පද පේලි .....

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
    කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
    පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
    උදයෙම මේ කය නිසසල වන්නේ

    ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
    උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
    උන්ගෙම හම බෙර හඳට බඳින්නේ
    උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

    කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
    බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

    ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
    දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
    ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
    හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ

    -සුනිල් එදිරිසිංහ-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
    දුටු රුවනයි නිසල කලේ මා හද ජාලා..



     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    චන්න කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
    නුඹ පෙම් බැඳන් මට ලංවුනා
    පෙම් බැඳන් ආ.. කින්නරාවි
    මගේ ලඟින් ඉද වෙන්වුනා

    ගෙට එන්ට පෙර කල කී කතා
    උඩුගම් බලා ගියදෝ මෙදා
    විස හී සරේ පපුවට හෙලා
    නුඹ නාටකේ වෙනසක් කලා

    අත දරුවෝ ගෙන මහාගිරි දඹේ
    තනිවම නගින්නද පෙම් කළේ
    රළු කාසියට හදවත් වැසේ
    නුඹ සොයනවද බරණැස් පුරේ


    සංකල්පනා-උබේනන්ද දිසානයක
    ගායනය- කරුණාරත්න දිවුල්ගෙන්
    සංගීතය- රෝහණ වීරසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට සිත ආදරේ කරයි
    දෙ‍තොල ගොලුවී සිටියි
    නැඟුණු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි

    ලවන් හස කැන් නුවන් කැල්මන්
    හොඳින් හඳුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමැති‍ දෝ මා කෙරේ
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේ ද ජීවි‍තේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේ ද මා වෙතේ

    ඔබට සිත ආදරේ .................

    ඔබේ පෙම් ලොල් හදේ නොකලැල්
    ලැඟුම් සොයමින් නුවන් අයා
    යොවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    මසිත සුසුමන් දවා ගියා
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේ ද ජීවි‍තේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේ ද මා වෙතේ

    ඔබට සිත ආදරේ .................


    ගායනය :- දයාරත්න පෙරේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
    ‍රහසක් තියනව කියන්න
    රහස ඉවර වුණත් එපා
    මං යනතුරු ඇස් අරින්න

    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
    වැඩක් පලක් කරන්න බැරි
    නින්ද ඇතත් නිදන්න බැරි
    මේ අරුමය ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ස්නේහෙන් නුවන් සැලෙන
    පිළිතුරු ඔබෙන් එනතුරා
    ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
    හදත් ගොළුවෙලා
    මාන්නයට හඬන්න බැරි
    තව කෙනෙකුට කියන්න බැරි
    මට නොලැබේ ද ආදරේ

    ඔය ඇස් පියාන .....


    ගායනය :- කිත්සිරි ජයසේකර
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    hitha.jpg
     
    • Like
    Reactions: Rex921

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයෙත් හඬන්න කඳුළක් උනන්න
    ඇයි අපි මේ හමුවන්නේ
    හිමි නැති ඔයාව හිත යට තියාන
    දුක් විඳලයි හිත හැදුනේ
    ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
    මං තාමත් මගේ තනි හීනේ
    දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ
    ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ

    ආඩම්බර රුව දැකලා සිත ආයෙත් උමතු වෙලා
    සඟවන්නට බෑ කිසිදා පුංචි පෙම්පත් කතා
    අපේ ම ලොවේදි අපි මුණගැසේවි සිතමින් පෙම් කරලා
    ඔබ දුර ඇදේවි මං ඉකිබිඳීවි අපි ඈතයි සැමදා

    ආයෙත් හඬන්න .............

    සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලාවෙලා
    ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම් කළා
    අපේ ම ලොවේදි අපි මුණගැසේවි සිතමින් පෙම් කරලා
    ඔබ දුර ඇදේවි මං ඉකිබිඳීවි අපි ඈතයි සැමදා

    ආයෙත් හඬන්න .............


    ගායනය :- තීක්ෂණ අනුරාධ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංසාර ආදරේ සංසාර ආදරේ
    සංසාර ආදරේ සංසාර ආදරේ
    පින්සාර හීන මට දී ජීවිතය කියාදුන්නී
    සංසාර ආදරේ

    සසර පුරුද්දට හිත ඇහැරී ආදරයක් දැනුනී
    විඳින්න බැරි මේ ජීවිතයේ හීනෙක මං තනිවී

    සංසාර ආදරේ .................

    සසර පුරුද්දට ඔබ හමුවී ජීවිතය ම දැනුනී
    හීන අරන් ඔබ යන්න එපා යලි මං තනිවේවී

    සංසාර ආදරේ .................


    ගායනය :- මිලින්ද සඳරුවන්
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Centigradz...........

    ~නිල් සඳමඩල~

    mpwallpapers49226201107061715541.jpg_480_480_0_64000_0_1_0.jpg


    ~තනි රැක්ක තනි රෝස මල් කල්පනා~
    ..විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා..
    ~නෙත් එක්ක හුවමාරු කල දුක් කතා~
    ..හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා..

    ~කන්තාරුවක රිද්මේ රැඳී~
    ..ගී පිරිතක් විඳී ජීවිතේ..
    ~නිල් සඳමඩලේ පලසේ එබේ~
    ..ඔබේ ආදරය පින්තාරු වේ..

    ~ඔබ නිදනාතුරු පපුතුරේ~
    ..සුවඳ එබෙයි සුසුමට මගේ..
    ~කඳුලෙන් කඳුලට ජීවිතේ~
    ..හුස්ම වැටෙයි පරමාදරේ..
     
    • Like
    Reactions: Rex921

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ~නිල් සඳමඩල~


    mpwallpapers49226201107061715541.jpg_480_480_0_64000_0_1_0.jpg

    ~තනි රැක්ක තනි රෝස මල් කල්පනා~
    ..විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා..
    ~නෙත් එක්ක හුවමාරු කල දුක් කතා~
    ..හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා..

    ~කන්තාරුවක රිද්මේ රැඳී~
    ..ගී පිරිතක් විඳී ජීවිතේ..
    ~නිල් සඳමඩලේ පලසේ එබේ~
    ..ඔබේ ආදරය පින්තාරු වේ..

    ~ඔබ නිදනාතුරු පපුතුරේ~
    ..සුවඳ එබෙයි සුසුමට මගේ..
    ~කඳුලෙන් කඳුලට ජීවිතේ~
    ..හුස්ම වැටෙයි පරමාදරේ..
    11.gif
    :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳක් බැස ගි‍යා අවර ගිරේ ඉරක් උදා කරලා
    මටත් ලොවක් තිබුනා මතක‍යි මම ඉමි සිහි කරලා
    දෙලුම් මල් පිපුණු දෙවට දිගේ පාසල් ගි‍ය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතක‍යි මගෙ බාලේ

    විවේක‍යක් ලද විටදි අපි දුව පැන ඇවිදිනවා
    ගණන් තම‍යි මගෙ හිතට වදේ නිතරම වරදිනවා
    ගමේ පාසලේ වැඩට අපි පෙරමුණ ගෙන ‍යනවා
    තවත් වරක්....තවත් මට පාසල් ‍යන්නට ලැබුනොත් මම ‍යනවා

    ඉමක් කොනක් නැති අහස වගේ කෙලිලොල් දිවි‍ය මගේ
    මලක් පිපී සුවඳින් පිරුනා සේ මුහුනේ සිනහ රැඳේ
    දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙනු අගේ
    තවත් වරක්.....තවත් වරක් මට පාසල් ‍යන්නට ලැබුනොත් හරිම අගෙ‍යි

    -ක්ලැරන්ස් විජේවර්ධන-
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් සිනහවකින් ඔබේ මුවේ
    චංචලයි හැඟුම් මගේ ලොවේ
    කාටවත් නොකීව ආදරේ
    දැන් ඉතිං කියන්නකෝ ප්‍රියේ

    නොකියා ඉන්න බැරිවේ
    සෙනෙහේ ඇල්ම මාගේ
    සිත මා ගාව ඔබගේ
    බැඳිලා ඉන්න ඇසුරේ

    මල් සිනහවකින්.............

    නැහැ තේරෙන්නේ සෙනෙහේ
    සිත වාවන්න බැරි වේ
    හිනැහී ඉන්න මහදේ
    රස පෙම් සිහින විජිතේ

    මල් සිනහවකින්.............


    ගායනය :- ෂෙල්ටන් මුතුනමගේ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    සීත හිමවුවේ කඳුගැට අතරේ
    සෙනෙහස දි‍ය දහරා
    ඈත හිමේ කඳු අතරේ පාවෙන
    අමා සුව‍ය පැතුවේ

    සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
    ආදර‍යේ මද සිනිදු පහස ලැබ
    හදවත දළු සෙලවේ
    සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිහින සතක් දුටුවෙමි මම
    සත් දවසක් එල විලසින්
    එක සිහිනෙක නුඹ සිටි‍යා
    සිඟන්නිකසේ.....සිඟන්නි‍යකසේ.....

    ඔබ මගෙ පැල්පතට පැමිණ
    ආ‍යාචන‍යක් කරමින්//
    ජීවත් වෙන්නට කිසිවක් ඉල්ලා සිටි‍යා

    කිසිවක් දෙන්නට මට නැත
    තිබුනේ පිරිසිදු හදවත//
    සිඟන්නි‍යේ එ‍ය ඔබ හට දුන්නා මතක‍යි

    එදා මගේ හද අරගත්
    ඔබ අද මට වැඩි පොහොසත්//
    ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ

    -වික්ටර් රත්නා‍යක-
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සාගර තරංගා සුදු වෙරළ සිබින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින්
    මේ ගයන්නේ ආදරේ ගීතයයි

    මහ සමුදුරෙන් එහා මේ පුංචි නවාතැනේ
    දැල්වෙන පහන්සිලෙන්
    ඔබේ දෙනෙතට එබී
    මේ ගයන්නේ ආදරේ ගීතයයි

    සාගර තරංගා..............

    සිත ඉගියකින් සැලී ගිනියම් දිගන්තයේ
    බොල් පිණි සුලන් දැලෙන්
    ඔබේ දෙනෙතට එබී
    මේ ගයන්නේ ආදරේ ගීතයයි

    සාගර තරංගා...............
     
    Status
    Not open for further replies.