පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මලට මුව තියා..
මල් මත බඹරුනුත් ගියා
විලට මුව පොවා
දිය බිව් සාවනුත් ගියා
සුමුදු බස් කියා
තොල් මත හදුවක් තියා
දුරක නුබ ගියා
මේ හැටි මටම දුක තියා

-රොහාන් ශාන්ත බුලේගොඩ-
 
Jan 15, 2009
9,238
368
0


ගීතයක් උනා ඔබත් වේදනා මැවූ
මේ රැයයි ආදරේ තරු පහන් නිවූ

යාවුණත් ප්‍රේමයේ රසින්
ජීවිතේ ප්‍රාර්ථනා දොරින්
යාවුණත් ප්‍රේමයේ රසින්
ජීවිතේ ප්‍රාර්ථනා දොරින්
ඒ පැතුම් සිඳී බිඳී ගොසින්
ඔබ මලක් මම විලක්
නොවේ ලදේ මෙදා

ගීතයක් උනා ඔබත් වේදනා මැවූ
මේ රැයයි ආදරේ තරු පහන් නිවූ

පාළුවෙන් මා තවා දුකින්
පාවෙලා මා නෙතේ ඉමෙන්
පාළුවෙන් මා තවා දුකින්
පාවෙලා මා නෙතේ ඉමෙන්
ආදරේ පියාසරා ගිහින්
ඔබ සඳක් මම රැයක්
නොවේ ලදේ මෙදා.....

~ ලක්ෂ්මන් විජේසේකර ~
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වන මල් සිපගෙන මද නල වෑහෙනවා
    හදවත පොපියා බඹරුන් නද දෙනවා
    සීතල මිහිදුම් සලුව වසා එනවා
    පාළුව තනිකම මා හද රඡයනවා

    කදු හෙල් අතරින් වන පෙත් පසු වෙනවා
    උමං කපොලු තුල හිනැහී පැන යනවා
    තනිවූ කොවුලෙක් ගී හඩ පතුරනවා
    ඒ හඩ ඇසුමෙන් ලොවම පුබුදු වෙනවා

    සීතල දිය වැල් තරගෙට බැස යනවා
    පෙන පිඩු ‍නංවා ඔමරි පපා යනවා
    පැවසූ රස බස් දෙස‍වනේ රැව් දෙනවා
    මගෙ මිහිරාවිය ඔබ යලි හමුවෙනවා

    රොමේෂ් ලක්ෂාන්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
    ඔබට ළංව දුක බෙදාගන්න බැරි කම දුකකී
    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකී
    එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී
    :(
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈත එපිට ගම්මානෙන් නැඟ එන බට ලී හඩ අතරේ
    ඉතාම දුක්බර කවියක් මතු වෙද ඇය නිදි නොමැති පැළේ

    මළානිකව හඳ එළිය ගලා එන අම්බලමක හෙවනේ
    මළානිකව හඳ එළිය ගලා එන අම්බලමක හෙවනේ
    බලා හිදිමි ඔබ හිදින විමන් දොර දැල්වෙන එළිය බදේ

    ඈත එපිට ගම්මානෙන් නැඟ එන බට ලී හඩ අතරේ
    ඉතාම දුක්බර කවියක් මතු වෙද ඇය නිදි නොමැති පැළේ

    වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඩ රැයේ
    වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඩ රැයේ
    නීල නුවන් තරුකැට බොඳ වෙනවා කාටත් හොර රහසේ

    ඈත එපිට ගම්මානෙන් නැඟ එන බට ලී හඩ අතරේ
    ඉතාම දුක්බර කවියක් මතු වෙද ඇය නිදි නොමැති පැළේ


    - සනත් නන්දසිරි -
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    34exqp5.jpg
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔන්න බබෝ බිල්ලා
    ඔන්න බබෝ බිල්ලා
    අපි අල්ල ගනිමු හොල්ලලා
    යන්න නොදී දුවලා
    අපි අල්ල ගනිමු හොල්ලලා....

     
    Jan 15, 2009
    9,238
    368
    0


    මගෙ කිරිකැටි යව්වනයේ දොරකඩ මේ
    මගෙ තුරුණුවියේ හැඟුමන් අවදි වුණේ
    සිතිවිලි තෙරපෙන යාමේ ඔබ ආවේ
    ඔබ පිළිගන්නට මා නැහැ දන්නේ

    ඔබෙ තොල් පෙතිවල නලියන වදනක් මා දුටුවේ
    ඇයි ඔය දෑසේ හැඟුමන් එහෙ මෙහෙ දිව යන්නේ
    සිත කිති කවනා හදවතෙ හැඟුමත් මට දැනිලා
    මුළු ලොවට හොරා ඔබෙ රුව වටලා මගෙ සිත බැඳීලා

    රෝස පෙතිවගේ ඔය තොල් දෙක ඔබෙ සියුමැලිද
    සළු පට අතරේ සැඟවුණු ඔය රුව හරි හැඩද
    මගෙ කුල්මත් වී සිත සන්සුන් නෑ ඔන්න
    නොරිදා සෙනෙහස පවසන්නට මට ඉඩදෙන්න

    මගෙ කිරිකැටි යව්වනයේ දොරකඩ මේ
    මගෙ තුරුණුවියේ හැඟුමන් අවදි වුණේ
    සිතිවිලි තෙරපෙන යාමේ ඔබ ආවේ
    ඔබ පිළිගන්නට මා නැහැ දන්නේ....

    ~ නලීන් පෙරේරා
    ~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ස‍පු‍ම‍ල්‍ සු‍ව‍ඳ‍ ව‍ගේ‍
    හො‍රෙ‍න්‍..හො‍රෙ‍න්‍..හො‍රෙ‍න්‍
    ඇ‍වි‍දි‍න්‍
    මේ‍ පා‍ළු‍ රෑ‍ යා‍මේ‍
    හෙ‍මි‍න්‍..හෙ‍මි‍න්‍..හෙ‍මි‍න්‍..හෙ‍මි‍න්‍
    ඇ‍වි‍දි‍න්‍
    පි‍ය‍න‍ග‍මු‍ අ‍පි‍ ත‍රු‍ හි‍නැ‍හෙ‍න‍ හෝ‍රා‍වේ‍
    බො‍හෝ‍ ගි‍නි‍ ඇ‍වි‍ලී හා‍දු‍ පි‍පෙ‍නා‍
    නු‍ඹේ‍ ව‍ත‍ ම‍ඬ‍ලේ‍
    අ‍ප‍ හැ‍ඬූ‍ ත‍ර‍ම්‍ ලො‍ව‍ නැ‍හැ‍ ද‍න්නේ
    අ‍ප‍ හැ‍ඬූ‍ ත‍ර‍ම්‍ ලො‍ව‍ නැ‍හැ‍ ද‍න්නේ
    සඳ බලාහිඳී..
    සඳ බලාහිඳී..
    අපේ සුසුම් ඉවසනු බැරිවී
    සඳ අහිංසකයි නොවැ අපි වාගේ
    සඳ අහිංසකයි නොවැ අපි වාගේ
    හෙ‍මි‍න්‍ හෙ‍මි‍න්‍ ඇ‍වි‍දි‍න්‍
    පියනගමු අපි
    කටු වැටට උඩින් පියනගමු අපි
    සත්සියක් අරවින්ද හිනැහේවී..

    ~ අමරසිරි පීරිස්,ඉන්දිකා උපමාලි

    DL :
    Amarasiri Peris,Indika Upamali-Sapu Mal Suwanda
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තිල්ස් අක්කෙ සඳුනා
    කා ගාව හරි මලිත් ගෙ සිංදුව තියෙනවද ?

    .......... හිම සීතේ
    පා නුරා නිල් දෑසේ........


    ඔන්න ඔච්චරයි මතක
    :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගෙ තමයි
    දොස්තර හොඳ හිත මමයි
    දොස්තර හිත හොඳ මමයි..........
    ටිනිනිනිනිං ටිනිනිනිනිං ටිනිනිනිනිං
    නිං නිං

    ටිනිනිනිනිං ටිනිනිනිනිං ටිනිනිනිනිං :rofl:
    නිං නිං
     
    Status
    Not open for further replies.