පද පේලි .....

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නීල නයන නිල් ඉඳුවර කවිබැද මනරම්
    ඔබ පෙම් කලා ද ... මගේ දෑසට පෙම්වත කෙතරම්
    ඒ කවි අහන්න මගේ සවනට නැතිවුනේ ඉවසුම් ....
    නීල නයන නිල් ඉඳුවර .........

    ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකිනම් ..
    ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකිනම් ..
    මා බලා වුන්නේ ඇසේ නිල්ල දියවී යනකල්

    නීල නයන නිල් ඉඳුවර ...

    ඇසි පිය නොසලා නිල සේදි රතුවී දැන්නම් ..
    ඇසි පිය නොසලා නිල සේදි රතුවී දැන්නම් ..
    ඒ කඳුළු පිරුනු ඇසට කැමති නැතිදෝ එතරම්

    නීල නයන නිල් ඉඳුවර ...

    _Manjula Dilrukshi-
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රළු පොළොව මතින් දිලෙනා
    විඩාබර දිගු ගමනේ
    මුදු සිනිඳු දෙපා රිදෙනා
    වේදනා සුසුම් අතරේ
    ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sunil Edirisinghe............

    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ~
    රුදු සපුන් නිබඳ සරණා බිමේ..
    ඔබේ සිනා වත මගේ නවාතැන~
    අරුණු විහිදුවා වී ජීවිතයේ..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන නෙත් යුග සනසනා
    සිතුම් රැළි ඔබ තනිව හිඳී වේලේ
    නිහඬ මා හද සනසනා....
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මතකේ මැවෙනා පෙර රූ ඡා‍යා
    හමුවේදෝ ‍යලි සිත් සනහා
    ඔබ නමට‍යි මා පාරමි පුරනා
    ඇසේවිදෝ මේ ගී මාලා

    පිපුනි මලක හැඩ දෑස සලා
    සිතුම් විහඟ කැල වසඟ කලා
    මඟතොට රැඳි නෙත් දහස් වසා
    මතකද අප නෙතු කතා කලා
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Shalitha Abeywickrama..............

    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා~
    අප පාසැල් ගිය කාලයේ..
    යාළුවෝ අද නැත වෙන අය එහි ඇත~
    කාලය මැවු වෙනසක අරුමේ..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මල් මකරන්ද දෝතට අරන්
    නෙතේ කඳුලැලි දරා
    මම මග බලා සිටි‍යා
    නෙතු ඝනඳුරට තරුවක් වෙලා
    ඔබ එතැ‍යි සිතා
    සිල් බිඳලන්න නොහැකි නිසා
    මම මග බලා සිටි‍යා

    ඔබ හීන‍යක් වගේ
    හාදු වැස්සක් අරන්
    සිරි‍යහන අද්දරට වී
    වැතිරෙන්නෙපා ස‍යනේ
    මම සස්වාමික‍යි ස්වාමී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක හිතුනම සෙනෙහස ගැන
    ඉවසන්නට බෑ ඔබ හින්දා ම
    මම පැතුවෙමි ඔබේ සෙනෙහස
    අද මට එය අහිමිවෙලා
    දුක විතරක් උරුම කළා

    ප්‍රාර්ථනාවන් අහසක් තරමට
    පැතුවේ ඔබ ගැන විතරයි මං
    වෙන රුව ඇති දහසක් අතරට
    ඔබම තමයි ගත්තේ මගෙ හිත
    ඇයි මට මේ ලෙස ඔබ කෙරුවේ
    වරද කිමද මා කළ ළඳුනේ

    දුක හිතුනම ..............

    වේදනාවන් දැනුනම හිත යට
    මතුවෙන්නෙ ම සිතුවිලි ඔබ ගැන
    පිරිසිඳු සිතකින් පුද දුන්නට
    ආදරේ දරුණු ද මේ තරමට
    ඇයි මට මේ ලෙස ඔබ කෙරුවේ
    වරද කිමද මා කළ ළඳුනේ

    දුක හිතුනම ..............


    ගායනය :- තිළිණ මැණික්නාරංගොඩ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හඬන ඇස් දෙක හීන පොඟවන් ගොලුවෙලා උන්නත් දුරින්
    කීරි ගැහෙනා තැවෙන මේ සිත පතයි ඔබව ම ආදරෙන්
    සිහිනයක් දෝ ඔබව මට දැන් හිමි නොවන බව සිත කියයි
    ඒ දැනත් මා පෙම් කරයි

    සෙනෙහෙ පැතුමන් හදෙහි පටලන් අනන්තෙක දුර පියඹලා
    ඇවිත් මෙතනින් නතර වෙන්නට අනේ බෑ මා පෙම් කළා
    සිහිනයක් දෝ ඔබව මට දැන් හිමි නොවන බව සිත කියයි
    ඒ දැනත් මා පෙම් කරයි

    මතකෙ හසරැල් අවට ඉසිමින් තනිවෙලා මා රැය පුරා
    ඔබේ සෙනෙහස යලි ලැබෙන තුරු ඉඳී හදවත මඟ බලා
    සිහිනයක් දෝ ඔබව මට දැන් හිමි නොවන බව සිත කියයි
    ඒ දැනත් මා පෙම් කරයි

    හඬන ඇස් දෙක ...............


    ගායනය :- නුවන් ගුණසේකර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහිංසක ඔය ඇස් පියන් අතරේ
    සැඟවිලා මම ආදරේ කෙරුවේ
    නොහැඟුනා සේ කෙලෙස දෝ ඉන්නේ
    තවම ඔය හිත නපුරුවී වාගේ

    දෑස සොයනා රූපයයි නුඹගේ
    සිතේ ඇඳෙනා සිතුවමත් නුඹගේ
    කියාගන්නට බැරිතරම් සෙනෙහේ
    සඟව ඉන්නට බෑ තවත් පපුවේ

    අහිංසක ඔය ................

    හඬන මේ සිත සනසලා යන්න
    එන්න සඳ ඔබ සිහිනයෙන් රෑට
    ඉවසුමක් නැති සිත කියයි මෙහෙම
    රැයක ඇවිදින් ඔබ අරන් යන්න

    අහිංසක ඔය ................


    ගායනය :- නිමල් කරුණාරත්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබයි මමයි පැතූ එකම සිහිනයක් තමයි
    නුඹේ රුවින් මගේ ලෙයින් දියනියක් හැඩයි
    නමුදු ලොවම ඔබේ සුරත මිරිඟු දිය මවයි
    හීන සැබෑ වන දිනයක දුවගෙ මවු ඔබයි

    කඳුළු අපට උරුම කළේ අපෙම සිත් නොවේ
    ලො‍වක මිනිස් සිතුම් පැතුම් අපට නපුරු වේ
    නොදුටු සිහින දකින තුරා නුඹ සදා මගේ
    කෙදිනක හෝ නුඹ හිනැහේ මගේ බිරිඳ සේ

    සිනහවෙන්නෙ කවදා අපි අපෙම ලෝකයේ
    ලොවට සිහින බිඳලන්නට නොදෙනු ඉඩ ප්‍රියේ
    ඔයා මගේ බිරිඳ වෙන්න රැකපු ආදරේ
    වෙන කෙනෙකුට දෙන්නට බෑ මගේ ජීවිතේ

    සතුටු කඳුළු මිස කඳුලැලි නොවැටෙනා දිනක්
    රනින් ඇඟිලි බැඳ පියමන් කරන හෙට දිනක්
    ඔබේ සතුට ඇයයි බිරිඳ නැත කිසිඳු සැකක්
    මවු පියනගෙ ආසිරි මැද හදමු පෝරුවක්


    ගායනය :- ෂවීන් හා සජිත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
    ජීවිතේ හීනයක් මම දෝ කියන්
    හෙමි හිමින් නැවතිලා තව හිතුවොත්
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
    කවිකාර හීනේ ළඟින්
    දඟකාර කම් හිත තියන්
    මනමාලයි ආදරෙත් නුඹ තරම්
    මනමාලයි ආදරෙත් නුඹ තරම්

    නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින්
    සෙනෙහසට ගැඹුරක් එක්කරන් ඔය නමින්
    නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින්
    තව නුඹට ළංවුණා හුස්ම ‍වැටෙනා දුරින්

    නුපුරුදු මේ ආදරේ එක හිතට යා කරන්
    නවතින්න හදවතේ හිතු මතේ දුර ගිහින්
    ඉකිබින්ඳ ජීවිතේ තනිකම මැකී ගිහින්
    තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්

    පාවෙලා කෝඩු ආකාසෙ ...............


    ගායනය :- සමිතා එරන්දතී මුදුන්කොටුව
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]මගේ කදුලු වැල් ඔබට සිනා රැල්[/FONT]
    [FONT=&quot]මගේ සුසුම් වැල් ඔබට පවන් [/FONT]
    [FONT=&quot][FONT=&quot]රැ[/FONT]ල්[/FONT][FONT=&quot]..[/FONT]

    [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රේමය මල් සුවදක් සේ හමා ආ දිනේ[/FONT]
    [FONT=&quot]කෙලෙස සිතන්නද එය මං[/FONT]
    [FONT=&quot]මෙවන් චණ්ඩ මාරුතයක් සේ[/FONT]
    [FONT=&quot]හැගුම් පියාපත් සිදීයි කියා[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]මගේ කදුලු වැල් ඔබට සිනා රැල්[/FONT]
    [FONT=&quot]මගේ සුසුම් වැල් ඔබට පවන් [/FONT]
    [FONT=&quot][FONT=&quot]රැ[/FONT]ල්[/FONT][FONT=&quot]..[/FONT]

    [FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රේමය සඳ එළියක් සේ ගලා ආ දිනේ[/FONT]
    [FONT=&quot]කෙලෙස සිතන්නද එය මං[/FONT]
    [FONT=&quot]මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ[/FONT]
    [FONT=&quot]සිතුම් වලාවන් දවයි කියා[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]මගේ කදුලු වැල් ඔබට සිනා රැල්[/FONT]
    [FONT=&quot]මගේ සුසුම් වැල් ඔබට පවන් [/FONT]
    [FONT=&quot][FONT=&quot]රැ[/FONT]ල්[/FONT][FONT=&quot]..

    -Deepika Priyadarsani-
    [/FONT]
     
    Last edited:

    doma

    Member
    Aug 25, 2011
    212
    13
    0
    Colombo
    කවුරුත් එන්නැති කව්රුත් දන්නැති
    මල් පෙති ඉහිරුනු මල් පාරේ
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැලපෙමු අපි ආයේ

    සඳකැන් බොඳවුනු වළා කැදැල්ලේ
    තරුකැට අහුරක සිනා මොඳුකර
    කඳුලෙන් ඉපදුන ඉන්ද්‍රචාපයේ
    උදානොවුන සිහිනයක් දකින්නට
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැලපෙමු අපි ආයේ

    සියොලඟ මීදුම් සළු අතුරාලා
    මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
    උදා ළහිරැ සේ මීහිඳුම් සඟවා
    නොකී රහස් දෙනයනට කියන්නට
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැලපෙමු අපි ආයේ

    ගායනය: ගුණදාස කපුගේ මහතා
     
    Last edited:
    • Like
    Reactions: Malinga

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිත දුර හන්දා
    නෙතු ලග හංගා සිහින ගනින හින්දා
    තනිකම හංගා ඇතක රන්දා
    මතක හිත ඇහින්දා
    අරැත කියන සෙනෙහේ නුඔම වේද මංදා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ගිරා නිලට පැසී දිලෙන නෙලාගන්න කි‍යා කි‍යන
    නුරා ගො‍යම් ‍යා‍යම ඔබ‍ය
    ඒ නව ගො‍යමේ රැව්දෙන ල‍ය නි‍යරේ නිති ඇවිදින
    සරා සුවඳ මද නල ඔබ‍ය
    නුරා ගො‍යම් ‍යා‍යම ඔබ‍ය සරා සුවඳ මදනල ඔබ‍ය
     
    • Like
    Reactions: Rex921

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මතක නැද්ද ආදරෙන් උන්නා ළං වෙලා...
    දවස තිස්සේ රෑ පුරා කතා කල ඔයා...
    ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා...
    එන්නේ නැද්ද ආයෙමත් රත්තරන් ඔයා....

    අදුරු අහස හිටි ගමන් එළිය සද වෙලා...
    සීත රෑක පාලුවේ උනුසුමක් වුනා...
    මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා..
    යන්න කොහේ ගියාදෝ රත්තරං ඔයා....

    හඬන හිත මගේ දැන් නම් නැවතුමක් නැතී..
    පාළු හිතට ආයේ සනසුමක් නොයේ..
    හිතේ මාළිගා කඩාලා ඔයා ගිය හැටී..
    එන්නේ නැද්ද ආයේ කොහොමටත් යළී.
     
    Status
    Not open for further replies.