහන හැටි හිත මාගේ
    අහිමි නුඹ ගැන දැන් ලතවෙන්නම්

    මගේ ඇස් දිහා බලා ..........


    ගායනය :- හිරාන් තේනුවර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
    මටද නොහැක මල්විමන් තනන්නට
    නමුදු සොඳුරේ මේ ‍සුවිසල් අහස යට
    අපේ සුසුමන් හමුවෙලා මුමුණනු ඇත

    අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස
    සසර පුරා ළඟ ඉන්න ඇතී
    ඒ අත්භවයෙත් මේ වාගෙ ම අපි
    හමුවී වෙන්වී යන්න ඇතී

    හමුවී වෙන්වෙනු සසර පුරුද්දට
    එකම සඳේ සඳ එළිය දකින කොට
    ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප
    හිනහෙමු කඳුළැලි සඟවා හිත යට


    ගායනය :- ඉෂාන් ලන්ත්‍රා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විඳවනා තරම් දන්නෙ මා සිත විතරනම්
    හිත හදාගන්නම් ඉතින්
    හිත හදාගන්නම් ඉතින්
    එනතුරා ඔබ ම සෙනෙහස අරන්
    එනතුරා ඔබ ම සෙනෙහස අරන්

    පෙම් ඉඟි පෑ කතාවෙන්
    මන බැන්ඳූ සිනහවෙන්
    රහසේ මගෙ සිත ගත් ඔයා
    ඇයි වෙන්වී හිත දවා
    මගෙ සිත දවා

    විඳවනා තරම් ................

    ඔබව දුටූ මුල් දවසේ
    පෙම් බැඳුණේ මා රහසේ
    ඒ බව ඔබ නොහැඟුනා සේ
    වෙනතක බැඳුනේ රහසේ
    ඇයි රහසේ

    විඳවනා තරම් ................


    ගායනය :- කුමුඳු මනුවෙලආරච්චිගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හඬනවනම් හඬන්න හඬන්න දුක තුනි වෙනකන්
    ඉඩ දෙනු මැන බහින්න මේ නැවතුම්පොළ ගාවින්

    අපි තවදුර නොයා යුතුයි ඔබ හිතලා බලන්න
    අදින් පසුව කිසිවක් නෑ හිතවත් කම ඇරෙන්න

    හඬනවනම් හඬන්න ..............

    තුන් හිතකින්වත් මට බෑ අහිතක්නම් හිතන්න
    මට දුන් ආදරය හදේ මියයනතුරු රකින්න

    හඬනවනම් හඬන්න ..............


    ගායනය :- කැලුම් හෙට්ටිආරච්චි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දුක්‌බර කවියක්‌ ලියා
    එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
    අරුත පසදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    33w2o2h.jpg

    ඔබ දැතින් අල්ලන් මා...
    එක්කන් යන්නම් ආයේ
    ඔබ දැසින් කදුලැල් නම්
    ගිලිහෙන්නේ නැ ආයේ...

    සුදු දියමන්ති මාලේ
    ඔබෙ ගෙලෙහි රදවාලා
    ගෙනයන්නම් ඔරුවෙන් මා...
    මේ සිත රැ යාමේ..

    ඔබ දැතින් අල්ලන් මා
    දිව ගෙන යන්නම් ආයේ..
    මගේ දැසින් කදුලැල් නම්
    ගිලිහෙන්නේ නැ ආයේ
    ඒ ඔරුවේ නැග ඔබ හා
    උනුහුම් තුරුලේ හැන්ගිලා
    සැනසුම් සුසුමන් ලන්නම් මා
    මෙ සිත රැ යාමේ..

    මුදු මිදුමෙන් පිරි කදු යයේ...
    ඔබ හා කිව් ගී මතකයි මතකයි මට
    ඇවිදින් යනකොට ගිම්හානේ..
    ඔබ හා කිව් ගී මතකයි..
    සිත මද පවනැල් දසතින්
    හබා එද්දි,ඔබගේ සිරුරෙ දැවටෙච්චි.
    මා සිහිනයට එන්නේ එ කාලේ
    ඔබ මා හා හුරතල් වෙච්චි....
    හ්ම් හ්ම් හ්ම්ම්ම්.


    ඔබ දැතින් අල්ලන් මා...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිහිනයකට පෙම් කරලා
    දුක විතරක් තුරුළු කරන්
    ඔහු යනවා ඈ සොයලා..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
    සිනහා මල් - සිනහා මල් වට්ටියක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේමවන්තයෙක් වුනාට කමක් නෑ මලේ..

    සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
    පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
    දෑතට ගෙන යා හැකි දුර ගව් සියයක් වත් වේ නම්
    ප්‍රේමවන්තයෙක් වුනාට කමක් නෑ මලේ..

    උණු කඳුළු - උණු කඳුළු බත් මුලක්
    මල් පැදුරු - මල් පැදුරු පන් මිටක්
    දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
    ප්‍රේමවන්තියෙක් වුනාට කමක් නෑ න‍ඟේ..


    §වික්ටර් රත්නායක§
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
    නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
    දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං

    කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා
    සුසුමන් නැගේ හදවතේ රෑ පුරා //
    හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
    සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජිවිතේ

    පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
    වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ //
    හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
    සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජිවිතේ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    රෑ තිස්සේ මල් හීන ඇහිදින්න ගි‍යෙත් නෑ
    ඇවිත් පෙම්බර සුලං රොන් අරන් ගි‍යෙත් නෑ
    සිත තලන පෙලන පෙම්බරාන
    හිතවතාන කි‍යන්න
    මට කි‍යාදෙන්න

    පුසුඹ නෙතග තෙමනා
    බොර පාට ඇස් අගින් බේරී
    වැටෙන මේ කඳුලු පේලි
    ගිලා බසින දුකිනා
    අවනඩුව තනිව විඳවනා
    දික්කසාද පෙම්බරීද මං
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිනිමල් වරුසාවේ

    කිසිවකු සමඟින් එකට තුරුළු වී
    ඉර බැස යන වේලේ
    ඔබ යනු දුටුවිට මතකය රිදවයි
    අපෙ ඉස්සර කාලේ අපේ ඉස්සර කාලේ

    එක කුඩයක් යට ගෑවි නොගෑවී

    මඳ අව් රස්නෙට වුව සෙවනක් නැත
    ඔබහට අද දවසේ
    වැස්සට අව්වට තනිව මුහුන දෙමි
    මගේ මහිම එලෙසේ මගේ මහිම එලෙසේ

    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිනිමල් වරුසාවේ
     
    • Like
    Reactions: m3pium

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි ..
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි ..
    නුඹට සිත බැඳුනේ කිමැයි මා
    තවම නොදන්නෙමි ..

    නුඹට හිත බැඳී කාරණේ මම
    තවම
    සොයන්නෙමි ..

    කතරේ වැලි කට හිරුට පෙම් බැඳ

    ඇතත් ලෝ දහමින් ..
    සොඳුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණ මෙන් ..
    ලොවට නොපෙනන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම් ..කරනු බැරි තහනම් ..

    සඳට සදහට සෙනේ පෑ මුත්

    උදුල තරු කැටයම් ..
    හිරුට පෙම් බැඳී එකද තරුවක්
    සිටිය නොහැකිද යම් ..
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම් ..පුදුම වෙයි නුඹ නම්
    ..

    -Karunarathna Divulgane-
     
    Last edited:
    • Like
    Reactions: m3pium

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    සිහින නගරේ ..
    සිහිල් සද එළියේ...
    දෝර ගලනා මතකයේ..
    සිනිදු පිනි අග ..
    පිපී නැළවෙන..
    මලකි මා..ආ..ආ.....ආ...
    මලකි මා ඔබගේ....
     
    • Like
    Reactions: Malinga

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිඳී බිඳී ගිය ප්‍රේමයේ නටබුන්
    එකතුකලා මම ලොවට හොරෙන්
    මතුයම් දවසක නුබ තනි වුනොතින්
    නුබටත් වටීවි ඒනටබුන්
     
    Status
    Not open for further replies.