පද පේලි .....

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක හිතක් නුඹට පෙම් කරමින් දුක් විඳින තරම්
    ඒ හිත ගාවට නුඹට එන්න බැරිද රත්තරන්
    තව වරක් නුඹේ රුව දකින්න මග බලන නෙතින්
    කඳුළක් වී නුඹ ඈතට යන්නෙපා මගෙන්

    පෙම් කරනා තරම් නුඹට මගේ හදවත
    නෙත තෙමුනේ ඒ හින්දද රැයේ හෙමිහිට
    එක මොහොතක් නුඹ නොමැතිව බැන්ඳ ප්‍රේමෙට
    දුක හිතුනා කියාගන්න බැරි තරම් මට

    හිත නොරිදා හිටියා නම් ඇවිත් මා ළඟ
    දුර ඈතට පාවීලා යාවි තනිකම
    තව දවසක් නතර වෙලා මගේ ඇස් ළඟ
    හිනැහෙනවද ආදරයෙන් බලා මා දෙස
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සීත රැයේ හිනැහෙන මගෙ පොඩි සුරංගනාවී
    ලෝභ හිතෙන පුංචි හිතක් ඇති කුමාරිකාවී
    හීන අරන් හිත අද්දර ඔබ පවන් සලද්දී
    ආසයි මට නම් බලන් ඉන්න මගේ කුමාරී

    නොදැක ඉන්න බෑ, ඒ තරමට මා බැඳුනා
    නිදන සයනයේ උණුසුම වී ඔබ උන්නා
    උදේ හවස මට සිරියාවයි ඔබ සැමදා
    කවුරුත් නොදුන්න ආදරයක් මට දුන්නා

    නිසල රාත්‍රිය සොඳුරු කරන් ඔබ පායා
    මේ මගෙ නිවසම සඳරැස් දහරින් නාවා
    හිනැහෙන පුන්සඳ මගෙ පණනල මට සේමා
    පුංචි කුමාරියෙ සදා ඔයා මගෙ වේවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිත ඔබ විමසා නෙත නිදි නොලබා
    තනි කමින්ම රෑ ගෙවුණා..
    මගෙ දෑස ඔයා එනතුරුම සොයා
    හැමදාකම මග බැලුවා..

    ඔය ඇස් දෙක මා ළඟ නැවතී
    මා දෙස බැලුවා නම්
    සීතල රෑ මගෙ තුරුළට වී
    මා ගැන සිතුවා නම්
    හිත නොරිඳා රත්තරනේ
    නුඹ මට පෙම් කෙරුවා නම්

    දුක දැනුනම ඔබ මට ළං වී
    වඳනක් කීවා නම්
    තනිය මකා මගෙ ළඟ දැවටී
    සෙනෙහස පෑවා නම්
    හිත නොරිදා රත්තරනේ
    නුඹ මට පෙම් කෙරුවා නම්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෑව සිනා ඔය සඳවත මනමාල
    කීව කතා ළංවීලා හැමදාම
    අරන් ගිහින් මගෙ හදවත දුර ඈත
    රිඳුම් දෙන්නෙපා ඉතිං කිසිදාක

    නුහුරු නිසයි ආදරයට සිත ගාව
    සැලුනේ සිතිවිලි නිතරම ඔබ ගාව
    සොඳුරු සිනා නොදකින විට ඔබ පෑව
    හැඬුවා නෙත තනිවීලා හැම රෑම

    ළඟින් බැඳී ඉන්නට බය සිත ගාව
    හීන දකියි මගෙ හදවත රහසේම
    නපුරු වෙලා හඬවන්නට මගෙ දෑස
    වෙන් වීලා යන්න එපා කිසිදාක
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා
    හිත තාම දන්නවා මං වැරදි නෑ කියා
    ඔබ තාම දන්නවා මං ආදරෙයි කියා
    දැක දැකත් මගෙ දිහා නොබලාම යන්න ගියා

    ඒ කී කතා පිළිගන්න වුණු නිසා
    ඔබ මා හැර ගියා.. ඔබ මා හැර ගියා
    ඔබට මා කී කතා පිළිග්නන බැරි නිසා
    ඔබ මා හැර ගියා.. ඔබ මා හැර ගියා

    ඇස් තාම රිඳෙනවා මඟ බලන් උන් නිසා
    දැන් ටික ටික දැනෙනවා ඔබ එන්නෙ නෑ කියා
    මගෙ හිතට හිතෙනවා තනි වුණා ඇති කියා
    ඔබ එන්නෙ නැති නිසා මගෙ හුස්ම නැවතුනා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සීත රැයේ හිනැහෙන මගෙ පොඩි සුරංගනාවී
    ලෝභ හිතෙන පුංචි හිතක් ඇති කුමාරිකාවී
    හීන අරන් හිත අද්දර ඔබ පවන් සලද්දී
    ආසයි මට නම් බලන් ඉන්න මගේ කුමාරී

    නොදැක ඉන්න බෑ, ඒ තරමට මා බැඳුනා
    නිදන සයනයේ උණුසුම වී ඔබ උන්නා
    උදේ හවස මට සිරියාවයි ඔබ සැමදා
    කවුරුත් නොදුන්න ආදරයක් මට දුන්නා

    නිසල රාත්‍රිය සොඳුරු කරන් ඔබ පායා
    මේ මගෙ නිවසම සඳරැස් දහරින් නාවා
    හිනැහෙන පුන්සඳ මගෙ පණනල මට සේමා
    පුංචි කුමාරියෙ සදා ඔයා මගෙ වේවා
    pattaa..
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අතීතයේ එක සොඳුරු සැඳෑවක
    සුපිපුණු මල් ඇති උයන් තලාවක
    නෙතට නෙතක් මුණගැසුන වෙලාවක
    මතකද ඔබ ඉඟිකෙරුවා ආලය

    අතීතයේ තව මියුරු සැඳෑවක
    රුක්ගොමුවෙන් වට උයන් තලාවක
    මුවින් මුවට සිපගත් ඒ මොහොතක
    මතකද ඔබ පැවසුව ඔබෙ ආලය

    අතීතයේ තව අඳුරු සැඳෑවක
    අඳුරින් වටවුණ පාළු සුසානෙක
    සිතින් ගතින් වෙන් වුණ ඒ මොහොතක
    මතකද ඔබ හැරගිය ඒ ආලය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හඳින් ඔබෙ ලෝකය එළිය වුණී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
    පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී

    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවිබර මට රැඳුනේ
    මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ

    මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..

    ------------------------------------

    නොබලන් කුමරිය නිසසල මා දෙස
    සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුණ මා ලොව
    කළඹනු නොහැක ඉතින්

    ළඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
    නිදහස අගයන්නෙම්
    නුරා පිරුණු නෙතු වෙනතක දල්වා
    සමුගත මැනවි ඉතින්

    සුපුරුදු තනිකම පාළුව මිහිරියි
    විඳිනෙමි සැනසිල්ලෙන්
    ආදර රැහැනින් මහද වෙලන්නට
    ඔබහට නොහැක ඉතින්

    ------------------------------------

    මුළු ලොවම නැති වුණත් එකම හදවතක්
    ඇත ඔබේ නාමයෙන්.. ඇත ඔබේ නාමයෙන්..

    ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
    වරම් නැති වූ ලෝකයෙන්
    වෙන්ව සිටිනා හුදෙකලාවේ
    එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්

    ලොවේ දිනයක තනි වුණොතින්
    ඔබේ හද සෝතාපයෙන්
    සොයා එන්නට සිටින කැපවී
    එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්

    ------------------------------------

    මේ.. පුංචි රටේ කොතැනකදී හෝ මතු කවදාහෝ
    යලි අප හමුවේවී.. යලි අප හමුවේවී

    ආදර සිහිනය දෑසට උතුරන
    කඳුලු ගඟක් වන දිනයේ
    ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
    සමුගෙන යමු වෙන් වී

    ජීවිත ගමනෙදි කොතැනකදී හෝ
    අප යළි හමුවන දිනයේ
    මේ දුක් කඳුළැලි වියැකුනු දෑසින්
    හිනැහෙනු මැන පෙර සේ

    ------------------------------------

    කෝ මා පැතූ ඔබෙ ආදරේ
    කෝ මා පැතූ ඔබෙ ආදරේ
    කෝ මා පැතූ

    ආවේ එදා මා තනි වී ලොවේහී
    නැති වී ගියා ඒ හැඟුමන් මෙහී
    යලි මා අනාතයි උතුරා ගලා යයි
    සංවේදනා

    ඈ හා අතීතේ ගැයු ගීත රාවේ
    මුසු වී ඇසේවා සුළඟේ පවා
    කෙවිලී කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
    දැන් ඈ දමා

    ------------------------------------

    මේ අයුරින් අපි සංසාරේ
    ආදරයෙන් හමුවෙන්න ඇතී
    මේ අයුරින් අපි දවසක් දා
    අතරමඟදි වෙන් වෙන්න ඇතී

    සාලිය මාලා පෙම් බැඳි දා මම
    සිටුකුමරෙකු වී ඉන්න ඇතී
    ඒ සිටු කුළයේ කුමරිය වී ඔබ
    මෙලෙසින් මට රිඳවන්න ඇතී

    අපරාජිතයයි ඔබ පිදු ප්‍රේමය
    පුදසුන මත පරවෙන්න ඇතී
    සාගර ජලයත් මදි හැඬුවා මම
    ඔබ හින්දා ඔබ දන්නේ නැතී

    ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
    මගෙ කඳුළින් සේදෙන්න ඇතී
    එදත් මගේ දුක් ආයාචනයට
    අද මෙන් ඔබ හිනැහෙන්න ඇතී

    ------------------------------------

    ඔබ හා මෙමා අතිනත් අරන්
    අපගේ ලොවේ තනි වූ එදා
    ඔබ මා දෙපා දෑතින් බදා
    සිපගත් මෙදා සිහි වෙනවා

    භවයෙන් භවේ මෙලෙසින් බැඳී
    අප ආ ගමන් අමතක වුවත්
    ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
    නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා
    එක් වූ දිනේ සිහිවෙනවා

    ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
    එක් වී වෙලී සෙනෙහස සෙවූ ඒ
    සොඳුරු දා සිහි වෙනවා
    ඒ සොඳුරු දා සිහි වෙනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සයුරට වෙරළ නැති නම් රළ නැගේවිද
    අහසට අඳුර නැති නම් සඳ පෙනේවිද
    මවකට දරුවො නැති නම් කිරි එරේවිද
    ඔබහට සෙනෙහ නැතිනම් මා හඬාවිද

    සඳුට වඩා හිරු එළියයි කියලා
    නැතේ මෙමා සඳු අමතක කරලා
    ඔබට වඩා ඇගෙ රුව ගැන හිතලා
    නැතේ මෙමා ඔබ අමතක කරලා

    දෝත පුරා නිල් දිය සෑහේ නම්
    බඳුන් සොයා ඔබ ලතැවෙන්න එපා
    කවුලු සිලෙන් තරු එළි දුටුවා කියා
    පහන නිවා ඔබ රැවටෙන්න එපා

    ------------------------------------

    සිතින් අනුකම්පා කලේ
    නෑ මා හඬන යාමේ
    හදේ ලතැවුල් පා වුනේ
    මේ මගේ පෙම් විජිතේ

    දෙගුරු දෑසට කඳුළු ඉනුවේ
    ඔබට පෙම් බැඳි දා
    ඒ කඳුළු අද මට ශාප වී
    ගලයි නෙතු ගංඟා

    සිහින යහනක මා හොවාලා
    ඔබ වෙන්ව ගිය දා
    දරාගන්නට නොහැකි කඳුළැල්
    නෙතින් සමු දුන්නා

    ------------------------------------

    පිඬුසිඟා වඬින ඔය දෑතට
    දන් දෙන්නෙ කෙසේ
    ඔබේ පෙම්වතා පෙරදින
    මමනෙ මෙහෙනියේ

    ලොවෙන් ඇසුව ඒ මුසා බස් අසා
    මා අද මුලා වෙලා
    ඔබගෙන් වෙන් වී මා ගිය මොහොතේ
    නොම වැරදියි කියාලා ඔබ දිව්රා කීවා

    පැතුම් අතර ඔබ තනි වුණ පෙරදා
    උණුහුම් කඳුළු සලා
    මා වෙන් වී ගිය දුක සඟවන්නට
    නොහැකිව හද සනහා කහවත ඔබ දරලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවාසනාවට රෝස මලක් පරවේ
    කඩාවැටෙන්නට උණු කඳුළක් වැලපේ
    දරාගන්න බැරි තරමට ආදරෙයි
    ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි

    ලියා හසුන්පත් තැන තැන හංගාපූ
    ගලා බොඳව යයි මේ ඇස් දෙකෙන් තෙමූ
    වළාකුළට රෑ සඳ නෑවිත් ඉඳපූ
    එකම දවස අද විතරද මගෙ දෙව්දූ

    පතා නොසිටියත් සැප සම්පත් ඉසුරූ
    මහා යදම් බැඳ සිතුවිලි සිර කරපූ
    මගේ නැගණියක් ලෙසින් සිතා මතූ
    අවසර දෙන්නම් අපි හිත හදාගමූ

    ------------------------------------

    ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
    මැවි මැවි රිද්දනවා
    ඇස්දෙක වස්සන කඳුළැලි දුටුවම
    ඔබ මට හිනැහෙනවා

    සුවඳක් දැනුනත් තවමත් ආසයි
    පණ මෙන් පිඳු හින්දා
    මගේ අහිංසක හිත තැලුවත් නෑ
    තරහක් මට දැනිලා

    දම් පැහැ ගවුමයි රතු මල් කුඩයයි
    තාමත් තියෙනවද
    එපා වුණත් මා එපා දවන්නට
    ඒ ආදර තිළිණ

    ------------------------------------

    කතා කරන කඳුලු වලට සමා කරන්න
    ඔබ කළ පවු බොහොම වැඩියි තරහ නොවන්න
    සංසාරේ කවදා හෝ යලි හමුවෙන්න
    මට නම් බෑ කවදාවත් එහෙම හිතන්න

    අහිංසකම ඇස් දෙකකට කඳුළු දුන් හැටී
    යන්තම් හරි ඔය මතකේ කොතැන හරි ඇතී
    පාට කරපු රෝස පාට සිනිඳු තොල් පෙතී
    ආයෙත් මං නෑ වරදක බැඳුනෙ පෙනි පෙනී

    අඬ නින්දෙදි රෑ සිහිනෙන් නපුරු සිතුවිලි
    ගිණිගෙන දැවුණා දින සති මාස ගෙවි ගෙවී
    ඒත් පැතුම් මල් පිණි බිඳු තරඟ කල හැටී
    මාත් මගේ හිත පමණයි දන්නෙ විරාගිණි

    ------------------------------------

    අප හමු වීම වෙන් වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ
    මතු හැමදාම පැතු සේම ඔබ ආදරෙන්
    මේ අද වාගේ කඳුළින්ම වෙන් වී නොයන්

    පෙම්වන්තියේ මා හැඩුවා දරා
    ප්‍රේමේ නමින් වේදනා
    මේ සීත යාමේ සැමරුම් ලියා
    ලියැවේවි මගෙ චේතනා

    රන් තාරකාවෝ දිලුනා මෙදා
    ගෙනැදී නැවුම් කල්පනා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    මතුදා ගෙනෙයි ප්‍රාර්ථනා

    ------------------------------------

    බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
    පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
    ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම්
    රැකගනිමිද කෙලෙසින්

    නන්නාදුනන දෙසින ගිමනට සිසිල රැගෙන
    අවුදින් සිරුරේ දැවටී පවනැල් අහසේ හැර යයි
    ඔබ ඒ සුළඟ වගේ නම් රඳවා ගන්නද කෙලෙසින්

    මන්දාකිණිය ගලන නිසසල රැයක මැවෙන
    තරු මල් අඹරේ හිනැහී මැදියම් අඳුරේ සැඟවෙයි
    ඔබ ඒ අහස වගේ නම් හඳුනා ගන්නද කෙලෙසින්

    ------------------------------------

    සඳට දැනෙනවද මේ දුක හිරුට දැනෙනවද
    මගේ හිතේ දැවෙනා දුක ඔබට දැනෙනවද

    සඳට දැනෙන දා සඳ මා නමින් හඬාවී
    හිරුට දැනෙන දා හිරු ඒ සොවින් හඬාවී
    ඒ සඳට වඩා හිරුට වඩා ඔබට පෙම් කලා
    අද මගේ දුකට ඔබේ සිතේ නෑ අනුකම්පා

    සඳට කියන දුක මම නෑ ඔබට කියන්නේ
    හිරුට දැනෙන මුත් එය නෑ ඔබට දැනෙන්නේ
    හිරුයි සඳුයි තරහ වුණත් තරහ නොවන්නේ
    එහෙම කියූ ඇයි මට පිටුපා යන්නේ

    ------------------------------------

    පෙම් සිසිලේ මගේ දෙනයන ඈ වෙත යනවා
    මගේ දෙනුවන් මා සනසනවා
    ඒ රහසේ මගේ හඳවත මා සනසනවා
    මගේ හදවත මා නලවනවා

    මේ සිහින ලෝකේ මා පමණි දන්නේ
    කිසිඳු දෙයක් ඇය නොදැන නිසා
    කාටද කියන්නේ හදවත ගැහෙන්නේ
    ඈත ඉඳන් මම සිතන නිසා

    මගේ දෙනයන ඈ වෙත යනවා
    මගේ දෙනුවන් මා සනසනවා

    කාටද මේ දුක පවසන්නේ
    කෙලෙසද මා මෙය අයැදින්නේ
    කුමටද ඇය මා නෙත ගැටුනේ
    දුටු දිනයේ සිත ලතැවෙන්නේ

    මගේ දෙනයන ඈ වෙත යනවා
    මගේ දෙනුවන් මා සනසනවා

    ------------------------------------

    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතැවෙනවා

    මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙලෙසද අප තනි වන්නේ

    ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
    ඒ මිහිරි ලොවේ සැනසුම මා ලැබගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

    ------------------------------------

    සිහිනෙන් සිහිනෙන් මා හඬවනවා මා හඬවනවා
    සැබෑ ලොවේ දී ඔබ මා නෑ මුණගැසිලා නෑ හමුවීලා

    අඳුරු අතීතේ කඳුළු සලාලා
    තනි වූ කාලේ ඔබ ලැතැවීලා
    සෙනෙහෙ පුදා හමු වුණු දා
    ඔබ හිනැහුණු දා මට සිහි වෙනවා

    සොඳුරු සෙනේහේ පැතුම් බිඳීලා
    අපගෙ වටා මේ පවුරු වැඳීලා
    නිතර රැඳී අප දෙදෙනා
    අද තනි වෙනවා සිත් සසැලෙනවා

    ------------------------------------

    සඳකට තහනම් අහසින් බැස යන්න
    මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
    ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
    සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න

    අමාවකට ඇති කළුවර අපමණය
    සමාව වෙනුවට අපි අද දෙතැනකය
    ඔයා නමට ලියු අන්තිම කවි පදය
    දරාගන්න බැරි ගින්දර නිතරමය

    පුංචි පැටවු ගේ ලෝකය බිඳුනාම
    සොඳුරු කැඳැල්ලේ ලස්සන මැරුණාම
    හිතන්න රන්කඳ පෙම් කල හින්දාම
    පවුසිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Somathilake Jayamaha..............

    රජ දහන වැලි කතර වුව උරුමවේ නම්~
    මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්..
    මගෙ ජීවනෙහි ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
    ~
    හද වෙණෙහි සත්සර සදා ගොළු වුනාදෙන්..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වටෙන් එහා මල් පඳුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ//
    මිලින උනත් ඝන අඳුරේ
    මල් නෙලන්න නම් තහනම්//

    සුවඳ ඇදෙ‍යි මුලු ලොවට හොරෙන්
    නොවසා ඇති දොර කවුලු තුලින්//
    සුවඳ දිදී සුවඳ දිදී තිබුනත් මිදුලේ
    මල් නෙලන්න නම් තහනම්//

    තෙමුණත් දෙකොපුල් උණු කඳුලින්
    ඇසුනත් කෙඳිරි‍ය මුදු මුවගින්//
    පිපුන නිසා පිපුන නිසා අන්සතු උ‍යනේ
    මල් නෙලන්න නම් තහනම්//

    -ද‍යාන් විතාරණ-

     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මං මුලාවී ජීවිතේ අපි
    ලංවෙලා ඉමු මේ ලෙසින්
    තවත් පෙම්වති‍යන් පෙම්වතුන්
    එනතුරා මේ මාවතේ
    ගමන් මග විමසා අපෙන්

    කොහේ ‍යන්නෙද කොහේ ඉන්නෙද
    ඔබත් ඇසුවා මගෙන්
    මමත් ඇසුවා ඔබෙන්
     
    • Like
    Reactions: Rex921

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sunil Edirisinghe............

    වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන~
    වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්~
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේ සුළං රැල් හමා එන්නේ - කොහෙන්දැයි නොදනිම්
    මගෙන් වෙන් වී ඔබත් ඉන්නේ - කොහේදැයි නොදනිම්

    කල්පයක් සේ ගෙවුනි කාලය - පියුම් මිලින වුනේ
    පිදූ යහපත් සොඳුරු හැම දේ - එකම වරද වුනේ

    කඳුළු කොතරම් හඬා වැටුනත් - පොළොව උරණ නොවේ
    ඔබට හසරැළි තිබෙන තරමට - මගේ කඳුළු නිවේ

    නෙලූ අධිකාරි

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේ ඉර හද යට හමුවී ආදරයෙන්..
    කතා කරපු අය සෙනේ වඩපු අය
    ළඟපාතකවත් නෑ...
    මේ ඉර හද යට හමුවී...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුසුමක උණුසුම නොමවිඳි හදකට
    සුසුමක් වුනේ ඔබ‍යි
    කඳුලක සිසිලස නොහැඟුනු නෙතකට
    කඳුලක් වුනේ ඔබ‍යි


    මිහිමත සඟවුනු විසිතුරු ලොවකට
    පි‍යවර ලකුණ ඔබ‍යි
    විසිතුරු මිහිමත සැඟවුනු රුදු ලොව
    හෙලිකල දෙනෙත ඔබ‍යි


    හදවත පිරිමැද සිතිවිලි පොබ කල
    පැතුමක අරුණ ඔබ‍යි
    වදනට නොනැගෙන සිත තුල ගොලුවන
    නොපිපෙන පැතුම ඔබ‍යි


    -එඩ්වඩ් ජ‍යකොඩි,මාලනී බුලත්සිංහල-

     
    Status
    Not open for further replies.