පද පේලි .....

Status
Not open for further replies.

~ThaRu~

Member
Jun 22, 2009
55
5
0
දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොද වෙලා

සිහින මාවතේ පාකර පැතුම් බිද හෙලා
සිතට වේදනා දී තව සිතක් හිනැහිලා
සිහින මාවතේ පාකර පැතුම් බිද හෙලා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා

ඔබ‍ට මා එපා වී යන නමුදු වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා
ඔබ‍ට මා එපා වී යන නමුදු වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා

ක්ලැරන්ස් විජේවර්ධන

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වරද ඇතිනම් මා අතේ
    වෛර ඇතිනම් ඔබ සිතේ
    එහි පලිය ගනුමැන මගෙන්
    නොරිදවා ඇගෙ සිත හොරෙන්

    එදා මතකද ඔබේ අභියස ගැයූ
    මාගේ ප්‍රේම යාගී
    එදා පිටුපෑ ඔබම අද ඇයි
    මා පතාගෙන ඇය පෙලන්නේ
    මා පතාගෙන ඇය පෙලන්නේ

    ඔබෙන් පැරදුනු මගේ පෙම්ලොව
    ඇයයි මාගේ ප්‍රේම රාජිණි
    කඩා ඔබ ඇගේ සිත පෙලූවත්
    ඔබටනම් නැත ජය ලැබෙන්නේ
    ඔබටනම් නැත ජය ලැබෙන්නේ

    මිල්ටන් මල්ලවආරච්චි
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යසෝධරා......යසෝධරා......
    සිතේ නැගුනු කළකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

    සිතේ නැගුනු කළකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
    යසෝධරා......යසෝධරා......

    එයින් මිදෙන මං පෙත සොයනා සඳ
    ඔබෙන් ලැබින නිබඳවම සියළු වෙර
    සමාධියෙන් සිත ඈත දිවෙන විට
    පමා නොවී යලි ඇවිදින් මේ දෙස
    සිතේ නැගුනු කළකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට

    සිතේ නැගුනු කළකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
    යසෝධරා......යසෝධරා......


    -sanath nandasiri-
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ආදර මධුර අතීතේ
    ඔබයි සංගීතේ
    මගේ හද මන්දීරේ මේ
    රසවන්තී මිහිරී

    පැතුම් විලේ කුසුම් පිපේ
    සුසුම් මැදින් ආදරයේ
    සෘංගාර මදු ලෝල ජීවනයේ

    ආදර මධුර අතීතේ
    ඔබයි සංගීතේ
    මගේ හද මන්දීරේ මේ
    රසවන්තී මිහිරී

    සැලෙන බදේ එතෙමි ළදේ
    මිහිර පතා ආදරයේ
    චලලෝචනී ප්‍රේම ආකරයේ

    ආදර මධුර අතීතේ
    ඔබයි සංගීතේ
    මගේ හද මන්දීරේ මේ
    රසවන්තී මිහිරී

    ~ජෝති~
     
    Jan 15, 2009
    9,238
    368
    0


    හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
    සඳුගේ රැයේදී යළි හමුවෙමූ
    යළි හමුවෙමූ

    සැකයේ වෙලීලා උදයේ හවා
    රැකවල් නැගේ අප වටා
    ගොළුවී මුවාවී ඉමූ

    හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
    සඳුගේ රැයේදී යළි හමුවෙමූ
    යළි හමුවෙමූ

    අඳූරේ වෙලීලා රැය සීතලේ
    සිහිනේ උදාවූ ලොවේ
    මුමුණා සිනාසී ඉමූ

    හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
    සඳුගේ රැයේදී යළි හමුවෙමූ
    යළි හමුවෙමූ......

    ╗ ක්ලැරන්ස් විජේවර්ධන ╔

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    එඩිතර සොයුරු සෙනේ
    රණබිම මිලින උනේ
    දෑහිත වඩවා හෙළබිම සුරකින්
    රිදෙනු එපා රිදවන්න එපා
    කාලි දිවන්ගනියේ


    ~ අනූපමා දසනායක ~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අප දෙදෙනා දිහා බල බලා
    පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
    වන්දනාවේ ගියා සමනලුන්
    අප දෙදෙනා දිහා බල බලා

    ╗ තිලකසිරි රත්නායක ╔
     
    Jan 15, 2009
    9,238
    368
    0


    සිනහවෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා

    වෙරළ රළ හා තරහ වී නැත
    මියුරැ සර වෙණ හා බිදී නැත
    අහස සඳූ හා උරණ වී නැත
    අතීතය මගෙ හදවතේ නැත

    සිනහවෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා

    කඳූල දොම්නස නසන්නට නම්
    බඹර ගුම් නද අසන්නට නම්
    මියුරු ගී කවි ගයන්නට නම්
    වසන්තය ගැන සිතන්නට නම්

    සිනහවෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා
    සිනහවෙනු මැන වේදනා පිසදා
    වේදනා පිසදා...........

    ╗ සුනිල් එදිරිසිංහ ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සදක් නම් බැසයන්න තිබුණා
    හඩන අහසට අදුර දී
    මලක් නම් ගිලිහෙන්න තිබුණා
    කටු අගට ලස්සන නොදී

    කදුළු බිදුවක රැදෙන ගින්දර
    හිනාවක් අදුනන්නෙ නෑ

    පොළව උසුලන සියළු දුක සැප
    අහස් තලයෙනි හිමි වුණේ
    පොලොතලයට අහස දුර බව
    සිතන්නේ ඇයි මිනිසුනේ

    §බු‍ලේගොඩ§

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    "Tired Of Being Sorry"


    Eighth and Ocean Drive
    With all the vampires and their brides
    We're all bloodless and blind
    And longing for a life
    Beyond the silver moon

    So far away - so outer space
    I've trashed myself - I've lost my way
    I've got to get to you got to get to you

    I'm tired of being sorry
    I'm standing in the street
    Crying out for you
    No one sees me
    But the silver moon.

    - enrique -

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    මිල්ටන් ගේ සිංදුව මම හෙව්වා ඒත් නෑ ළු

    දනේෂ් අයියා දීලා තිබ්බා අයියේ..

    coolnishan said:
    96avkx.jpg


    වරද ඇතිනම් මා අතේ - මිල්ටන් මල්ලවාරච්චි

    වරද ඇතිනම් මා අතේ
    වෛයිර ඇතිනම් ඔබ සිතේ
    එහි පලිය ගනු මැන මගෙන්
    නොරිදවා ඇගේ සිත හොරෙන්

    එදා මතකද ඔබේ අබියස
    ගැයු මාගේ ප්‍රේම යාදිනි
    එදා පිටු පෑ ඔබම ඇද ඇයි
    මා පතාගෙන ඇය පෙලන්නේ

    ඔබෙන් පැරදුනු මගේ පෙම් ලොව
    ඇයයි මාගේ ප්‍රේම රාජිනි
    සදා ඔබ ඇගේ සිත පෙළුවත්
    ඔබට නම් නැත ජය ලැබෙන්නේ...



    (මගේ ජීවිතේ සදා නොමැකෙන හදවතේ පළමු තැන,මිල්ටන් මල්ලවාරච්චි)​
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මීන නුවන් යුගින් බලන් මීනා මීනා
    තල් අරඹේ තල් පවුරින් එබී බලන් මීනා
    බලන්න බෑ බණ්ඩාරේ
    උඩරට කුළ නිල**
    බණ්ඩාරේ
    බණ්ඩාරේ

    මීන නුවන් යුගින් බලන් මීනා මීනා
    තල් අරඹේ තල් පවුරින් එබී බලන් මීනා


    ඔබ කෝවිල් එන්නෙත් නෑ
    මට පන්සල් එන්නත් බෑ
    අපි ඈතයි
    අපි ඈතයි
    බණ්ඩාරේ බණ්ඩාරේ

    මීන නුවන් යුගින් බලන් මීනා මීනා
    තල් අරඹේ තල් පවුරින් එබී බලන් මීනා

    අත්වැල් බැද කෝවිල් යමු පෝය දාට පන්සල් යමු

    අත්වැල් බැද කෝවිල් යමු පෝය දාට පන්සල් යමු

    මෘදංග නද ගැට බෙර හඩ අපගේ දෙසවනට එකයි

    මීන නුවන් යුගින් බලන් මීනා මීනා
    තල් අරඹේ තල් පවුරින් එබී බලන් මීනා
    බලන්න බෑ බණ්ඩාරේ
    උඩරට කුළ නිල**
    බණ්ඩාරේ
    බණ්ඩාරේ

    මීන නුවන් යුගින් බලන් මීනා මීනා
    තල් අරඹේ තල් පවුරින් එබී බලන් මීනා




    victor rathnayaka
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හෙමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

    මලක් නම් එය මලක් වුව මැන
    සිනිදු සුකුමල ආ........
    රුවෙන් සරසන
    විලක් නම් විලක් වුව මැන
    නීල ඉදුවර දියෙන් උපදින

    නැවුම් වත්සුනු රොනින් මත්වී
    සිහින නිම්මය ආ....
    සුපුෂ්පිත වෙයි

    ටී.එම් ජයරත්න සහ සුනිලා අබේසේකර
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අවාරයේ පිපී සුවද ගැල්වූ හදේ
    ඔබ කුසුම් තිළිණයයි පුදසුනේ
    අයාලයේ ඇදී නයන ඉවුරේ රැදී
    ඔබ හිදී මාහදේ සංහීදේ

    නිල් තුරු ගොල්ලේ මල් ලියකම්
    රැවු පිලි රැව් දේ සකුල ගැයුම්
    සොදුරුයි මිහිරියි
    සොදුරුයි මිහිරියි ලොවම පහන් වී
    අප හමු වූ අසිරියෙන්

    රන් අරුණැල්ලේ වන් කැ‍ටයම්
    සිත් ගගුලැල්ලේ තරග රැගුම්
    පිබිදෙයි සසැලෙයි
    පිබිදෙයි සසැලෙයි ලොවම උදම් වෙයි
    අප හමු වූ මහිමයෙන්


    ගායනය-රූකාන්ත සහ දමයන්ති ජයසූරිය
    පබැදුම-කුලරත්න ආරියවංශ
    තනු-රෝහණ වීරසිංහ


     
    Jan 15, 2009
    9,238
    368
    0


    කඳූපාර ඈත අයිනේ
    සඳ රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඇසේවා
    ජීවිතේ පුරා............

    ╗ මිල්ටන් මල්ලවාරච්චි ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කුසිනාරාවට පහනක් අරගෙන සිහිනෙන් පා තැබුවා
    ඒ සිහිනෙන් ලොව අමා සුවය ගෙන ඔබෙ හඩ මට ඇසුනා
    ඔබෙ හඩ මට ඇසුනා

    මෙදිය කුසට යළි වඩින බුදුන් ගැන දෙපා නැමැද ඇසුවා
    සවනක් බුදුරැස් පිරිනිවනට පෙර පහනට තුති පිදුවා

    තවම සිහින මැද කුසිනාරාවට යන මං මා සොයනා
    අඳුරු මගම මිස දිවි තුති පුද කල පහන අසල නැතුවා

    කුසිනාරාවට පහනක් අරගෙන සිහිනෙන් පා තැබුවා
    ඒ සිහිනෙන් ලොව අමා සුවය ගෙන ඔබෙ හඩ මට ඇසුනා
    ඔබෙ හඩ මට ඇසුනා
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
    පාලුව තනිකම දැනෙනවනම්
    කුටියේ කවුළුව විවර කරනු මැන
    සුළඟක් වී ඔබ වෙත එන්නම්

    ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
    එක් වන්නට අද වරම් නැතේ
    එකම පංතියේ එක ළඟ ඉඳගෙන
    පාසැල් ගිය හැටි සිතට නැගේ

    ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
    පෙරුම් පිරූ පාසැල් සමයේ
    සිල්ප සතර රැඳුනේ නැහැ මා සිත
    ඒ හින්දයි අප දුරස් උනේ....
     
    Status
    Not open for further replies.