පද පේලි .....

Status
Not open for further replies.

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    හායි හූයි බබී ආච්චිගේ බයිසිකල් එක
    කොල්ලෝ ටිකක් වට කරගෙන ගැහුවා බෙල් එක..
    කොල්ලෝ ටිකක් වට කරගෙන, කෙල්ලෝ ටිකක් වට කරගෙන..
    කොල්ලෝ කෙල්ලෝ උඩ පැන පැන ගැහුවා බෙල් එක...

    බබයියාට යන්න උනා වින්නඹු ගේක..
    ඔය ගෙනත් දුන්න බබී ආච්චිගේ බයිසිකල් එක..
    කොල්ලෝ පැදලා, කෙල්ලෝ පැදලා
    රෝද දෙකම බකල් වෙලා
    ගිහින් බබයියා වැටුනා අගලක... :eek: :)
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඉර හඳට වඩා
    අපි ඈත බව
    දන්නවා...
    ඒ උනත් අහම්බෙන්
    එකම එක
    මොහොතකට
    ඔබට මා
    හමුවෙලා...

    දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    ආ...දරය කරනු මිස
    ලාල ලාල ලාල ලා...

    මහා පතරරංගෙටත් වඩා
    දිග කතාවක
    කොම්බුවක් තරම් නැති අපේ Love සිංදුවේ
    අන්තරා පේළියක (නම):P
    මා ඔබව ඉම්බා

    පැය කටුව කුමකටද
    ඔරලෝසු මූණකට
    කල්පයක් කියන්නේ
    තත්පරෙන් බිඳක් නම්
    සාර සංක කල්ප ලක්ෂයක්
    මා ඔබට තුරුලු වී
    නිදිබරව උන්නා
    (නම)

    ඔබේ තොල් පෙති රැඳී
    මගෙ නළලේ කොනක
    කේෂ නාළිකාවක් පිපිරුණා

    දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    ආ...දරය කරනු මිස:love:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නැවුම් රෝස මලක් පිපෙයි
    සත්තයි උදයේම
    එමල නෙලමි නෙලා ඔබට
    පුදදෙමි පෙරසේම
    බිදුනු වදන් ගලන දොලට
    විසිකරමුකො රෑම
    ඉතින් ළදුනි කිසිත් නොවුනු
    ලෙස ඉමු පෙරසේම
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නෙත් යුග රන්තරු යුවල තමයි
    තොල්පෙති ලා දළු වලට සමයි
    මගෙ හද ඔබෙ සුව යහන තමයි
    ඔබ සොයනා කළු කෙල්ල මමයි


    - ඉන්ද්‍රාණි පෙරේරා -

    :lol::rofl::lol::rofl:
     

    rangaboss

    Member
    Dec 26, 2008
    1,573
    9
    0
    among you
    කවුදෝ කවුදෝ මා සෙව්වේ..
    මා නම් නැත කිසිවෙකු පැතුවෙ.... :oo::eek:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මා සෙව් ඒ සුර කුමරිය නුදුරේදිම මට ලබෙනා බව සත්තයි...........(නෙද?)
    ඊයේ (CAR WASH) මා ඇය හමු නොවුවාට මතු දිනයක මා හමු වනු නියතයි........
    :):):):):):):):););););););););)
    DO NOT EVER DOUBT ABOUT THAT>>>> K?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක් ගී පද ගයනු එපා මා අභියස සො‍හොන් භිමේ
    එහෙම කළත් මගෙ සවනට එය ඇසෙන්නෙ නෑ
    එය ඇසෙන්නෙ නෑ

    මියැදුණු පසු මා අභියස ඔබ ඉකිබිඳ හඬනු එපා
    එහෙම කළත් මගෙ දෙනෙතට එය පෙනෙන්නෙ නෑ

    දුක් ගී පද ගයනු එපා ............

    තනිවී මා දිවි සයුරේ අද හෙලනා ලසෝ දුකට
    ඔබෙ සෙනෙහස පිදුවා නම් මා මියෙන්නෙ නෑ

    දුක් ගී පද ගයනු එපා ............

    ගායනය :- ආත්මා ලියනගේ
     

    nwnbs

    Member
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ

    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ

    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ

    Mxxa sng ekak nda ban...
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    සෙනෙහස වැඩු දා සිතද බොලදවේ
    ලොවම ආදරේ කිය සිතේ
    මායාවක් වී එහි තනි වූ දා
    අම්මා පමණයි ලඟ ඉන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
    කල්පයක් තරම් මටනම්
    ආදරේ හිතට දැනුනා
    ඔබෙ රුව සිහිනෙන් දකිමින්

    දිගු වරල කඩා ඉහිරවමින්
    නෙත් කොනින් කියන රස කියමන්
    මුදු දෙතොල් සලා සනසවමින්
    ඔබ පාන සිනා මිණි පහනක්

    ඔබ නොදැක ගෙවුණු .............

    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඔබ කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඔබ පමණි සරණ මතු ස‍සරෙත්

    ඔබ නොදැක ගෙවුණු .............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    ලොවම එපාවී තනිවුනු මොහොතක
    එන්නට මා වෙත වරම් දෙමි
    අහිතක් නොහිතා පෙරසේ පිළිගමි
    ආදරයේ නාමෙන්.........
     

    nwnbs

    Member
    දෛවයෝගයකින් නොවේදෝ
    හමු උනේ අප හමු උනේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමු උනේ

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ...
    සෝකයේ රුදු වේදනාවේ
    කඳුළු සයුරේ උල්පතයි

    නදුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ...
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි


    -වික්ටර් රත්නායක-
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හො
    සැනසෙන්නට පතා ඔබෙන්
    ............
     

    nwnbs

    Member
    හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
    ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ...

    හෙලන්න බැරිව ලතැවෙනා සුසුම් සදා
    කියන්නෙ ජීවිතේ මුලාවදෝ...
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    Closed off from love I didn't need the pain
    once or twice was enough
    and it was all in vain
    time starts to pass before you know it your frozen

    but something happened for the very first time with you
    my heart melted to the ground, found something true
    and everyones looking round thinkin i'm going crazy


    but i dont care what they say, i'm in love with you,
    they tried to pull me away,
    but they dont know the truth,
    my hearts crippled by the vein that i keep on closing

    you cut me open and i
    keep bleeding, i keep keep bleeding love, i keep bleeding, i keep keep bleeding love,
    keep bleeding, keep keep bleeding love,
    you cut me open
     
    Status
    Not open for further replies.