පද පේලි .....

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I cannot fight against myself
    No more
    Self destruction that I predicted
    Not a long time ago

    Petrified

    Thoughts so far from me

    The power of my justice blows me away
    It's just the case to repeat
    What I've never said to you before

    Celebrate
    I'm alive again

    You don't expect from me
    This chain reaction
    You can't imagine from me
    This great affection

    See the structure of my pride
    Wasn't easy to build it away from this
    I never walked away from you
    I never walked alone

    A pleasure makes me vibe again tonight
    I'm just thinking how fine it is to feel myself so fine again

    Celebrate
    I'm alive again

    It's time to turn the page and start
    And then
    Don't you think that it's time
    To convince yourself it's over?

    Celebrate
    I'm alive again

    lacuna coil - purify..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මගෙ දෑසම පිය වී ඉන්නේ
    ඔබේ රූපයමයි දිස් වන්නේ
    මං කාටද මේක කියන්නේ
    මං කාටද මේක කියන්නේ
    :rolleyes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබේ රස කතා
    ඔබේ පෙම් කතා
    මගේ හිතට එන්නේ
    ආදරෙන් ගොතා කීව බොරු කතා විහිළුවක් වගේ නේ
    මගේ හිත කඩා දමා ඔබ ගියත් නෑ පස්සෙන් එන්නේ
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමිනේ
    දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
    මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
    මා ගෙලලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ

    අනේ ස්වාමිණි මා ගෙලලන්නට ඉඩ නම් දෙන්න එපා
    ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා
    ඇතිදා ලඟහුන් මතු සසරෙදි හමුවන්න එපා
    නැතිදා ලඟහුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා

    බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමිනේ
    දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ..

    නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
    මරණයේ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමුගනිමි මෙමා
    කෙලිලොල් කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
    මරණ බයක් නෑ අම්මා සිහිවෙයි.......

    බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමිනේ
    දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ..

    දුක හිතිලයි මා හිර ගෙට ආවේ පුතුගෙ මරණ දිනේ
    දුදනන් ඇසුරින් පර පණ නැසුවත් නුඹ මගේ පුතුය අනේ
    මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොඳ මිනිසෙකු ලෙසිනේ..... :(


    (මම ජීවිතේ බලපු සහ අහපු සංවේදීම ගීතය)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    coolnishan said:



    (මම ජීවිතේ බලපු සහ අහපු සංවේදීම ගීතය)

    ඔව් මාත් ආසම සිංදුවක් නිශාන්.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.....
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ඔබෙ නීල දෑස දිහා
    සරාගයෙන් එදා බලා
    පව් කල මා සංසාරේ
    නිරාදුකින් ගිනි ගැනිලා
    ඔබේ නීල දෑස දිහා.......

    ~ සතිෂ් පෙරේරා ~

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    I'm giving up the ghost of love
    In the shadows cast on devotion.

    She's the one that I adore
    Queen of my silent suffocation.

    Break this bittersweet spell on me,
    Lost in the arms of destiny.

    I won't give up; I'm possessed by her.
    I'm bearing the cross; she's turned into my curse.

    I want you

    (Oh I wanted you)
    And I need you
    (Oh how I needed you)


    Bittersweet by Apocalyptica
    ft. Ville Valo and Lauri Ylönen
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    coolnishan said:

    (මම ජීවිතේ බලපු සහ අහපු සංවේදීම ගීතය)
    මේකෙ සෑහෙන්න ෆීල් වෙන සින්දුවක් :yes:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    වාඩිය වාඩිය සයිමන් අප්පුගෙ සොමි වාඩිය
    ලොකු පොඩිකම් අපි ළඟ නෑ වැටෙන්නෙ එක නාඩිය
    වාඩිය වාඩිය සයිමන් ගොයියගෙ සොමි වාඩිය
    එයා මෙයා වෙන්සක් නෑ හැමටම එක මූඩිය

    ~ Gypsies ~

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නාඳුනන සිහිනේ....
    සාගරය විලසේ
    දුර ඈතටම ඇදුනේ
    රළ පාවෙවී බිදුනේ
    වේදනා නංවා
    ආදරේ හංගා...
    මාගේ හද පතුලේ
    සාගරය තරමේ
    මගෙ ආදරය රැදුනේ
    ඔබ නෑ එලෙස බැදුනේ
    දුක වැඩි හන්දා
    මම් ඉකි බින්ඳා
    මම් ඉකි බින්ඳා

    නාඳුනන සිහිනේ....
    මහ සාගරය විලසේ ....

    ආදරය හමුවේ
    ආ ගමන සිහිවේ
    දුක යාහැකිද සෙනෙහේ
    සිත වාවනුය බැරිවේ
    හඩනා යාමේ
    මා තනි වූයේ
    මා හදට දැනුනේ
    මා ළඟම රැදුනේ
    මුදු ඒ සුවඳ විතරයි
    රුදු ඒ කඳුළු බිඳුවයි
    කඳුළ මට මිතුරුයි
    තනිය මට උරුමයි
    කඳුළ මට මිතුරුයි
    තනිය මට උරුමයි


    නාඳුනන සිහිනේ....
    මහ සාගරය විලසේ ...

    නාඳුනන සිහිනේ....
    සාගරය විලසේ
    දුර ඈතටම ඇදුනේ
    රළ පාවෙවී බිදුනේ
    වේදනා නංවා
    ආදරේ හංගා...
    මාගේ හද පතුලේ
    සාගරය තරමේ
    මගෙ ආදරය රැදුනේ
    ඔබ නෑ එලෙස බැදුනේ
    දුක වැඩි හන්දා
    මම් ඉකි බින්ඳා
    මම් ඉකි බින්ඳා


    NIROSHA WIRAAJINI
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කහමලියේ අන්නර කහමලියේ
    අන්නර කහමලියේ අන්නර කහමලියේ
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ

    පැහෙන ගොයමේ කහ පාට ගාන
    කහමලියා..කහමලියා
    ගෝල බාලොලියා
    සිනහ කැකිර වගෙ කෝඩුකාර
    කහමලියා..කහමලියා
    බිංතැන්නට පෑහෙනා
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ

    කහමලියේ අන්නර කහමලියේ
    අන්නර කහමලියේ අන්නර කහමලියේ
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්


    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ



    Lional Ranwala
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිණි කැටක් දිලේ
    හිරු රැසක් වැඳී
    නෙතු පියා ගන්න ඔබගේ
    බොඳ වළාකුළින්
    නෙක දූලි තුඩින්
    හිරු නිවිය හැකිද අහසේ


    නා දෙදළු සැලී
    මුව කමල පෙනේ ඔබගේ
    දක්වලා දසන්
    නොම එළිය කරන්
    දස අතම ලොවේ
    මට එයම පමණි ඇත්තේ


    හදේ ගිමන් නිවා
    දිවියේ සරතැසද මකා
    සිසලසක් වෙමින් මනසේ
    හද අගුළු දමා
    නුඹ එතුළ හොවා
    රැක ගනිමි නුඹව නිතිනේ

    රැක ගනිමි නුඹව නිතිනේ
    රැක ගනිමි නුඹව නිතිනේ...


    Anju
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ නීල නෙතු සඟලින්
    මොනවද ඔබ ඉල්ලන්නේ
    නළලේ කුංකුම තිළකය
    ඔබට නේද අමතන්නේ
    මගේ නීල නෙතු සඟලින්...

    INDRANI BOGODA
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වළාකුළක් ගෙන මුවා කරමු හිරු ගිනිගෙන වියරුව නළියන වැලි කතරේ
    රත් වුන වැළි කැට පුපුරන මැද පෙරදිග මරු කතරේ
    ....

    WIJAYA
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I Live My Life For You

    You know you're everything to me
    And I could never see, the two of us apart
    And you know I give myself to you
    And no matter what you do, I promise you my heart

    I've built my world around you and I want you to know
    I need you, like I've never needed anyone before

    I live my life for you
    I want to be by your side in everything that you do
    And if there's only one thing you can believe is true
    I live my life for you

    I dedicated my life to you
    You know that I would die for you
    But our love would last forever
    And I will always be with you
    And there is nothing we can't do
    As long as we're together

    I just can't live without you, and I want you to know
    I need you like I've never needed anyone before

    I live my life for you
    I want to be by your side in everything that you do
    And if there's only one thing you can believe is true
    I live my life for you

    I've built my world around you and I want you to know
    I need you, like I've never needed anyone before

    Wow, yeah I live my life for you



    - Fire House-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගාන තෙල් සඳුන් වරලස පීරමින් බලන හැඩ නිල
    නුඹම නොවෙද මට හිනැහුණු අහින්සකාවී


    කෝල මුතු සිනා දෙතොලග ඉසුනු රන් ලැමැද ගෝමර
    නුඹම නොවෙද හිත රජවුණු මහේශිකාවී

    සද හිනැහී එන යාමෙට සුදු සද රැස් විලට බහින
    සුනිල පියුම් පෙති නෙලමින මාලගොතා ගෙලේ බඳින
    නුඹම නොවෙද මට හිනැහුණු අහින්සකාවී
    නුඹම නොවෙද හිත රජවුණු මහේශිකාවී

    වසන්තයේ හිරු හිනැහෙන දිගන්තයේ මල් සුවඳින
    දසන්තයේ සිත් පුබුදන කාන්තියේ නෙත් දිඳුලන
    නුඹම නොවෙද මට හිනැහුණු අහින්සකාවී
    නුඹම නොවෙද හිත රජවුණු මහේශිකාවී


    SAMAN JAYANATH
    රී පෝස්ට්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිණි කඳුලක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
    සඳ එළියේ මං පෙත පාදා
    රහසක් සඟවා
    ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිණි කඳුලක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා


    යළි කවදාවත් හමු නොවෙනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසි දින
    ඇය යළි නොඑතැයි
    ගිම්හානෙට පෙර

    Amrasiri Peiris
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
    දෑතේ විරියෙනි රටවල් නැඟුනේ
    ඒ මිනිසුන්ගේ මළඟම වෙනුවෙන්
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැඟුණේ

    දාගැබ් මහ වැව් කලා නිකේතන
    නුඹලා දෑතින් මිහිමත මැවුනේ
    ඒ නුඹලාටයි මේ දරුවන්ටයි
    මොන රජ මැදුරෙද දොරටුව ඇරුණේ
    මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ

    රජ සැප විදිනට රජ දරුවන් හට
    නුඹලා දෑතින් මන්දිර මැවුනේ
    ඒ නුඹලාගේ දුක දැකගන්නට
    මොන රජ දරුවද පැලකට වැඩියේ
    මොන රජ දරුවද පැලකට වැඩියේ

    ~T.M.ජයරත්න~
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අ‍පේ‍ම‍ පා‍ලු‍ වි‍මා‍නේ‍
    නි‍සංසලේ සහනේ
    අමා පැණින් මත් වීලා
    ඔබේ දෙතොල් බඳුනේ
    .. රස මදිරා
    පෙරුම් පිරූ ලෙසිනේ
    සිරූපි දේහ විලාසේ
    මැවේ මැවේ නයනේ
    පෙ‍ම්‍බ‍ර‍ ම‍ධූ‍ ම‍ගේ‍
    පෙ‍ම්‍බ‍ර‍ ම‍ධූ‍ ම‍ගේ‍

    ~වික්ටර් රත්නායක

    :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කිරි වදිනා ගොයම බලා සිත සොදිනා නැගෙන මෙනා
    හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා
    කිරි වදිනා ගොයම බලා සිත සොදිනා නැගෙන මෙනා
    හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා


    අපල සපල සමෝ සමව දියුණූ පවුරු වී
    නැගෙන සාගිනි නැති සෝදුක් නැති ලොවකට රන් සෙමෙර සලා
    අපල සපල සමෝ සමව දියුණු පවුරු වී
    නැගෙන සාගිනි නැති සෝදුක් නැති ලොවකට රන් සෙමෙර සලා
    අපල සපල සමෝ සමව දියුණු පවුරු වී
    නැගෙන සාගිනි නැති සෝදුක් නැති ලොවකට රන් සෙමෙර සලා

    දොළොස් මහෙන් දොළොස් මහට යන ගමනින් සෙතක් වේද
    පරණ පුරුදු අතැරදමා උතුම් මිනිස් ගති ගෙනේද..
    උනුන් නසන අවි බිමදා දිවි අගනා බව දැනේද
    මිනිස් කුලේ උපන් සැවොම කුල සිරිතට ගරු කෙරේද

    කිරි වදිනා ගොයම බලා සිත සොදිනා නැගෙන මෙනා
    හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා
    කිරි වදිනා ගොයම බලා සිත සොදිනා නැගෙන මෙනා
    හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා...

    Ranwala
     
    Status
    Not open for further replies.