ලස්සන සමණළයෝ කොහෙන්ද ඔය පාට
දිස්වෙන පබළු එකින් එක දිළිසෙන දාට
ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට
රන් මුතු බබලයි රන් මෙහෙසිය වූ දාට
විලාසිතා මන බඳීනා විලාසිතා
විලාසිතා නෙතු රැඳෙනා විලාසිතා
දිළෙන තරු වලින් නැහැවෙන විලාසිතා
මලට පෙති වගේ බබලන විලාසිතා
හමනා සුළඟට එක පැහැයක් වූවොත්
ගලනා මුහුදේ රළ වෙන පැහැයක් වූවොත්
අදට වඩා හෙට උපදින නව දවසක් වූවොත්
අළුත් අළුත් දේවල් තව ලෝකෙට එක් වූවොත්
විලාසිතා මන බඳීනා විලාසිතා
විලාසිතා නෙතු රැඳෙනා විලාසිතා
දිළෙන තරු වලින් නැහැවෙන විලාසිතා
මලට පෙති වගේ බබලන විලාසිතා
~ චාන්දනී හෙට්ටිආරච්චි ~


ඇඩෙනව බන්
