පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
Datz a song..:rolleyes::rolleyes::rolleyes:
අහල නෑ...කාගෙද ඒක?:confused:
1.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුලු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැවුවෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිති වුණු හැටි බලා දුක් වෙමි

    නිසංසල තැනකට වෙලා
    අඬන ඇස් මගෙ ඇස් දෙක බලා
    කියන්නොකො දෙවි‍යනේ මෙහෙවිත්
    කොහොම ඉන්න ද ඉවසලා

    මගේ අත ගෙන කනට ලංවී
    අනේ සුදු මම ආදරේ යැයි
    කින්නට සිතුනේ ඇයි ද සුදු
    නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි

    නිදැල්ලේ තුරුලට වෙලා
    රහස් එක එක කොඳුරලා
    සිනා සුනු හැටි මතක් වෙනකොට
    කොහොම ඉන්න ද ඉවසලා

    එදා රෑ ගං ඉවුර අසබඩ
    සුපුන් සඳ පායන වෙලාවක
    කථා කී හැටි මතක් වෙනකොට
    දුක දැනෙයි පවතින අපායක

    මෙහෙම ලෝකෙක ඉපදිලා
    සිතෙහි අදහස් සුන්වෙලා
    මා උපන්නේ දුක් විඳින්න ද
    දුක් අඳුරු මැද තනිවෙලා

    මුලු හදින් මම ඇයට පෙම් කොට .......

    ගායනය :- නාරද දිසාසේකර
     

    nwnbs

    Member
    Ka gawa hari theyanawada Aamarasiri Peiris ge "Wala Athula Siriyahane" lyrics? Thiyenawanam upload karanna pls....:D:D
    සමහර තැන්වල කියන වචන හරියටම පැහැදිලි නෑ මටනම්.එක තැනක හිස් තැනක් තියල ඇති...සමාවෙන්න...:sorry::)


    වලා අතුල සිරි යහනේ
    උනුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
    මල් සුගන්ධයෙන් නැලවෙන
    ලතා මඩුල්ලෙ නැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...

    ජීවිතය වගේ මුමුණන
    ආදරය වගේ දිලිහෙන
    දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා...
    නොදරුවකු අතින් බොඳ වුන
    සිතුවමක් ලෙසින් සුන්දර
    ................. හිරු දස අත රටා වියනවා...

    කිරි වැදී නටන ගොයමට
    මිහිදුමින් වැ‍ටුනු පිනි කැට
    රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා
    හෙටක් ගැන යමක් නොදකින
    හෙටක් තිබේ දැයි නොසිතන
    කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...

    වලා අතුල සිරි යහනේ
    උනුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
    මල් සුගන්දයෙන් නැලවෙන
    ලතා මඩුල්ලෙ නැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...


    -අමරසිරි පීරිස්-(දළ රළ පෙල නාට්‍ය)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රෝසමලේ නටුවෙ කටූ
    වන බඹරෝ ඔහොම හිටූ
    නටුව නොවේ මල සිඹිමී
    මම ළමයෝ පැණි උරමී
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පෙරුම් පුරාගෙන ආ සංසාරෙ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඬුවේ
    දුම්රිය මොහොතක් නතරවුණේ..
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මේ ගී කාටදැයි
    මේ ගී කාටදැයි
    ඔබ දන්නවා ඇතී
    හිත මගේ පිදු හැටී
    සිහිවෙයි නොනැවතී
    මේ ගී...

    සිතු පැතු අන්දම රෑ දිවා
    අමුතුම ලොවක් මවා
    මට මා අමතක වූවා
    ගිහිය පැන දිවා
    බලාපොරොත්තුවෙ කඩතිර ඉරා
    පාළුව විඳ දරා
    ඉවසමි දිවිතුරා...

    මේ ගී.....

    එකම හිනාවට ගී දහක්
    බිහිවෙයි මාගෙ මුවින්
    ඇතිවුනි නම් අවබෝධෙ
    අද මේ විලස නොවේ
    කොතැනක හිටියද මෙම ලෝ තලේ
    රකිමි හැම කලේ
    සිහිවෙයි හැම වෙලේ....

    මේ ගී........

    ╗ අමරණිය ජෝති ╔

    Download...

     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
    දුවපැන ඇවිදලා සෙල්ලම් කලේ
    ඔහු සමගින් එදා ඒ මා තමා
    අද නැතුවා වගේ ඔහු මේ ගමේ

    අපි දෙදෙනා එකට පාසල් ගියේ
    ගස් සෙවනේ ඉදන් පාඩම් කළේ
    ඔබ සමගින් එදා මේ මා තමා
    පුදුමයි දෛවයේ හමුවීම අපේ...;):love::love:
     
    • Like
    Reactions: Amalka101

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අඳුර අඳුර මගේ
    සොඳුර සොඳුර මගේ
    නොයනු මැනවි දා...
    තනිකර එළියේ...


    -ප්‍රියා සූරියසේන-

    තනිකර එළියේ...:lol::lol:

    හනිකට ඇතුළට දා ගන්න කවුරුවත් දකින්න කලින්...:P
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නිල් අහස කලු වුනා ඉකි ගගහා වැළපුනා
    කඳුලින්ම පිරුනු වැව බොර වුනා
    ආපි නිතර ආවගිය තැන නිසා//

    හි‍තු‍වෙ‍වත්‍ නැ‍ති‍ ද‍ව‍ස‍ක‍ හි‍ත‍න්නැතිවම ලංවුනා
    අතීතයෙ දුර ඈතක ආදරේ මග වැරදුනා
    අපි අපිම අද ආයෙම හමුවුනා ඒ පාරෙම//
    අපි හමුවුනා ඒ පාරෙම
    හි‍තු‍වෙ‍ම‍ත්‍ නැ‍ති‍ වි‍දි‍හ‍ට‍
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කදු අතරේ රැදී මීදුම් පටල සේ
    පියඹා යද්දී අපගේ ආලේ
    තැවුල් නිවාගනූ නිම්තෙර නොබලා
    මිලාන වී යන අපගේ ආලේ


    Athma Liyanage
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නිල්වන් මුහුදු තීරේ
    ගල් මල් පිපුණ යායේ
    මා තනිවෙලා නැව් තලේ
    ඈ ඇත ඇගේ යහනතේ...
    ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ එළිය ගලා එන රාත්‍රියයි
    ඔබෙ මගෙන් සමු අරන් යන්න ලඟයි
    තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
    ඒ වුනත් සමු අරන් යා යුතුමයි
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රන් තාරකා පීදිලා රැයේ
    හසරැල් මවාවි සිහින කුමරියේ
    නොසැලී මා නුවන් පිබිදී ආදරෙන්
    මේ විමානයේ

    ගී හඬක් පාවුණා නිල් වළාකුලේ
    ඒ හඬේ මා පැතුම් පාවෙලා ගියා
    මා සොයා එන්නෙදෝ මා හා සිනාසී
    හිඳීමී මා බලා

    රන් තාරකා පීදිලා රැයේ
    හසරැල් මවාවි සිහින කුමරියේ

    රෑ සඳේ චාරිකා විල් තෙරේ රැදී
    ප්‍රේමයේ චේතනා පීදිලා හදේ
    සෑමදා ඉන්නෙදෝ මා හා සිනාසී
    රකිමී සෑමදා.

    රන් තාරකා පීදිලා රැයේ
    හසරැල් මවාවි සිහින කුමරියේ
    නොසැලී මා නුවන් පිබිදී ආදරෙන්
    මේ විමානයේ.......

    Chandana Liyanarachchi

     
    Status
    Not open for further replies.