ගැ:වෙඬරු සොරා වෙඬරු සොරා කවට කමට එන්ට එපා
බසින නුරා හද උදුරා ගන්ට අනේ යොදන උපා
වෙඬරු සොරා වෙඬරු සොරා...
පි:මී අඹ දළු සුලඟෙ නටයි තනමින් හෝපලු(?) සඳැල්ල
පසෙක තියා වෙඬරු සැලිය එන්න මගේ ගොපලු කෙල්ල
ගැ:මොණර රුවින් මොණර ඇසින්
නිල් වන රොද සරසා මල් මුවරද ගවසා
මල් නොතලා රොනට වඩී
චාටු කතා චාටු කතා චාටු කතා කියලා
පි:මලින් මලට ඉගිල ගියේ ලඳේ නුඹව හමුවන තුරු
බඹා කෙටූ හැටි මේකයි දිවුරන්නම් නෑ හොර බොරු
ගැ:උමතු කරයි ගොපලු ලඳුන්
සුර මුරලිය වයලා
මල් හී සර යවලා
ගං ඉවුලේ ලිය ගොමුවේ
හැංගි හොරා හැංගි හොරා හැංගි හොරා නටලා
පි:අදින් පසුව ඔබට පමණි වයන්නෙ මේ සුර මුරලිය
වෙඬරු නෙවෙයි සොරා ගත්තෙ කියන්න මොනවද කොමලිය
ගැ:හරි හරි දන්නවා අනේ බලමු බොලඳ ලඳුනගෙ හිත
ඉක්මන් කර ගෙදර යන්න දෙන්නකො මට මගෙ හදවත
පි:ගෙදර යන්නෙ කොහොමද ඔබ මා ලඟ නොවැ ඔබෙ හදවත
ගැ:ඉක්මන් කර ගෙදර යන්න දෙන්නකො මට මගෙ හදවත
පි:ගෙදර යන්නෙ කොහොමද ඔබ මා ලඟ නොවැ ඔබෙ හදවත
ගැ:ඉක්මන් කර ගෙදර යන්න දෙන්නකො මට මගෙ හදවත
පි:ගෙදර යන්නෙ කොහොමද ඔබ මා ලඟ නොවැ ඔබෙ හදවත
~වෙඬරු සොරා- නන්දා මාලිනි,රෝහන බැද්දගේ
one of the sweetest cutest songs i've evr heard!!


ahala balanna
very very special thnx to
teardrop sinduwa hoyala dunnata