පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
cmanimations said:
මචන් මේකෙ සිරා ලිරික්ස් ටිකක් තියෙන්නේ....
mp3 තියනවනම් දෙනවද තරහ නැතුව ...
ඔය හම්බවෙලා තියෙන්නෙ :)
 
amila_90210 said:
Sudu Pata Mal .MP3 (4.11 MB)
mediafire link ලින්ක් එකක් හම්බුනා UL කරේ athal24


ඔබට පින් යාලුවා ......:yes:



amila_90210 said:
ඔවුනේ :D අළුත් විස්තර කොහොමද...මැසෙන්ජර් තියනවද :)


මට සමාවෙන්න යාලුවා මම පාවිච්චියක් නෑනෙ .... :no: අළුත් විස්තර still I hav one more xam :oo:




ඔය හම්බවෙලා තියෙන්නෙ

ඔවු ඉබි යාලුවා... එළකිරි....:yes: :yes: :yes: :yes:
 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අම්මෙ මතකයි නම්
    මන් පොඩි කාලේදි
    ඔබ මට ගී කිව්ව

    අම්මෙ මතකයි නම්
    මන් පොඩි කාලේදි
    මා ලන්නග නිදි වැරුවා

    පුදුම ලස්සන සිංදුවක්
    :yes:
     

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    දෛව යෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමුවුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුණේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුණා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිදුනා


    ~ පණ්ඩිත් අමරදේව ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    එක මොහොතක බැදුනු සිතින්
    මුළු දිවිය පුරා
    බැදුනා මා නුඹ සමගින්
    රහසේ තනිවී
    සිහින ලොවේ මා දුටුදේ
    නුඹ දකින තුරා
    මම ඉන්නම් එය ඉවසා
    දිවි තිබෙන තුරා

    ඇය මා තනිවු සිහිනේ
    නුඹගේ රුව නෑ පෙ‍නුනේ
    මම නොදනිම්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳට ආදරෙයි කියලා
    බිඳු කඳුළින් දෙනෙත වසා
    සඳ සාවිය සැගවුනා රැයේ
    හඩන සිතක් ළඟට වෙලා
    සිහින දෙවුදුවක් හිටියා
    සඳ මල් පරවුනා ඒ රැයේ

    -- චන්දන ලියනාරච්චි --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිපුණු මලක හැඩ දෑස සලා
    සිතුම් විහඟ කැළ වසඟ කළා
    මගතොට රැදි නෙත් දහක් වසා
    මතකද අප නෙත් කතා කළා


    -- ශාලිත අබේවික්‍රම --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දන මන පිනවා රඟ දක්වාලා
    වෙස්සන්තර චරිතේ
    අදින්න පුබ්බක මසුරු සිටාණෝ
    බෝසත් දම් පුරතේ

    යසකිත් රාවේ තුඩ තුඩ විසිරී
    සාද තෙපුල් මැද රජ මැති ඇසුරේ
    යසකිත් රාවේ තුඩ තුඩ විසිරී
    සාද තෙපුල් මැද රජ මැති ඇසුරේ

    මල් දම් පලදා
    සේසත් නංවා
    සත් රුවනින් පුද්දේ

    දන මන පිනවා රඟ දක්වාලා
    වෙස්සන්තර චරිතේ
    අදින්න පුබ්බක මසුරු සිටාණෝ
    බෝසත් දම් පුරතේ

    සාගිනි දියකර නීරස බොජුනේ
    වැරැහැලි දවටා වැහැරුන සිරසේ

    සාගිනි දියකර නීරස බොජුනේ
    වැරැහැලි දවටා වැහැරුන සිරසේ

    තෙමහල් පායේ
    බිහි දොර අයිනේ
    මට්ටකුණ්ඩලී බලා සීටී

    දන මන පිනවා රඟ දක්වාලා
    වෙස්සන්තර චරිතේ
    අදින්න පුබ්බක මසුරු සිටාණෝ
    බෝසත් දම් පුරතේ



    --කපුගේ ( නෑසෙන ගී )--

     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුලුකර මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    meet me after dark again and I'll hold you..
    i want nothing more than to see you there..
    and may be tonight, we'll fly so far away
    we'll be lost before the dawn...

    if only night can hold you where i can see you my love..
    and let me never ever wake again...
    and may be tonight we'll fly so far away
    and we'll be lost before the dawn

    somehow i know that we can't wake again
    from this dream, it's not real but it's ours...
    may be tonight, we'll fly so far away..
    we'll be lost before the dawn..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    --dimandi-- said:
    PAYANAA THURU.. OBE NUWN THARU...PERUM PURA DINU OBE NAUM HADE ADARABARA WASTHUWA WENNAM.. SADAKAL.


    amila_90210 said:


    ahala hodatama puruduyi akke..meka kawudha kiyanne(chandimaal da) ...dan sinhala penawada

    පැහැදිලියේ ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්
    පොකුරු පොදේ හඳපානෙ නටන වීදුරු මල් නෙලන්නම්
    පායනා තුරූ ඔබේ නුවන් තරූ
    පෙරුම් පුරා දිනූ ඔබේ උතුම් හදේ
    ආදරබර වස්තුව වෙන්නම්
    සදාකල්


    අනන්තයක් වූ මේ පැතුම් ජලාශේ
    නගන මියුරු හඬ හිමිහිට අසන්නම්
    හීන් දියක් වූ ඔබ නමින් උපන්ගී
    නිශා ගීතයේ මුසුකර එවන්නම්
    සාගරේ සමානවූ
    ආදරේ ළඟා කෙරූ
    ජීවිතේ ඔබයි මගේ සදාකල්

    පැහැදිලියේ ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්
    පොකුරු පොදේ හඳපානෙ නටන වීදුරු මල් නෙලන්නම්
    පායනා තුරූ ඔබේ නුවන් තරූ
    පෙරුම් පුරා දිනූ ඔබේ උතුම් හදේ
    ආදරබර වස්තුව වෙන්නම්
    සදාකල්

    රිදී කඳක් සේ සඳ ගලන වෙලාවේ
    ඔබේ සුවඳ ඇස් පියාන හොයන්නම්
    ඉබේ නිකුත්වූ මගෙ සුසුම් තාලයෙන්
    ඔබේ හැඟුම් ගිටාරයෙන් වයන්නම්
    සාගරේ සමානවූ
    ආදරේ ළඟා කෙරූ
    ජීවිතේ ඔබයි මගේ සදාකල්

    පැහැදිලියේ ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්
    පොකුරු පොදේ හඳපානෙ නටන වීදුරු මල් නෙලන්නම්
    පායනා තුරූ ඔබේ නුවන් තරූ
    පෙරුම් පුරා දිනූ ඔබේ උතුම් හදේ
    ආදරබර වස්තුව වෙන්නම්
    සදාකල්....


    මං ආසම සිංදුවක් අමිල, රජීව් සෙබස්තියන් නෙ කියන්නෙ... :)
     
    Status
    Not open for further replies.