පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවද සලන
එනමුදු සිපගන්නට තහනම්


විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්


~ අමරසිරි පීරිස් ~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
තුරු ගිරි කුළු සිප ඇදෙන වළාකුළු කොහි යනවද නුඹලා
එකලා මගෙ හදවත ඇනු මැන කවියක් වී සැනිනා

- දයාන් විතාරන -
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පොතක් පිරෙන තුරු ලියා තියන්නම්
    මතු දවසක හරි ඔබට බලාගන්න...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කවිය ඔබ
    තුන් තිස්පැයක් නිදි වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ


    ~ දීපිකා ප්‍රියදර්ශනී ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දියමල ගල්ලෙන ලිස්සා යන්නේ
    වැල් ඉණි මඟ ගහ උඩට බදින්නේ
    පොරෝ කෙටිය දුනූ හී මානන්නේ
    බැද්දට ගොම්මන් කළුව ඇදෙන්නේ


    දිගු දිගු තරිකිට...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කිරි වදිනා ගොයම බලා සිත සොදිනා නැගෙන මෙනා
    හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා
    කිරි වදිනා ගොයම බලා සිත සොදිනා නැගෙන මෙනා
    හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා


    අපල සපල සමෝ සමව දියුණූ පවුරු වී
    නැගෙන සාගිනි නැති සෝදුක් නැති ලොවකට රන් සෙමෙර සලා
    අපල සපල සමෝ සමව දියුණු පවුරු වී
    නැගෙන සාගිනි නැති සෝදුක් නැති ලොවකට රන් සෙමෙර සලා
    අපල සපල සමෝ සමව දියුණු පවුරු වී
    නැගෙන සාගිනි නැති සෝදුක් නැති ලොවකට රන් සෙමෙර සලා

    දොළොස් මහෙන් දොළොස් මහට යන ගමනින් සෙතක් වේද
    පරණ පුරුදු අතැරදමා උතුම් මිනිස් ගති ගෙනේද..
    උනුන් නසන අවි බිමදා දිවි අගනා බව දැනේද
    මිනිස් කුලේ උපන් සැවොම කුල සිරිතට ගරු කෙරේද

    කිරි වදිනා ගොයම බලා සිත සොදිනා නැගෙන මෙනා
    හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා
    කිරි වදිනා ගොයම බලා සිත සොදිනා නැගෙන මෙනා
    හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා...

    Ranwala
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිණි කඳුලක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා

    Amrasiri Peiris

     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නන්නාඳුනන දෙසින
    ගිමනට සිසිල රැගෙන
    ඇවිදින් සිරුරේ දැවටී
    පවනැල් රහසේ හැරයයි
    ඔබ ඒ සුළඟ වගේ නම්
    රඳවා ගන්නද කෙලෙසින්...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    coolnishan said:
    නන්නාඳුනන දෙසින
    ගිමනට සිසිල රැගෙන
    ඇවිදින් සිරුරේ දැවටී
    පවනැල් රහසේ හැරයයි
    ඔබ ඒ සුළඟ වගේ නම්
    රඳවා ගන්නද කෙලෙසින්...
    නාමල් නේද
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අප හමුවීම වෙන් වීමදෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබේ ආදරේ
    ඒ අදවාගේ කඳුලින්ම වෙන්වී නොයන්...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සමුගන්නදෝ ආයේ හමුවෙන්නදෝ
    අවසන් සිනා වෙන්නේ වෙන්වෙන්න දෝ....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් වන් හිරු කිරණින් පැහැය හොරෙන් අරන්
    නුඹෙ කෙහෙරැළි මඳ පවනේ නැටුවාවේ
    වසීලිසා..වසීලිසා..වසීලිසා..වසීලිසා..

    ගිරි මුදුනේ හිම බිංදු දියවෙලා
    උණුහුමට මිටියාවතේ
    කැකුළු මල යාය ඇහැරිලා
    ජීවිතේ ..
    හරිම ලස්සනයි නේද
    වසීලිසා..වසීලිසා..වසීලිසා..වසීලිසා..

    කටු අකුලේ පැටලී
    සිනිඳු දෙපා වල කටු ඇණුනා
    නෙතු කඳුලින් පිරුණා
    ලස්සනට යටින් පොළවේ
    ගිනියම් ලෝදිය තිවුනා
    ඉඳ හිට හිත රිදුනත්
    ජීවිතේ ..
    හරිම ලස්සනයි නේද
    වසීලිසා..වසීලිසා..වසීලිසා..වසීලිසා..

    - කසුන් කල්හාර -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගහක මල් පිපිලා
    පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා

    පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

    නුඹට සිත බැදුනේ කිමයි
    මා තවම නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරනේ
    මා තවම සොයන්නෙමී

    - දිවුල්ගනේ -
     
    Status
    Not open for further replies.