පද පේලි .....

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
photoapr11231310.jpg
:cool:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් පිල්ලමක් සැලුනා පෙරදාක මන්දාරමේ
    හිස් බැල්මකින් පිදුවේ ඇයි මෙහෙම හැන්දෑකරේ
    විඳගන්න ආදරයක් පෙරුමන් මා පිරුවා
    රිදවන්න මා සිතනම් හිතන්නෙපා
    මගේ ආදරේ ඔබයි ජීවිතේ

    රැළි නැඟේ හැන්දෑවේ වැව් දිය තළේ
    සිත මගේ සංකාවේ සිතුවිලි සැලේ
    ආදරේ විමසන්න ඔබ සොයා එනදාට
    ආදරේ මට දෙන්න එපා මා රිදවන්න
    ඇස් පිල්ලමක් සැලුනා

    මිහිරියේ වස්සානේ පින් රුව මැවේ
    ඔබ කෙරේ ඇස් පාවේ හදවත ගැහේ
    ආදරේ මට දුන්න ජීවිතේ පණ ගන්න
    ජීවිතේ මට ලැබුනා ආදරෙන් සැනසෙන්න

    ඇස් පිල්ලමක් සැලුනා .................


    ගායනය :- රොෂාන් අක්මීමන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට ළංවෙලා පැතුම් පුරවලා
    හිත දුරක් ගියා ආදරෙයි කියා
    ආයෙ එන්න බෑ පාර මතක නෑ
    අතරමන් කළා ඔබ මා අතරමන් කළා

    නීල ඇස් දෙකේ බැල්ම සඟවිලා
    පෑව සිනහවේ කැල්ම බොඳවෙලා
    කවුද ගෙන ගියේ මිහිරි පෙම් කතා
    කිමද ඔබ ගියේ මාව රවටලා

    ඔබට ළංවෙලා .............

    හීනයක් වගේ සුන්දරයි ඔයා
    නෑ සැබෑවුණේ දුක්බරයි සදා
    ඔබම මැවු ලොවේ මතක මට තියා
    කිමද ඔබ ගියේ මාව හඬවලා

    ඔබට ළංවෙලා .............


    ගායනය :- දනුෂ්ක එදිරිමාන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විහිලු කරත් මට පෑව සිනාවේ
    සීනූ හඬට හිත හාද වෙලා
    රේණූ අගින් මල් යායා හිනැස්සුව
    මීනූ ගියා හිත පාරවලා

    ඈත මිසක ළඟපාත නොයන හිත
    නුහුරු කලාවට හාද වෙලා
    වාවගන්න දුක බැරිව ගිහින් අද
    පෑව සෙනේ හෙට කෝප වෙලා

    සිහිනවලින් මගෙ දෑස මුලාකර
    මිහිරි සිනාවක පාට මවා
    දෑස කොනේ ඇය සිත්තම් කෙරුවට
    ජීවිතය ම මගෙ පාලුවෙලා

    විහිලු කරත් මට ...............


    ගායනය :- Out of Mind
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් රිදෙනකන් බලා
    හිත රිදෙනකන් සිතා
    මා ඔබට පෙම් කළා
    මුලු හදින් පෙම් කළා
    නොහැඟි සේ ඉන්නෙ ඇයි
    දුප්පත් ද මගෙ ආදරේ
    දුප්පත් ද මගෙ ආදරේ

    ඇස් දෙකේ එල්ලිලා
    ඔය හිතේ පැටලිලා
    උන්නාට පැතුමක් තියා
    හිත ‍බියෙන් ගොලුවෙලා
    කිවු විටක හැරයයි ද මා
    නැතිවෙයි ද මිතුදම් අපේ
    දුප්පත් ද මගෙ ආදරේ

    ඇස් රිදෙනකන් බලා ............

    තනිකමේ තනිවෙලා
    මා සිතින් පෙම් කළා
    වෙනකෙකුගෙ නම් වෙන්නෙපා
    ඔබමයි මට මැවු කෙනා
    කිවු විටක හැරයයි ද මා
    නැතිවෙයි ද මිතුදම් අපේ
    දුප්පත් ද මගෙ ආදරේ

    ඇස් රිදෙනකන් බලා ............


    ගායනය :- උදේෂ් ඉන්ඳුල
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි..

    වැව් ඉවුරේ දිය රැළපෙර සේම බිදෙනවා
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
    සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..​
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේ භවයෙදි මුලු දියදායේ
    එකතු නොවෙනු ඇත අප ආයේ
    පවස නිවන දිය පොදක් නොවී ඔබ
    ඇයි මහ සාගරයක් වුයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුරතල් විඳින්නී හැඟුමන් හොයන්නී
    හොරැහින් බලන්නී මා කිතිකවන්නී
    මේ ඇස්දෙකේ ඇයි නැවතුනේ
    මගෙ ජීවිතේ ඔබ වෙලා

    උකුලේ හිඳිද්දී ඇහිපිය ගහද්දී
    උණුහුම හොයද්දී කෝලම් කරද්දී
    මේ ඇස්දෙකේ ඇයි නැවතුනේ
    මගෙ ජීවිතේ ඔබ වෙලා

    දෙනුවන් පියාලා දිවුරා කියාලා
    පණවාගෙමයි පෑ ඔය ආදරේ
    ඇස්වලින් කී කතා තේරුනේනම් නෑ
    රෑ හීන වාගේ සියුමැලිද ආලේ

    හුරතල් විඳින්නී ...............

    මහසාගරේ ගැඹුරුයි වගේ
    ඒ වාගෙමයි‍ මේ මගෙ ආදරේ
    සුන්වෙලා වෙන්වෙලා යන්නනම් ‍දෙන්නෑ
    සඳ එළිය වාගේ පිවිතුරුයි ආලේ

    හුරතල් විඳින්නී ...............


    ගායනය :- මිහිලාල් පෙරේරා හා පුබුදු කල්පනා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    දැවුනත් දැවුනත් මි‍යගි‍ය පෙම සිහිකරලා
    සුවඳක්වත් නෑ මතක‍යේ අද නම් රැඳිලා
    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
    ආදරේ කි‍යා දුන්නු ආදරී ඔ‍යා

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
    ඔ‍ය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
    සුලඟ වගේ මා අතහැර දුරක ‍යන්නට
    වරද මගේ රත්තරනේ කි‍යලා දෙන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ සිහිනෙන් ඇවිදින් මගෙ ළඟ දැවටෙන වසන්ත හෝරාවේ
    මගෙ හිත හිරිවට්ටන්නට හිතුවට ද ඔබ පෙම් ගී වස්සානේ
    මධු රස වෑහෙන පෙම් සිහින විමානේ උන්නත් හඳපානේ
    හිත උණුවෙන තරමට හැඟුමන් උපදී සත්තයි තනි නෑනේ
    පෙම් මල් පූදින තාලේ ගොම්මන් හැන්දෑවේ
    සිහින හිතක් දුටුවා‍ සේ ආවාදෝ සොයලා

    ළඟින් ඉන්න ඇත්නම් දැන් ඔබ සමඟින් තිස්සෙම දැවටෙනවා
    සුවෙන් පිරුණු ඔ‍බ ළමැදේ තුරුල් වෙන්න මද්දහනේ
    ඉස්සර වාගේ තවමත් මාගේ හදවත ඉල්ලනවා
    ඔය ලස්සන රූපේ දිස්නෙට මූනේ ඇස් දෙක පියවෙනවා

    ඔබ සිහිනෙන් ඇවිදින් ...................

    හොරෙන් එන්න හිතුවොත්නම් එක මොහොතින් පස්සෙම මම එනවා
    ඔබත් එක්ක පෙම් මැඳුරේ සුවෙන් ඉන්න සංසාරේ
    ගැස්සෙන හීනේ මොහොතින් වාගේ ආයෙත් නොපෙනෙනවා
    මට විස්තර නෑනේ වස්සන දෑසේ ලස්සන වැඩිවෙනවා

    ඔබ සිහිනෙන් ඇවිදින් ...................


    ගායනය :- ශර්මිලා ප්‍රනාන්දු









    malinga uncle mae sindu kohen hoya gannawada danne a :P


    godak sindu ithin internet pihiten thamai :D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔබ සිහිනෙන් ඇවිදින් මගෙ ළඟ දැවටෙන වසන්ත හෝරාවේ
    මගෙ හිත හිරිවට්ටන්නට හිතුවට ද ඔබ පෙම් ගී වස්සානේ
    මධු රස වෑහෙන පෙම් සිහින විමානේ උන්නත් හඳපානේ
    හිත උණුවෙන තරමට හැඟුමන් උපදී සත්තයි තනි නෑනේ
    පෙම් මල් පූදින තාලේ ගොම්මන් හැන්දෑවේ
    සිහින හිතක් දුටුවා‍ සේ ආවාදෝ සොයලා

    ළඟින් ඉන්න ඇත්නම් දැන් ඔබ සමඟින් තිස්සෙම දැවටෙනවා
    සුවෙන් පිරුණු ඔ‍බ ළමැදේ තුරුල් වෙන්න මද්දහනේ
    ඉස්සර වාගේ තවමත් මාගේ හදවත ඉල්ලනවා
    ඔය ලස්සන රූපේ දිස්නෙට මූනේ ඇස් දෙක පියවෙනවා

    ඔබ සිහිනෙන් ඇවිදින් ...................

    හොරෙන් එන්න හිතුවොත්නම් එක මොහොතින් පස්සෙම මම එනවා
    ඔබත් එක්ක පෙම් මැඳුරේ සුවෙන් ඉන්න සංසාරේ
    ගැස්සෙන හීනේ මොහොතින් වාගේ ආයෙත් නොපෙනෙනවා
    මට විස්තර නෑනේ වස්සන දෑසේ ලස්සන වැඩිවෙනවා

    ඔබ සිහිනෙන් ඇවිදින් ...................


    ගායනය :- ශර්මිලා ප්‍රනාන්දු











    godak sindu ithin internet pihiten thamai :D
    unclege oya sindu ekek wath mama ahala na:baffled:
     
    Mar 11, 2013
    106
    18
    0
    පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්..
    ජීවිතේ හීනයක් මම දෝ කියන්..
    හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්..
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්...

    කවිකාර හීනේ ළඟින්.. දඟකාරකම් හිත තියන්..
    මනමාලයි ආදරෙත් නුඹ තරම්..

    නිදිවරන හීනයේ.. මතකය දිගේ ගිහින්..
    සෙනෙයසට ගැඹුරක් එක්කරන්.. ඔය නමින්..
    නුඹ දුන්නු ආදරේ.. අරුත සොයනා සිතින්..
    තව නුඹට ළංවුණා.. හුස්ම වැටෙනා දුරින්..

    නුපුරුදුම ආදරේ.. එක හිතට යා කරන්..
    නවතින්න හදවතේ.. හිතුමතේ දුර ගිහින්..
    ඉකිබින්ද ජීවිතේ.. තනිකම මැකී ගිහින්..
    තව ඉඩක් නෑ හිතේ.. නුඹට දුන්නා තරම්..

    ගායනය: සමිතා මුදුන්කොටුව
     
    Status
    Not open for further replies.