පද පේලි .....

Status
Not open for further replies.

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    392773_361599723954907_289333392_n.jpg
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    සුසුදු හසකැන් සලා
    දෑස පෙරුමන් පුරා
    පාලුවේ තනිවෙලා
    කාටදෝ ඉඟිකලා

    ප්‍රේම‍යේ විල්තෙරේ
    ‍යෞවනේ මල් වනේ
    ඇසෙන මේ ගී මි‍යුරු රාවේ
    සිතක ආරාධනා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සොවින් බර නුවන් විදාලා
    තැවුල් පැවසුවා හඬාලා
    යොවුන් ආදරේ අපේ
    ගියේ ඇයි මෙසේ බිඳීලා...//

    හඳේ ජනිත වු අමාවන්
    සැබැ ආදරේ අපේ
    මුසාවන් නිසා අනුන්ගේ බිඳීලා ගියා
    අහංකාර වු සිනාවෙන්
    අපේ ආදරේ දවාලු
    ලොවේ චෝදනා නිසා
    මැවෙයි වේදනා....

    සදාතනික වු හැඟීමෙන්
    මගේ ජීවිතේ පුරා
    යාවුනා කියා සිතු මුත් ඔබේ ආදරේ
    කඳුළින් කොපුල් තෙමාලු
    මගේ ආදරේ මකාලු
    ඔබේ චේතනා නිසා සිතේ වේදනා.
     
    Last edited:
    • Like
    Reactions: m3pium

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ,
    අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ,
    විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ,
    මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ.


    ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
    මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
    ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ .
    මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ .


    ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ,
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ,
    මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ,
    ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ.


    ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
    මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.


    ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ


    නැතිදෝ වැටහුනේ, නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කාත් කවුරුවත් නැති බව දැන දැන
    මාත් මගෙ හිතත් රාත්‍රියක තියලා..
    නුඹත් ගියානම්..
    හෙටක් තියේවිද..
    මටත් ඉරක් නැගෙනා...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෑල දිග අහසේ පාට දේදුණු සේ
    රැඳී නොරැඳී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳි මියුලැසියේ

    සිතින් මගේ හිත දරාගෙන ඔබ
    ගෙවා ආ මඟ ඉතින් නිම වෙවී
    කඳුළු ගංතෙර නතර වෙමි මම නම්
    සිනහා තොටුපල සොයා යනු මැන
    ලබැඳි මියුලැසියේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sunil Edirisinghe............

    කණක මිණක තරුවක රුව~නොපෙනුණි ඔබ දකින තුරා..
    ලොවක සිරිය නුදුටිමි මම~ඔබෙ සෙනෙහස ලබන තුරා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා දිහයි බලන් හිටියෙ
    ඇස් පිය නොහෙලා මෙතෙක් වෙලා
    ළඟින් හිටියෙ නැති ටික කාලෙට
    ඔයා හුඟාක් වෙනස් වෙලා

    අපේ හීන වලින් ඔයා
    ගියා කියා ඉවත් වෙලා
    සුසුම් හොරෙන් ළඟින් තියාගෙන
    සිටියේ මා තිගැස්සිලා
    ඔයත් ටිකක් වෙනස් වෙලා

    තනිවුණ කුසුමෙක තනිකම මෙතුවක්
    ඔබ විතරක් හින්දා
    දවසෙම හිනැහුණු හිත හැම රෑකම
    තනියෙන් ඉකිබින්දා

    අකලට කඳුළින් නා කපනා වැහි
    වැස්සුවෙ මං හින්දා
    ගෙනයන්නම් කැන්දා

    අපි වෙනුවෙන් අපි තනියම හිටි හැටි
    අපිවත් දන්නෑ
    ලොවට හොරෙන් කළ කී දේවල්
    කවුරුවත් දන්නෑ

    මගේ ලොවට ඔබ හැර වෙන
    සැලසුම් මට කිසිවක් නෑ
    ආයෙත් අපි තනිවෙන් නෑ

    ඔයා දිහයි .........................


    ගායනය :- දයාසිරි ජයසේකර හා ගයනි මධූෂා
     
    • Like
    Reactions: amila_90210

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් කතා කළ පැයේ රහසේ හිත හොරා ලංවුණේ
    උමතුවෙන් මෙන් හදේ පෙම් හැඟුම් බෝ කළේ
    සෙනෙහසේ රැඳි සුවේ පපුවට මහමෙරක් වගෙ දැනේ
    තරු දෙනෙත් ළංවෙලා මේ හිතින් ඇල්ලුවේ

    නැතුව බෑ මට ඔයා ස්නෙහෙ ගොඩ ගලනවා
    මට දුරින් ඉන්න බෑ ඔබව නැතුව ඇස් ඔයා හොයනවා
    රෑට සිහිනෙන් පවා රුව මැවී පේනවා
    ඔබෙ සෙනේ ගන්න මා වින්ඳ ගින්න මතකයේ තියෙනවා

    මේ පාලු හිත් තීරේ කඳුළින් වෑහෙනා
    සංකාවත් වියැකිලා ඔබ හින්දා හිනැහිලා
    පැතු දෑතේ වෙලිලා මා දුර ඈතට පියඹලා
    ඔබ මා හට හිමිවෙලා ආදරෙයි

    නැතුව බෑ මට ඔයා ...............

    ඔබ මගේ වී මෙදා ආදරෙන් ළංවෙලා
    ජීවිතේ අරුත මට කියාදුන්න ආද‍රී මගෙ ඔයා
    උණුහුමේ තනිවෙලා වේදනා කැටි කළා
    මගෙ වෙලා ඉන්න හැම සසරකදි ම
    ආදරී මගෙ ඔයා


    ගායනය :- උදේෂ් ඉන්ඳුල
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නුඹ මා ලොව කලුවර කර පැනගි‍ය පලි‍යට
    කෙලෙසක දොස් පවරමි නුඹ හට
    කිසි කෙනෙකු නොදුන් ආදර‍යක් නුඹ මට දුන් කොට

    සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
    රිදවුන සිත ගෙන‍ය‍යි කඳුලැලි ගං ඉවුරට
    ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක
    ඒ ගං ඉවුරට
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    අඬසඳක් සැඟවෙන තැනක් ඔබ
    රල පෙලක් පෙරලෙන තැනක් ඔබ
    සිහිලසක් දනවන තැනක් ඔබ
    උණුසුමක් ගෙන එන තැනක් ඔබ

    අහස සේ ඔබ අනන්ත‍යි
    ස‍යුර සේ ඔබ අනන්ත‍යි
    මේ විශ්ව‍යේ මා දකින්නේ
    ඔබම පමණ‍යි ඔබ අනන්ත‍යි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ ළඟ නෑ ඉවසනු බෑ
    මටනම් මේ දුක් කඳුළු
    වාවනු බෑ නවතනු බෑ
    දෙනෙතින් වැටෙනා කඳුළු

    ඔබ කී කතා මට ළංවෙලා
    අද නෑ ඇසෙන්නේ ඒ කී කතා
    සිහිනයක් සේ ඔයා බොඳවී ගියා

    හද ඉකිගා හඬනා රෑ
    සිහිනෙන්වත් නෑ ඔබ එන්නේ
    මම නිදි නෑ අවදිත් නෑ
    මැවි මැවි ඔබෙ රුවමයි එන්නේ
    මම විඳිනා දුකනම් නෑ
    ඔබ හටනම් තව තේරෙන්නේ
    මඟ එනවා හදකීවා
    වැරදීමක්, නෑ ඔබ එන්නේ

    හැරගියේ ඇයි තනිකර දමා
    වරදක් වුණාද මාගෙන් කියනු පවසා
    වරදක් වුණාද මාගෙන් කියනු පවසා

    ඔබ ළඟ නෑ ...................


    ගායනය :- රෙඩ්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෑස සේ දිවිතුරා තේරුනා මට ඔයා
    ජීවිතේ වාසන නෙත් පුරා වස්සවා
    ආදරෙන් ළංවුණා යන්න බෑ මට දමා
    ආදරී ආදරී ආදරී ආදරී

    රෑ හීන ගානේ ආවා කියා
    කවුරුත් ම දන්නෑ මං නෑ කියා
    ආරාධනා දෑසේ තියා
    නොකියා ගියේ කොයිදෝ ඔයා
    ආදරී ආදරී ආදරී ආදරී

    හැමදාම වාගේ මේ හිත හදා
    ඇවිදින්න යමුකෝ අපි ළංවෙලා
    නෑසීගියා සේ ඒ කතා
    මට ඉන්න බෑ හිත හංඟලා
    ආදරී ආදරී ආදරී ආදරී


    ගායනය :- චාරුෂාන් ප්‍රනාන්දු
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ....
    ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ....
    හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ....
    ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු....
    සෙනෙහසමයි පැතුවේ... ඔබ ගැනමයි හිතුවේ....
    රිදවාලා...හඬවාලා... මොනවද ලැබුනේ...//
    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.....

    නිම නොවෙන පෙම් කතා... අතරමග නවතලා...
    අළුත් කතාවක් සොයා... ඔබ ගියා වෙන් වෙලා...//
    මා තනිකර දාලා... කාගේද වීලා...
    ඇයි ගියේ මිරිඟුවක් මවාලා.....
    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.....
    ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ.....

    අපෙ මතක එක් කළා... එකිනෙකට ගලපලා...
    සොයාගන්නකෝ ඔයා... වැරදුනේ ඇයි කියා...//
    මා තනිකර දාලා... කාගේද වීලා...
    ඇයි ගියේ මිරිඟුවක් මවාලා.....
    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ.....
    ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ...
     
    Status
    Not open for further replies.